යාපනයේ දී සමූහ දූෂණයට ලක්ව ඝාතනය කැරුණු සිසුවියට අත්වූ ඉරණම මින් මතු කිසිම දියණියකට අත් නොවේවායි ප්‍රාර්ථනා කරමින් ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය හා එක්සත් ලක් වනිතා පෙරමුණ එක්ව සංවිධානය කළ විරෝධතාවක් අද නිදහස් චතුරස්රයේ දී පැවැත්විණි.
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, ළමා කටයුතු ඇමැතිනි රෝසි සේනානායක මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් ඊට එක් වූහ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යාපනේ දැරිය මැරුවාට කොළඹත් විරෝධතා
අප්පුහාමි Monday, 25 May 2015 04:34 AM
මේ ඉටිපන්දම් පත්තුකරන එක දැන් අලුත්ම ප්‍රවණතාවය වෙලා. මේවා හොඳ මානුෂික වැඩපිළිවෙලවල් වගේ බැලූ බැල්මට පෙනෙන්න තිබුනත් මේවායේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා සැළකිලිමත් විය යුතුයි. නැත්නම් උතුරේ දෙමළ ගැහැණු ළමයි දුෂණයට ලක්වෙනවා කියන ප්රචාරයට මේ විරෝධතාවයලුත් අමුණලා ලෝකය පුරා ප්‍රචාරය දෙයි. මේකේ වීඩියෝ ක්ලිප් කැලම් මැක්රේත් පාවිච්චි කරයි. (නි)
පීරිස් Sunday, 24 May 2015 02:59 PM
සුද්දෝ මේකට හිනාවෙන්නේ මොකද? එයාලා මොකටද අපේ ඒවාට රිංගන්න එන්නේ? (නි)
කිත්සිරි Sunday, 24 May 2015 03:03 PM
අනේ පවු ඒ අහිංසකී! (නි)
අනුර Sunday, 24 May 2015 03:04 PM
යහපාලනය තුළ දඬුවම් කළහැක්කේ මුල්‍ය වංචා, ව්‍යාජ ගමන් බලපත්‍ර ආදිය සඳහා පමණද යන ප්රශ්නය මට පැනනැඟී ඇත (නි)
අනුර Sunday, 24 May 2015 03:07 PM
මෙවැනි දේවල් යාපනයේ සිදුවෙනවා නම් එය ආරක්ෂාව පිළිබඳ ප්රශ්නයකි. (නි)
පිටිගල Sunday, 24 May 2015 03:11 PM
කරන්න තියෙන්නේ නීතිය තුළ තිබෙන නිවටකම ඉවත් කර මෙවැනි අපරාධවලට තදබල දඬුවම් දෙන්න පුළුවන් විදිහට නීති පද්ධතිය ශක්තිමත් කරන එකයි.ඊළඟට අර පැනලා යන්න හදපු කෙනාට නීතියෙන් ගැලවී යන්න උදව් කරන අයට ඉඩනොදී නීතිය හරියට ක්‍රියාත්මක වෙනවාද කියා සෙවිල්ලෙන් සිටිය යුතුයි. ඇප දුන්නාට පස්සේ පැනල ගියා කියලා කියන්න ඉඩ නොතැබිය යුතුයි. (නි)
ලංකා Sunday, 24 May 2015 03:20 PM
මේ ආණ්ඩුව පොලිසිය මත වරද පටවා තම ජාම බේරාගෙන (බ)
පියුමි Sunday, 24 May 2015 03:23 PM
