IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


යුද හමුදාපති විරෝධතා භාරදෙයි

අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිද ගොනුකළ හබයාස් කෝපුස් පෙත්සම සම්බන්ධයෙන් වන තම විරෝධතාව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද (18) අභියාචනාධිකරණයට භාරදුන්නේය.

එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස වත්මන් යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා නම් කරන ලද්දේ මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.ඔවුන් මෙම පෙත්සමට විරුද්ධව විරෝධතා ගොනු කරන බව දැනුම්දී තිබූ අතර යුද හමුදාපතිවරයා මෙසේ තම විරෝධතාවය අධිකරණයට ඉදිරිපත් කළේ ඒ අනුවය.

එක්නැලිගොඩ මහත්මියගේ හබයාස්කෝපුස් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ,දේවිකා ලිවේරා ද තෙන්නකෝන් යන දෙපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණින.



අදහස් (0)

යුද හමුදාපති විරෝධතා භාරදෙයි

අකිත Saturday, 19 December 2015 01:10 PM

අපි ඉවසීමෙන් බලාගෙන ඉඳිමු මෙතන වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

සේන Saturday, 19 December 2015 01:32 PM

යුද හමුදාව එදා කළේ ඉතාමත් අමාරු කර්තව්‍යයක්. ඒ ගැන අපි හිතන්න ඕනෑ (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 19 December 2015 01:54 PM

අසාද් වගේ අයට නම් රණවිරුවන් පෝරකයට යවන්න ඕනෑකම තිබෙන බව පෙනෙනවා. නමුත් මේ රටේ බහුතරයකට කළගුණ තිබෙනවා. (නි)

:       0       0

රුවන් Saturday, 19 December 2015 02:02 AM

සන්තුෂ්, සැබෑ රණවිරුවන් අතර රණවිරුවන් කියලා කියාගන්න පිරිසක් ඉන්නවනේ. ඒ අය බලපුළුවන්කාරකම් වලට හැංගිලා කළ නීතිවිරෝධී ක්‍රියා වලට කවුද අරගල කරන්නේ? නීතියක් ක්‍රියාත්මක වෙනකොට එයට සහය දෙන්න ඉගෙනගන්න. නීතිය ක්‍රියාත්මක වීම වැළැක්වීමත් දඬුවම් ලැබිය හැකි වරදක් බව දැනගන්න.. (නි)

:       0       0

අරුණ Saturday, 19 December 2015 04:43 AM

ගතවුණ මාස 11 ට රටට වුණ විපත අපමණයි. සන්තුෂ් මෙන් අපිද සියළු රණවිරුවන් කොන්දේසි රහිතව නිදහස් කරනතෙක් අරගල කිරීමට සූදානම් (නි)

:       0       0

ජයරත්න Saturday, 19 December 2015 04:44 AM

මේ අදහස් පළකරන ඇතැම් අයගෙ මානසිකත්වය ගැන හිතාගන්නත් අමාරුයි. බලපුලුවන්කාරකම් වලට මුවාවෙලා නීතිවිරෝධී වැඩ කළා නම් ඒ අයට දඬුවම් දියයුතු බව රටම පිළිගන්නවා. රට පුරා බෝම්බ පිපිරුණු, මළකඳන් ගොඩගැහුනු අතීතය මෙතරම් ඉක්මනට අමතකරලා රටබේරාගත් රණවිරුවන් පෝරකයට ගෙනයනකොට අත්පුඩි ගහන්න සමහරු බලාගෙන සිටීම මොනතරම් කණගාටුවට කරුණක්ද? (නි)

:       0       0

අජිත් Saturday, 19 December 2015 04:55 AM

ඔය කවුරු කවුරු ගැනත් අපි හොඳට දන්නවා (නි)

:       0       0

ජයරත්න Saturday, 19 December 2015 05:14 AM

ශ්‍රී ලංකා හමුදාව යුද්ධයේදී රසායනික අවි භාවිතා කළා කියා සමහරු අසත්‍ය ප්‍රචාර කරන එකට අපේ රටේ නීතිය යටතේ දඬුවම් නැද්ද? (නි)

:       0       0

පෙරේරා Saturday, 19 December 2015 07:16 AM

රණවිරුවන් මොන වරදක් කළත් නීතිය හමුවට ගෙනඒම නොකළයුතුද? (නි)

:       0       0

නාමල් Saturday, 19 December 2015 07:17 AM

අරුණ, හමුදාවේ සිටි හැමෝම රණවිරුවනුත් නෙමෙයි. කිසිම කෙනෙක් නීතියට ඉහළින් නැහැ. (නි)

:       0       0

ප්‍රේම් Saturday, 19 December 2015 08:06 AM

වාස් ගුණවර්ධන මහත්තයත් රණවිරුවෙක්නේ.ඉතින් ඔය කියන අය අරගල කරන්නේ නැද්ද? (අ)

:       0       0

අසාද් Saturday, 19 December 2015 08:18 AM

රණවිරුවෝ කියන්නෙත් මෙරටේ පුරවසියෝම තමයි. ඒ අයත් රටේ නීතියට යටයි. රට ත්‍රස්තවදෙන්ගෙන් බේර ගන්න සටන් කල කියල මිනිසුන් මැරීමට ඒ අයට අයිතියක් නැහැ.මේ අතුරුදහන් වීමට රණවිරුවන් සම්බන්දනම් ඒ අයට දඩුවම් ලැබිය යුතුයි. (අ)

:       0       0

අසාද් Monday, 21 December 2015 08:48 AM

වැරදි කරලා තියෙනවනම් කුමන තරාතිරමක වුවත් දඩුවම් ලැබිය යුතුයි. (කෞ)

:       0       0

සන්තුෂ් Friday, 18 December 2015 03:51 PM

සියළු රණවිරුවන් කොන්දේසි රහිතව නිදහස් කරනතෙක් අරගල කිරීමට ජනතාව වන අප සූදානම් (නි)

:       0       0

මුණසිංහ Saturday, 19 December 2015 11:25 AM

හෙට අනිද්දා අයිඑස් කාරයන්ට විරුද්ධව ලංකාව තුළ සටන් මෙහෙයවන්න වේවිද දන්නෙ නැහැ. මේ බොරු වැඩ නවත්වන්න. ආරක්ෂක අංශ ශක්තිමක් කරන්න. (නි)

:       0       0

රොහාන් දයාදර Saturday, 19 December 2015 11:55 AM

රණවිරුවෝ කියන්නේ එක කොට්ඨාශයකට. අපරාධකාරයෝ කියන්නේ තවත් කොට්ඨාශයකට. අපේ රටේ ඉන්න අය මේ දෙක තේරුම්ගන්නේ තමන්ටත් විපත්තියක් වුණදාක තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 722 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 53 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1008 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 200 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4825 5

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1561 2

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31048 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23741 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 429 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site