IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


යුරෝපා ලක් රූ රැජන

ශ්‍රී ලංකාවේ උතුරු මැද වකුගඩු ලෙඩ ඇති ගම්වලට  පිරිසිදු ජලය දීමේ හා  මහරගම හා යාපනය පිළිකා රෝහලේ රෝගීන්ට වෛද්‍ය උපකරණ හා අත්‍යවශ්‍ය බෙහෙත් සඳහා අරමුදල් තර කිරීම සඳහා  ප‍්‍රංශ ලංකා සුභ සාධන සංවිධානය යුරෝපයේ ප‍්‍රථම වතාවට යුරෝපා ලක් රූ රැජින අභිෂේකය පැරීසියේදී පැවැත්විණි.

ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කරුණාරත්න හඟවත්ත ආරාධිතයා විය.

උපේක්ෂා ස්වර්ණමාලි මන්ත‍්‍රීවරිය, 2008 ශ්‍රී ලංකා රූ රැජිනිය ෆේත් ලැන්ඩර්ස් මෙනවිය සමග දෙරණ රූ රැජින සෝලන්ග ගුනෝවිජය මෙනවිය , යොවුන් පරපුරේ හොදම ගායක දුමාල් වර්ණකුලසූරිය, එංගලන්තයේ ජනප‍්‍රිය ශ්‍රී ලාංකික ගායක අර්ජුන්, එරික් සූරියසේන, රංගන ශිල්පී සුරාජ් මාපා ද , උත්සවය ආලේකවත්  කළහ.

පැරීසියේ චමින්ද ලිවේරා ප‍්‍රමුඛ ඡායා වයිබ්‍රේෂන් සංගීත කණ්ඩායම සංගීතය සපයා දුන්නේය. එක් වූයේය. පැරීසියේ සරසවි, තිසරාවි, හා ජයමිණි රංඟ කලායතයන්හී විචිත‍්‍ර නර්තන වලින් සැඳෑව අලංකාර විය.

ස්ටෙෆාන් ,නීරා හා දිමිත‍්‍රි දසිල්වාගේ රූ රැජිනි තේමා ගීතයන් සැඳෑවට මිහිරක් ගෙන දුන්නේය. යුරෝපයේ රටවල් 11 ක තරග කාරියෝ 21ක් දෙනෙක් තරග බිමේ සිටියහ. තරග තුනකින් පසු ප‍්‍රංශය නියෝජනය කළ මෙලනි හේවාවසම් මෙනවිය 2014 යුරෝපයේ ප‍්‍රථම ශ්‍රී ලාංකික රූප රැජින ලෙස ජයගෙන කිරුළ හිමි කැර ගත්තාය.

දෙවැනි, තුන්වැනි, සිව්වැනි, හා පස්වැනි ස්ථාන අනු පිළිවෙළින් නෙදර්ලන්තයේ සෙව්වන්දි එල්ලේවෙල  ඉතාලියේ එඞ්නා ඩයස් , ප‍්‍රංශයේ දියනා ආරියරත්න, ජර්මනියේ නිරෝෂා කාරියවසම් හිමි කැ ගත්හ.

විශේෂ කුසලතා පරීක්ෂණ ප‍්‍රථිපල අනුව හොදම මෝස්තර නිරූපනය හා විශේෂ දක්ෂතා ලෙස ප‍්‍රංශයේ දියනා ආරියරත්න, බුද්ධිමත් තරුණිය ලෙස එංගලන්තයේ මිනෝලි රණසිංහ, ජනප‍්‍රිය තරුණිය ජර්මනියේ නිරෝෂා කාරියවසම්, හොදම ඡායාරූපීය නිරූපනය  නෙදර්ලන්තයේ සෙව්වන්දි එල්ලේවෙල , හොදම රූප දේහය ස්වීඩනයේ නෙලන්කා සමරසිංහ, හොදම කෙස් කළඹ ජර්මනියේ ජෙස්මින් ජයතුංග, හොදම ඇවිදීම ඉතාලියේ ඬේලියා වරාගොඩ දර්ශනීය අංශය ප‍්‍රංශයේ මෙලනි හේවාවසම්, ජය හිමිකර ගත්හ. මිනෝලි මිරැන්ඩා ප‍්‍රධාන ඉනෝකා පොන්සේකා , තෙල්මා තිලකරත්න , රමණී මහවාසල , සුනේත‍්‍රා වීරසිංහ , නිලූ වර්ණකුලසූරිය රූපලාවන්‍යය බාරව සිටියහ.

