සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන යාල වනෝද්‍යානය ශ්‍රී ලාංකිකයන් වන අපට මහත් වූ සම්පතකි. නමුත් මෙකී සුවිශේෂී පරිසර පද්ධතිය ගැන වර්තමානයේදී අසන්නට ලැබෙන්නේ එතරම් සුබදායක තොරතුරු නම් නොවේ. මීට ආසන්නම හේතුව ලෙස පසුගිය දිනෙක දිවියන් නැරඹීමේ පිපාසයෙන් පෙළුණු පිරිසකගේ මනදොළ සපුරාගැනීමට යාමේදී වාහනයකට යට වී දුර්ලභ ගණයේ දිවියෙකුට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම දැක්විය හැකිය. මීට අමතරව තවත් බොහෝ පාරිසරික ගැටලූ යාල ආශි‍්‍රතව මතුවෙමින් තිබෙන බව පැවසෙන අතරම ඒ පිළිබඳ විමසා සිටින්නට යාල වෙත නිරන්තරයෙන් සංචාරයේ යෙදෙන පරිසර ගවේෂකයෙකු හා වනජීව ඡායාරූප ශිල්පියෙකු වන රියර් අද්මිරාල් ලලිත් ඒකනායක මහතාව සම්බන්ධ කරගනු ලැබුවා. යාල කියන්නේ අපේ වනෝද්‍යාන වල මුදුන්මල්කඩයි. මේ නිසාම වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගත් වනෝද්‍යානයක් බවට පත්වන්නට යාල සමත්ව තිබෙනවා. ප‍්‍රමාණයෙන් කුඩා වුවත් සත්ත්ව ඝනත්වය ඉතා වැඩියි. විශේෂයෙන් වර්ග කිලෝමීටරයකට ලෝකේ වැඩිම දිවි ගහනයක් සහිත වනෝද්‍යානය වන්නේ යාලයි. දිවියා තමයි බලන්න අසීරුම සතා. නමුත් යාල වනෝද්‍යානයේ දිවියන් වැඩිවන්න එක හේතුවක් වන්නේ යාල තුළ සත්ත්ව ආහාර දාමයේ ඉහළින්ම සිටින සතා බවට දිවියා පත්ව සිටින නිසයි. මෑතකදී BBC නියෝජනය කරමින් පැමිණි ඡායාරූප ශිල්පියෙකු වන ජොනතන් ස්කොට් හා නැන්සි ස්කොට් මේ කාරණා පිළිබඳව BBC තුළින් ප‍්‍රකාශ කර තිබෙනවා. යාල හි තිබෙන දිවි ඝනත්වය නිසා හා ජෛව විවිධත්වය නිසා සංචාරකයන් විශාල ලෙස පැමිණෙනවා. වසර 30ක යුද්ධයෙන් පසු ඇති වී තිබෙන නිදහසත් සමග සංචාරකයන් වැඩි වශයෙන් යාලට පැමිණෙනවා. සමහර දිනවල වාහන 200 - 300 යාලට ඇතුළත් කරනු ලබනවා. මේ සංචාරක ආකර්ෂණය නිසාම යාල විනාශයේ තර්ජනයකට මුහුණ දී සිටිනවා. ඒ බැවින් ‘යාල රැකගනිමු’ කියන පදනමට අපට එන්නට සිදුව තිබෙනවා. යාල විනාශයට බලපාන හේතු මම ලෝකෙ බොහෝ වනෝද්‍යාන වල සංචාරය කර තිබෙනවා. ඒ හැම වනෝද්‍යානයකම නීති පද්ධතියක් තිබෙනවා. ඒ අනුව ඕනෑම වනෝද්‍යානයකට දිනකට ඇතුළු කරන වාහන ප‍්‍රමාණය සීමාවක් තිබෙනවා. උදාහරණයක් ලෙස ඉන්දියාවේ ‘රන්තම්බෝර්’ කියන වනෝද්‍යානය කලාප හයකට බෙදා තිබෙන අතර, එක කලාපයකට දිනකට ඇතුළත් කළහැක්කේ වාහන 35 ක් පමණයි. ඒ වාහනත් පෙට‍්‍රල් වාහන පමණක් විය යුතුයි. මේ අනුව ගත් කල යාලට දිනකට ඇතුල් කරන වාහන සීමා කළ යුතුයි. එසේ නොකරන්නේ එයින් ලැබෙන ආදායම ගැන හිතලා වෙන්න පුළුවන්. නමුත් අපි ආදායමට මුල්තැන දීලා වනජීවී ආරක්‍ෂාව ඊට පහළ තැනකට දැම්මොත් මේ වනෝද්‍යානය අපට නැතිවේවි. මේ නිසා අප මූලික පරමාර්ථය විය යුත්තේ වන ජීවීන්ව ආරක්‍ෂා කිරීමයි. වාහන වැඩි වශයෙන් යාල තුළට ඇතුල් කිරීමෙන් හානි සිදුවීම ආකාර කීපයකට වෙනවා. වාහන වල ශබ්දය නිසා සිදුවන පරිසර හානිය, වාහනයෙන් පිටකරන නොයෙක් වායූන් නිසා ඇතිවන හානිය සහ වාහන වැඩිවීම නිසා සතුන්ට ඇතිවන අපහසුව යන කාරණායි. වාහන සීමා කිරීම ගැන උරණ වන පිරිස් ගණනාවක් සිටිනවා. ඉන් එක් කොටසක් වන්නේ සංචාරකයනුයි. යාලට වැඩිම සංචාරක පිරිසක් පැමිණෙන්නේ දෙසැම්බර්, අපේ‍්‍රල්, අගෝස්තු යන පාසල් නිවාඩු සමය තුළයි. මේ කාලය තුළදී තමයි වාහන සීමා කිරීම කළ යුත්තේ. වාහන වැඩි වශයෙන් ඇතුල් කිරීම නැවත්වීම සඳහා පෙ.ව 10.00 සිට සවස 2 දක්වා ප‍්‍රවේශපත් නිකුත්කිරීම නැවත්විය හැකියි. මොකද යාල වනෝද්‍යානයේ සතුන් බලන්න ඕන නම් උදේ පාන්දරත්, සවසත් තමයි යා යුත්තේ. මේ නිසා උදේ 10.00 සිට සවස 2 දක්වා ඇතුල් වන වාහන බොහොමයක සිටින්නේ කතරගම, කිරින්ද වැද පුදාගෙන ගෙදර යන ගමන් යාලට ගොඩවැදී යන අයයි. ඒ අයට වන ජීවින් ගැන බැලීමට දැඩි උනන්දුවක් නැහැ. මේ සීමාවෙනුත් වාහන අඩුවෙන්නේ නැත්නම් වාහන සංගණයක් සිදුකර වාහන සීමාකළ යුතුයි. මේ දවස්වල බොහෝ අය කියන දෙයක් වන්නේ යාල සතුන් වැඩියි කියලයි. නමුත් සතුන් සංගණයක් කළොත් පැහැදිලිවෙනවා සතුන් අඩුවෙලා තිබෙන බව. යාල රැකගන්න තවත් පියවර දොර දෙකේ බස් රථ ඇතුල් කෙරෙන ලෝකේ එකම වනෝද්‍යානය යාලයි. මෙතෙනදි කෙනෙක් තර්ක කරන්න පුළුවන් අපට සෆාරි වාහන වලට වැය කරන්න මුදල් නැහැ, ඒ නිසා ආපු බස් රථයෙන්ම යනවා කියලා. මීට විකල්පයක් ඉන්දියාව ආශ‍්‍රයෙන් අපට ගත හැකියි. ඉන්දියාවේ වනජීවී දෙපාර්තමේන්තුව මගින් ආසන 20 ක පමණ කොළපැහැති කැන්ටර් රථ වනෝද්‍යාන සතුව තිබෙනවා. එවිට වනෝද්‍යානය බලන්න එන