IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


යේමන ගිය අය ගෙන්න ඉන්දු චීන අත

සිවිල් යුද ගැටුම් හේතුවෙන් යේමනයේ සිරවී සිටින 100කට ආසන්න ලාංකිකයින් පිරිසක්  නිරුපද්‍රිතව එරටින් ඉවත් කර  ගැනීමට ඉන්දියාව චීනය සහ ඉන්දුනීසියාව යන රටවල් සහාය පළ කැර ඇතැයි  විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කියයි.මේ අතර යේමනයේ සිර වු ශ්‍රී ලාංකිකයින් පිරිසක් චීන ගුවන් යානයකින් සිකුරාදා එතියි බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය කියයි.

ඉන්දියාව මුහුදු මාර්ගය ඔස්සේ  නෞකාවකින්ද,චීනය හා ඉන්දුනීසියාව ගුවනින්ද මෙම ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතුවලට සහාය ලබා දෙන බවද එම රටවල් විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා ඇතැයිද හෙතෙම පවසයි.

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම රටවල් මෙලෙස සහාය දක්වන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කියයි.

ය. මේ වන විට යේමනයේ  පවතින  යුද ගැටුම්  නිසා එරට ශ්‍රමිකයින් ලෙස කටයුතු කළ ලාංකිකයින් හා අරාබි භාෂාව හැදැරීමට ගිය  සිසුන් කිහිප දෙනකු

මෙලෙස යේමනයේ සිරවී සිටින ලාංකිකයින් 100 අතර වෙති. අද හෙටම මොවුන් දිවයිනට ගෙන්වන බව අජිත් පී පෙරේරා  නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

රතු මුහුදත්  ඒඩන් බොක්කත් සම්බන්ධ කෙරෙන බැබ් ඇල් මැන්ඩාබ් ඇළ මාර්ගය සම්බන්ධ වන පෙදෙසේ පිහිටි යේමන උපක්‍රමික අතින් මර්මස්ථානයක් යේමනයේ පිහිටියේය. ලෝකයේ තෙල් නැව් වැඩි ප්‍රමාණයක් එම ඇළ මාර්ගයේ ගමන් කරයි.

යේමනයේ  යුද වැදී සිටින සියා   (හවුතිස් ) කැරලිකරුවනට  පහරදීම සඳහා සෞදි අරාබිය සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සමන්විත මුස්ලිම් රටවල් 10ක සහයෝගය ලබාගෙන සිටියි. පාකිස්තානය,ඊජීප්තුව,මොරොක්කෝව හා කටාරයේ  පමණක් නොව අරාබි එමීර් රාජ්‍යයද  යේමනයේ හව්ති කැරැලිකරුවන්  හට පහර දීමට හවුල් වි සිටිතියි ඔවුන් බැබ් ඇල් මැන්ඩාබ් ඇළ මාර්ගය අල්ලා ගනිතියි ඊජිප්තුව හා සෞදි අරාබිය බියෙන් සිටියි.

හවුතිස් කැරැලිකරුවන් මරාගෙන මැරෙන තාලේ සටන්කරුවන්ගෙන් සමන්විතය.

යේමනයේ  පාලක ඇබ්ද්‍රාබුහ් මන්සුර් හාඩ් ජනපති හවුතිස් නමින් හැදින්වෙන සියා කැරැලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ  පෙබරවාරීයේදී සනා  පෙබරවාරියේ පලාගියේය. අල්කයිඩා ත්‍රස්තයෝද මෙම සිවිල් යුද්ධයට මැදි වී සිටිති.

 



අදහස් (0)

යේමන ගිය අය ගෙන්න ඉන්දු චීන අත

නිමල් Friday, 03 April 2015 10:24 PM

දැන්ද බය හිතුනේ? ලෝක දේශපාලනය ගැන දැනුමක් හා අවබෝධයක් තිබුනා නම් ,මෙය කලින් අවබෝධ කරගන්න තිබුණා. දැන් ප්‍රමාද වැඩියි (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 05 April 2015 03:27 AM

ඉන්දියාව චීනය වගේ රටවල් ඔය යේමන් සිවිල් යුද්ධය අවිලේද්දීමයි තම තමන්ගේ මිනිස්සු බේරගන්න මේ වැඩේට බැස්සේ.එකට අපේ රටේ උදවිය.(ම)

:       0       0

ලුෂ්පා Saturday, 04 April 2015 03:47 AM

ඉන්දියාවට සහ චීනයට තුති. නමුත් ඒ මිනිස්සුම කරනකම් බලාගෙන ඉන්නේ නැතුව පුළුවන් දෙයක් අපේ පැත්තෙනුත් කලානම් හොඳයි. අඩුම තරමේ ඉන්දියාවට වත් ගුවන් යානයක් යවන්න අපේ රටටම ගෙනත් දෙනකම් ඉන්නේ නැතුව. (නදී)

:       0       0

රවි Saturday, 04 April 2015 08:06 AM

දැන්තම සහය ගන්නේ,චීනේ ඒ රටවල මිනිස්සු සතියකට විතර කලින් ඉවත් කරගත්ත. (ස)

:       0       0

නන්දලාල් ෆ්‍රාන්ස් Friday, 03 April 2015 04:45 PM

ශ්‍රී ලංකාවේ ඉල්ලීම අනුව ඉන්දියාවත් චීනයත් මේ අවස්ථාවේදී අපට උදව් කිරීමට ඉදිරිපත් වීම ගැන අප මේ රටවල් දෙකට ස්තුති කල යුතුයි .... ඒ වගේම අප රටේ මැදිහත් බවත් මෙමගින් මොනවට පැහැදිලි වෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 8 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 64 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 111 0

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 90 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 278 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 325 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site