IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


යාපනය විශ්ව විද්‍යාලයේ ගැටුමක්

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 10 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවයකදී මෙම ගැටුම සිදුව ඇතැයි පොලිසිය පවසයි. මේ හේතුවෙන් විද්‍යා පීඨය තාවකාලිකව වසා ඇතැයි යාපනය විශ්ව විද්‍යාල ආරංචි පවසයි.



අදහස් (0)

යාපනය විශ්ව විද්‍යාලයේ ගැටුමක්

නිහාල් Sunday, 17 July 2016 08:23 AM

ආණ්ඩුවට ඕනෑ පිටරට සතුටු කරලා ණයගන්න විතරයි. එදත් අදත් සහජීවනය දකුණේ තිබුනා (නි)

:       0       0

සරත් Sunday, 17 July 2016 09:01 AM

මෙයද දැන් රටේ ඇතැයි කියන සංහිඳියාව? (නි)

:       0       0

විමලරත්න Sunday, 17 July 2016 09:07 AM

පාට කණ්ණාඩියෙන් මේ ප්‍රශ්නය දිහා බලන්න එපා (නි)

:       0       0

රාමන් Sunday, 17 July 2016 09:38 AM

ඉස්පිරිතාලේ ඉන්න අයගේ නම් ටික දැනගත්තා නම් සහජීවනය ගැන අපිට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

සුසන්ත Sunday, 17 July 2016 10:13 AM

අර කවුද කිවුවත් වගේ, දකුණේ අයට සහජීවනය ගැන කියලා දෙන්න ඕනෑ. (නි)

:       0       0

අනිල් Sunday, 17 July 2016 10:14 AM

අපි නම් කියන්නේ වහ වහා උතුරේ දැනට ඉතිරිව තිබෙන හමුදා කඳවුරු කීපයත් ගලවා ඉවත් කළයුතුය. දැනටමත් මේවා දැඩිසේ අකර්මන්‍ය කර, කුඩා කර තිබුනත් එයිනුත් නොනැවතී ඒවා ඉවත් කළයුතුය. එවිට අපිට සහජීවනයෙන් සිටිය හැක. (නි)

:       0       0

සුනිමල් Sunday, 17 July 2016 10:17 AM

මේකටත් වැරැද්ද සිංහල ළමුන් පිට නොපැටවුණොත් ඉර පායාවි බටහිරින්. (නි)

:       0       0

සුනිල් Sunday, 17 July 2016 11:21 AM

දැන් මේ සිදුවීමෙනුත් සමහරු වාසි ගන්න බලයි (නි)

:       0       0

උපසේන Sunday, 17 July 2016 12:00 PM

“වතුර බේසමේත් කිඹුල්ලු දැකීම“ කියන කියමන මට මතක්වුණා (නි)

:       0       0

සමන් Sunday, 17 July 2016 12:59 PM

දැන් බලන්න යුද්ධ කාලෙත් අපේ මොරටු සරසවියේ දෙමළ ළමයි හිටියා. අරෙහෙ අනුරපුරේ සිංහල මිනිස්සු කැතිගැහුවා. ඒ කියලා අපි ප්‍රශ්න ඇතිකර ගත්තේ නැහැ. මේ ආණ්ඩුවේ කියන විදියට සංහිඳියාවේ නාමෙන් මේවා බලාඉන්න ඕනෑද? මෙයට වහා අපක්ෂපාති පරීක්ෂණයක් කර විසඳුමක් නොදුන්නොත් මිනිස්සු කැළඹේවි (නි)

:       0       0

රණවන Sunday, 17 July 2016 01:07 PM

වෙනස දැනී දැනී දැනී යනවා..... (නි)

:       0       0

බිංදු Sunday, 17 July 2016 02:32 PM

මේ හදන්නේ නැවත නැති ප්‍රශ්න අැතිකරන්නද? (නි)

:       0       0

නිම්මි Sunday, 17 July 2016 02:47 PM

හැම කෙනාම සංහිඳියාව උගන්වන්න එන්නේ අපිට තමයි. දහස් ගණනක් ජීවිත පුජා කරලා අපිට ගෙනදුන් සාමය විනාශ කරන අයට යහපතක් නම් වෙන්නේ නැහැ (නි)