අපරාධ අඩුවෙන්න නම් අපරාධකරුවන්ට මරණ දඩුවම අවශ්‍යයි . නැත්නම් දිනෙන් දිනම මීට වඩා දේවල් වෙනවා. (බ)
ෆාරා Sunday, 24 May 2015 03:25 PM
දැරිය මැරුවාට යහ පාලනයෙන් එල්ලුම්ගහ උගුල්ලල දැම්මද? එහෙම නැත්නම් ක්‍රියාත්මක කරනවද? (බ)
ශ්‍රී වික්‍රම Sunday, 24 May 2015 03:35 PM
අනුර, මේ දේවල් වෙන්නේ උතුරේ විතරද ? දකුණේ මේ වගේ දේවල් උනේ නැද්ද ? වෙනස දකුණේ හමුදාව දාලා වෙඩි තියල විරෝධ කරලා මිනිස්සු මැරුවා. කාටවත් කඩේ යන්න එපා. (නදී)
චතු Sunday, 24 May 2015 03:38 PM
අනේ මේ ඔය පහන් පත්තු කර කර නිකන් ලෝකේ රවටන්න එපා . ඕව කරන අයට පහන් පේන්නේත් නැහැ. පව් පින් අදුරන්නෙත් නැහැ. ඕකට කරන්න ඕන එකම දෙය කාන්තා සහ ළමා දුෂකයන්ට උපරිම දඩුවම් දෙන නීති අලුතෙන් හදුන්වා දෙන එක. ඔය කාන්තාවන්ට තියෙන්නේ නව නීති හදුන්වා දෙන්න කියල බලකරන්න. (නදී)
පද්මිණී Sunday, 24 May 2015 03:39 PM
මේ දින කීපයේ මම නම් නිදන්නේත්, අවදිවෙන්නෙත් මේ දියණිය ගැන ඇති වුනු බලවත් කම්පනයකින්. මින් මතුවට මෙවන් ම්ලේච්ච සිදුවීමක් නම් අපේ ලක් බිමේ සිදු නොවන්නට සියලු බලධරයින් වග විය යුතුයි. (නදී)
අරුණ Monday, 25 May 2015 05:08 AM
පත්තු කළ ඉටිපන්දම් ඉවර වෙනකම හිටියද දන්නේ නැහැ ..ටෙලි නාට්‍ය බලන්න හදිස්සියේ ....(ම)
චමින්ද Sunday, 24 May 2015 04:06 PM
ජනාධිපතිතුමනි, විධායක බලය අර්ථ ගැන්වීමට හොඳ අවස්ථාවක් මරණ දඬුවම නැවත ස්ථාපිත කළ හැකිනම්! (නි)
නාරද Monday, 25 May 2015 05:18 AM
මෙය සියලුම සිටි නොසිටි පක්ෂ විපක්ෂ දේශපාලුවන්ටයි. මේවන් වැරදි නොවෙන්න ශක්තිමත් නීති පද්ධතියක් ගොඩ නොනැගීම වෙනුවෙන් ලැජ්ජා වෙන්න. දැන් ඉන්න අයටත් ඉදිරියට එන්න ඉන්න අයත් බොරු සෝබන වැඩ නොකර දැඩි දඩුවම් සහිත ශක්තිමත් නීති පද්ධතියක් ඇති කිරීමට පෙරොන්දු වී එය ඉටු කරන්න. මින් ඉදිරියටවත් බොරු සෝබන හා ගොන් පාර්ට් නොදමා නීති රීති සම්පාදනය කරන්න වග බලාගන්න (නදී)
සංජීව Sunday, 24 May 2015 04:18 PM
මේ වගේ අපරාධ කරන අයට එල්ලුම් ගහත් හොඳ වැඩියි (නි)
ජගත් Sunday, 24 May 2015 04:25 PM
කහවත්තේ මිනීමැරුම් කියක් වුණාද? දකුණේ අහිංසක දූවරුන් කී දෙනෙක් දුෂණය කළාද? එහෙත් විරෝධතා රැලි තිබුණේ නැහැනෙ. මොකද්ද මේ වෙනස? (නි)
රණවක Sunday, 24 May 2015 04:27 PM
