IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘යුරෝපයට ගිය සංක්‍රමණිකයන් ගෙන්විය යුතුයි‘

යුද්ධයෙන් පසුව ජාතික සංහිඳියාව ගොඩනැගීම මෙන්ම  රටේ ආර්ථිකය  ගොඩනංවාලීම වත්මන් රජයේ ප‍්‍රධාන අරමුණක් බවත් , ඒ සඳහා යුරෝපයට සංක‍්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගෙන රටේ ආර්ථිකය දියුණු කළ යුතු බවත්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අද (16) කොළඹදී පැවසීය.

යාපනයේ හෝ වන්නියේ පාරවල් සංවර්ධනය කිරීම හෝ ගම්බිම් ඇති කිරීමෙන් පමණක්  රටේ නියම ආර්ථික සංවර්ධනයක් සිදු නොවන බවද අග‍්‍රාමාත්‍යවරයා එහිදී  වැඩිදුරටත් කීය.

මිනිස් ජාවාරම් ,නීතිවිරෝධී සංක‍්‍රමණ සහ රට රටවල් අතර වන අපරාධ මැඩපැවැත්වීම සඳහා වන බාලි සමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගේ 11 වැනි වාර්ෂික සැසිය අද කොළඹ ගාලූ මුවදොර හෝටලයේ පැවැත්වූ අතර එම සැසියේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් අගමැති එක්විය.

‘මම මේ සැසියේදී මිනිස් ජවාරම් සම්බන්ධයෙන් විස්තාරත්මක දත්ත වාර්තා දක්වන්නේ නැහැ. මොකද 2002 වසරේ සිට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කර ගෙන යන නිසා.ආසියා කලාපය තුළ හැමදාමත් සංක‍්‍රමණික ප‍්‍රශ්න පැවතුණා. ඒ ගැන රජයක් ලෙස අපි හැමදාමත් එකම මතයක හිටියා. ලන්දේසි ,බි‍්‍රතාන්‍ය යටත්විජිත කාලයන් දිහා බැලූ විට අපි දැක්ක දෙයක් තමයි ඒ කාලේ මිනිසුන් රට රටවලට සංක‍්‍රමණය කිරීමේදී නිශ්චිත ක‍්‍රමවේදයක් නොතිබුණු බව. නමුත් අප ස්වාධීන රාජ්‍යයන් බවට පත්වූ විට,මෙවැනි දෑ  දේශ සීමා වශයෙන් වෙන් වෙන් වශයෙන් පාලනය කළ යුතු බවට තීන්දු තීරණ ගනු ලැබුවා. වර්තමානය වන විට නීතිවිරෝධී සංක‍්‍රමණ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් මධ්‍යස්ථව කටයුතු කිරීමට අපි තීරණය කළා‘

‘ඇමෙරිකාව තුළ දැන් ලොකු වෙනසක් ඇති වෙන්න යනවා කියලා ඔබ අපි සැමට පෙනෙන්නට යනවා. අද වනවිට එරටේ වසර 200කට පෙර තිබූ තත්ත්වය ඇති වෙලා,ඒ කියන්නේ විවිධ සංක‍්‍රමණික ප‍්‍රශ්නය නිසා අර්බුද ඇතිවන්ටත් ,රාජ්‍යයට බලපෑම් කරන තත්ත්වයට පත්වී ඇති බව දකින්නට ලැබෙනවා‘ යැයි ද අගමැති කීය.

DSC_0358 DSC_8674 DSC_8684



අදහස් (0)

‘යුරෝපයට ගිය සංක්‍රමණිකයන් ගෙන්විය යුතුයි‘

විකුම් Thursday, 17 November 2016 02:25 AM

ළමයින්ට ඉගෙනගන්න පසුකම් නැති, ගමන් පහසුකම් නැති, නූගත් චණ්ඩි පාලනය කරන සහ ජීවිත දී රට බේරාගත් ත්‍රිවිද හමුදාවට ගරහන රටකට කාටද එන්න ඕනෑ (නි)

:       0       0

පීරිස් Thursday, 17 November 2016 02:50 AM

එක එක තැන සුරංගනා කතා කියන කිසිම ප්‍රායෝගික බවක් නැති අපේ රටේ වගේ දේශපාලකයන් නම් වෙන කොහෙවත් නැතුව ඇති. (නි)