:       0       0

රුවනි Saturday, 16 July 2016 06:51 PM

දැන් රටේ අනාරක්ෂිත තත්වයක් තියෙන්නේ. උතුරේ සිංහල නිදහස නැහැ වගේ. (නි)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Saturday, 16 July 2016 07:10 PM

මෙම සිදුවීම් වලින් රටේ ඇති වී තිබෙන සහජීවනය සහ සමගිය බිඳදැමිය නොහැකියි (නි)

:       0       0

ජයම්පති Saturday, 16 July 2016 07:56 PM

මේ තත්වය සොයා බලා වහාම සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුයි. එසේ නොවුණහොත් නැවත ලංකාව අගාධයට යනවා නිසැකයි. (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 16 July 2016 08:04 PM

ප්‍රශ්නයක් නැහැ. අපේ පාලකයෝ මේ සෑමදේම විසඳයි හොඳ විදිහට (නි)

:       0       0

නිහාල් Saturday, 16 July 2016 08:51 PM

උතුරේ සංහිඳියාව ඕකයි. (නි)

:       0       0

තරූ Saturday, 16 July 2016 10:02 PM

ඔය තියෙන්නේ වෙනසේ ප්‍රතිඵල. හැමෝටම මේකනේ ඕනෑ වුණේ. (නි)

:       0       0

ටානි Saturday, 16 July 2016 11:39 PM

අනේ මන්දා මොනවද මේ සිද්ධවෙන්නේ කියලා (නි)

:       0       0

චානක Sunday, 17 July 2016 12:15 AM

ළඟදීම සිංහල අපිට ලංකාවක් නැතිවෙනවා (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 17 July 2016 12:28 AM

මට නම් හිතෙන්නේ මෙතන සැඟවුණ වෙනත් යමක් තිබෙන බවයි (නි)

:       0       0

ආනන්ද Sunday, 17 July 2016 12:59 AM

අළුයට ගිනි තිබෙන බව උතුරේ දේශපාලඥයෝ දනිති. දකුණේ ජනතාවත් දනියි. දකුණේ දේශපාලුවෝ නොදනීද? (නි)

:       0       0

ශශික Sunday, 17 July 2016 01:07 AM

ඉක්මණින්ම මේක පත්තරේට දාන්න (නි)

:       0       0

කපිල Sunday, 17 July 2016 01:13 AM

මේ සහජීවනයද...? (නි)

:       0       0

ධර්මතිලක Sunday, 17 July 2016 01:18 AM

දකුණේ විශ්ව විද්‍යාල වල කොච්චර දෙමළ ළමයි ඉන්නවද. ඒත් ඒ අයට කවදාවත් එහෙම ප්‍රශ්න ඇතිවෙලා නැහැ. කැළණියේ වගේම වැරදිකරුවන් පරිශ්‍රයෙන් නෙරපනතුරු අපි බලා ඉන්නවා. (නි)

:       0       0

ලාල් Sunday, 17 July 2016 01:25 AM

ඒ අපේ සහෝදරයො තමන්ගෙ ගෙදරට ආ සිංහල සාදරයෙන් පිළිගන්න දීපු සහෝදරාත්මක, සහජීවන, සම්මුතිවාදි, සංහිඳියාත්මක සංදර්ශනයක් පමණයි කියලයි අපි නම් දකින්නේ (නි)

:       0       0

නිමල් ලලිත Sunday, 17 July 2016 01:37 AM

මෙම ගැටුම සිංහල දෙමළ ගැටුමක් නම් සහජීවනය කියමින් සිංහල අයිතිය පාවාදෙන හැම කෙනෙකුටම ශාප වේවා! බලපෙරේත දේශපාලකයන් වැනසේවා! (නි)

:       0       0

පද්මිණි Sunday, 17 July 2016 01:52 AM

මේ ප්‍රශ්න දුරදිග යන්න නොදී වහා විසඳිය යුතුය (නි)