මේ දැරියගේ මරණය කණගාටුවට කරුණක් තමයි. නමුත් දකුණේත් මේ වගේ දේවල් කොතෙකුත් වුණාද? කවුරුත් ඒ මරණ වෙනුවෙන් දුක පළකළේ නැහැ. මේකද වෙනස? (නි)
ඈන් Sunday, 24 May 2015 04:30 PM
ලංකාවේ අනිත් පළාත්ජවල කාන්තාවන් සහ ළමයින්ට අපරාධ වනවිට මේ කට්ටිය කොහෙද හිටියේ? (නි)
අරුණ Sunday, 24 May 2015 04:48 PM
බොර දියේ මාලු බානවට වඩා රෝග විනිශ්චය සොයා ඊට දීර්ඝකාලින පිළියම් යොදනවා නම් හොඳයි.මක්නිසාද යත් 1977 විවෘත ක්‍රමයෙන් උඩුයටිකුරු වී සෝදාපාලු වී ගිය සාරධර්ම එක එල්ලේම ස්ථාපිත කළනොහැක (නි)
ශ්‍රී ලාල් Monday, 25 May 2015 05:26 AM
මේ දැරිය දුෂණය කල එක ශිෂ්ට සමාජයක් පිළිකුලෙන් බැහැර කරන්න ඕන වගේම කොටකෙතන කාන්තාවන් එක දිගට දුෂණය කරලා මරා දානකොට නිදාගන හිටි මේ ගොයියන්ගේ වැඩත් පිළිකුලෙන් බැහැර කරන්න ඕනා. මොකද උතුරේ මේ වෙනකොට විරෝදතා කරන්නත් දකුණේ වෙනකොට කට පියාගෙන ඉන්නත් තියෙන උවමනාව මොකක්ද ? (නදී)
ජෝර්ජ් Sunday, 24 May 2015 04:58 PM
මේ වගේ සිද්දීන් අපමණ උනා පසුගිය වකවානුවේ. නමුත් පාලකයෝ නිදි දඩුවන් නොදී. නිසි දඩුවන් දුන්නා නම් අද මේ සිද්දීන් දකින්න ලැබෙන්නේ නැහැ. මේ සල්ලාලයන්ට උපරිම දඩුවන් දෙන්න ඕනා (නදී)
රජීව් Sunday, 24 May 2015 05:23 PM
උතුරේ ආරක්ෂාවට හිටපු හමුදාව පොලිසිය එපා කියල මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ දමපු අයට මේ පාප කර්මයෙන් වැඩි කොටසක් හිමිවෙනවා.(නදී)
නජිත් Sunday, 24 May 2015 05:24 PM
අර කොටකෙතනේ කාන්තාවන් ටිකත් මතක් කලානම් හොඳයි.(නදී)
ප්‍රකාශ් Monday, 25 May 2015 11:59 AM
මේ ගැහැණු ළමයා ගැන කණගාටුයි. ඒ වුණාට ඔය සමහරු නම් වෙන සෙල්ලමකටයි ලැහැස්ති වෙන්නේ. එය තේරුම්ගත යුතුය. (නි)
අතුල Sunday, 24 May 2015 05:32 PM
අර දේශපාලකයෙකුගේ පුතෙකුගේ ගැහැණු ළමෙයක් සම්බන්ධ ප්‍රශ්නයටත් ඔයවගේ විරෝධතා කරන්න බැරි ඇයි දන්නේ නැහැ (නි)
බංඩා Monday, 25 May 2015 06:13 AM
ඔක්කොම ගිහිල්ලා ඉටි පන්දම් පත්තු කලාම හරිද? ඉටි පන්දම් පත්තු කරන්නද අධිකරණ ඇමැති, ආරක්ෂක රාජ්‍ය ඇමැති, ළමා කටයුතු ඇමැතිනි ඉන්නේ. (නදී)
යටවත්ත Sunday, 24 May 2015 05:37 PM
ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම ලබාදෙන්න (නි)
නයනජිත් පෙරේරා Monday, 25 May 2015 06:26 AM
