IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


යන්ත්‍රයකට හිස සිරවී පුද්ගලයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
                                       

මිල්ලනිය පරගස්තොට ටයිල් නිෂ්පාදන  කර්මාන්තශාලාවක  යන්ත්‍රයකට  හිස   සිරවීමෙන්  ඉන්දියානු ජාතික තරුණයෙක් අද  (11) මියගිය  බව මිල්ලනිය පොලිසිය කියයි.
 

මෙලෙස මියගොස් ඇත්තේ කේ මහේන්  නමැති 24 හැවිරිදි පුද්ගලයෙකි.
 
ටයිල් කැට නවය බැගින් ස්වයංක්‍රීය  වූ  ඔසවන  යන්ත්‍ර කොටසකට   ඔහුගේ හිස  සිර වී ඇතැයි පොලිසිය කියයි. 

මියගිය පුද්ගලයා  වෙනත් ස්ථානයක  සේවය කරන අතර  ටයිල් කැට මත  සිට විවේක ගනිමින් සිටියදී  ඔහුට නින්ද ගොස් ඇති අතර එම අවස්ථාවේදී මෙම අනතුර වී ඇතැයි  පොලිසිය කියයි .
 
අනතුර දුටු  ආරක්ෂක නිලධාරීහු වහා ක්‍රියාත්මක වූ සෙසු පුද්ගලයන් සමග  බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්  සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය. 



අදහස් (4)

යන්ත්‍රයකට හිස සිරවී පුද්ගලයෙක් මරුට

sharm warn Wednesday, 11 November 2020 08:47 AM

ඉන්දියානු ජාතිකයෙක්.. බොහොම හොඳයි. මේ රටේ මිනිස්සුන්ට රස්සාවල් නැතිව ඉන්නකොට.. මේ රටේ ආදායම් නැතිව වියදම් විතරක් වෙනකොට.. විදේශ කම්කරුවෝ මෙහෙ රැකියාවල නිරත වෙද්දී ඒ වැටුප් මුදල් යන්නේ කොහෙටද? කාටවත් තේරුණාද මන්දා..?

:       0       0

Rehan Wednesday, 11 November 2020 10:40 AM

ඒ කියන්නේ ලංකාවේ ඉන්දියානු ජාතිකයිනුත් වැඩ.. අපිට කම්කරු හිඟයක් ආවේ කවදා ඉඳලද?

:       0       0

සමන්ත Wednesday, 11 November 2020 03:37 PM

ඉන්දියානු ජාතික තරුණයෙකු හෝ වෙනත් ඕනෑම ජාතියක තරුණයෙක් වැඩ කරන්නේ ලංකාවේ නම් ඔහුව වැඩපලක ආරක්ෂිත ලෙස සේවයේ යෙදවීමට බලධාරීන්හට වගකීමක් තිබේ. තුන්වන ලෝකයේ රටක උවද කම්කරුවෙකු සතු අයිතිවාසිකම නැතිවන්නේ නැත. අපි සියල්ලෝම මානව වර්ගය වන්නෙමු. දැනට කම්කරු අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල මහතා ගෙන ඇති පියවර අගය කරන නමුත් සැහීමකට පත්විය නොහැක. වහාම වැඩපොළ ආරක්ෂාව සහ සෞඛ්‍ය පිළිබඳව නව පනතක් සමග වැඩපොළ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිලිබදව කිසිම බලපෑමකින් නතර කල නොහැකි ලෙස කටයුතු කල හැකි අධිකාරියක් සහිත යාන්ත්‍රණයක් සකසන්න. එයට රක්ෂණ ක්‍රමයක් සහ සේවක වන්දි, හදිසි උපකාර, වැටුප් ලබා දිය හැකි බලතල ලබාදෙන්න. අමාරු උවත් ලෝක කම්කරු සංවිධානය හරහා දියුණු රටවල උදව් ගන්න. මෙවැනි අකල් මරණ වහාම නවතා ගත යුතුය. අදාළ ආයතනයට සහ වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනඑන්න. ඒ පුද්ගල වින්දිතයාගේ පවුලට කඩිනමින් වන්දි ලබාදෙන්න. නැතුව අපිට දියුණු විය නොහැක.

:       0       9

Nandalal DE SILVA - France Thursday, 12 November 2020 12:17 AM

ඉන්දියානු හෝ වෙන ජාතිකයන් ලංකාවේ වැඩට ගෙන්වාගන්නේ කවුද.?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1768 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 579 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3753 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 525 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 1015 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2931 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1770 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site