 ප‍්‍රථම ස්ථාන තුනට හිමි කිරුළු පැරීසියේ සිරස වෙළද ආයතනයේ ප‍්‍රධානි පීරිස් හා ජීන් ප‍්‍රනාන්දු මහත්මිය විසින් පරිත්‍යාග කැරිණි.

නේෂන් ට‍්‍රස්ට් බැංකුව, ඩිල්මා ලංකා, කුවේට් ගුවන් සේවය, ප්‍රයිම් ලෑන්ඩ්, ඇක්සස් ඉන්නියර්ස්, සෙලාන් හෑන්ඩ් ලූම්ස්, එරික් බතික්, මොහාන් හා යුනික් ජුවලරි,ජොසපින් හොටල් සමුහ ව්‍යාපාරය, ආරාධනා මල් වෙළඳ සල, ඊ.ඒ නැව්බඩු ප‍්‍රවාහන සේවය, ඉන්දික දුනුසිංහ මුද්‍රණ ආයතනය, ලංකාදීප පත්‍රය , එසැණ වෙබ් අඩවිය,ජොනට් වීඩියෝ, ඡායාරූප සදහා පුර්ණිමා අතුකෝරාල , රෙෂාන් , අන්තොනි ඩයස් අනුග‍්‍රහකයෝ වුහ.පනස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම උත්සවය සාර්ථක කර ගැනීමට සහායවු අතර ඔවුන්ට හා ඉහත අනුග‍්‍රහාක භවතුන්ට ප‍්‍රංශ ලංකා සුභසාධක සංවිධානය වෙනුවෙන් සනත් මුතුනමගොන්නගේ මහතා  ස්තූති කරයි.

 

 

 

  

 

 

 



අදහස් (0)

යුරෝපා ලක් රූ රැජන

රණවක Sunday, 15 June 2014 10:37 PM

චන්දයක් කාලෙට විතරක් එන මිනිස්සු කෝ නැද්ද (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Sunday, 15 June 2014 10:35 PM

ගාමිණීගේ කතාවට මාත් එකගයි,ලංකාවේ ප්‍රශ්න වලට පිටරට වලින්ම විසදුම මිසක ලංකාවේ කිසිම විසදුමක් නැහැ.උතුරු මැද ප්‍රශ්නය කොච්චර බරපතලද,මිනිසුන් පිරිසිදු වතුර නැතුව ලෙඩවෙලා මැරෙනවා.තවම විසදුමක් නැහැ.(දී)

:       0       0

ගුනවර්ධන Sunday, 15 June 2014 11:15 PM

ඔබ සැම දෙන එකතුව කර ඇත්තේ මහඟු ක්‍රියාවක් මාගේ ප්‍රණාමය ඔබ සැම දෙනාට . ගුනවර්දෙන නෙදෙර්ලන්තයෙන් (දී)

:       0       0

රන්ජන් Tuesday, 17 June 2014 02:44 PM

විදුසක මහතාණෙනි මෙම පිටුව අදහස් පලකිරීමට මිස අය වැය පලකරන පිටුවක් නොවේ . (නදී)

