IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


යේමනයේ අතරමන් වු තවත් පිරිසක් චීන උදව්වෙන් දිවයිනට

යේමනයේ යුධ ගැටුම්වලට මැදිවී  සිටියදී චීන යුධ නැව මගින් බේරාගත් අවසන්  ශ්‍රී ලාංකිකයෝ 16 දෙනාද  ඊයේ රාත්‍රිෙය් යළි දිවයිනට පැමිණියහ.

පැමිණි සිටි පිරිස අතර අවුුරුදු එක හමාරක කුඩා දරුවෙකුද විය.

පසුගිය 6 වෙනිදා චීන නෞකාව මගින් ශ්‍රී ලාංකිකයෝ  44 දෙනෙක්  මුදවාගනු ලැබුහ.

ඉන් 29 දෙනෙක් පසුගිය 8 වෙනිදා රාත්‍රියේ දිවයිනට පැමිණියහ. ඒ අනුව චීන නෞකාව මගින් බේරාගත් සියළු දෙනා මේ වන විට දිවයිනට පැමිණ අවසන්ව ඇත.

මෙම පිරිස යේමනයේ සනා නගරයේ සිට කිලෝමීටර් 222 ක් ගොඩබිමින්  හොදෙයිදා වරාය නගරයට පැමිණ එතැන් සිට චීන නාවුක හමුදාවට අයත් යුධ නැවකින් ජිබුති වරායට පැමිණ පසුව එතැන් සිට නයිරෝබි නුවර කෙන්යා තානාපතිවරයාගේ සහයෙන් යළි ගුවනින් කටාර් හි දෝහා හරහා දිවයිනට පැමිණියහ.

මෙලෙස දිවිගලවාගෙන දිවියිනට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ සුව දුක් දැන ගැනීම සදහා පෙර දිනක යේමනයේ සිට දිවයිනට  පැමිණි ශ්‍රී ලාංකිකයෝ පිරිසක්ද, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මංගල රන්දෙනිය මහතාද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ සිටියහ.

දිවයිනට පැමිණි බොහෝ දෙනෙකු පැවසුවේ  යේමනයේ සනා නුවර පිහිටි ටොයොටා ආයතනයේ පරිඝණක අංශයේ ප්‍රධානියා වන උජාල පෙරේරා මහතා එහි සිටි ශ්‍රී ලාංකිකයෝ සියළු දෙනා කණ්ඩායමක් වශයෙන් ඒක රාශී කොට ශ්‍රී  ලංකා රජයට දැනුම් දී    සියළු දෙනාටම දිවයිනට පැමිණීමට මැදහත්ව කටයුතු කළ බවයි.

එසේ නොවන්නට තමන් යේමනයේ යුධ ගැටුම් වලට මැදිව මිය යන්නට පවා තිබුනු බවත් ඔවුහු කීහ.

තවද චීන රජය හොදෙයිදා වරායේ සිට ජිබුති වෙත තමන් රැගෙන ඒමට ගත් පියවර ගැනත් ඔවුහු චීන රජයට ස්තුති කළහ.

එමෙන්ම  කෙන්යා තානාපති ඩබිලිව් ක්‍රිෂ්ණමුර්ති මහතා නොකා නොබී ශ්‍රී ලාංකිකයන්ට උදව් කළ බවත් තමන්ට දිවි  බේරාගෙන දිවයිනට පැමිණීමට උදව් කළ සියළු දෙනාට බෙහෙවින්ම ස්තුති වන්ත වන බවත් පැවසුහ.

DSCF4297

 (යේමනයේ කොටු වු  ශ්‍රී ලාංකිකයින් ඒක රාශී කර ශ්‍රී ලංකා රජය සමග සම්බන්ධීකරණය කළ යේමනයේ සනා නගරයේ   ටොයොටා සමාගමේ පරිඝණක අංශයේ ප්‍රධානී උජාල පෙරේරා මහතා)

DSCF4300  DSCF4303 DSCF4304  DSCF4316  DSCF4319

DSCF4289

DSCF4305



අදහස් (0)

යේමනයේ අතරමන් වු තවත් පිරිසක් චීන උදව්වෙන් දිවයිනට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 189 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 740 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 502 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3174 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1761 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site