IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


යොවුන් පාපැදි ශූරයා යුද හමුදාවේ ලක්ෂ්මන්

ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ සමස්ත ශූරයා බවට පත්වීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප‍්‍රල් ලක්ෂ්මන් විජේරත්න ක‍්‍රීඩකයා පෙරේදා (10) සමත් විය. ඒ සඳහා ඔහු වැය කළ කාලය පැය අටයි විනාඩි 24යි. තත්පර 32කි. ඒ අනුව ශ්‍රී ලංකා පාපැදි ක‍්‍රීඩා ඉතිහාසයේ පළමු වරට වැඩිම ත්‍යාග මුදලක් සහිත සුපිරි මෝටර් රථය හිමිකර ගැනීමට ඔහු සමත් විය. අදියර තුනකින් සමන්විත වූ මෙම තරගාවලිය ඉකුත් 08 වැනි දින මඩකළපුව පුස්තකාලය අසලින් ආරම්භ විය. පළමු අදියර අවසන් වූයේ සියඹලාණ්ඩුවෙනි. දෙවැනි අදියර සියඹලාණ්ඩුවේ සිට තිස්සමහාරාමය දක්වා  පැවැති අතර තෙවැනි අදියර තිස්සමහාරාමයේ සිට මාතර  දක්වා පැවැත්විණි. සමස්ත තරගාවලියේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප‍්‍රල් දිලීප ප‍්‍රභාත් (පැය 8 වි. 24 තත්. 45) ද, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේම සාමාන්‍ය සෙබල සමීර චතුරංග (පැය 8 වි. 24 තත්පර 50) ද හිමිකර ගත්තේය. සිවුවැනි ස්ථානය ශ්‍රී ලංකා පොලිසියේ සුදීර නිලංග (පැය 8 වි. 24 තත්. 51) ද, පස්වැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කුමාර අබේසිංහ (පැය 8 වි. 24 තත්. 52) ටද හිමි විය. කිලෝ මීටර් 365කින් සමන්විත වූ සමස්ත තරගයේ අවුරුදු 23න් පහළ යොවුන් ධාවකයා ලෙස සම්මාන දිනා ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සමීර චතුරංගය. තිස්සමහාරාමයේ සිට මාතර දක්වා පැවැති තෙවැනි අදියරේ ප‍්‍රථම ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ  ලක්ෂ්මන් විජේරත්න දිනා ගත්තේය. දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ දුසාන් සඳකැලූම් ද, තෙවැනි ස්ථානය  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කුමාර අබේසිංහ ද හිමිකර ගත්තේය. ජයග‍්‍රාකයන්ට ජය සංකේත ප‍්‍රදානය කිරීම යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේමාල් ගුණසේකර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා, දකුණු පළාත් සභා මන්ත‍්‍රී කාංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම තරගාවලියේ සමාප්තිය දැක බලා ගැනීමට මාතර ප‍්‍රධාන බස් නැවතුම්පොළ අසලට විශාල ජනකායක් ඒකරාශී වී සිටියහ. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව මෙය සංවිධාන කර තිබුණි. සමස්ත තරගයේ ජයග‍්‍රාහකයා වූ ලක්ෂමන් විජේර්ත්න තමාට හිමි මෝටර්රථය සමග(ඡායාරූප: කි‍්‍රෂාන් ජීවක ජයරුක්) යොවුන් පාපැදි සවාරියේ ජයග‍්‍රාහකයන් තිදෙනා



අදහස් (0)

යොවුන් පාපැදි ශූරයා යුද හමුදාවේ ලක්ෂ්මන්

සුනිල් ශාන්ත Monday, 12 December 2011 02:49 PM

ගොඩක් හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දිළිඳු නිවාස ආධාරය වැඩි කරයි
2025 අප්‍රේල් මස 22 0 0

’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මල් කඩන්න ගිහින් දිය යට සැඟවෙයි
2025 අප්‍රේල් මස 22 8 0

පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.


කරෙයිනගර් ජැටිය ඉන්දු-ලංකා සහයෝගයෙන් හැදෙයි
2025 අප්‍රේල් මස 22 38 0

සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 32 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර
2025 අප්‍රේල් මස 22 242 0

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙනස් වෙයි
2025 අප්‍රේල් මස 22 261 0

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 538 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site