:       0       0

විදුෂක Monday, 16 June 2014 09:32 PM

මෙහි මුඛ්‍ය පරමාර්ථය මුදලක් එකතු කර ගෙන අහිංසක මිනිසුනට උපරිමයෙන් උදව් පදව් කිරීමයි. යුරෝපය වැනි රටක මෙවැනි අවස්ථාවක් මනාව පෙළ ගැස්වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. අංක 01 ට වැටෙන්නේ පිරිවැයයි. සංවිධායකයිනට විශේෂ තිළිණයක් පුද කළ යුතුමය. මෙය ඇස් කන් පිනවන ලද විසිතුරු සැණකෙලියක සිරියක් උසුලා ඇති අයුරු පින්තුර දෙස් දෙයි. පිටරටකදී මෙවැන්නක් සංවිධානය කිරීමේදී මතුවන ගැටළු, ප්‍රශ්න වල ප්‍රායෝගික බව හරිම සංකීර්ණයි. සීමිත ඉඩකඩ,සීමිත කාලය සහ අසීමිත පිරිවැය ආදී වූ පරාසයන් මෙම භුමිකාවේදී ඉදිරියට එයි. ලෙස්ලි. හා විජේසිංහ 2014-06-16 7:30:05 කණිසමෙන් ඉදිරිපත් කර ඇති අදහස මැදිහත්ව බැලීමේදී කිසිවකුට ලඝු කළ නොහැක්කකි. ශ්‍රී ලංකාදීපයත්, ප්‍රන්සයේ ශ්‍රී ලංකා තානාපති අපේ මහාචාර්ය හඟවත්ත මැතිතුමාත් මෙයට සජීවී දායකත්වයක් දරා ඇති බැවින් මෙම පරාර්ථකාමී මෙහෙවර තුළින් උපයාගත් ශුද්ධ ප්‍රතිලාභ පිලිබඳ සංෂිප්තයක් පාඨක දන මන පිනවීම සඳහා 'ලංකාදීප එසැණ' තුළින් ඉදිරිපත් කිරීම සංවිධායකයින්ගේ වගකීම සහ වගවීමද වනු ඇත. ස්තුතියි! (නදී)

:       0       0

සෙනාලි Monday, 16 June 2014 12:15 AM

බලන්න කොච්චර හොඳද කියලා? හැමෝම මෙහෙම හිතනවා නම් මොනතරම් අගනේද? (නි)

:       0       0

අනු Monday, 16 June 2014 03:57 PM

මේක චාම් උත්සවයක් ෆොටෝ වලින් එ්ක තේරෙනවා වියදම් අඩුවෙන් කරන්න ඇත්තේ. අරමුණ ප්‍රදාන කරගන්න සුභ පතනවා සැමටම (නදී)

:       0       0

පිටිගල Monday, 16 June 2014 10:13 PM

ලස්සන වගේම වටිනා කර්තව්‍යයක්. (නි)

:       0       0

ගමගේ Monday, 16 June 2014 03:14 AM

බොහොම හොඳ පරාමාර්ථයක් (නි)

:       0       0

සුනිල් විමලුසුරිය Monday, 16 June 2014 04:26 PM

හොඳයි වැඩේ. කව්රුත් කැත කතා ලියා නැහැ (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 16 June 2014 03:24 AM

මෙච්චර නම් ගොඩවල් දැම්මට මේ සුරුපිකාවන් පාවිච්චි කරලා හම්බ කරන මුදල් හරියටම හරි තැන් වලට යනවා කියල අපිට තිබෙන සාක්ෂිය කුමක්ද? ‘(අ)

:       0       0

අකිල Tuesday, 17 June 2014 09:51 AM

ලංකා නාමය දිදුලනවාට ඔබට පින් (දී)

:       0       0

සුජීව පද්මකුමාර Monday, 16 June 2014 05:09 AM

පනස් දෙනෙකුට ප්‍රංශයට ගිහින් එන්න අඩුම ගන්නේ රුපියල් ලක්ෂ 250ක් වත් යනවා. මේ අය කොපමණ මුදලක් එකතුකරලද දන්නේ නැහැ. (අ)

:       0       0

නන්දසිරි Monday, 16 June 2014 06:19 AM

ඔබ සැමට බොහොමත්ම ස්තූතියි! (නි)

