IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


යාපන දුම්රියපොළ මේ වගේ

යුද සමයේ වැසී ගිය යාපනය දුම්රිය පොළ ලබන සිංහල දෙමළ අවුරුද්දට විවෘත වීමට නියමිතය.

මාර්තු අග වන විට වැඩ නිම කිරීමට අපේක්ෂිත බව දුම්රිය වැඩබිම් භාර ඉංජිනේරු අංශය  කියයි.

යුද සමයේ එල්ලවූ  මෝටාර් හා කාලතුවක්කුවලින් ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කණුවලට හානි සිදු වී නැත.

එදා ඉදිකිරීම්වල සවි ශක්තිය ගැන ඉංජිනේරුවෝ විශ්මය පළ කරති.



අදහස් (0)

යාපන දුම්රියපොළ මේ වගේ

ප්‍රියන්ත ජයරත්න Tuesday, 11 February 2014 04:37 PM

මට හිතෙන විදියට ප්‍රොජෙක්ට් වලින් කරපු හොදම එක වෙන්නේ මේක (දී)

:       0       0

හුෂේන් Wednesday, 12 February 2014 12:05 PM

නියම වැඩක්.(නදී)

:       0       0

දාන් Wednesday, 12 February 2014 12:13 PM

මහවත්ත, රටේ හැමදේටම වැයවෙන්නේ මහජන මුදල් තමයි. ඒක නිසා හොඳ දෙයක් දැක්කම ඒක අගයන්ට පුරුදුවෙන්න නිකන් රිනාත්මක මිනිස්සු වෙන්නේ නැතුව.(නදී)

:       0       0

සුමනසාර Wednesday, 12 February 2014 12:17 PM

රටේ සංවර්දනය ගැන හැමෝම සන්තෝස වෙන්න ඕනේ. පක්ෂ බේදයකින් තොරව අපි ආශිර්වාද කරනවා මේ වැඩ කරන බලදාරීන්ට ශක්තිය බලය ලැබේවා කියා.(නදී)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 11 February 2014 05:09 PM

යාපනය දුම්රියපොළ ලස්සන දිහා බලපුහාම ජයලලිතාට හිතෙයි දුම්රිය පලේ දර්ශනයක් චිත්‍රපටියකට ගන්න. (නදී)

:       0       0

ගැමා Wednesday, 12 February 2014 12:24 PM

සුසන්ත නය වලින්ද රට සංවර්දනය වෙන්නේ. (නදී)

:       0       0

අල්විස් Tuesday, 11 February 2014 05:11 PM

මේවා විදේශ රටවලට යවන්න ඕනා. අපි දෙමල ජනතාවට සලකන්නේ නැද්ද. කියල පෙන්වන්ට මේවා ජිනීවා යවන්ට.(නදී)

:       0       0

පියවි Wednesday, 12 February 2014 12:29 PM

මේක අනුරාධපුරය දුම්රිය ස්ථානය වගේම නේ.(නදී)

:       0       0

ධම්ම Tuesday, 11 February 2014 05:45 PM

ලස්සනයි හරිම ලස්සනයි. ප්‍රදේශයට ආවේණික තල් ගස් ආදියෙන් අලංකාර කළා නම් තවත් ලස්සනයි. නඩත්තුවත් පහසුයි.(දිල්)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 11 February 2014 05:49 PM

රටේ දියුණුව කියන්නේ ඒ රටේ ජීවත් වෙන ජනතාවගේ දියණුවයි.ජාති බේද නොමැතිව,ලාංකිකයන් වන අප සියලු දෙනා හදවතින් සතුටු වියයුතුයි.(දිල්)

:       0       0

තුසිත Tuesday, 11 February 2014 06:08 PM

හරිම සතුටුයි (දිල්)

:       0       0

කමල් Tuesday, 11 February 2014 06:22 PM

ආඩම්බර විය හැකි ආකාරයට මේවා ගොඩ නඟමු (දිල්)

:       0       0

චිතා වික්‍රමරත්න Tuesday, 11 February 2014 06:39 PM

ලස්සනට පිරිසිදුව තියාගන්න කියලා දැන්වීම් දැමිය යුතුය.(නදී)

:       0       0

අසෝකා Tuesday, 11 February 2014 06:53 PM

ලංකාවේ කොයිපලතක හෝ මේවගේ හොද දේවල් ලස්සනට කරනවට හරි සතුටුයි. යාපනයේ විශේෂය නම් මේසන් බස් කෙනෙක් හරි වෙනයම් කෙනෙක් හරි ඉදිකිරීම් කරනවිට එය පරම්පරා ගානකට ඔරොත්තුදෙන විදියට හදනවා. අපි ගෙයක් හදන්න දුන්නොත් බස් කරන්නෙත් හදපු මිනිහගේ ජිවිතකලයවත් ගෙවාගන්න බැරිතරම් බාල විදියට හදනවා. (අ)

:       0       0

බන්දු Tuesday, 11 February 2014 07:08 PM

තල්කොට සෙවිලිකළ මැටි ගාපු එකක් දුන්නනම් තමයි හොඳ (අ)

:       0       0

බන්දු Tuesday, 11 February 2014 07:09 PM

"රටේ දියුණුව කියන්නේ ඒ රටේ ජීවත් වෙන ජනතාවගේ දියණුවයි.ජාති බේද නොමැතිව,ලාංකිකයන් වන අප සියලු දෙනා හදවතින් සතුටු වියයුතුයි." එක අපි විතරද හිතන්න ඕනේ ඇයි ඩයස් පෝරාවට එක හිතන්න බැරිද? (අ)

:       0       0

ඉන්දික Tuesday, 11 February 2014 07:09 PM

මේ ප්‍රතිචාර දැක්කහම පේනවා සිංහල මිනිස්සු ජාතිවාදී නැහැ කියල. මේ හැමෝම අවංකවම සතුටු වනවා. (අ)

:       0       0

බන්දු Tuesday, 11 February 2014 07:12 PM

"එදා ඉදිකිරීම්වල සවි ශක්තිය ගැන ඉංජිනේරුවෝ විශ්මය පළ කරති." එදා ඒවා කලේ සුද්දෝ අද කරන ඒවා ගැන ඉංජිනේරුවන්ට සැකයි එකනේ එදා ඒවා වර්ණනා කොරන්නේ. (අ)

:       0       0

zeylanicus Tuesday, 11 February 2014 07:38 PM

මුලින්ම ඇති චායාරූපය බලන්න. මුලින්ම සිංහලෙන් නම, දෙවනුව දෙමලෙන් නම. ඔය වගේ සුළු දේවල නිසා තම දෙමල ජනය තමන්ට අඩුවෙන් සලකනවා කියල හිතන්නේ. වැඩිපුර දෙමල භාෂාව කතාකරන මේ ප්‍රදේශයේ මුලින් දෙමලෙන් නම තිබුණන නම් නේ ද හොඳ ? (අ)

:       0       0

දොන් රොෂාන් ඩි සොයිසා Thursday, 13 February 2014 03:36 AM

දකුණේ කොතරම අඩුපාඩු තියෙනවද කරපුහැටියටයි හදල දෙන්නමයි වටින්නෙ කිසිම කලගුන දන්නෙ නැති ජාතියක් තමයි. කඩා ගත්තා වගේ හදා ගන්න කියන්න (දී)

:       0       0

බන්දු Thursday, 13 February 2014 03:56 AM

"රට හැදෙන එක නම් හොදය. " ඒසමගම තව කොට්ටාසයක් අපේ සල්ලි වලින් හැදෙන එක තමයි තමයි ඉවසන්න බැරි මොකද උන්ට හැදෙන්න එකපාරටම ලැබුන සල්ලි ගොඩ අපි සහ අපේ දරුවෝ අවුරුදු ගණනක් ගෙවන්න ඕනේ (අ)

