IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


යාපනය සරසවියේ තහනම් පෝස්ටර්

‘‘දෙමළ ජනතාවගේ පිපාසය දෙමළ ඊළමයි ’’ යන පාඨය මුල් කරගනිමින් යාපනය විශ්ව විද්‍යාලයේ ස්ථාන ගණනාවක කිසියයම් පිරිසක් විසින් කොටි සංවිධානයේ මහවිරු දින සැමරීම සඳහා පෝස්ටර් අලවා ඇතැයි එහි සිසුහු පවසති.

‘දෙමළ ජනතාවගේ පිපාසය දෙමළ ඊළමයි ඊළාම් රාජ්‍ය බිහි කිරීම වෙනුවෙන් මියගිය විරුවන් සමරමු’ වැනි වාක්‍ය සහිත පෝස්ටර් එහි අලවා ඇත. කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය හෙට දිනය නොවැම්බර් 26 බවත් එම සංවිධානයේ මිය ගියවුන් වෙනුවෙන් සිදු කෙරෙන මහවිරු දින සැමරුම නොවැම්බර් 27 වැනිදා සිදු කරන බවත් එම පෝස්ටර්වල සඳහන් වී තිබේ. 

පෝස්ටර් ඇලවූ අය කව්රුන්ද යන්න මෙතෙක් හෙලිවී නොමැති අතර සෑම වර්ෂයක්ම දෙසැම්බර් මස 20 ත් 30 ත් අතර කාලයේ යාපනය සරසවියේ බොහෝ ස්ථානයන්හි මෙවැනි පෝස්ටර් ඇලවෙන බව යාපනය පොලීසිය කියයි.

කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කර ඇත.

jaffna_201511251 jaffna_201511252 jaffna_201511253 jaffna_201511254



අදහස් (0)

යාපනය සරසවියේ තහනම් පෝස්ටර්

කුමාර් Wednesday, 25 November 2015 09:06 AM

සමන්ත ගේ කතාව හරි ....තව ටික කලක් යන්න ඕන මේ යහපාලනේ හැටි නිසා වෙන දේවල් දකින්න...(බ)

:       0       0

සිල්වි Wednesday, 25 November 2015 04:00 PM

මේවා දකිද්දී තමා ඇගේ ලේ නටන්නේ (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 25 November 2015 09:20 AM

යුද්දේ ඉවර කරලා රාජපක්ෂලා කළේ කොච්චර බරපතල වරදක්ද. පත්තර වලට ලියන්න දෙයක් නැති වුනා ටෙලිවිෂන් වලට පෙන්නන්න දෙයක් නැති වුනා.යුද්දෙන් හම්බ කරගෙන කාපු අයට බටට පහර වැදුන.රට එක තැන පල් වුනා එ්ක නිසා මිනිස්සුන්ට වෙනසක් ඕන වුනා. දැන් අපට ලගදීම ඒ වෙනස ලබාගන්න පුළුවන් යුද්දේ එනවා බෝම්බ පත්තුවෙනවා මිනිස්සු මැරෙනවා හමුදාවල්වලට මිනිස්සු ඕන වෙනවා.අලුතෙන් පරපුරක් බිහිවෙනවා.(බ)

:       0       0

රනිල් වික්‍රම Wednesday, 25 November 2015 10:15 AM

මට නම් දැන් වෙනස සැපයි වගේ! (ම)

:       0       0

ප්‍රනාන්දු - පැරිස් Wednesday, 25 November 2015 08:16 PM

මෙම කාලයේ ඕවා සුළු දේවල්. බැරෑරුම් කාරණා ඉදිරියේදී දැක බලා ගැනීමට ලැබෙනු ඇත. (නි)

:       0       0

මලිත් Wednesday, 25 November 2015 10:34 AM

අවුලක් නෑ, උන්ටත් අයිතියක් තියෙන්න එපායැ ඕව සමරන්න", ඕකට විරුද්ද වුනොත් දෙමල ජනතාවගේ හිත රිදෙන්න පුළුවන් කියල යහපාලන උදවිය අපිට බනියි. (බ)

:       0       0

වසන්ජය Wednesday, 25 November 2015 09:25 PM

බටහිර පැතුම් ඉටුවෙන ලකුණු නේද මේ? (නි)

:       0       0

අතුල Wednesday, 25 November 2015 11:19 AM

ඊළම සමරන්න ඉඩ නොදිය යුතුමි එහෙත් මියගිය අය සිහිකරන්න ඔවුන්ගේ ඥාතීන්ට අයිතියක් තිබිය යුතුයි එක මනුස්ස ස්වභාවයක් සේරටමන් පෙර මේ විනාශයට පාර හරිගස්සපු ක්‍රම නැවත ඇති නොකළ යුතුයි වයිරයෙන් පමණක් මේවට විසදුම් නැහැ (අ).

