IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


යන එන ගමන් ගැන බලන්න ’’යං ලංකා ඇප් එකක් ’’

(  දිල්රුක්ෂි ග්‍රේරු)

ජංගම දුරකථනය ඔස්සේ බස් රථයක ආරම්භයේ සිට අවසානය දක්වා සජීවීව සොයා බැලීමට හැකි මෘදුකාංගයක් නිපදවීමට මාතර පදිංචි නිර්මාණකරුවෝ තිදෙනෙක් සමත් වී සිටිති .

එම මෘදුකාංගය නිර්මාණය කර ඇත්තේ ‘යං ලංකා‘ ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන  මාතර වැල්ලෙතොට පදිංචි ගිතාජ් කැලුම් රාමවික්‍රම,නායිම්බල පදිංචි ලක්මාල් සංජීව ජයවික්‍රම සහ උඩවලව පදිංචි සමීර  තරංග ප්‍රේමනන්ද යන මිතුරන් තිදෙනාය. ඔවුහු දැනට  තාක්ෂණික ක්ෂේත්‍රයේ සිය වෘත්තිමය කටයුතුවල නියැලෙති.

පසුගිය 03 වැනිදා මාතර ,නූපේ පිහිටි සණස උත්සවශාලාවේදී මෙම මෘදුකාංගය හඳුන්වාදීම නිල වශයෙන් සිදු කෙරුණ අතර ඊට සමගාමීව ‘යං ‘ලංකා අයතනය  හඳුන්වා දීම සහ එහි කටයුතුද ඇරඹිණි.

‘යං‘ ලංකා ආයතනයෙන්  ශ්‍රී ලංකාවේ පළමු වරට ‘ ස්මාට් බස්‘ රථ සේවාවක් වෙනුවෙන් දොරගුළු විවර කර ඇති අතර මේ වනවිට දකුණු පළාත  කෙන්ද්‍රකරගනිමින් මෙම බස් සේවාව අරඹා ඇත.

මෙහි  මූලික අදියර ලෙස පෞද්ගලික බස් රථ 8ක් සඳහා මෙම ජංගම දුරකථන මෘදුකාංගය හඳුන්වා දුනි. එමෙන්ම ස්මාර්ට් බස් රථ 8 අතුරින් පළමු ස්මාට් බසය ලෙස වැල්ලෙතොට -මාතර  පෞද්ගලික බසය  හඳුන්වාදුනි.

ගමනාන්නතයට ළඟාවීම සඳහා අවශ්‍ය බස් රිය සජීවීව දුරකතනය හරහා සොයාගැනීමට,බසය පැමිණෙන වෙලාව ගමනාන්තය නිසි අයුරින් දැන ගැනීම , දෘෂ්‍යාබාධිත පිරිස් වෙනුවෙන්ද මේ මෘදුකාංගය හරහා සිය කටයුතු නිසි පරිදි සිදු කර ගැනීම  මෙන්ම  පාසල් දරුවන් ගමන් ගන්නා බසය පිළිබඳව මව්පියන්ට නිවැරදි තොරතුරු දැනගැනීම ඇතුළු තවත් පහසුකම් රැසක් මෙම මෘදුකාංගයෙන් අත්විදීමට මගියාට අවස්ථාව සලසා දී තිබේ.

එමෙන්ම ඉදිරියේදී මෙම මෘදුකාංගය හරහා ජංගම දුරකතනයෙන් ආසන වෙන් කිරීම, දැනට පෞද්ගලික බස්රථවල පමණක් ක්‍රියාත්මක මෙම මෘදුකාංගය ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා ද හඳුන්වාදීම, මෙන්ම ලංකාව පුරා මෙය හඳුන්වාදීමට කටයුතු සැලසුම් කරන බවද මෘදුකාංගයේ නිර්මාතෘවරු සඳහන් කළහ.

මේ වන විට මාතරින් ගමන් ඇරැඹෙන වැල්ලෙතොට,ඌරුබොක්ක,පස්ගොඩ,පිටබැද්දර,අකුරැස්ස,වැලිගම ,දික්වැල්ල,කැකනදුර ,රන්න ,අඟුණකොළපැළැස්ස,මාකඳුර යන ප්‍රදේශවල පෞද්ගලික බස් රථ 8ක් සඳහා මෙම පහසුකම හඳුන්වා දී ඇත.

https://www.yanlanka.com/ ගූගල් සබැඳිය හරහා ජංගම දුරකතනයෙන්  මෙම මෘදුකාංගයට පිවිස  එම පහසුකම ලබාගැනීමේ අවකාශය මේ වන විට මගීන්ට සලසා දී තිබේ.