:       0       0

සුනිල් යහම්පත් Wednesday, 12 February 2014 02:43 PM

දුම්රියෙන් උතුර සහ දකුණ යා උනාට ( එක් උනාට ) උතුරේ සහ දකුණේ සියලු දෙනාත් හදවත් වලින් එක්විය යුතුය . මේවායේ නියම පල විඳින්නට පුළුවන්.(නදී)

:       0       0

චමිල Wednesday, 12 February 2014 02:48 PM

පියවි ඔයාගේ අදහසට මමත් එකගයි. මේක අනුරාධපුර දුම්රිය ස්ථානය වගේමයි ඒකම කොපි කරලා.(නදී)

:       0       0

චමී Tuesday, 11 February 2014 09:10 PM

“බලන් යොමා නෙත අපේම මාවත අපේ අතින් ගොඩ නැගෙන සැටි“.ජාති ආගම් කුල මල පක්ෂ භේද අතැර දා මෙවැනි අවස්ථාවන්හිදී අප සැම සතුටු විය යුතුයි (අ)

:       0       0

සචින්ත Friday, 14 February 2014 12:02 PM

මම මේ යාපනය දුම්රිය ස්ථානය කැඩිලා තිබුණ කාලේ ගිහිල්ලා තියෙනවා.හදලා ඉවර උනාට පස්සේ අනිවාර්යෙන්ම යාල් දේවියෙන් යාපනේ යනවා. (දිල්)

:       0       0

දිනේෂ් Thursday, 13 February 2014 08:20 AM

අපේ ජනාදිපති තුමාට දීර්ගායු වේවා.(නදී)

:       0       0

ඉහලගම Thursday, 13 February 2014 08:38 AM

මේ වෙනුවෙන් ලේ අත පය වගේ ශරීර කොටස් පුජාකර රණවිරුවන් මතක් නොවීම ප්‍රස්නයක් අපිට.(නදී)

:       0       0

සමන් Tuesday, 11 February 2014 10:26 PM

යුධ හමුදාවේ අයට හොඳයි.(නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 11 February 2014 10:32 PM

ඉතාම හොඳයි. හරිම ලස්සනයි. (නදී)

:       0       0

කුමාරි Tuesday, 11 February 2014 10:43 PM

අයියෝ, නම තියන තැන ඇදේ හොයන්න එපා. ඔය විදියට හැමෝම බැලුවොත් කවදාවත් සතුටු වෙන්න ලැබෙන්නේ නැහැ.(නදී)

:       0       0

ඡානක Thursday, 13 February 2014 10:22 AM

අනුරාධපුර දුම්රිය ස්ථානයේ සෑලෑස්මමයි නේද? (නදී)

:       0       0

මලි Tuesday, 18 February 2014 06:07 PM

හැදුවාම ලස්සනට තියෙයි (දී)

:       0       0

නඩරාජා Wednesday, 12 February 2014 01:14 AM

ආණ්ඩුවට ගරහන්නේ නැතිව මේවා දැකලා සංතෝෂ වෙන්න ඕනෑ. (ත)

:       0       0

වරුන Wednesday, 12 February 2014 05:06 PM

ඉතා හොද වැඩක්. (දී)

:       0       0

ප්‍රදීප් Wednesday, 12 February 2014 03:16 AM

හරිම ලස්සනයි. ගුවන්තොටුපලක ඉස්සරහ වගේ. කොච්චර කලත් එයාලගේ රාජකාරිය, ලෝකෙට පැමිණිලි කරන එකයි., අපට දොස් කීමයි. මෙයාලගේ හදවත පිරිසිදු වෙන්නේ නැත්තේ ඇයි? (ත)

:       0       0

ලුණුගල මෝහමෙඩ් හිල්මි Wednesday, 12 February 2014 05:37 PM

රට හැදෙන එක නම් හොදය. (දී)

