IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


යුද හමුදාවෙන් ජනපතිට බෑගයක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් නිර්මාණය කරන ලද  ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Attaché Case) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීය.

ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට සුවිශේෂ බෑගයක්( Attaché Case) භාවිතා කිරීම සම්ප්‍රදායකි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරනු ලැබුවේ මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමිනි. 

ජනාධිපති ලේකම් කාර්යාලය  ලබා දෙන ලද පිරිවිතරයන්ට අනුව මෙම බෑගය නිර්මාණය කර තිබෙි.

මෙය ජනාධිපතිවරයාගෙන් පසුව තවත් ජනාධිපතිවරයෙකුට භාවිතා කළ හැකි පරිදි කල් පවත්නා නිමැවුමක් විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උප‍දෙස් දී තිබූ අතර ඒ අනුව නිර්මාණය කළ මෙම බෑගය  ආරක්ෂිතව සහ සැලසුම්සහගතව උසස් තත්ත්වයේ සම් භාවිතයෙන් නිමවා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (28)

යුද හමුදාවෙන් ජනපතිට බෑගයක්

Lakmal Friday, 02 December 2022 04:30 PM

ඕකට පැම්පස් එකක් එක්ක පෑන්ටියකුත් මහලා දීපල්ලා.

:       48       65

kapila Friday, 02 December 2022 04:36 PM

ඉතින් අපිට පාන්ද?

:       15       42

sharm warnFriday, 02 December 2022 04:49 PM

ප්‍රතිඵලය සේවා දිගුවක් විය හැකියි...!

:       15       30

sampath Friday, 02 December 2022 04:42 PM

මෙතෙක් කල් ඔයවගේ බෑග් එකක් නැතිවද අපේ රටේ නායකයන් සංචාරය කරලා තියෙන්නේ... ඒ නිසා වෙන්නත් පුළුවන් මෙහෙම වුණේ...!

:       9       27

senaFriday, 02 December 2022 05:42 PM

කතාව ඒක නෙවෙයි.., යුද හමුදාව කියන්නේ, දැන් ඉතින් කාලෙ හරි බඩු පැක්කරගෙන මාරුවෙන්න කියලා...

:       14       20

sharm warn Friday, 02 December 2022 04:43 PM

අනේ විකුම්... කමක් නැහැ.. අපි මුකුත් ඔයාට නොකියා ඉන්නම්... මෙයාට දැන් ඔය බෑග් මල්ල නෙවෙයි... පොල් කට්ටයි, පාන් කෑල්ලයි දෙන්න. පුරුදු වෙලා ඉන්නේ හිඟමනේ යන්නනේ...

:       10       22

sasa Friday, 02 December 2022 04:48 PM

මොවුන්ට පඩි ගෙවන්නේ බෑග් හදන්නද?

:       14       32

arschfikaaSaturday, 03 December 2022 12:32 AM

බෑග් හදන්නයි අසරණ මිනිස්සුන්ට ගහලා තර්ජනය කොරන්නයි තමයි මෙයාලා දන්න එකම දේ. අනික රහසිගත ලියවිලි කියලා මේ රටේ ඉන්න නූගත් පාලකයන්ට දෙයක් නැහැ. මේ බෑගයත් අරන් ගිහින් හිඟාකාලා ලැබෙන ආධාර, සල්ලි, චෙක් ආදිය මේකට පැක්කොරලා තියාගනීවි.

:       4       10

Rexi Friday, 02 December 2022 05:41 PM

අනේ මන්දා මේවට කොහෙන් හිනාවෙන්නද කියලා...? බැරිද දන්නේ නැහැ එක වේලක් කාලා 3 වේලක් ඉන්න පුළුවන් පැත්තක් හදලා දෙන්න කියලා උපදෙස් දෙන්න...

:       14       20

siri Friday, 02 December 2022 06:04 PM

දැන් ඉතින් පෙට්ටි හීනෙන් පේන කාලෙනේ...

:       11       22

Dasa P Friday, 02 December 2022 06:21 PM

පොඩියට ගේකුත් හදලා දුන්නා නම් ලේසියෙන්ම ගෝ හෝම් කියන්න පුළුවන්...

