IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


යාපන සරසවි සිසුහු ඒ9 මහපාරේ

යාපනය මහනුවර ඒ නවය මාර්ගයේ විරෝධතාවයේ නිරත විශ්ව විද්‍යාල සිසුහු මින් මද වේලාවකට පෙර යාපනය මහ දිසාපති එල් වේදනායගම් මහතාට කොන්දේසි සහිත ලියැවිල්ලක් බාර දුන්නේය. 

ඒ අනුව මාසයක් ඇතුළත වැරදිකරුවනට මහාධිකරණයේ නඩු පැවරිය යුතු බවත් මියගිය සිසුන් දෙදෙනාගේ මව්පියනට මාසික වන්දියක් ගෙවිය යුතු බවත් එම සිසුන් රිය අනතුරකින් මිය ගියැයි කියන කථාව ප්‍රචාරය කරන අයට එරෙහිව ජාතික පොලිස් කොමිසම මගින් විමර්ශනයක් කළ යුතු බවත් මෙම කොන්දේසි රජය ඉටු කරන්නේ දැයි නිරීක්ෂණය කිරීමට දේශීය හා විදේශීය මානව හිමිකම් නිරීක්ෂකයන්ට මැදිහත්වීමට අවස්ථාව ලබා දෙන ලෙසත් එම ලියැවිල්ලෙන් සිසුහු ඉල්ලා සිටිති. 

භාෂා තුනෙන්ම ලියැවූ එම ප්‍රකාශනය අනුව අවශ්‍ය පියවර ගන්නා තෙක් අරගල කරන බව ද විශ්ව විද්‍යාල සිසුහු පවසති.

බොහෝ විට තවත් ටික වේලාවකින් සිසු උද්ඝෝෂණය අවසන්වීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.


යාපනයේ සරසවි  සිසුන්  දෙදෙනකුගේ  මරණ සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින්  යාපන සරසවි  සිසුහු  දහසක්  පමණ අද (24) උදේ  යාපන  කච්චේරියේ  දොරටු තුනම අවහිර  කරමින් උද්ඝෝෂණයක්  ඇරඹුහ.

දිසාපති  කාර්යාල සේවකයෝ  කාර්යාලය ඇතුළු වීමට නොහැකිව පාරේ සිටිති. නගරයේ ආරක්ෂාව ද තරකර ඇත.

 

0-02-06-58f3dc3c85a0c29e6bacd1a7367cb112356aa764b1bf39219bdd101d94bbd2c5_full

0-02-06-5782e4f744958e535f61a2e486153faffe2ef3330fa987d23bd18a6a31c36f4d_full 0-02-06-265cb304fff23dc17f710b857622b96482f4182ae6c38bb4f5620e06aad39c27_full0-02-06-0d23a69cc02834002df2aa78cffd81311a2b7c6462877bb527d763f3b517896d_full 0-02-06-5fb72c4979cec9105744708f77cbaf25e2ffca690b130550289df101e79e739a_full 0-02-06-7b8795c4c7ca729b33bd838c37297118d56f44165266fc75f357b53f40f9cb7c_full

0-02-06-2e0780306cf2d476690f60df4bb3fa48968de080264ec8c8929cbe25e7420359_full  

0-02-06-734a5bae0efdf404f254e123b3b06a8362a8c86630c0fa3d39cacdf481385f71_full 0-02-06-aaaa27c3b3d5888aec31841086b2b8337289104794c311dfc551f37b135fe527_full 0-02-06-20447709f0ade2adf2de32ca650f7418d656c6e80f691b3746701014ca14c3a5_full 0-02-06-ff8f0ab1280700f1874acc1b09d34e9a78f8981d2362011d71f95e669d8086eb_full

 

ජායාරූප - තරිඳු ජයවර්ධන



අදහස් (0)

යාපන සරසවි සිසුහු ඒ9 මහපාරේ

ජයනි Monday, 24 October 2016 05:55 AM

පේරාදෙණියේ ඉන්න මගේ පුතත් දවසක් කොළඹ වීරෝදතාවකට ගිහින් කදුළු ගෑස් සහ වතුර ප්‍රහාරයට මුණ දීල ගෙදර ආවා (ම)

