IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


යූරියා ගෙන්වන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

යූරියා ගෙන්වීමට තමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කරන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

අද වකුගඩු රෝගීන්ද රසායන පොහොර ඉල්ලා උද්ඝෝෂණයේ යෙදී සිටින බවද ඒ ඇයි දැයි තමාට ප්‍රහේලිකාවක් බවද හෙතෙම සඳහන් කළේය.

පොස්පරස් පොටැසියම් මේ රටේ තිබුණද නයිට්‍රජන්වල ප්‍රශ්නයක් තිබෙන බව පැවසූ චන්ද්‍රසේන මහතා ලබන වසර සඳහා යූරියා සියයට 50ක් ගෙන්වා 2023වර්ෂයේ දී එය සියයට 25ක් දක්වා අඩු කරගෙන ඊට පසු කාබනික පොහොර වැඩපිළිවෙළට යා හැකි බවද පැවසුවේය.

ජනාධිපතිවරයා කාබනික පොහොර තීරණය ගත්තේ සද්භාවයෙන් බවද වකුගඩු රෝගීන් ගැන සිතා ඔහු මෙම තීරණය ගෙන සියලු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටි බවද ඇමතිවරයා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධාන) (සංශෝධන) පනත් කෙටුම්පත, සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පත, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ නියෝගය, ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

 



අදහස් (18)

යූරියා ගෙන්වන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

de silva Thursday, 11 November 2021 06:00 PM

කරුණාකර පිස්සු නටන්නේ නැතිව ගොවියන්ට අවශ්‍ය පොහොර ටික ලබාදෙන්න... නැතිනම් ඔතන කළු කඩයක් නිර්මාණය වෙලා වෙන්නේ විශාල අවුලක්.. ජනාධිපතිලාට සහ ඇමැතිලාට ඕනෑනම් කාබනික පොහොර හෝ චීන අසූචි දමලා ඔබලාගේ පුද්ගලික කුඹුරුවල කාබනික පොහොර දමලා වී වගා කරන්න. අපිට කන්න නැති වුණත් අපි කොළඹ ඇවිත් ඔය දියවන්නාව වට කරලා ඔය ආණ්ඩු පක්ෂයේ ඉන්න හරක් ටික දියවන්නා ඔයට දමනවා...

:       4       46

Hafeel Thursday, 11 November 2021 06:25 PM

ජනතාව ගොනාට අන්දන්න එපා. ඔය ගොල්ලන්ගේ මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කරලා තියන්නේ වසර 10 ක් තුළ ක්‍රමානුකූලව කාබනික පොහොරවලට යනවයි කියලා මිස එක පාරටම නොවේ. ඔය ගොල්ලන්ට ඩොලර් නැති ප්‍රශ්නය නිසා පොහොර ගෙන්න ගන්න බැරි තත්වයක් තුළ ජනතාව රැවටෙනවා. අනික පොහොර නොමිලේ දෙනවායි කියලනේ මැතිවරණ පොරොන්දු...

:       0       54

ගොවිරාළ Thursday, 11 November 2021 06:33 PM

දැනට වී වපුරා ඇති කුඹුරුවල ගොයම් යූරියා ගෙනෙන තුරු බලා සිටීද? ඇමැතිතුමා අපිට දෙනවා කියපු මුදලුත් බැංකුවට දාලා නැහැ.. කොම්පෝස්ට් පොහොර නැහැ.. මොකද කරන්නේ ඉක්මණින් කියන්න.

:       0       44

mihira Thursday, 11 November 2021 07:17 PM

එයාලගේ සද්භාවයේ මිනිස්සු දන්නවා ඒක නෙමෙයි ප්‍රශ්නේ... ඩොලර්නේ ගේන්නේ ඒකයි නැවතුණේ ... වකුගඩු හින්දා නෙමෙයි.

:       0       46

යෝගා Thursday, 11 November 2021 07:28 PM

බාගෙට කෑවත් වස වසමයි.

:       3       34

Nuwan Thursday, 11 November 2021 07:34 PM

යූරියා කාබනිකද?