:       0       0

පියදාස Sunday, 17 July 2016 03:58 AM

සංහිඳියාව නැතිවෙනවා නම් මේ සිද්ධිය ගැන එච්චර දඟලන්න එපා කියන එකයි මගේ නම් අදහස. මොකද අපිට අවශ්‍ය සංහිඳියාව (නි)

:       0       0

චමීර Sunday, 17 July 2016 03:57 AM

මෙසේ කළ සිසුන්ට දැඩි පියවර ගතයුතුයි. මෙම රජය විවිධ පියවර තුළින් සහජීවනය දිනාගන්නා මේ මොහොතේ මෙවැනි ක්‍රියා අපි දැඩි සේ ප්‍රතික්ෂේප කරමු. (නි)

:       0       0

ස්ටැන්ලි Sunday, 17 July 2016 04:35 AM

කොටි බෝම්බ පුපුරවන කාලේ, ත්‍රස්තවාදය දරුණුවට තියෙන කාලේ සිංහල අපි සහ දමිළ ජනයාගේ සහෝදරත්වය ගැන ගීත ලිවුවා, නාට්‍ය පෙන්නුවා, ටෙලිනාට්‍ය පෙන්නුවා, චිත්‍රපටි පෙන්නුවා. නමුත් කොටි අපිට ගැහුවා. දැනුත් සහජීවනය ගැන කටයුතු වෙනකොට වෙන දේ ගැන තමා දුක. අපිට අපි ගැනම දුකක් හිතෙනවා. (නි)

:       0       0

දයානි Sunday, 17 July 2016 04:40 AM

අපිත් කැමතියි සහජීවනයෙන් ජීවත්වෙන්න. මගේ යාලුවො ගොඩක්ම දෙමළ, මුස්ලිම්. නමුත් දැන් දැන් ලොකු පෙරළියක් පේනවා. අපිත් බලාඉන්නේ මොකද වෙන්නේ කියලා තමයි. (නි)

:       0       0

කරුණාරත්න Sunday, 17 July 2016 04:44 AM

මහජාතිය විතරක් සහජීවනය ගැන කතාකරලා අනෙක් අය ෂර්ලොක්ලා වෙලා වැඩක් නැහැ (නි)

:       0       0

තිස්ස Sunday, 17 July 2016 04:44 AM

නාමල්ට නිව්යෝර්ක් වලට පෙනෙන සහජීවනය ලංකාවේ ඉන්න අපිට නම් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

බුද්ධික Sunday, 17 July 2016 04:52 AM

දැන් දැන් සිද්ධවෙන දේවල් ගැන හිතට බයක් දැනෙනවා (නි)

:       0       0

විපුල Sunday, 17 July 2016 05:12 AM

මේවට අදහස් දාන්න හිතේ තිබුණත් මට ඒවා මෙතන ලියන්න හිතෙන්නේ නැහැ (නි)

:       0       0

රොහාන් Sunday, 17 July 2016 05:11 AM

සමාජජාල වෙබ් අඩවි වල මේ සිදුවීම ගැන පුළුල් ප්‍රචාරයක් යනවා. රජය වහාම මේ ගැන ප්‍රකාශයක් කර සත්‍යය රටට කියන්න ඕනෑ. නැත්නම් අවස්ථාවාදීන් මින් අයුතු ප්‍රයෝජන ගන්න පුලුවන් (නි)

:       0       0

රජින්ද Sunday, 17 July 2016 05:23 AM

එදා කොටී දකුණේ මිනිසුන්ට ගහනකොටත් සාම පාගමන් ගියේ උතුරේ නොවේ දකුණේ. හරියට අපේ සිංහල මිනිස්සු ගිහින් උතුරේ අයට ගැහුවා වගේ. දැන් වෙන්නෙත් ඒකම තමයි. ගුටිකන සිංහල මිනිහටයි සංහිඳියාව ගැන සමහරු කියන්නේ. (නි)

:       0       0

යුගාන්ත Sunday, 17 July 2016 05:38 AM

නැවත රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන තැනට නම් වැඩ සිද්ධවෙන්න ඉඩතියන්න එපා (නි)

