මහව - වව්නියාව දුම්රිය මාර්ගයේ නවීකරණයද පොල්ගහවෙල - මහව ද්විත්ව මාර්ගය ඉදිකිරීමේ ඇති සැලසුම්ද කඩිනම් කරන ලෙස ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන්නේය.
යුද සමයේ දී විනාශ වූ උතුරු දුම්රිය මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු පසුගිය වසරේ යළි විවෘත කළත් මහව මංසන්ධියේ සිට වව්නියාව දක්වා පවතින දුෂ්කරතා හේතුවෙන් නිසි ලෙස දුම්රිය ධාවනය නොවන බැවින් නවීකරණය කරන ලෙස ඇමති ඔවුන්ට දැනුම් දී ඇත.
එවිට යාන ගමනට ගතවන කාලය පැයකින් පමණ අඩුවනු ඇතැයි ඇමතිවරයා පැවසීය.
අඩුපාඩු සොයාබැලීම සඳහා ඇමැති කොටුව සිට යාපනය දක්වා යාල් දේවී ගියේය.
ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
යාල්දේවි ඇමැති එක්ක යාපනේ යයි
රියාල් Sunday, 04 October 2015 03:25 PM
සිරිපාල නම් වැඩක් කරන පුද්ගලයෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙත් ගොඩක් වැඩ කළා මට මතකයි (බ)
ජයනාත් Monday, 05 October 2015 04:44 PM
දුම්රියේ යනවානම් ඔබ 3 වන පන්තියේ යන්න ආරක්ෂකයන් සමග පමණක් .ප්‍රාථමික අඩුපාඩු එමටයි දුෂණ ,නාස්ති අති මහත්...! සේවකයෝත් වැටුප් ගන්නවා විතරයි .වැටුපටවත් හරියන වැඩක් කරන කවුරුත් නැහැ.නිලධාරීන් ඔබ සමග ගියොත් නම් කොලේ වහනවා,අන්දනවා .ඩඩ්ලි සේනානායක අගමැති තුමාත් පාත්ති වල ගෝව ගෙඩි ,වී පඳුරු පිටින් හිටවලා රවටපු නිලධාරීන් 1960 ගණන් වල පවා හිටපු රටක් මේක...! කොටුව දුම්රියපොළේ ආපනශාලාව නැවත ඇර ගන්න පුළුවන් වුනාද..? (බ)
දිලිප් Sunday, 04 October 2015 04:42 PM
ඇමතිවරයා කලින් දැනුම්නොදීම කොටුව මරදානට පැමිණ නිරීක්ෂණය කරනවා නම් අඩුපාඩු එමට සොයා ගැනීමට පුළුවන්. කලින්ම දැනගත්තහම නිලධාරින් පෙර සුදානම් ඇතුව කාරණා වසා දමනවා. එවැනි සිදුවීම් කොටුව දුම්රිය ස්ථානයේදී පසුගිය වර ඇමතිවරයා පැමිණි දින අප අත්දුටුවා (නි)
අනුර Sunday, 04 October 2015 05:58 PM
මොනතරම් අඩුපාඩු ගොඩකද අපේ රටේ මිනිස්සු යන්නේ? (නි)
කමල් Sunday, 04 October 2015 08:11 PM
බොහොම හොඳයි (නි)
චානක Sunday, 04 October 2015 09:33 AM
බලනවා වගේම අඩු පාඩු ටිකත් හැදෙනවා නම් ගොඩ (ම)
සමන්ත Sunday, 04 October 2015 10:47 AM
මේ යාල්දේවි දුම්රියද. මේ ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා යන නගරාන්තර දුම්රියයි. යාපනේට යන හැම දුම්රියම යාල්දේවි නෙමේ. මේක නිවැරදි කරන්න. නැත්නම් යාල්දේවියේ යන මගින් කෝ ඒසී කියලා බලයි. (බ)
සමීර Sunday, 04 October 2015 11:28 AM
ඉස්සර නම් වැඩක් කරන්නවත් අවස්තාවක් ලැබුණේ නැහැ නේද ?(ම)
සනත් Sunday, 04 October 2015 12:16 PM
වවුනියාව දක්වා ද්විත්ව මාර්ගයක් ඉතාම අවශ්‍යයි (බ)