(රොමේෂ් මධුෂංක)
යාපනය කෝපායි කොණ්ඩාවිල් ප්‍රදේශයේදී තියුණු ආයුධ රැගෙන ආ පිරිසක් සිදුකල පහරදීමකින් පුද්ගලයන් 08 දෙනකුට බරපතල තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
කොණ්ඩාවිල්හි පිහිටි ශබ්දාගාරයක් අසල රැසව සිටි පිරිසක් වෙත එකවරම මුහුණු ආවරණය කර ගොන කඩු ඇතුලු තියුණු ආයුධ රැගෙන යතුරුපැදිවලින් පැමිණි පිරිසක් මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කොට ඇති බවට තොරතුරු වාර්ථා වෙයි.
ඇතැම් පුද්ගලයන්ගේ අත්පා සිරුරෙන් වෙනවන ලෙසින්ද කපා ඇති බවත් අනතුරුව අසල තිබූ ත්‍රී රෝද රථයකට සහ මෝටර් රථයකටද දැඩි අලාබහානි කොට ශබ්ධාගාරයටද ගිනිතබා පලා ගොස් ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.
බරපතල කැපුම් තුවාල ලැබූ පුද්ගලයන් යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කොට ප්‍රතිකාර ලබන බවටද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර අදාල පහරදීම සිදුකල පුද්ගලයින් කවුරුන් දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සී.සී.ටී.වී දර්ශන ඇත්දැයි සොයා බලා සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ ආරම්භ කොට ඇති බව කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො
බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
යාපනයේ දී නාඳුනන පිරිසකගෙන් මාරාන්තික ප්‍රහාරයක්
කිරිපුතා Thursday, 01 July 2021 10:56 AM
මේ පව්කාරයින්ට ආයුධ අත හරින්නම බෑ වගේ... අවියෙන්ම නසින්නනේ මේ දඟළන්නේ...
Kamal Koyrala Thursday, 01 July 2021 04:01 PM
මේ ගියවර පාස්කු නාට්‍යය වගේ මීළඟ ඡන්දෙට එන නාට්‍යයේ කසකරුවන් පෙරහුරුව..