(රොමේෂ් මධුෂංඛ)
යාපනය අම්පන් ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ආසන්නයේ පිහිටි කැලෑවක වලදමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ රැසක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ගොඩ ගෙන ඇත.
පේදුරුතුඩුව නාවික හමුදා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් ඒ බව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දී, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අම්පන් සිවනොලික් ක්‍රීඩාංගනය ආසන්නයේ පිහිටි කැලෑවේ වලදමා තිබූ ස්ථාන පරීක්ෂා කිරීමේදී මෙම කොටි බෝම්බ තොගය හමු වී ඇත.
මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 47 ක් සහ පකිස්තානයේ නිෂ්පාදිත යුද ටැංකි විනාශ කළ හැකි කිලෝ 13 ක් බරැති විශාල ප්‍රමාණයේ අධිබලැති පීඩන බෝම්බ 4ක් තිබී ගොඩ ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත්ව ඇත.
යුද සමයේදී අදාළ බෝම්බ තොගය කොටි සාමාජිකයින් විසින් මෙම ස්ථානයේ වලක් කපා ගබඩා කොට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් සැක පළ කර සිටි අතර ගොඩ ගත් බෝම්බ තොගය අධිකරණ නියෝගයකින් විනාශ කිරීමටද පියවර ගෙන ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලු වැඩිදුරටත් සඳහන් කළහ.
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යාපනයේ ක්‍රීඩාංගනයක් අසළ බෝම්බ ගබඩාවක්
sudath Wednesday, 23 January 2019 10:17 PM
නැවත ජනයට පවරා දුන් ඉඩම් වලත් බෝම්බ බැලුවද දන්නේ නැහැ ?
Abaran Thursday, 24 January 2019 02:38 AM
වලෙහි පස් පරීක්ෂා කල විට වලදමා ඇත්තේ කිනම් කාලයකදි දැයි සොයාගත හැකිය.ඒ අනුව මෑතක සිදුවීමක්නම් කොටියාගේ හිස එසවීමට නොහැකි ලෙස ඒ වලෙහිම වැළලිය යුතුය.
cjhcgbh Thursday, 24 January 2019 07:12 AM
මේවා යුධ සමයේ වලලපු ඒවා වෙන්න ඇති.
BamunuarachchiThursday, 24 January 2019 02:33 PM
ජපන්නු ලංකාවට බෝම්බ දාන කාලේ වළලපුවා...
raviFriday, 25 January 2019 08:06 AM
ඔන්න කිව්වා ඉතින් ගොන් කතාවක්... !
BamunuarachchiSaturday, 26 January 2019 12:12 AM
රවී ජපනා ලංකාවට බෝම්බ දැම්ම බව දන්නේ නැද්ද?
Bamunuarachchi Saturday, 26 January 2019 12:10 AM
ඒ ගොල්ලන්ට තේරෙන භාෂාවේන් පිළිතුරු දුන්නේ නැතිනම් තේරුම් ගන්නේ නැහැ. ඔය ඔබට පටගාලා තේරුනේ.