:       0       0

සුසන්ත Monday, 24 October 2016 06:07 PM

කොහොමද ඔහොම උද්ඝෝෂණයක් උතුරු-නැගෙනහිර පළාත්වලින් පිට තැනක තිබ්බොත් එහෙම? කොළඹ, ජපුර, පේර, කැලණිය ළමයි? කොහොමද කන්න ලැබෙන වතුර පාර, කඳුළු ගෑස්, රබර් උණ්ඩ? කෝ ඒ කිසිවක් මෙහෙ? ඔන්න ගේනවා කිවුව නියම වෙනස! (නි)

:       0       0

ජස්ටින් Monday, 24 October 2016 06:19 AM

මේ ඝාතන පිටුපස ඉන්නේ කව්ද කියන එක බොහෝ අයට වැටහෙනවා. මිනිස් ඝාතන සඳහා බොහෝ අත්දැකීම් තියන අය හෙවත් ග්‍රීස් යක්කුන්ය. අරමුණ කුමක්ද යත් යහපාලනය ජනතාවට අප්‍රිය කිරීම. පිරිසකගේ බල තණ්හාවට තවත් පිරිසක් අසරණ වෙන එක ගැන හරිම දුකය්. (බ)

:       0       0

මලික් Monday, 24 October 2016 06:29 AM

කව්රුත් මෙතන පාර හරස් කරලා නැහැ ජල ප්‍රහාර ගහන්න හෝ , කඳුළුගෑස් ගහන්න , එහෙම වුනානම් නීතිය ක්‍රියාත්මක කරාවී , කරුණාකරලා ලංකාවේ පොලිසියට අපහස කරන්නෙපා (බ)

:       0       0

කේ පෙරේරා Monday, 24 October 2016 06:31 AM

කදුළුගැස් , ජලප්‍රහාර , ගසන්න තරම් විරෝධතාවක් නෙමේනේ මේක. වුවමනා වුනොතින් එ්කත් කරාවී. යාපනේ තියෙන්නේත් ශ්‍රී ලංකා පොලිසියම තමා.(බ)

:       0       0

ධනුක Monday, 24 October 2016 06:52 AM

උතුරේ ඉන්න මල්ලිලා සහ නංගිලා දකුණේ අපිට වඩා වාසනාවන්තයි. අපි ඔහොම පාරේ ගියොත් අපිට කැරලි මර්දනෙන් එවලා වැඩේ දෙන්නේ. ඔයාලට නම් ආණ්ඩුව හොඳින් සලකනවා. බැරිද ඔයාලට දකුණට ඇවිත් අපේ අරගල වලටත් සහය දෙන්න. (බ)

:       0       0

නුවන් Monday, 24 October 2016 06:56 AM

මේගොල්ලන්ට කදුළු ගෑස් ගහන්නේ නැද්ද? ඔලු පැලෙන්න ගහන්නේ නැද්ද? කාන්තාවන්ට බිම දාගෙන ගහන්නේ නැද්ද? (බ)

:       0       0

ජයසිරි Monday, 24 October 2016 07:00 AM

කවුද මේ මැරිලා ඉන්නේ , බලන කොට පුදුම හිතෙනවා , අර ජනාධිපති ගිහින් නේ නේද මළගෙදර ? (බ)

:       0       0

සිල්වා Monday, 24 October 2016 08:24 AM

කෝ අර දකුණේ සිසුන්ට ගහන අවම බලය (බ)

:       0       0

ලක්ෂාන් Monday, 24 October 2016 08:26 AM

මලික්, පින්තුර වලින් පේනවා පාර හරස් කරලා කියා. සේවකයන්ට කාර්යාලයට ඇතුළු වෙන්නත් බැරිලු. ඔයත් අපේ ආණ්ඩුව වගේ පෙනී පෙනී වෙන දේවල් කියනවනේ. මම කියන්නේ මෙගොල්ලන්ටත් අපිට වගේ ගහන්න කියලා නෙවෙයි ඇයි අපිට වෙන හැන්දකින් බෙදන්නේ කියන එක විතරයි. (බ)