අය තමන් ආපු බස්රථය වනෝද්‍යානය අසල නවතා කැන්ටර් රථයක නැගී වනෝද්‍යානය තුළට යනවා. ඒ කැන්ටර් රථය පදවන්නේ වනෝද්‍යානය තුළ වාහන පැදවීමේ පුහුණුවක් ලැබූවෙක්. හැබැයි ලංකාවේ සාමාන්‍ය මහා මාර්ගවල ගමන් කරන බස් රථ යාල තුළ පදවන්නෙත් පාරේ යන විදිහටමයි. ඒ රියදුරාට අවබෝධයක් නැහැ වනජීවීන් සිටින පෙදෙසක වාහන පැදවිය යුත්තේ කෙසේද කියලා. මේ නිසා වනජීවී දෙපාර්තමේන්තුවට මෙවැනි කැන්ටර් රථ යෙදවිය හැකිනම්, නැතිනම් සෆාරි ජිප් රථ හිමිකරුවන්ට මේ ගැන පැහැදිලි කර යම් සහන මිලකට මේ වාහන මිලදීගැනීමට අවස්ථාව සලසා සංචාරකයන්ට සහන මිලකට ඒවායේ ගමන් කිරීමේ ක‍්‍රමවේදයක් සැකසිය යුතුයි. විනය පිරිහීම යාල වනෝද්‍යානය තුළ විනය විශාල ලෙස පිරිහී ගොස් තිබෙනවා. යාල ඇතුළේ වාහන පැදවීමේ කිසිම විනයක් නැහැ. වේගය ගැන කිසිම සැලසිල්ලක් දක්වන්නේ නැහැ. මාර්ග නීති පිළිපදින්නෙත් නැහැ. මේකට මූලික වශයෙන් බලපා තිබෙන්නේ ස්වේච්ඡා නියාමකයන්ගේ ඌනතාවයයි. යාලට බොහෝ අය යන්නේ සෆාරි රියදුරා සමග පමණයි. සමහර සෆාරි රියදුරන්ගේ ප‍්‍රධාන පරමාර්ථය වන්නේ සංචාරකයන්ට දිවියන් පෙන්වීමයි. ඒ නිසා වේගයෙන් වාහනය පදවාගෙන ගොස් දිවියන් පෙන්වනවා. දිවියන් කොහේ හෝ දැක්කොත් අනිත් රියදුරන්ටත් ජංගම දුරකථනයෙන් ඒ බව දන්වනවා. මේ තත්ත්වය පාලනය කරන්න නම් ස්වේච්ඡා සේවකයන් අවශ්‍ය තරම් බඳවාගත යුතුයි. මෙතනදි ස්වේච්ඡා සේවකයන්ට දෛනිකව ගෙවන්නේ රුපියල් 350යි. එය රුපියල් 500 පමණ දක්වා වැඩිකළ යුතු අතර, එම මුදල යාලට ඇතුල්වන ප‍්‍රවේශ පත‍්‍රයටම ඇතුළත් කළ හැකියි. දැන් සංචාරක නියාමයකයිනට ගෙවන මුදල අඩු නිසා සංචාරකයින්ගෙන් සංතෝසම් ලබාගැනීමේ අරමුණින් සංචාරකයන් වැඩි වැඩියෙන් සංතෝෂ කිරීමට උද්‍යානයේ නීති උල්ලංගණය කිරීම තමයි සිදුවන්නේ. වනෝද්‍යානයේ තිබිය යුතු නීති ගැන යාල හි කොහේවත් ලියා නැහැ. දැනට යාලට දෙන ප‍්‍රවේශපත‍්‍රයක් පිට පැත්තේ ඉංගී‍්‍රසියෙන් ඉතා කුඩාවට මුද්‍රණය කළ වගන්ති 14 තිබෙනවා. ඒ වගන්ති කියවීමට බැරි තරම් කුඩයි. මේ නිසා ප‍්‍රවේශපත‍්‍රය සමග තනි කොලයක භාෂා තුනෙන්ම මුද්‍රණය කළ නීති මාලාවක් ලබාදිය හැකියි. ඊළඟ පියවර විය යුත්තේ පනවන ලද නීති කඩන පුද්ගලයන්ට නිසි දඬුවම් පැනවීමයි. මෙතනදී