:       16       15

sisira Friday, 02 December 2022 06:23 PM

මේ ගොල්ලෝ ඉතින් තෑගි දීගන්නවා. රටේ මිනිස්සු කන්න දෙයක් හොයනවා...

:       14       20

සඳුන් Friday, 02 December 2022 07:11 PM

ජාත්‍යන්තර මළගෙවල්වල යන කොට බූරු කුට්ටමක් දාගෙන යන්න පුළුවන්... රටරටවල රවුම් ගැහුවාට වැඩක් ඇති දෙයක් මෙයා කළාද?

:       12       22

chandima Friday, 02 December 2022 07:18 PM

තව ටික දවසකින් මිනිස්සු ගහලා එළවනකොට ගින්නට අහු නොවී ඉතිරිවන හොර ගිවිසුම් එහෙම දාගෙන යන්න වෙන්න ඇති...

:       15       23

විජිත් Friday, 02 December 2022 07:48 PM

ඔය පෙට්ටිය ඇතුලේ හංගලා තිබෙන " කාල බෝම්බය " ගැන කවුරුවත් දන්නේ නැහැ. ෂ්... ඔයගොල්ලෝ කාටවත් කියන්නත් එපා. අන්තිමට ලොක්කාගේ කෑලි ටික ඔය පෙට්ටියටම දමලා මුහුදේ පාකරන්න වෙන්නෙත් හමුදාවටම තමයි. ඊට පස්සේ අපේ රටට හොඳ කලක් උදාවේවි..! 

:       9       17

P. Fernando Friday, 02 December 2022 08:12 PM

මෙයා ජනාධිපති නෙවෙයි, ජනතා ඡන්ද 20000ක් අරගෙන නෝන්ඩි වෙලා ඉන්නේ... 134කට පින් සිද්ද වෙන්න පුටුවේ වාඩි වුණා.

:       17       22

Perera Friday, 02 December 2022 08:45 PM

සේවාවන් දිගු කරගන්න, උසස්වීම් ලබාගන්න කරන විගඩම් තමයි මේවා.... ලැජ්ජා නැද්ද මන්දා මොවුන්ට...?

:       8       22

බද්රානි Friday, 02 December 2022 10:58 PM

දුර්ජන පාලකයින්ව රකින මුර බල්ලන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන් තම ස්වාමීන්ට හරිම කීකරුයි. පක්ෂපාතීයි. නිවටයි.

:       7       21

Rata Perata Saturday, 03 December 2022 01:15 AM

අනේ මෙහෙම විහිළු. පිටරටින් ආපු එකක් නම් දුන්නත් කමක් නෑ. මෙයා ලංකාවේ මේ තත්ත්වෙට ඇදලා දාන්න වගකියන්න ඕන කෙනෙක් විතරයි. එයාටත් තෑගි දෙනවා.

:       4       8

Kumar (Gulf) Saturday, 03 December 2022 01:34 AM

This is like USA presidents FOOTBALL which can control the Atomic war, but for Ranil it is only control Sri Lanka Police tier gas and water cannons.

:       3       6

nihal Saturday, 03 December 2022 02:07 AM

රනිල් මේ බෑගය හදන්න කීයක් ගියාද දන්නවද ? කාලය, ශ්‍රමය, අමද්‍රව්‍ය සමග රු කෝටියක් ?

:       3       11

lankari Saturday, 03 December 2022 02:20 AM

හමුදාවෙන් පෙට්ටියක් හැදුවට මහජනතාව නම් මිනී පෙට්ටියක්ම හදල දෙන්නයි සැදී පැහැදී සිටින්නෙ.

:       4       8

kamal Saturday, 03 December 2022 08:27 AM

ලියාගෙන කියවන ගොන් කතායි , ණය ලිපිගොනුයි දාගෙන යන්න පෙට්ටගම් හතක් හලා දීපියව්.

:       4       9

kamal Saturday, 03 December 2022 09:34 AM

හිට්ලර්ගේ හමුදාවෙන් හිට්ලර්ට දුන්නු අන්තිම තෑග්ග මොකක්ද?