:       0       0

තිලක් Sunday, 17 July 2016 05:46 AM

ඕක තවත් විනාශයක පටන්ගැනීමක් වෙන්න පුලුවන්. මේවා සුළුවෙන් තකන්න හොඳ නැහැ. (නි)

:       0       0

රන්ජිත් Sunday, 17 July 2016 05:53 AM

මේ මොනවා වුණත් යහපාලන සංහිඳියාව නැතිවෙන වැඩට නම් අපි විරුද්ධයි. අපේ සංහිඳියාව ඉතා වැදගත් අනෙක් ප්‍රශ්න වලට වඩා. (නි)

:       0       0

පීරිස් Sunday, 17 July 2016 06:31 AM

සිංහලයා තමයි අන්‍ය ජාතීන් එක්ක සංහිඳියාව, සහජීවනය ගෙන හීන බල බලා ඉන්නේ. නමුත් බොහොමයක් අයගේ හිතේ එහෙම එකක් ගෑවිලාවත් නැහැ. දේශපාලුවන් ඡන්දෙ බලාගෙන කරන දේවලින් මිනිස් සිත් සහමුලින් වෙනස් කරන්න බැහැ. (නි)

:       0       0

ජනහිත Sunday, 17 July 2016 06:36 AM

උතුර දකුණ කියලා නැහැ. එක ශ්‍රී ලංකාවක් තිබෙන බව කවුරුත් අමතක කරන්න එපා. ඒ නිසා ඕනෑ කෙනෙකුට නිදහසේ තම කටයුතු කරගෙන යාමට අයිතියක් තියෙනවා. (නි)

:       0       0

ආරච්චි Sunday, 17 July 2016 06:39 AM

සංහිඳියාව කියන්නේ මේකද? කවුරු කළත් ඒක අපේ සමගියට බාධාවක්. (නි)

:       0       0

මෙල් Sunday, 17 July 2016 06:46 AM

අන්තිමට ගුටි කාපු ළමයි ටික වැරදිකාරයෝ වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

එදිරිවීර Sunday, 17 July 2016 06:46 AM

මේවා දුරදිග යන්න දෙන්න නම් එපා (නි)

:       0       0

අබය Sunday, 17 July 2016 06:46 AM

මම යූටියුබ් එකේ දැක්කා මේ සිද්ධිය. සමහරු තවමත් පාඩමක් ඉගෙනගෙන නැහැ වගේ. එ්ත් හැමෝම නොවෙයි කිහිප දෙනෙක්. මේ වගේ අය ලෝකයේ සෑම රටකම ඉන්නවා. (නි)

:       0       0

ප්‍රශාන්ත Sunday, 17 July 2016 07:10 AM

අපිට මෙහි සම්පූර්ණ තොරතුරු ලබාදෙන්න (නි)

:       0       0

සෙනරත් Sunday, 17 July 2016 07:10 AM

මෙහි සැඟවුණ යමක් ඇති බවක් මටත් දැනෙනවා (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 17 July 2016 07:21 AM

මේ කතාකරන්නේ ඔබගෙ ජීවිත ගැන. රටේ ආරක්ෂාව ගැන. ඔබගෙ දරුවන්ගේ ජීවිත ගැන. මගේ දරුවෝ ගැනත් නොවේ. මගේ කවුරුත් දැන් ලංකාවේ නැහැ. යමෙක් හෝ රටක් ඉතිහාසයෙන් පාඩම් ඉගෙනනොගත්තොත් නැවතත් එම මෝඩකමම කර විනාශය ළඟාකර ගනී. සරසවියේ ඕක වුණා කියන්නේ වෙනත් කලබල අතළඟයි කියන එකයි. අත්දැකීමෙන් කියන්නේ. ඔය එන්නේ කසකාරයෝ. පෙරහැර ළඟ එන බව නුවණ ඇත්තෝ වටහා ගනිත්වා! (නි)

:       0       0

රොෂාන් Sunday, 17 July 2016 07:38 AM

සමහරුන්ට නම් මේවා ඇහෙද්දී හරි සතුටක් දැනෙනවා ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 215 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1250 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2443 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2696 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6988 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site