උද්‍යාන පාලකට හා උද්‍යාන නියාමකවරුන්ට ඒ සඳහා බලය ලබාදිය යුතුයි. දිවියාගේ නික්ම යාම දිවියා යනු ලෝකෙම දුර්ලභ සතෙක්. එහෙම සතෙක් වනෝද්‍යානයට යන වාහනයක හැපිලා මිය යනවා කියන්නේ ඒ උද්‍යානයේ පරිපාලයේ තිබෙන දුර්වලතාව පිළිඹිබු වන්නක්. ඕනෑම වනෝද්‍යානයක වාහන ධාවනය කළහැකි වේග සීමාවක් තිබෙනවා. යාලට ඇතුල් වන තැන හැර ඇතුළත කිසිම තැනක මේ වේග සීමා දක්වා නැහැ. මේ නිසා සෆාරි රියදුරන් සේම පිටතින් පැමිණෙන වාහනත් වේග සීමා ඉක්මවා ධාවනය කිරීම සාමාන්‍ය දෙයක්. මේ වේග සීමා නිවැරදිව දක්වා, ඒ සීමා කඩකළොත් දැඩි දඬුවමක් කි‍්‍රයාත්මක කළ යුතුයි. අඩුගානෙ දවසකට එක වරක්වත් වනජීවී නිලධාරීන් උද්‍යානය තුළ සැරිසරා මේ දේවල් නිරීක්‍ෂණය කරන්න ඕන. මේ විදියට ක‍්‍රමයක් ඇති නොකළොත් අපට යාල රැකගන්න ලැබෙන්නේ නැහැ. ලෝකෙ කොහේවත් වනජීවී උද්‍යාන හදලා නැහැ. මිනිසුන්ට කොච්චර සල්ලි තිබුණත් වනජීවී උද්‍යාන හදන්න බැහැ. ඇමරිකාවේ, චීනයේ, එංගලන්තයේ, ජර්මනියේ, ඔස්ටේ‍්‍රලියාවේ ස්වාභාවික වනජීවි උද්‍යාන නැහැ. වනජීවි උද්‍යාන ඇතිවන්නේ අවුරුදු කෝටි ගණනක පරිණාමය සමගයි. මේ නිසා නැති වුණොත් නැතිවුණාම තමයි. සංචාරක ව්‍යාපාරය පිළිබඳව අප රට වැඩි උනන්දුවක් දක්වනවා. මෙතන්දී කොච්චර හෝටල් හැදුවත්, පාරවල් කොන්කී‍්‍රට් කරලා හොඳට පවත්වාගෙන ගියත් වනජීවී උද්‍යාන නිසි ලෙස රැකෙන්නෙ නැත්නම් සංචාරකයන් විශාල ප‍්‍රමාණයක් අහිමි වී යාවි. අවම පහසුකම් යාලට ඇතුල් වන තැන හොඳ වැසිකිලි පහසුකම් නැහැ. ගමන් විඩාව නිවාගන්න තැනක් නැහැ. වාහන ගාල් කිරීමට නිශ්චිත තැනක් නැහැ. මේ නිසා අවම පහසුකම් හෝ ක‍්‍රමවත්ව සලසන ආකාරයට සැලැස්මක් ඇතිකළ යුතුයි. සංචාරක බංගලා යාල වැනි කුඩා වනෝද්‍යාන තුළ සංචාරක බංගලා හෝ කෑම්ප් සයිට් සාමාන්‍යයෙන් ඉදිකරන්නෙ නැහැ. මොකද මේ ස්ථාන වල මිනිසුන් සිටීමෙන් වනජීවීන්ට අපහසුතාවක් ඇතිවන නිසයි. මේ නිසා කිවයුත්තේ දැනට තිබෙන සංචාරක බංගලා හා කෑම්ප් සයිට් හැර අලූතින් සංචාරක බංගලා සහ කෑම්ප් සයිට් ඉදිකරන්න එපා යන්නයි. වනජීවී නියාමකයන් වනජීවී නිලධාරීන්ට වනජීවීන් ගැන අවබෝධයක් ලබාදෙන වැඩමුළු සංවිධානය කළ යුතුයි. වනජීවීන්ට ආදරය කරන, ඒ ගැන අධ්‍යනය