:       0       0

විජේපාල Thursday, 17 November 2016 03:03 AM

මෙවන් පාලකයින් රටට වාසනාවන්! (නි)

:       0       0

අන්වර් Thursday, 17 November 2016 03:09 AM

මම නම් හිතන්නෙ නැහැ ඔවුන් නැවත පැමිණෙයි කියලා (නි)

:       0       0

ඔසධ Thursday, 17 November 2016 03:09 AM

ඕවා කරන්න පුලුවන් වැඩද මහත්තයෝ? (නි)

:       0       0

ටෙනිසන් Thursday, 17 November 2016 03:09 AM

අනේ මන්දා ඉතින් මේ කතා! (නි)

:       0       0

චමින්ද Thursday, 17 November 2016 03:28 AM

එක අතකින් එ්කත් හොඳයි. එතකොට ඔවුන්ටත් බදු ගහන්න පුළුවන්නේ (නි)

:       0       0

සහන Thursday, 17 November 2016 03:35 AM

අගමැතිතුමනි, එ්ක හොඳ අදහසක්. ඔවුන් සතුව විශාල මුදල් ප්‍රමාණයක් ඇති. ඉන් ඔවුන්ට ඔවුන්ගේ පෙදෙස්වලට උදව් කරන්න පුළුවන්. සෑම් මහත්තයා හිතන විදිහ තමයි ගල්ෆ් රටවල වැඩකරන හුඟක් ලාංකිකයෝ ඉගෙනගෙන නැති කට්ටිය කියලා. ඔබතුමාගේ මිම්ම එහෙම වුණාට ඔය යුරෝපයට ගිය හුඟක් ගියේ සරණාගත විදිහට. නමුත් මැදපෙරදිග මෙහෙකාර සේවය හැරුනුකොට අනිත් බොහෝ රැකියා විශේෂයෙන් එමිරේට්ස්, ගල්ෆ් එයා වල වැඩකරන බොහෝ ඉංජිනේරුවන් ලංකාවේ අය කියලා ප්‍රීතිත් දන්නේ නැතුව ඇති. මැදපෙරදිග වැඩකරන් අපේ ලාංකිකයන්ට අගෞරව කරන්න එපා. ලංකාවේ විදේශ විනිමයෙන් වැඩි මුදලක් එවන්නේ ඔය මැදපෙරදිග වැඩ කරන අය තමයි (නි)

:       0       0

තිළිණ Thursday, 17 November 2016 03:39 AM

පුළුවන් නම් අපිත් කැමතියි (නි)

:       0       0

සජීව Thursday, 17 November 2016 03:39 AM

පිටින් ගෙනෙන්න කලින් රටේ ඉන්න අය ගැන හිතන්න (නි)

:       0       0

රවී Thursday, 17 November 2016 04:34 AM

අගමැතිතුමනි, ගෙන්වන්න ඔක්කොම ගෙන්වන්න. මොකද ඔබතුමන්ලා ජනමත විචාරණයකට යන්න ඉන්නවනේ. දැන් රටේ ඉන්න ජනතාවගෙන් ඔය ඡන්දය දිනන්න බැහැනේ. එ්ක නිසා ඔක්කොම ගෙන්නලා ඡන්දය දිනන්න. ඊටපස්සේ ඔබතුමාලා ඒගොල්ලන්ට කන්න දෙන්න. (නි)

:       0       0

සත්‍යා Thursday, 17 November 2016 04:36 AM

මේ අදහස් රනිල් මහතාගේමද? අවබෝධය පටු කරගන්න එපා. (නි)

:       0       0

ආර්. වික්‍රම Thursday, 17 November 2016 06:28 AM

අනේ ඔවු එන්න එන්න. මෙහෙ දැන් සියල්ල සම්පුර්ණවෙලා දියුණුව දෝරේ ගලනවා! (නි)

:       0       0

දිසානායක Thursday, 17 November 2016 06:37 AM

දැන් මෙහේ සියල්ල සපිරි සුරපුරයක්නේ! (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 17 November 2016 06:37 AM

ලංකාවේ ඉන්න මිනිස්සුත් රස්සාවල් නැතුව ඉන්නවා. රට ඉන්න මිනිසුන්ට රට ඉන්න දෙන්න. රට ඉඳලා හම්බ කරලා ලංකාවට එවන ඩොලර් වලින් අඩුම තරමේ මැති ඇමතිවරුන්ට අවශ්‍ය කරන සුඛෝපභෝගී වාහන ටිකවත් ගෙන්වාගත හැක. යුරෝපයේ ඉන්න කවුද කැමති අල්ලස් ගන්න නිලධාරීන්, මැර දේශපාලකයන්, කප්පම්කාරයන්, හොරුන් බහුල රටක මුදල් ආයෝජනය කරන්න? (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 16 November 2016 11:24 AM