එතකොට රාජිත ඇමතිතුමා සහ ඔහුගේ පවුල දෙමව්පියන්ගේ විරෝදය නොතකා තියාගෙන ඉන්න ගෑනු දරුවාගේ නිදහස සහ දරුවාගේ අධ්‍යාපනය ගැන කතා කරන්නේ නැත්තේ ඇයි ? (නදී)
රසාදරී Monday, 25 May 2015 06:33 AM
උතුරේ මිනිස්සුන්ගේ හිත් දිනන්න මේ වගේ දේවල් කරන්න ඕනේ තමයි. එ්ත් දකුණේ ඉන්නෙත් මිනිස්සු කියල හිතන්න ඕනේ. දකුණේ ස්ත්‍රී දුෂණ කොච්චර වෙනවද? ඒවාට සදාරණය ඉල්ලලා පහන් පත්තු කරන්න බැරි ඇයි ? දේශපාලකයින්ට මොකද ස්ත්‍රී දුෂකයොත් තමන්ගේම අය නිසා. (නදී)
දුමින්ද Sunday, 24 May 2015 06:25 PM
විද්‍යාට මින් ශාන්තිය ලැබේද ? (නදී)
සජී Sunday, 24 May 2015 06:54 PM
යාපනයේ අය දැන් හිතන් ඉන්නේ යාපනය කියන්නේ තමිල්නාඩුවේ කොටසක් කියලා.. ඉතින් එහේ වෙන දේවල් දැන් මෙයාලා මෙහෙත් කරන්න හදන්නේ. ලංකාදීපයේ නවතම පුවතකින් කියනවා සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න ගිය පොලිසියට ගම්වැසියන් විරෝධය දක්වලා. තව කෙනෙක් පොරවකින් ගහන්න ගිය සිදුවීමක්. මෙවැනි දේවල් අනාගත සිදුවීම් වල පෙරනිමිති. (නදී)
සම්පත් වන්නිආරච්ච Sunday, 24 May 2015 06:56 PM
මේ අයට දැන් ඇහැ ඇරිලා. දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තරයට එම හර්තාලය හරහා ගෙනගොස් ඇති සාවද්‍ය මතය වෙනස් කරන්න ඕවායින් බැරිවේවි.(නදී)
නඩරාජා Sunday, 24 May 2015 07:16 PM
යහා පාලනේ ඉටිපන්දම් පත්තුකර ප්රශ්නය විසඳනවානේ. එ්කයි මෛත්‍රිය (නදී)
ප්‍රියානි Sunday, 24 May 2015 09:36 PM
පීරිස්,කෝ සුද්දෝ?? ලංකාවේ අය පෙනෙන්නෙත් සුද්දෝ වගේද? (නි)
බන්දුල පෙරේරා Sunday, 24 May 2015 10:44 PM
ලංකා, ඔයාගේ අනුවණකම පෙන්වන්න එපා. ආණ්ඩුවට නීතිය අතට ගන්න බැහැ. නීතිය ක්‍රියාත්මක කළයුත්තේ පොලීසියයි. නීතිය ක්‍රියාත්මක නොවීමේ වරද පොලිසිය බාරගත යුතුයි. දේශපාලන ඇඟිලි ගැසීම් වලට ඉඩනොදිය යුතුයි. කලින් ආණ්ඩුව පවතිනකොට තමයි දේශපාලකයෝ පොලිසියේ වැඩකළේ. දැන් එහෙම වෙන්නේ නැති එකත් ඔයාලට වරදක් වගේද පෙනෙන්නේ? අර මෛත්‍රිපාල සිරිසේන මහතා කියපු වහලුන්ගේ කතාව ඔයාලට කොච්චර හොඳට ගැළපෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න (නි)
විකුම් Monday, 25 May 2015 07:27 AM