:       2       33

anaThursday, 11 November 2021 09:46 PM

යූරියා යනු නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝගයකි. මුලින්ම මිනිසා සංශ්ලේෂණය කළ කාබනික සංයෝගය යූරියා බව මම කාබනික රසායනයට ඉගෙනගෙන තියෙනවා.

:       0       2

පැරකුම් Thursday, 11 November 2021 07:53 PM

හමුදාවට අණ දෙනවා වගේ ගස්වැල්වලට නියෝග දෙන්න බැරි බව දැන්වත් තේරුම් ගත යුතුයි. ගොවි ජනතාව හමුදා බල ඇණියක් නොවේ. නිවැරදි දැක්මක් නොමැති රාජ්‍ය පාලකයෙක් ඇති රට කප්පිත්තෙක් නැති නැවක් මෙනි.

:       0       44

Nihal Thursday, 11 November 2021 09:35 PM

දැන් හෙමින් පල්ලම් බහිමු...

:       0       32

ana Thursday, 11 November 2021 09:48 PM

කට්ටිය අයින් වෙන්න වාහනයක් රිවස් කරනවා.

:       0       6

සඳුන් Thursday, 11 November 2021 10:19 PM

යූරියා පාවිච්චිය නිසා වකුගඩු රෝග ඇතිවන බවට විද්‍යාත්මක සාක්ෂි තිබේද?

:       0       5

Demuni Uduwara Friday, 12 November 2021 04:13 AM

මහින්දානන්ද කෝ? ඔහු යූරියා ඕඩර් කළ යුතුයි.. ඔබ නොවෙයි..!!! 

:       0       7

ගොවිරාල Friday, 12 November 2021 05:06 AM

ඉක්මණට.. මම හාන්න වෙලට අඩිය තිබ්බා විතරයි.

:       0       4

Lalith M Friday, 12 November 2021 06:51 AM

නැවට කපිතාන් කෙනෙක්ද ඕන...? ඇමරිකාවේ තව ඥාතීන් ඉන්නවද බලමු... ද්විත්ව පුරවැසියා වුණත් ඉතින්...

:       0       4

Pitigala milano Friday, 12 November 2021 10:24 AM

යූරියා නම් ගෙන්වන්න එපා. කාබනික ගොවිතැන දියුණු කරමු...

:       2       1

ජනහඩ Friday, 12 November 2021 10:28 AM

මේ සියල්ලෙන් එකක් පැහැදිලි වුණා. සාමාන්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නන් කරනා සැලසුම්කරණයට පවා ජනාධිපති ඇතුළු මෙවැනි ඇමැතිවරුට පුහුණුවක් පලපුරුද්දක් නැහැ. සම්බන්ධීකරණය කරන්නේ තමා වටා ඉන්නා නූගත් හෙංන්චයියන් හා ජාවාරම්කරුවන් නිසාදෝ ඒවා හැමවිටම සැක සහිත ගනුදෙනු යැයි චෝදනා ලබති. ජනපති දරදඬු ලෙස ‘රසායනික පමණයි’ කියනවිට මේ ඇමතිවරුද ගිරව් සේ එසේ කියති. ඒ කියන්නේ වහල් බව නිසා හෝ මෝඩකම නිසා විය හැකියි. කොටින්ම කිවහොත් එදිනෙදා වැල යන අතට මැස්ස ගහන එක ඇරෙන්නේ මේ වගේ අයට කළ හැකි දෙයක් නොමැති ගාණයි.

:       0       8

Udaya Sunday, 14 November 2021 07:29 PM

රජයේ තිබිය යුත්තේ එක වචනයයි...

:       0       3

sharm warn Monday, 15 November 2021 09:31 AM

පොහොර විතරක් කාබනික වුනාම ඇතිද ?වල නාශක ,කෘමි නාශක එහෙම රසායනික වුනාට කමක් නැද්ද ?ඒවාගෙන් පිළිකා කාරක ,වකුගඩු ආබාධ හැදෙන්නේ නැතිද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1543 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 299 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 552 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 796 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 153 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 560 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 726 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site