:       0       0

සුසන්ත Wednesday, 25 November 2015 11:31 AM

තාම පටන් ගත්ත විතරයිනේ අයියෝ තව ටික කලක් ඉන්නකෝ ඉවසල. දරුණු කොටි ටිකත් නිකන්ම නිදහස් කරලා දාල, කොටින්ට සල්ලි එවන සංවිදාන වල තහනමුත් ඉවත් කරලා, අපේ හමුදා බුද්ධි අංශ 2001-02 වගේම අඩපන කරලා දාල, යුද්ධ කරපු රණවිරුවෝ අධිකරනෙට දැක්කල, හමුදාවේ ශක්තිය/චිත්ත ධෛර්යය බිඳලා දාල, තව ටික ටික ඉස්සරහට යනකොට වෙනසේ සැප පෙනේවි. (අ)

:       0       0

සුදේශ් Wednesday, 25 November 2015 11:31 AM

බුද්ධි අංශ යොදවල හොයල දඩුවම් දෙන්න ඕනේ කොන්ද පන තියන ආණ්ඩුවක් නම්! (අ)

:       0       0

ඉසුරන්දී Wednesday, 25 November 2015 05:29 AM

ආපහු නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරොවෙන් කපනකම් ඉන්නේ නැතුව මේවට ඉක්මන් තීරණයක් ගත යුතුය. නැතිනම් මේ ජාති භේද අවුස්සන එවුන් රටට හැමදාමත් පිළිලයක්. (බ)

:       0       0

ලහිරු Wednesday, 25 November 2015 11:39 AM

කොටි විතරක්නම් කමක් නෑ.එත් සමහර සිංහලයොත් බලන් ඉන්නේ කොළඹ බෝම්බ පුපුරණ කම් එතකොට ආණ්ඩුවට බනින්න පුළුවන්නේ. (අ)

:       0       0

ජැක්සන් Wednesday, 25 November 2015 06:14 AM

පෝස්ටර් අැලවීම නම් ෂුවර් එකටම රාජපක්ෂලගෙ වැඩක් වෙන්ට ඕනැ. එහෙ මිනිසුන්ට ඊළම තියා ප්‍රභා ගැනවත් මතකයක් නෑ !! (බ)

:       0       0

සුමනසිරි Wednesday, 25 November 2015 06:33 AM

ජැක්සන්, ඉස්සරහට පෙනෙයි .ඔයා 2009 කලින් ලංකාවේ හිටියද ? (බ)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Wednesday, 25 November 2015 01:20 PM

මේ පෝස්ටරයක් ගැහුවා කියලා මොකද මේ බය. ඔහේ ගහපුදෙන්. (ර)

:       0       0

නුවන් Wednesday, 25 November 2015 07:07 AM

පෝස්ටර ඇලෙව්ව අය හොයාගන්න එක සුළු දෙයක් අවංක වුවමනාවක් තියේනම්. නැතිනම් මේවා බොරු රංගන, හැමදාමත් වගේ ජනතාව අන්දනවා අයවැයෙන් පස්සේ (බ)

:       0       0

ලංකා Wednesday, 25 November 2015 01:24 PM

යහ පාලනේ වෙනස පේනවා නේද?? එල කිරි (බ)

:       0       0

ස්මිත් Wednesday, 25 November 2015 07:34 AM

ආණ්ඩුව අපහසුතාවයට පත්කරන කඩාකප්පල්කාරින්ගේ වැඩක්! (බ)

:       0       0

ඇසළ Wednesday, 25 November 2015 01:26 PM

සුදේශ් බුද්ධි අංශ යොදා වන්න කතා කරනවා. ඒ මිනිස්සු දැන් ඉන්නේ වැඩි හරියක් හිර ගෙවල්වල. (අ)

:       0       0

සමන්ත Wednesday, 25 November 2015 07:31 AM

ඔය තියෙන්නේ, තව ටික දවසකින් කොළඹත් අපහු බෝම්බ පුපුරද්දී සිංහලයට තේරෙයි ඉගුරු දීලා මිරිස් ගත්තු එකේ රග. කොහොමත් රොබට් නොක්ස් කියල තියෙන්නෙත් "සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා" කියලනේ. එ්ත් මමනම් හිතන්නේ අද කාලේ විදියට "සිංහලයා මෝඩයා, ආණ්ඩු පෙරලන්න යෝදයා" කියල එක වෙනස් වුනොත් හොදයි කියලයි (බ)

:       0       0

රවී Wednesday, 25 November 2015 07:35 AM

ජැක්සන් කියන්නේ විහිලුවට. ඒකත් මහින්දගේ පිනට දැනට ඉඩ තියෙනවා. (බ)

:       0       0

ශාන් සෞදි Wednesday, 25 November 2015 08:20 AM

දෙමළ ජනතාවගේ පිපාසය දෙමළ ඊළමයි එහෙනම් මේක අවසානයි එන්නේ මරා ගන්න තමි ඔය හදන්නේ (බ)

:       0       0

අමල් Wednesday, 25 November 2015 02:31 PM

මෙය තහනම් වැඩක් නේද.? (ර)

:       0       0

අසංග Wednesday, 25 November 2015 08:45 AM

ආණ්ඩුව කොටින්ට කිරිපොවල දැන් වැඩ පෙන්නනවා. කැලේ මාරුවුනට කොටියාගේ පුල්ලි මාරු වෙන්නෑ. (බ)

:       0       0

ලුම්බිණි Wednesday, 25 November 2015 08:47 AM

මේකට මොකද මෙච්චර බය වෙලා. (බ)

:       0       0

නිශාන්ත Wednesday, 25 November 2015 08:51 AM

අපේ රට කවදාවත් හදන්න බෑ අපේ අයගේ එකමුතුවක් නැතිනම් (බ)

:       0       0

තුසිත Wednesday, 25 November 2015 08:56 AM

අපොයි පිපාසය ගැන නම් කරදර වෙන්න එපා.. අපේ අයියල ටික බන්දේසියක තියලම දෙයි වතුර වීදුරුව..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 417 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 461 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10153 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3059 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3822 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6133 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19458 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site