මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට අවසර ලබාදී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අවසරය ලබාදෙන ලෙස ඉල්ලමින් ඉල්ලීමක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් වුවද එම ඉල්ලීම මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කළ බව රත්නායක මහතා පැවැසුවේය. එහෙයින් යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින කාර්ය මණ්ඩලය මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවිය නොහැකි බවත ඔහු ප්‍රකාශ කළේය.
මෙරට සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී කරවා ගත නොහැකි බවත් එලෙස රාජ්‍ය තාන්ත්‍රිකයන් මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට අවසරය ලබාදීම මැතිවරණ කොමිසමේ හෝ රටේ ප්‍රතිපත්තිය නොවන බවත් ජ්‍යෙෂ්ඨ මැතිවරණ නිලධාරියෙකු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතු පැහැදිලි කරමින් පැවැසුවේය.
යුරෝපා සංගමයේ කණ්ඩායම සමග පැවැති මුල් අදියරේ සාකච්ඡාවලදී මෙරට තානාපති කාර්යාලවල සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගීවීමට අවසරය ලබාදිය නොහැකි බවට මැතිවරණ කොමිසම එම දූත පිරිසට පැහැදිලි කළ බවද ජ්‍යෙෂ්ඨ මැතිවරණ නිලධාරියා ප්‍රකාශ කළේය.
යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රකාශකයකු පවසා සිටියේ යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයන්ට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගීවීමට අවස්ථාව ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම් සියල්ලට මැතිවරණ කොමිසම අවසරය ලබාදී ඇති බවත් මෙරට තානාපති කාර්යාලවල සිටින කාර්ය මණ්ඩලයට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වීමට අවසරය ලබාදෙන ලෙස ඉල්ලමින් ඉල්ලීමක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර නොමැති බවත්ය.
මෙරට සිටින යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීම සඳහා තවත් කෙටි කාලීන නිරීක්ෂණයන් කණ්ඩායමක් අද(16) මෙරටට පැමිණීමට නියමිත අතර සාමාජිකයන් 70 දෙනකු පමණ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවීමට යුරෝපා සංගමය බලාපොරොත්තු වේ.
විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ
චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්
මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්
ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුරෝපා තානපති නිලධාරීන්ට මැතිවරණ නීරීක්ෂණය බෑ
Aruna Sunday, 15 September 2024 09:47 PM
ඇති යන්තම් කොද තියන නිලධාරියෙක් ඉන්නවා.
Ahmed (Gulf) Monday, 16 September 2024 02:14 AM
මෙම මැතිවරණය තවත් ප්‍රෝඩාවක් වනු ඇති බව පෙනෙන විට, ඔවුන් යුරෝපා සංගමය නිරීක්ෂකයින් ලෙස පෙනී සිටීම අවශ්‍ය නොවන්නේ එබැවිනි.