:       0       0

රංජිත් සිල්වා Monday, 16 June 2014 04:45 PM

අහෝ ලෙස්ලි නොදුටු මොක් පුර. (නදී)

:       0       0

චන්දන Monday, 16 June 2014 06:36 AM

මෙහි මූලිකත්වය ගෙන ක්‍රියාකළ සියලු දෙනාටත්, ශ්‍රී ලාංකීය නංගිලා සැමටත් හදවතින්ම සුභ පතනවා! (නි)

:       0       0

ශානක Monday, 16 June 2014 07:27 AM

දැන් ඉතින් ඔක්කොම පැත්තක තියලා සුජීවගේ ප්‍රශ්ණයට උත්තර සොයමුකෝ. (නදී)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 16 June 2014 07:30 AM

මෙහි සාර්තකත්වය බලන්න එකතුවූ මුදල කියන්න. මට නම් හිතෙන්නේ මෙයට වියදම් වූ මුදල එකතු කල මුදලට වඩා වැඩියි. ලංකාවේ ඉන්න කීප දෙනක් මෙම චාරිකාවට සහභාගි වෙලා විනෝද වෙලා ඇවිල්ල හම්බ වෙනවට වඩා වියදම් කරලා ඇති කියා මම හිතනවා. මෙය සංවිදානය කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න කියක් ලැබුනද ? කීයක් වියදම් කලාද කියලා. ඔය විදයට උස්තවයක් තියන්නේ නැතුව ආධාර ඉල්ලුවා නම් ලොකු මුදලක් ඉල්ලා ගන්න සොයා ගන්න තිබ්බා (නදී)

:       0       0

සලීත් Monday, 16 June 2014 08:02 AM

අපේ පම්පෝරි ගහන ලෝකයට හොද මුණ පෙන්නන සමහරක් සංවිධානවලට හොඳ උත්තරයක්. දූ වරුණේ ඔය ගොල්ලන්ට දීර්ඝායුෂ වේවා! මෙය මගේ ප්‍රාර්ථනයයි (නදී)

:       0       0

රකිත් Tuesday, 17 June 2014 12:09 AM

ඉතාමත් හොඳ කටයුත්තක්. අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

නලින් Monday, 16 June 2014 09:14 AM

ලෙස්ලි වගේ හිතන අය මේ ලෝකේ ගොඩක් ඉන්නවා. අඩුම ගානේ අපේ රටේ අසරණ ජනයට මේකෙන් එක පිරිසිදු ජලය බෞසරයක් හම්බ උනත් ඇති මොකද එක දුක් විදින ජනයට වටිනා නිසා. මේකට ඉදිරිපත් උන සියලුම දෙනාට බොහොම පින්. (අ)

:       0       0

මීනා Wednesday, 18 June 2014 12:42 AM

මිනිසුන් තමන්ගේ රැකියා කරන ගමන් මේ වගේ කටයුතුත් කරන්න වෙලාව හදාගෙන. කළේ ලොකු පින් වැඩක්. ඒ ගැන නොදන්නා අය ලැබුණු මුදල් ගැන අහනවා... (නි)

:       0       0

චාන්දනී Tuesday, 17 June 2014 01:38 AM

හොඳ දෙයක් එයාලා ලංකාව වෙනුවෙන් කරන්නේ. අපි ආඩම්බර වෙනවා (නි)

:       0       0

අසංක Monday, 16 June 2014 12:10 PM

අරමුණ ඉතා විශිෂ්ටයි (දී)

:       0       0

පහන්දී Monday, 16 June 2014 06:31 PM

ලෙස්ලි මහත්මාණෙනි !! ඔබ කව්ද කියා මා නොදනිමි, නමුත් මෙවන් වටිනා මෙහෙවරක් ගැන ලියා ඇති ඔබේ අදහස ටිකක් හොද මදි වගේ.., මින් පිරිසිදු වතුර ටිකක් ලැබුනම ඒ දිළින්දන් මොවුන් හට පින් දේවී.., ඇත්තටම මමත් මේ මොහොතේ ඒ සියලු දෙනාටම පින් දෙනවා..,!! (අ)