:       0       0

අමල් ෆනෑන්ඩු Wednesday, 12 February 2014 06:56 AM

හොදම හොද වැඩක්. (ත)

:       0       0

රවීන්ද්‍ර රත්නදීප Wednesday, 12 February 2014 07:19 AM

ඉතාම හොඳයි. ඒ මේවා කොච්චර කරත් වැඩක් නැති එක ගැන නම් දුකයි.(නදී)

:       0       0

චින්තක Tuesday, 18 February 2014 08:36 PM

මේ මුලින්ම දැක්වෙනේ පරිගණක රුපයක්. තාම හදනවා. හැදුවට පස්සේ පේන හැටි තමයි මුල් රුපයෙන් පෙන්වන්නේ. හැදුවට පස්සේ ජාතික කොඩිය උස්සන්න යනකොට කෙලෙහි ගුණ දන්නේ නැති උන් බුම්මයි. (අ)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 12 February 2014 08:08 AM

ඔයාලා වලිගෙ පාගාගෙන. ඔයා දන්නවද කෝටි ගානක් මිනිස්සු ඉන්න තමිල්නාඩුවේ කේරලයේ අන්ද්‍රා කර්ණාටක ,ප්‍රාන්ත වල මිනිස්සුන්ගේ ගුවන් ගමන් බලපත්‍රයේ (පාස්පෝර්ට් )තමන්ගේ මවු බාෂාවෙන් කිසිම දෙයක් සදහන් නැහැ. තියෙන්නේ හින්දියෙන් ,ඉංග්‍රීසියෙන් විතරයි. ලංකාවේ බස් බෝර්ඩ් එකක පවා භාෂා තුනෙන්ම තියනවා .ඉස්සරහම සදහන් වන භාෂාව ගැටළුවක් කරගත යුතු නැහැ. (නදී)

:       0       0

සරත් අතාවුද Tuesday, 11 February 2014 03:00 PM

දුම්රියෙන් උතුර දකුණ යාවෙන එක සතුටුයි (දී)

:       0       0

සුසන්ත Tuesday, 11 February 2014 03:01 PM

රට සංවර්ධනය කරා යන ගමන සිග්‍රයි (දී)

:       0       0

ජානක Wednesday, 12 February 2014 08:42 AM

ඉන්දික සහ සුනෙත් කියන දේ හරි. ඒ මිනිස්සුන්ට කොච්චර කරත් වැඩක් වෙයිද කියන ඒකනන් සැකයි. එයාල අපි ගැන තරහෙන් ඉන්නේ, ඒක කවදා නැතිවෙයිද කියල දෙයියෝ තමයි දන්නේ. (නදී)

:       0       0

තරංග Wednesday, 12 February 2014 09:15 AM

නුබලාට කොතරන් හොද කරත් එහි අඩුවක්ම දකිති. සිංහල බහුතරය ඇති රටේ ලෝකෙම සිංහල කතා කරන එකම රටේ සිංහලෙන් නාම පුවරුවේ පළමුව තිබීමත් යම් අයට ජාතිවාදීයි. තමිල් නාඩු වෙත් රජයේ ස්ථානවල නාම පුවරු ඇත්තේ හින්දියෙන් පමණයි.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 11 February 2014 03:13 PM

ඉතාම හොඳයි. එත් මේවා කොච්චර කරත් වැඩක් නැති එක ගැනනම් දුකයි. කොහොම උනත් දුම්රිය පාර හැදුවට පස්සේ මම එකෙන් යාපනේ යනවා.(දී)

:       0       0

සමන් Wednesday, 12 February 2014 09:26 AM

දැන් පැත්ත මාරු කරලා බලමු. එතකොටවත් මේවා හරියයිද කියා.(නදී)

