(අංජුල මහික වීරරත්න)
ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමඟ උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දෙන යෝජිත ක්‍රීඩා විශ්වවිද්‍යාලය කඩිනමින් අරඹන බව තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසිය.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය වැඩිදියුණු කරමින් එම ක්‍රීඩා විශ්වවිද්‍යාලය පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවත්, පාසල් සහ ප්‍රාදේශීය මට්ටමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතාවන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ දී දේශපාලන මැදිහත්වීමක් සිදුවන බවට මෙතෙක් නැගුණ චෝදනාව අවසන් කරමින් ජාතික ක්‍රීඩා සභාව පිහිටුවීමට රජය පියවර ගෙන තිබෙන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා නව ජාතික ක්‍රීඩා සභාව අත්දැකීම් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් මෙන්ම පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත බවත් මෙරට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැඟීමට එය ඉවහල් වනු ඇති බවත් සඳහන් කළේය.
“ජාතික යෞවන ක්‍රීඩා උළෙල” සහ “තුරුණු ශක්ති වැඩසටහන” නැවත පැවැත්වීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත
ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්
ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
යෞවන ක්‍රීඩා උළෙල යළි අරඹයි