:       3       8

Sara farnando Saturday, 03 December 2022 01:33 PM

මේ බෑග් ඒක හදලා තියෙන්නේ... ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින්.... බෑග් එකක් මහන්න තරම් දැනුමක්ද මේ ඉංජිනේරුවන්ට තියෙන්නේ... ලංකාවේ ගාමන්ට්වල වැඩකරන ළමයෙක්ට කීවා නම් ලස්සන බෑග් එකක් මහයි. ඕකට විදුලි, යාන්ත්‍රික ඉංජිනේරුවෝ ඕනේ නෑ... මේ ආයතන වෙනුවෙන් මහජන මුදල් කොච්චර වැය කරනවා ඇද්ද? ඇයි රටට වැඩක් ඇති දෙයක් නිර්මාණය කරන්න බුද්ධියක් නැද්ද..? මේ වෙලාවේ රටේ දැවෙන ප්‍රශ්න කොච්චර තියෙනවාද? ඒවාට පොඩිහරි විසඳුමක් හොයන්න මේ ඉංජිනේරුවන්ට බැරිද? විදුලිය, ඉන්ධන මේවාට විකල්ප හොයන්න පුළුවන්නේ ගන්න පඩියට ණයක් නොවෙන්න. ඉස්සර හිටපු නර්ඩ් එකේ ලොක්කා කුලසිංහ මහත්තයා දරවලින් ඉන්ධන හදන ක්‍රමයක් කියලා දුන්නා. අන්න ඉංජිනේරුවරු. එයාගේ වැඩ වලට කිට්ටුවෙන්වත් මේ ගොල්ලෝ තියන්න බෑ. මේ කට්ටිය බෑග් මහලා ජනාධිපතිට දෙනවා. ලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් නිර්මාණය කරන ලද ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක්.

:       2       8

චන්දිම Saturday, 03 December 2022 06:36 PM

ඇත්තටම පිස්සු නේද? මේ වගේ වැටිච්ච රටක් ගොඩ ගනී කියලා හීනෙකින් වත් හිතන්න පුළුවන්කමක් නැහැ නේද? පිස්සු නැතිනම් මේ වෙලාවේ ඔය වගේ පෙට්ටගම් හදන්න කියලා හමුදාවට කියාවිද? හදන විදිය ගැන කියලා දිලාලු. වෙන වැඩ මේ අයට නැද්ද? මට මතකයි 1972 මම ඉස්කෝලේ යනකොට පොත් ටික දාගෙන ගියෙත් ඔය විදියටම පෙනෙන සුට්කෙස් එකක් අරන්... අද ඉස්කෝලවලට යන ළමයින්ට පොත් බෑගයක් ගන්න විදියක් නැහැ හද්ද ගිනිගණන්.... මේ මනුස්සයා ලක්ෂ ගණන් වියදම් කරවලා සුට්කේස් හදවනවා. උසස් තත්වයේ හම් එහෙමත් දාගෙනලු. රට යනකොට ඕවා උස්සන් යන්නත් වෙනම සෙට් එකක්ම තියා ගනීවි. මම මුළුරටම වෙනුවෙන් නන්දලාල් වීරසිංහ මහා බැංකු අධිපතිගෙන් අහන්නේ අපිව මරවලා බදු ගහන්නේ මේ මෝඩ දේශපාලුවන්ට මේ විදියේ පිස්සු වැඩකරලා රට ඉවර කරලා දාන්නද? එහෙමනම් ඔහෙත් බඩු පටවාගන්න ඔයින් එකක් ඉල්ලා ගන්න. මතකයිනේ මෙයා යහපාලනේදී කෘෂිකර්ම බිල්ඩිමට කෝටි ගණන් විනාශ කළ හැටි...!

:       1       6

Rupa Saturday, 03 December 2022 08:36 PM

ලංකාවේ හමුදාවේ අයත් දෙන්නේ නියම ආතල් තමයි.

:       0       8

liyanage Monday, 05 December 2022 04:48 PM

වෙන මුකුත් නැතුවටද? මේ බෑග් එක හදලා තියෙන්නේ යුද හමුදාවෙන්... ලැජ්ජයි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 281 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 216 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 78 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 518 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 715 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site