සමහර මැති ඇමතිවරුන්ට අවශ්‍ය තනතුරේ සැපසම්පත් විඳින්න මිස රටට සේවයක් කරන්න නොවේ. (නි)
විකුම් Monday, 25 May 2015 07:30 AM
මෙයාලට දකුණේ කාන්තාවන් ගැන කැක්කුමක් නැද්ද? (නි)
විජයබාහු Monday, 25 May 2015 07:43 AM
අනේ සිංහල අය වෙනුවෙනුත් මෙහෙම කරනවානම් කොච්චර ලොකු දෙයක්ද (ම)
ශිරන්ති Monday, 25 May 2015 12:29 AM
අනුර,එතකොට පහුගිය කාලේ තංගල්ලේදී මෙවැනි දේවල් වෙනකොට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබුනේ නැද්ද? ඒ කාලෙන් පස්සෙද ඔයා ඉපදුනේ? (නි)
සත්‍යයා Monday, 25 May 2015 01:43 AM
අපරාධයට තැන නොතැන ජාතිය වර්ගය කුලය බලපාන්නේ නැහැ. එහෙත් ආගමකට යම්තරමින් මිනිසුන්ව ශීලාචාර කරන්න පුළුවන්. නමුත් ජඩ දේශපාලනය රටේ ප්‍රධානම ජීවන දර්ශනය වූ බුද්ධාගමත් අභිබවා බලවත්වීමේ ප්‍රතිපලයක් තමා මේ සියලුම අපරාධ වලට මුලික හේතුව. අවාසනාවකට වගේ දකුණු ආසියානු කලාපයේම ඉන්න මිනිසුන් බොහෝ දෙනෙක් අපරාධ වලට සංවේදී වෙලා තියෙන්නේ මනෝමුලික හා භාවාත්මක හේතු මතයි. මිනිසුන් එල්ලුම් ගස් යවලා අපරාධ නවත්වන්න පුළුවන් නම්, අපරාධවලට මිනිසුන් පොළඹවන හේතුන් නිර්මාණය කරන සමාජවිරෝධී දේශපාලුවන්ව තමයි මුලින්ම එල්ලන්න ඕනෑ. (නි)
චාන්දනී Monday, 25 May 2015 02:04 AM
දැන් ඕවා කළා කියලා වැඩක් තියෙනවද? (නි)
පුෂ්පකුමාර Monday, 25 May 2015 02:21 AM
කටුනායක රතුපස්වල වැනි තැන්වල සිදුවූ මිනීමැරුම් වලදී දේශපාලන වාසි තකා ජවිපෙ සහ එජාප දෙකම පාරට බැස්සා. ඒවා එක්තරා ආකාරයක දේශපාලනික ප්‍රශ්න කියලා ටිකකට අමතක කරමුකෝ. නමුත් පෞද්ගලික වෛරයක ප්‍රතිපලයක් වශයෙන් සිදුඋනායයි කියන මෙම දැරිවියගේ මරණය රජයේ පිරිස් විසින් මෙතරම් සැළකිල්ලෙන් කටයුතු කරන්නේ කුමන කාරණයක් නිසාදැයි නොතේරේ. දකුණේ සිදුවූ කිසිම සාපරාධි මිනීමැරුමක් සම්බන්ධයෙන් පොලිසිය කොයි ආකාරයෙන් ක්‍රියා කලත් පොලිස්පති හෝ අගවිනිසුරු අදාළ මරණ සිදුවූ පළාත් වලට ගිය බවක් දකින්නට තිබුනේ නැහැ. අපට නො පෙන්වන යමක් මෙහි තිබෙනවාද.? ජවිපෙ මේ ගැන කිසිවක් නොදන්නේ මන්ද.? (ස)
අනුෂා ලියනගේ Monday, 25 May 2015 03:37 AM
ලංකාවේ අනිත් පළාත්වල කාන්තාවන් සහ ළමයින්ට අපරාධ වනවිට මේ කට්ටිය කොහෙද හිටියේ? (නදී)
කළුවිතාන Monday, 25 May 2015 04:11 AM
මේවා ඵලක් වේද? (නි)