(ලක්ෂ්මී ජයකොඩි)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හයවන දිනටත් මාරාන්තික උපවාසයේ නිරතව සිටින යාපනය තල් හා පොල් සම්පත් සංවර්ධන සමුපකාර සමීතියේ සාමාජිකයින් දෙදෙනාගේ ජීවිත වලට යම් හානියක් සිදුවුවහොත් එහි වගකීම උතුරු පළාත් ආණ්ඩුකාරවරිය බාරගත යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා චෝදනා කරයි.
තමන් මේ පිළිබඳව දැනටමත් උතුරු පළාත් ආණ්ඩුකාරවරය ඇතුළු වගකිව යුතු නිළධාරීන් වෙත සෘජුවම දැනුම් දී සිදු කර ඇති බවත් එහෙත් මාරාන්තික උපවාසයේ නිතර සාමාජිකයින් දෙදෙනාගේ සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් තවමත් කටයුතු කර නැති බවත් ඒ මහතා චෝදනා කළේය.
මේවිනවිට හයවන දිනටත් මාරාන්තික උපවාසයේ නිරතව සිටින සාමාජිකයින් දෙදෙනාගෙන් එක් අයෙකුට කතා කිරීමට පවා නොහැකි තරමට අසාධ්‍ය බවද එබැවින් වගකිව යුතු බළධාරීන් මෙම නිළධාරීන්ගේ ජීවිත සමඟ සෙල්ලම් නොකළ යුතු යැයිද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
කිළිනොච්චිය තල් සම්පත් සංවර්ධන සමුපාකාර සමිතියේ හිටපු පරිපාලන නිළධාරි මණ්ඩලය හදිසියේම ඉවත් කර ඒ වෙනුවට නව නිළධාරීන් පස් දෙනෙකු පත් කිරීමට විරෝධය දක්වමින් මෙම සාමාජිකයින් දෙදෙනා පසුගියදා (12) වැනිදා සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.
උපවාසයේ නිරතවුවන් ඉල්ලා සිටින්නේ නව නිළධාරි මණ්ඩලය ඉවත් කොට හිටපු නිළධාරි මණ්ඩලය වෙත නැවත පරිපාලනය බාරදී නිලවරණයක් පවත්වා අදාළ පත්වීම් සිදු කරන ලෙසයි.
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු
නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාපනය තල් - පොල් සමුපකාර සමිතියේ දෙදෙනා 6 වැනි දිනටත් උපවාසයේ
kamal Monday, 18 January 2021 07:07 AM
මේ අයට, අප්පච්චිට කියලා තැඹිලි වතුර හෝ තල් වතුර ටිකක් දෙන්න.
fairoos Monday, 18 January 2021 07:35 AM
සර් එක්ක ඕවා හරියන්නේ නැහැ..