:       0       0

බණ්ඩා Monday, 24 October 2016 08:28 AM

මෙයාලා ඒ9 මාර්ගය සම්පුර්ණයෙන් අවහිරකරලා උද්ඝෝෂණය කරන්නේ.. යාපනයේ කච්චේරියට ඇතුල්වෙන්න මාර්ග තුනක් තියනවා. අනිත් මාර්ග වල තමා, පාර අයිනෙන් සිටින්නේ කච්චේරියට ඇතුල්වන මාර්ගය අවහිර කරලා...(බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 24 October 2016 08:42 AM

යාපනේ මෙහෙම මේ නිදහස එල්ටීටීඊ කාලේ තිබුනාද මෙයාලට, (බ)

:       0       0

රුවන් Monday, 24 October 2016 08:45 AM

පාර දෙපසටවී කරන උද්ගෝෂණය සැමට අාදර්ශයක්? (බ)

:       0       0

චන්දුල Monday, 24 October 2016 08:54 AM

කේ පෙරේරා, ඔයා ලංකාවෙ නෙමෙයිද? ඊයෙ පොලීසියෙ දෙන්නෙක්ව යාපනේදි කැපුව කියල දන්නවද? මෙහෙත් ඔහොම වෙනවද? (බ)

:       0       0

ඉන්දික Monday, 24 October 2016 09:17 AM

පාරවල් වහගෙන මේ පෙරමග සලකුණු පෙන්නුම් කරන්නේ මොනවාද ? (හේ)

:       0       0

විපුල Monday, 24 October 2016 09:37 AM

දකුණේ මෙහෙම කළා නම් අපිට සලකන්නේ කොහොමද? වෙනස පේනවද ? (ම)

:       0       0

රෝහිත Monday, 24 October 2016 10:19 AM

හරි හරි අපි දැන් කට්ටිය ඔකොම එකතුවෙලා අාය පාරක් මරාගම්මු. එතකොට ඔය ඔක්කෝමගේ උණ හොඳ වේවිනෙ. (බ)

:       0       0

නවින් සේනානායක Monday, 24 October 2016 11:09 AM

චන්දුල, ඔබගේ ජාතිවාදී කණ්ණාඩිය ගළවන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

ඒකනායක Monday, 24 October 2016 11:35 AM

දකුණේ කරන්නේ විරෝධතා දක්වන එක නොව පාරේ කැරලි ගසන එකයි. මෙතන ප්‍රධාන පාරක් අවහිරකර වාහන ගමනාගමනය අවහිර කර නැහැ. මාර්ග බාධක පෙරළාගෙන යන්න දඟලන්නේ නැහැ. සාමකාමී විරෝධතාවයක් බව ඕනෑ කෙනෙකුට පෙනෙනවා නේද? ඒ අයට කඳුළු ගෑස් ගහන්නේ මොකටද? අපක්ෂපාතීව හිතන්න පුරුදු වන්න. (නි)

:       0       0

ධම්ම Monday, 24 October 2016 04:46 AM

මට මැවිලා පේනවා කැරලි මර්ධන හමුදාව, ජල ප්‍රහාරක ට්‍රක්, කඳුළුගෑස් හා කුළුපොලු ගත් පොලිස් භටයින්, බැරියර් එකට පිටින් ඉන්න හැටි. (ම)

:       0       0

චමල් Monday, 24 October 2016 05:09 AM

ධම්ම, මේ ළමයි අපේ අය වගේ නෙමෙයි. ඉතා විනීතව පාරේ අයිනේ ඉන්නේ. ඒ නිසා ඔය කියන දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. (බ)

:       0       0

නිරු Monday, 24 October 2016 05:37 AM

මෙහෙ වතුර බව්සර් ටික ගියාද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 756 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 934 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 502 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 292 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 318 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 595 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 58 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site