:       0       0

ශාන්ත හෝමාගම Wednesday, 12 February 2014 09:31 AM

අපිටත් බොහොම සතුටු හිතෙනවා ඒක දැක්කම. නමුත් පරක්කු උන නිසා කියන්න දෙයක් නැහැ. හැමෝම හැමදේම කියලනේ. රජයට සහ මූලිකව කටයුතු කල හැම දෙනාටම හදපිරි සතුට.(නදී)

:       0       0

ජනත් Wednesday, 12 February 2014 09:34 AM

සතුටුයි අන්තවාදිනි. දැන්වත් අන්තවාදි අදහස් වලින් නිදහස් වෙමු. මේ අපි කාගේත් රටයි. අපි කවුරුත් ජිවත්වෙන රටයි. අපි කවුරුත් මැරෙන රටයි. ජයවේවා! (නදී)

:       0       0

සුභා Thursday, 13 February 2014 02:36 PM

මෙතන දැක්කම යාපනේ ඉස්‍ටේසමේ ඇවිදගෙන ගි‍ය හැටි මතක් උනා ඇත්තමයි යාපනේ යනවා.(නදී)

:       0       0

දාන් Wednesday, 12 February 2014 09:44 AM

ඉතාම සන්තෝසයි. ඒ වගේම ආඩම්බරයි.(නදී)

:       0       0

රවිඳු Tuesday, 11 February 2014 03:34 PM

ඉස්සර... සිමෙන්ති වලට වතුර දැම්මේ......නමුත් දැන්, වතුර වලට සිමෙන්ති දන්නේ....එකී වෙනස... (දී)

:       0       0

උපාලි Wednesday, 12 February 2014 09:47 AM

දුම්රිය පාර හැදුවට පස්සේ මම යාපනේ යනවාමයි.(නදී)

:       0       0

ඉන්දික Wednesday, 12 February 2014 09:48 AM

සෙලන්සියුස්ගේ අදහසට මමත් එකඟයි. (නදී)

:       0       0

තක්ෂිලා Wednesday, 12 February 2014 10:00 AM

නියමයි! මමත් යනවා යාල් දේවියේ යාපනේ.(නදී)

:       0       0

සේනාධීර Tuesday, 11 February 2014 03:45 PM

කොහොමද හීනෙකින් වත් හිතුවද (දී)

:       0       0

සුනෙත් Tuesday, 11 February 2014 03:48 PM

දකුණේ කොතරම අඩුපාඩු තිබුනත් මිනිස්සු මේවට අවන්කවම සතුටු වන බව දෙමල අන්තවාදීන් දැන්වත් අවබෝද කරගන්නවා නම් හොදයි (දී)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 12 February 2014 10:33 AM

ඔය සැම දෙයකම වටිනාකම් පෙනෙන්නේ සිංහල අපිට විතරයි. ඇමරිකන් ත්‍රස්තවාදීන්ට ඕවා පේන්නේ නැහැ. (නදී)

:       0       0

සත්‍යා Wednesday, 12 February 2014 10:34 AM

හුගක් දෙනෙක්ගේ අදහස් මේවා රජයෙන් දෙනවා වගේ. මේ සියල්ල විදේශ රටවලින් උතුරට ලැබෙන ආදාර. (නදී)

:       0       0

සේනාදීර Tuesday, 11 February 2014 03:50 PM

මේවා කරලා දෙන්නේ ලංකා රජයෙන් මිසක් තමිල්නාඩුවෙන් නෙමේ.. (දී)

:       0       0

නිහාල් Tuesday, 11 February 2014 03:50 PM

සියලුම ශ්‍රී ලාංකිකින්ගේම ශ්‍රමයෙන් සහ ධනයෙන් නිමවෙන යාපනයේ දුම්රිය නැවතුම් පල විවෘත කරන දිනයේ මුල යාපන අර්ධද්ධීපයේම සිංහ කොඩි වලින් ලෙලදීය යුතුයි. (දී)

