IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබූ මත්ස්‍ය තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇතැයි රජයේ ආරංචි කියයි.

පසුගිය අප්‍රේල් මාසයේදී යුරෝපා සංගමය මෙම තහනම ඉවත් කරන බව දැනුම් දී තිබූ අතර ඒ අනුව යුරෝපා රටවලට ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත අපනයනය කිරීමේ හැකියාව යළිත් හිමිවී ඇත.

මත්ස්‍ය තහනමට පෙර යුරෝපා රටවල් සඳහා ටූනා මසුන් අලෙවි කළ ප්‍රමුඛතම රටක් ලෙස ශ්‍රී ලංකාව කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ ධීවරයන් ජාත්‍යන්තර ධීවර නීති උල්ලංඝනය කරන බව කියමින් 2014 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව මෙම මත්ස්‍ය තහනම පැනවිණි.

එම තහනම ඉවත් කර ගැනීම සඳහා ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යංශය පසුගිය කාලයේදී යුරෝපා සංගමය සමග සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීය.



අදහස් (0)

යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

තිලක් - නුවර Friday, 17 June 2016 07:34 PM

ඒ පැත්තේ අයට සුවච කීකරු වෙලා ඉන්නවා නම්, අපිට ඕනෑ එකක් දෙයි. දැන් ඉතින් ඔක්කොම හරිනේ. රට ස්වර්ගයක් වාගේ. (නි)

:       0       0

සත්‍යයා Friday, 17 June 2016 08:36 PM

මාළු නොවෙයි අපි දියමන්ති පිටරටට විකුණුවත් ආදායම යන්නේ මකර කටට. (නි)

:       0       0

සමීර Saturday, 18 June 2016 12:46 AM

කිසිදු වැදගත්කමක් නැති දේවල් ජයග්‍රහණ ලෙස දකින අයට රටේ යුද්ධය අවසාන කළ එක අපරාධයක් හැටියට පෙනෙන්නේ ඇයි? (නි)

:       0       0

චන්දා Saturday, 18 June 2016 01:43 AM

අනේ වාසනාවන් යහපාලන ආණ්ඩුව නිසා! අපේ මාළු කන්න යුරෝපියන්ට හැකිවීම සතුටක්. ඇති හැකි අය, නිකම් මුහුදට පන්නිනේ නැතුව, ට්‍රෝලර් බෝට්ටු නැතත් ඔරු පාරු තියා පහුරක්වත් හදාගෙන මුහුදට පනින්න සුදානම් වෙන්න. (නි)

:       0       0

කලන Saturday, 18 June 2016 03:10 AM

සමීර, එකක් වැදගත් ලෙසත් එකක් කිසිම වැදගත්කමක් නැති විදිහටත් පෙනෙන්නේ දාගෙන ඉන්න කණ්ණාඩියේ වරදින්. යුද්ධය ඉවරවෙලා රටේ අපනයන තහනම් වුණාම හරිද? ජී එස් පී ප්ලස් සහනය නැතිවෙලා රටේ කාන්තාවෝ කී දාහක් රස්සා නැතුව තැවෙනවද කියලා දන්නවද? (නි)

:       0       0

අනුර Saturday, 18 June 2016 03:15 AM

රටේ ජනතාවට කන්න මාළු කෑල්ලක් නැතිකොට යුරෝපයට අපේ හොඳම මාළු යවලා අපිට කන්න කියන්නේ මාළු වරල් ටිකද? සුද්දන්ට කිරි අපිට කැකිරි! (නි)

:       0       0

අනුර Saturday, 18 June 2016 03:17 AM

මත්ස්‍ය සම්පත් ක්ෂේත්‍රයේ දිගු පළපුරුද්දක් තිබෙන අයෙක් හැටියට හොඳම ටූනා පරව් සුද්දන්ට විකුණා අපේ හැටියට මාළු බඩවැල් , වරල් කන ලෙස යෝජනා කරනවා (නි)

:       0       0

අනුර Saturday, 18 June 2016 03:23 AM

අපි දැන් මෙච්චරකල් කෑවේ මාළු පිටරට යවලද? (නි)

:       0       0

අනුර Saturday, 18 June 2016 03:28 AM

මාළු යුරෝපයට යැවෙන්න කලින් අපි මාළු කාල ඉන්න ඕනෑ. මේකෙන් මාළු මිල ඉහළ යනවා තේරෙන්නේ නැති අය ලංකාවේ ඉන්නේ (නි)

:       0       0

මාලි Saturday, 18 June 2016 03:29 AM

මානව හිමිකම් මාළුවාට අදාළ නැද්ද? උන්ගේ අඹු දරුවන් මරාගෙන කනවා ඉපදෙන්න ඉන්න දරුවන් සමඟම. මිනිසුනේ, නුඹලා සතර අපාගත වෙනවා (නි)

:       0       0

අනුර Saturday, 18 June 2016 03:31 AM

වැට් පැටෙව්වේ ඔය යුරෝපයෙන්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ඉන්දු Saturday, 18 June 2016 04:15 AM

තව ඉස්සරහට තව හොඳට සළකයි (නි)

:       0       0

සහන් Friday, 17 June 2016 05:00 AM

නිසි ක්‍රියාමාර්ග මගින් මෙම අපනයන රටට අදායමක් සහ වටිනාකමක් එන ලෙස පවත්වාගෙන යන්න රජය මැදිහත් වෙන්න ඕන. (ර)