කරන ස්වේච්ඡා පිරිස් ඕනෑම වෙලාවක තම දැනුම මේ නිලධාරීන්ට ලබාදෙන්න සූදානමින් සිටිනවා. ඒ වගේම වනෝද්‍යානය තුළ ගමන් කරන වනජීවී නිලධාරින්ට වෙනම නිල ඇඳුමක් හඳුන්වා දිය යුතුයි. උදාහරණයක් ලෙස හරිත පැහැති ටී ෂර්ට් එකක් හා කොට කලිසමක්, තොප්පියක් හා සෙරෙප්පු කුට්ටමක්ද ඊට ඇතුළත් කළ හැකියි. සමස්තයක් ලෙස මා මෙහි සඳහන් කළේ යාල වනෝද්‍යානය නිසි ලෙස පවත්වාගෙන නොගියහොත් ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් පිළිබඳවයි. මා ඉහත සඳහන් කළා. මේ ක‍්‍රම අනුගමනය කරමින් යාල සුන්දරත්වය සංචාරකයන්ට විඳින්නට සැලැස්වීමත්, මතු පරපුර සඳහා මේ ජෛව විවිධත්ව භූමිය රැකගන්නට කටයුතු කරන ලෙස ශ්‍රී ලාංකික සැමගෙන් ඉල්ලා සිටිනවා. 0777 385968 www.lalithphotography.com නිරෝෂාන් පේ‍්‍රමරත්න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාල රැක ගනිමු...
සංජීව වීරක්කොඩි Tuesday, 29 November 2011 12:30 PM
අපේ රට කොච්චර නම් සුන්දරද? ඒත් ටික දෙනෙක් නිසා මේ සුන්දර රට වැනසෙනවා. අපි ඒකට ඉඩ දෙනවාද? මොහොතක් සිතන්න
එරන්දිකා Friday, 02 December 2011 12:18 PM
දේශීය අභීමානයක් ඇති අපේ දේ රැක ගැනීම අප සතු යුතුකමකි...
චම්පත් Friday, 02 December 2011 12:28 PM
ඉතාමත් වැදගත් සහ දුර්ලභ,ලස්සන පින්තූර ඇති ලිපියකි.ස්තූතියි.
වසන්ත කුමාර-දෝහාකටාර් Tuesday, 29 November 2011 03:30 PM
අදහස නම් හොදයි. ලොකුතැන් වලින් ඕව නොකරන එකයි ගැටළුව
කේ ඩබ් කුමාර Tuesday, 29 November 2011 04:49 PM
රට් සුන්දර දේ තේරුම් යන්න වෙන රටකට යන්න ඕනි.
දිසානායක Tuesday, 12 June 2012 11:04 AM
අපි රැකගත යුතුයි අපේ මව් රට "ශ්‍රී ලංකා "
සුනිල් Saturday, 03 December 2011 01:08 PM
වසන්ත කුමාර හරි
සුනිල් Saturday, 03 December 2011 12:37 PM
වසන්ත ඔබ හරි
යමුනා Saturday, 03 December 2011 03:16 PM
හරි ලස්සනයි රට...
එස් වසන්ත Monday, 28 November 2011 10:45 PM
ඒක හොදයි
ටී ටී සිල්වා Thursday, 01 December 2011 09:08 PM
ලෝකේ උතුම්ම රට ලංකාවයි.
ටී ටී සිල්වා Thursday, 01 December 2011 09:40 PM
ලෝකෙන්ම උතුම් රට ලංකාවයි. එය රැකගැනීම අපි කාගේත් යුතු කමයි.