(අංජුල මහික වීරරත්න)
ඉන්දීය රජය විසින් ලබාදී තිබෙන යූරියා පොහොර බෙදාහැරීම් කටයුතු හෙට (12) පෙරවරුවේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කොළඹ වරායෙන් පොහොර ගොඩබෑමේ කටයුතු පැය 24 පුරාම සිදු කෙරෙන බවත් දින 10ක් ඇතුළත ගොඩබෑමේ කටයුතු අවසන් කිරීමට නියමිත බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
පොහොර බෙදාහැරිම් බාරව සිටින ලංකා කොමර්ෂල් පොහොර සමාගම විසින් එම පොහොර තොගය දිවයින පුරා බෙදාහැරිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අරඹා ඇතැයි ද ගොවීන්ට පොහොර බෙදාහැරිමේ කටයුතු විධිමත්ව සිදුවන්නේ ද යන්න කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පූර්ණ අධික්ෂණය මත සිදු කෙරෙන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අන්තර්ජාතික රසායනාගාර තුනකින් රසායනික වාර්තා ලැබී ඇතැයි ද එම වාර්තා තුනෙන්ම පොහොර වල අඩංගු බයියුරේට් ප්‍රතිශතය 1%ට වඩා අඩු බව තහවුරු කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඊට අමතරව ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් ද අදාල පොහොර සම්බන්ධයෙන් ප්‍රමිති සහතිකය ලබා ගැනීම සඳහා පියවර ගෙන තිබෙන බවත් එම සහතිකය ලැබීමෙන් අනතුරුව පොහොර බෙදා හැරිම් කටයුතු ආරම්භ කෙරෙන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
යූරියා පෙහොර ප්‍රවාහනයේදී යම් අක්‍රමිතතාවන් සිදුවීමට ඉඩ ඇති බැවින් එය වළක්වා ගැනීම සඳහා සියලු නිලධාරීන් අවධානයෙන් කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දී ඇත. ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන ලොරි රථ GPS තාක්ෂණය උපයෝගී කර ගනිමින් ද නිරීක්ෂණය කෙරෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යූරියා බෙදීම හෙට සිට
යූරියා Monday, 11 July 2022 03:50 PM
හා... හා....ගස්වලට දාන්න නොවේ... පෙළපාලි ගිහිල්ලා රට කාපු හැත්තට කන්න දෙන්න.