එමෙන්ම මෙම බස්  රථ 8 අතර  ධාවනය කෙරෙන  රන්න,අඟුණකොළපැළැස්ස හරහා මාතර දිවෙන පෞද්ගලික පාසල් බසයකටද මෙම මෘදුකාංගය හදුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ පළමු වරට පාසල්  සිසුන් ගමන් ගන්නා බසයක් ‘ස්මාර්ට් බසයක්‘ ලෙස හඳුන්වා දීම තුල ඉතා සුවිශේෂි කාර්යක් ඉටුකිරීමට හැකියාව ලැබිණි යැයි ‘යං‘ ලංකා අයතනය පවසයි.

මෙම මෘදුකාංගය ජනගත කිරිමේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් සහකාර ප්‍රාදේශිය ලේකම් අනුර විජේසේකර , මාතර දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ සේවා සංගමයේ  සභාපති ජානක විමසේකර ,ලේකම් ආරියපාල රණවක,සමස්ථලංකා පාසල්  ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එල්. මල්ශ්‍රී  ද සිල්වා ,බෙලිඅත්ත කාර්මික විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පතිනි දීප්තී දමයන්ති ,යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක්  එක්ව සිටියහ.


 



අදහස් (19)

යන එන ගමන් ගැන බලන්න ’’යං ලංකා ඇප් එකක් ’’

Ruwan R Friday, 06 December 2024 11:50 AM

හොදයි. සුබ පැතුම්...

:       0       72

lL G.p.PJathunarachchi Friday, 06 December 2024 12:27 PM

මෙම නිෂ්පාදකයින්ට දැවැන්ත සුබ පැතුම්. !!!

:       0       68

sanjeewa Friday, 06 December 2024 02:31 PM

මිනිස්සු ගැන හිතල කරපු වැඩක් නිසා හරියන්න ඕනේ ජයවේවා ....!

:       0       38

chitra wickramarathna Friday, 06 December 2024 04:27 PM

කැනඩාවේ මේ ක්‍රමය තියෙනවා. ගොඩක් හොඳයි... ඔහොම යමු...

:       2       21

Sasika Friday, 06 December 2024 04:34 PM

රටට අවශ්‍ය මේ වගේ අය තමයි.

:       0       30

Prasad Liyanage Friday, 06 December 2024 06:52 PM

හොඳ වැඩක්, දෙමව්පියන්ට හරිම ප්‍රයෝජනවත්...

:       0       26

gayani Friday, 06 December 2024 08:28 PM

ගොඩක් ප්‍රයොජනවන් වැඩක් ඒක...!

:       0       2

Buddika Saturday, 07 December 2024 07:30 AM

සුබපැතුම්...!!!

:       0       3

Buddikaanu Saturday, 07 December 2024 07:40 AM

මොවුන්ගේ ගෙවල් වලට රිලව් ටික ගාල් කරන්න. මේ රඟන්නේ වන සතුන්ට තියෙන ආදරේට නෙමෙයි, අවධානය ගන්නයි.

:       4       2

MadukaSaturday, 07 December 2024 05:17 PM

හොඳ දේට හොඳයි කියන්න හදවතින්ම පුරුදුවෙන්න ඕනේ. හරියටම දන්නේ නැතුව මිනිස්සුන්ට මඩ ගහන ඔබ කව්ද කියන්න නම් දන්නේ නෑ. මම මේ වගේ හිතන අය නිසා තමයි මේ සමාජෙට වැඩදායි පුද්ගලයන් බිහිවෙන්න ඉඩ දෙන්නේ නැත්තේ අපේ රට තවමත් එකම තැන තියෙන්නේ මේ වගේ හිතන අය නිසා තමයි. දැන්වත් වැරැදි මත වලින් ඈත්වෙලා එකට එකතුවෙලා හැමෝම මේ රටට දෙයක් කරන්න ඕනේ මොනවා වුණත් වැඩේ හොඳයි පාරවල්වල රස්තියාදු වෙවී අතුරු පාරවල් වල කොච්චර රස්තියාදු වෙලා ඇත්ද බස් නැතුව ඒ ඔයාලගේ මව පියා බිරිඳ, සහෝදරයා, සහෝදරිය වෙන්න පුළුවන් වැඩේ කරගෙන යන්න මල්ලිලා කොහේ කව්රු වුණත් හොඳ වැඩක් කවදා හරි මේ රට ලස්සන රටක් කරන්න ඔයාලාට ශක්තිය දහිරිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