:       0       0

ඩිල්ෂාන් Saturday, 18 June 2016 03:31 PM

වැට් ගැන ජනතාවට අමතක කරවන්න මෙවැනි දේවල් හොඳයි (නි)

:       0       0

හේමන්ත Friday, 17 June 2016 05:24 AM

එයාලගේ තැනම කාලේ අපේ මාළු අතිරික්තයක් තිබුනාද?(හේ)

:       0       0

ඉසුරු Friday, 17 June 2016 05:25 AM

අපේ ධිවරයන් දැනුම්වත් කලා නම් හොදයි. ආයෙමත් අපේ සීමාවෙන් පිටට යන්න එපා කියලා.(හේ)

:       0       0

කර්තිනි Friday, 17 June 2016 05:32 AM

ජනපතිට සහ අගමැති තුමන්ලාට ජය වේවා ! (ර)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 17 June 2016 06:40 AM

ශ්‍රී ලංකාව ලැබූ අති විශාල ජයක්. ශ්‍රී ලංකාවේ ධීවරයන් ජාත්‍යන්තර ධීවර නීති උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලීම යලිත් වරක් පටන් ගත්තොත් යුරෝපා සංගමය සදහටම ඔවුන්ගේ "කළු ලැයිස්තුවට" ශ්‍රී ලංකාව ඇතුලත් කරනවා නොඅනුමානයි. රජය මේ ගැන ඉතාමත් විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා. (ර)

:       0       0

ප්‍රනාන්දු Saturday, 18 June 2016 10:36 PM

යුරෝපයේ මත්ස්‍ය තහනම ඉවතට වුණත් දකුණට උතුරේ මසුන් ඇල්ලීමට තහනම්.මෙවන් ශ්‍රී ලංකාවක යළි ඉපදීමට හේතු වාසනා වේවා! (නි)

:       0       0

දුලීප් Friday, 17 June 2016 07:41 AM

මත්ස්‍ය සම්පත් ක්ෂේත්‍රයේ දිගු පළපුරුද්දක් තියෙන අයෙක් හැටියට මට කියන්නට පුළුවන්, අප ගත කළේ බොහොම අපහසු කාලයක් පැවති තහනම නිසා. දැන් ඒකෙ අනිත් පැත්ත ඉදිරියට. රටේත් මිනිස් වැසියන්ගේත් යහපතට හේතුවක් (මාළුන්ට කෙසේ වෙතත්) (බ)

:       0       0

සනත් Friday, 17 June 2016 08:21 AM

රටක් විදියට මේක ලොකු ජයග්‍රහණයක්. (ර)

:       0       0

සුසන්ත Friday, 17 June 2016 08:21 AM

තහනම ඉවත්වීම ගොඩක් හොදයි ඒත් ලංකාවේ අපට නම් මාළු පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ මාළු ගොඩාක් මිල වැඩියි මාළු මිල අඩුකරන්න හැකියාවක් නැද්ද? (ර)

:       0       0

ඉරෝෂ් Saturday, 18 June 2016 07:25 AM

මෙච්චරයි අපිට අඩුවකට තිබුනේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 17 June 2016 09:47 AM

මේවා විදේශ කුමන්ත්‍රණ හරිද ! (බ)

:       0       0

ධම්ම Friday, 17 June 2016 10:01 AM

මාළු යුරෝපයට යවන්නේ නැති කාලේ මාළු පන්සීයක මිල අපි දරා ගත්තේ බොහොම අමාරුවෙන්. දැන් රට යවන්න ගත්තාම අපිට මාළු කන්න වෙන්නේ නැහැ. (බ)

:       0       0

පාලිත Friday, 17 June 2016 10:38 AM

කොන්දේසි මොනවද කියලා මුළු රටම දන්නවා (නි)

:       0       0

සේන Friday, 17 June 2016 10:41 AM

රජයට ඇමරිකාව හා යුරෝපය උදව් කරන්නේ ඇයි කියලා අපි දන්නවා. බලන්න අන්තිමට වෙන දේ (නි)

:       0       0

උදාර Friday, 17 June 2016 11:05 AM

මේ විදිහටම සියල්ල වෙනවා නම් මොනතරම් හොඳද? (නි)

:       0       0

උදාරත් Friday, 17 June 2016 11:02 AM

සුබ ආරංචියක්! (නි)

:       0       0

ඉන්දික Friday, 17 June 2016 11:45 AM

පිටබැද්දර ජයා, කාලෙකට පස්සේ! කොහොමද බදු එහෙම? (නි)

:       0       0

රජින්ද Friday, 17 June 2016 12:28 PM

දැන් හෙට අනිද්දා ඉදන් පිටරටවල මාළු ගණන් වලට මෙහෙ අපිට මාළු කන්න වේවිද දන්නේ නැහැ. (ර)

:       0       0

සිල්වි Friday, 17 June 2016 05:48 PM

මෙයාල යුරෝපයට මාළු අරින්න හදනවා. මෙහෙ දකුණේ අයට උතුරේ මාළු ඇල්ලීම තහනම් කරලා. මෙහෙමත් රටක්! (නි)

:       0       0

පුෂ්ප Friday, 17 June 2016 05:56 PM

රටට හොඳයි. නමුත් මාළු මාෆියා එකෙන් තමයි හැම හොඳක්ම අතුගෑවිලා යන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 230 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 923 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1431 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 346 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1002 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1872 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site