අගමැති තුමෝ, නිකන් බයිලා ගහන්නේ නැතිව ඉන්න, යුරෝපයට ගිය සංක්‍රමණිකයන් අවුරුදු ගානක් තිස්සේ කළේ රටට විනකරපු එක. එයාලා තාමත් හැදිලා නෑ. ඔය ඉන්න විදිහට ඉන්නා තැනක හිටපුවාවේ. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 16 November 2016 11:25 AM

බටහිර ගහන ගහන පදේට නටපල්ලාකෝ. (බ)

:       0       0

ලක්ෂිත Wednesday, 16 November 2016 11:53 AM

හොදයි අපි එන්නම් (බ)

:       0       0

බණ්ඩාර කුවේට් Wednesday, 16 November 2016 12:45 PM

එල් ටී ටී කාරයෝ ටික ගෙන්නගන්න දගලනවා මැටි මොළ (බ)

:       0       0

ධම්ම Wednesday, 16 November 2016 01:05 PM

මෙයාගේ මාර ප්ලෑන් තියෙන්නේ. හැබැයි එකක්වත් ප්‍රායෝගික නැහැ. (බ)

:       0       0

අනුර Wednesday, 16 November 2016 01:41 PM

ව්‍යාපාර වලට කියලා තමයි මුලින්ම මුසල්මානුවන් ලංකාවට ආවේ. දැන් අපේ රටෙත් ඒ දේ වෙලා තියෙන්නේ. මොළේ කල්පනා කරලා වැඩ කෙරුවොත් හොඳයි. (නි)

:       0       0

රවිඳු Wednesday, 16 November 2016 01:44 PM

වහල් සේවයට ගල්ෆ් ගිය කුමාරලා වගේ අයයි, යුරෝපෙට ගිහින් රටට වින කරන රැලයි ඒ රටවල් වලටම වෙලා ඉන්නවා නම් අපිට නම්බුකාර විදිහට අපේ රටෙත් ජාත්‍යන්තරවත් ජීවත්වෙන්න තිබුනා. (නි)

:       0       0

සෑම් Wednesday, 16 November 2016 02:21 PM

කුමාර් වගේ අය ගල්ෆ් ගියාට යුරෝපයට අාවේ ගොඩක් ඉගෙනගත් හොඳට ඉංග්‍රීසි කතාකරන ලංකාවේ මොළ ටික. ඔවුන් හොඳ පඩියක් ගන්නවා. ඔවුන් ලංකාවට ගිහින් 25000.00 පඩියට වැඩ කරන්නද කියන්නේ? (නි)

:       0       0

අවාස් Wednesday, 16 November 2016 02:34 PM

ඊලඟ චන්දෙදි බලමුකෝ (රේ)

:       0       0

දුමින්ද Wednesday, 16 November 2016 03:31 PM

අද දකින හෙට (බ)

:       0       0

ප්‍රීති Wednesday, 16 November 2016 03:45 PM

එ්කනම් ඇත්ත ගල්ෆ් කුමාර, ලංකාවේ එකෙක් නම් යුරෝපෙට නෙමේ, හඳට ගියත් හැදෙන්නේ නැහැ. කොහොමත් ඔය පර සුද්දන්ට වැඩිය මැදපෙරදිග තම්බි ගල්ෆ් කුමාර ඇතුළු පවුලට හොඳට සලකන පාටයි. අනේ ඉතින් අපිට කොහෙද එහෙම පිං? (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Wednesday, 16 November 2016 08:59 PM

යුරෝපයට සංක‍්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් විතරද ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගන්න අගමැති තුමා බලාපොරොත්තු වෙන්නේ ?අනිකුත් රටවලත්, විශේෂයෙන් ඔස්ට්‍රේලියාව වගේ රටවල ඉන්න අයට ඔබගේ තීරණය වලංගු නැද්ද ?.(රේ)

:       0       0

පුබුදු Thursday, 17 November 2016 01:07 AM

ඒක නම් ඇත්ත.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 86 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 762 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1063 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 300 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 667 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 205 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site