:       0       6

Shashini Jayawardhana Saturday, 07 December 2024 10:41 AM

මෙම යෙදුමේ විශිෂ්ට අත්දැකීමක් ඇති අතර එය සෑම තැනකම ඉතා සුවපහසු ලෙස ගමන් කිරීමට මට කිහිප වතාවක් උපකාරී වේ. මම සියලු දෙනා සඳහා මෙම සේවා සපයන්නා නිර්දේශ කළා. එබැවින් ආදරණීය ශ්‍රී ලාංකික සහ විදේශිකයන් මෙම අත්දැකීම ලබා ගැනීමට උත්සාහ කරන්න. යං ලංකා ඇප් එකට ස්තුතියි.

:       0       4

Chathurika Saturday, 07 December 2024 11:48 AM

ගොඩක් වටිනා වැඩක්. සුබ පැතුම්...!

:       0       5

කසුන් තාරක Saturday, 07 December 2024 07:06 PM

රටට ගොඩක් වටිනා දෙයක්...

:       0       5

කසුන් තාරක Saturday, 07 December 2024 07:11 PM

රටට ගොඩාක් වටිනා දෙයක්...

:       0       4

දිලුම් පතිරණ Saturday, 07 December 2024 08:56 PM

තවමත් නිර්මාණය වෙමින් පවතින ඇප් එකක්. තවත් හොඳට divelop කරන්න පුළුවන් ඇප් එකක්. රාත්‍රියට බස් අඩුයි. දුර ගමන් සේවා තමයි තියෙන්නේ. මේ ඇප් දුර ගමන් සේවාවලට යොදා ගත්තොත් මාතර සිටින අයෙකුට වුණත් කතරගම කොළඹ බස් එකක් එන වෙලාව ඒ බස් එක තියන තැන තව කොපමණ වෙලාවක් යනවාද බලලා නයිට් කඩේකින් කාලා ටිකක් විවේක අරන් බස් එකට එන්න පුළුවන් පැය ගණන් බස් ස්ටෑන්ඩ් එකේ වෙලාව නාස්ති නොකර. රෑ 2- 3ට වෙන බස් නෑ. උදාහරණයකට දැම්මේ...

:       0       2

මල්මි ප්‍රහර්ෂා Saturday, 07 December 2024 09:09 PM

මැප් එකෙන් කරන්න පුළුවන් හොඳ වැඩක්. ප්‍රයෝජනවත් වාණිජ්‍ය වශයෙන් ඉතා වැදගත් වැඩක්... ජයවේවා..!

:       0       1

මිහිරි පියුෂාණී Saturday, 07 December 2024 09:12 PM

පාසල් වෑන් වලට ඉතා හොඳ ඇප් එකක්. දරුවා පාසලට ගිය වෙලාව වුණත් track කර ගන්න පුවන්. එන කොටත් කොහේද දැන් වෑන් එක තියෙන්නේ බලලා පාරට යන්න පුළුවන්. රස්තියාදු නොවී දියුණු කර ගන්න හැකියාව ලැබේවා..! තෙරුවන් සරණයි...!

:       0       4

රිසර තෙද්විද Saturday, 07 December 2024 09:15 PM

පාසල් යන අපිටත් වැදගත්... ගෙදර අම්මා, තාත්තා අපි ගැන බයවෙනවා. ටිකක් හරි පරක්කු වුණත්. ඒ නිසා වෑන් මාමලාට හොඳ ඇප් එකක්. නැත්නම් කෝල් කරලාම ඉවර නෑ..

:       0       2

fairoos Monday, 09 December 2024 05:52 PM

ඉතාම හොඳ වැඩක්... සුබ පැතුම්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 1562 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 331 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 540 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 516 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 595 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 1023 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 454 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 929 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site