:       0       0

ගාමිණී - සිරි Sunday, 15 June 2014 09:00 PM

විදෙස් රටවල ජීවත්වෙලා... මව් රටේ දුකට පත්වුවන් වෙනුවෙන්..සේවයක් කිරීමට .ඉදිරිපත්වෙන මෙම දුවනියන් මතු ආත්මවලදීද ... රුප රාජනියෝ ම වේවා (අ)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 16 June 2014 07:31 PM

ආධාර දීම ගැන මං විරුද්ද නැහැ මගේ අදහස ඒක තේරුම් ගැනීමට නොහැකි වීම ගැන කණගාටුයි ඒ ඔබගේ බුද්ධිය මට්ටමේ දෝසයක්ද මම නොදනිමි මා කිවේ මේ උස්සවය කිරීමට වියදම් මුදලට වැඩ වැඩි මුදලක් මින් උපාය ගන්න බැරුව ගියා කියායි ඒ හෙයින් මෙවැනි දෙයක් නොකර ඇත්ත අවශ්‍යතාවය කියා ආධාර ඉල්ලුවා නම් ඒවා වඩා පලදායක බවයි මොකද 100 වියදම් කරලා 60 සොයනවා නම් වැඩක් නැහැ වියදම නොකර 50 ලැබුනත් ඇති වගකිවයුතු කෙනෙක් සියලු වියදම් අදායම් මේ උස්සවයේ පෙන්නුවානම් ඔය කෑ ගහන සැමගේ කටවල් වැහෙයි (අ)

:       0       0

ශාන්ත පැරිස් Monday, 16 June 2014 01:20 PM

සුජීව පද්මකුමාර හිතේ තියාගන ඉන්නේ නැතිව ලියපු එක ඉතා හොඳයි. මෙවන් දැවැන්ත නිර්මාණයක් ඇස්,කන් ඉදිරියට මනරම්ව ගෙන එන්න 50 කට වැඩි පිරිසක් මෙය ඉදිරිපත් කල ප්‍රංශයේ උත්සව සංවිධාන කමිටුව වැඩ කර බව තමයි සඳහන් කර ඇත්තේ. කියවීම ඉතා හොඳයි, තේරුම් ගැනීම ඉතා දුරුවලයි. (දී)

:       0       0

රංජන් Monday, 16 June 2014 07:50 PM

මේවායේ චේතනාව පිරිසිදු නැත. තරඟය සහ එකට එක කිරීම මේ සංවිදාන තරග ලෙස මම දකිමි. ගනුදෙනු ගැන බලල කොරන වැඩ ගැන තක්සේරු කොරමු . ලබන අවුරුද්දේ මේ විදිහට ක්‍රියාත්මක වෙයිද කියලත් බලමු. (නදී)

:       0       0

ප්‍රසන්න Monday, 16 June 2014 01:31 PM

අපේ රටේ ඇමතිලා මිටි ගහලා තියෙන සල්ලි ඇද්දා නම් මුළු ලෝකෙම ඉන්න වකුගඩු රෝගීන්ට ආධාර කරන්න පුළුවන් ඇති (නදී)

:       0       0

පරාස බේ Monday, 16 June 2014 01:48 PM

මෙවන් වැඩ අපි අගය කළ යුතුයි. ප්‍රංශය අනිත් යුරෝපා රටවලට හොද ආදර්ශයක්. මෙවන් සුහද සහයෝගී වැඩ තවත් ඉදිරියට කරන්න ශක්තිය ලැබේවා! (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 15 June 2014 10:22 PM

ජනතාව මිරිකලා ගන්න බදු මුදල් වලින් කොමිස් ගහන, අපේ දේශපාලක උතුමන්ලාට මේක කනේ පහරක්.(දී)

:       0       0

දයානි නිසංසලා Wednesday, 18 June 2014 02:02 PM

මතු භවයේදීත් රූ රැජිණියන් වේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2109 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1362 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2187 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 538 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3101 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24486 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site