:       0       0

තුවාන් Tuesday, 11 February 2014 03:58 PM

මේක යාපනේ දුම්රියපොලද කියල හිතෙන තරමට මේක අලුත් වෙලා. මම කලින් දුම්රියපොළට ගිහින් තියෙනවා. මේක නම් පුදුමයක්. මේවගේ හොඳ දේවල් උතුරට කරන ඒක තුලින් මේ රජයට යාපනේ ජනයාගේ ප්‍රසංසාව ලැබෙනවා. (නදී)

:       0       0

මංජුල අබුඩාබි සිට Wednesday, 12 February 2014 11:06 AM

මේ සැම දෙයක්ම සිදුවෙන්නේ දෙමළ ජනතාවට, අන්තවාදීන් සහ ඩයස්පෝරා කොතරම් ලංකාවට පීඩන එල්ල කරත් පොදු දෙමළ ජනතාව සත්‍ය පිළිගන්නා දවස වැඩි ඈතක නොවන බව ඔවුන් සිහි තබා ගත යුතුය. (නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Wednesday, 12 February 2014 11:07 AM

නිමි දසුන දැක්කාම වැඩේ නම් අපූරුයි කියා හිතෙනවා නමුත් කොළඹ කොටුව සහ මරදාන වැනි දුම්රිය ස්ථානයන්ටත් මේ වගේ හැදෙන්න ආසාවක් නැද්ද ? (නදී)

:       0       0

වරුණ Wednesday, 12 February 2014 10:30 PM

ඇත්තටම ලස්සණයි. රටේ සංවර්ධන කටයුතු වලට අපෙන් සුබ පැතුම්! (නදී)

:       0       0

ශ්‍රීමාල් Wednesday, 12 February 2014 11:35 AM

හරිම සතුටුයි.(නදී)

:       0       0

හිරු Wednesday, 12 February 2014 11:36 AM

ආණ්ඩුවෙන් කොච්චර කෙරුවත් කෙලෙහි ගුනේ දන්නේ නැති අය ගොඩක් යාපනයේ ඉන්නවා. (නදී)

:       0       0

සේපාලිකා Wednesday, 12 February 2014 11:38 AM

ජේවීපි හා එල්.ටී.ටී ය මේ රට දියුණුකරන්න දුන්නේ නැහැ. රට දියුණු වෙනකොට ඒ ගොල්ලන්ට පැවැත්මක් නැහැ. ලංකාවට ගැලපෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. සොඳුරු අඥානාදායකත්වයයි. එය ප්‍රායෝගිකව ය කරලා පෙන්නලා තියනවා. මලයාසියාව, සිංගප්පුරුව දියුනු කලේ ඒ විදියට. සුද්දෝ ඇවිල්ලා පිස්සු කතා කියනවා. ඒ ගොල්ලන්ට තේරෙන විදියට.(නදී)

:       0       0

මහවත්ත Wednesday, 12 February 2014 11:47 AM

මේ වැඩේට මහජන මුදල් කොපමණ වැය කළාදැයි සදහන් කළා නම් වාර්තාවේ වටිනාකම තවත් වැඩිවෙනවා. (නදී)

:       0       0

ශාශිමාල් Tuesday, 11 February 2014 04:27 PM

සුනෙත් හා සේනාදීර ඔබ දෙපලගේ අදහස් වලට මම එකගයී. (දී)

:       0       0

ගාමිණී Tuesday, 11 February 2014 04:28 PM

මේකත් අපේම රටේ කොටසක්. අපි ඒකටත් සමානව සලකනවා නම් ගැටුම් අඩු වෙලා ප්‍රශ්ණ විසදේවි. තුන් සිංහලේ කීවේ නිකම්ම නොවේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4301 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දැරනියගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 45 0


කඩුවෙල අනුරට
2024 සැප්තැම්බර් මස 22 150 0


කැස්බෑව අනුරට
2024 සැප්තැම්බර් මස 22 184 0


දොඩන්ගස්ලන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 114 0


දෙනියාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 157 0

දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14690 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 241 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site