සියඹලාණ්ඩුව නගරයේ සිට තිස්සමහාරාම නගරය දක්වා කිලෝමීටර 131 ක දුරකින් පැවැති ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ දෙවැනි අදියර ජය ගැනීමට ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ අද (9) සමත්විය. දෙවැනි අදියර නිම වීමත් සමග සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට පළමු අදියර ජයගත් යුද හමුදාවේ දිලීප ප‍්‍රභාත් සමත්ව සිටියි. දිලීප අදියර දෙක අවසානයේදී පැය 5 යි. විනාඩි 54. 19 ක කාලයක් වාර්තා කර තිබේ. තරගකරුවෝ 75 දෙනෙක් සහභාගි වු දෙවැනි අදියරේදී දිලීපට හිමි වුයේ 35 වැනි ස්ථානයයි.
යුද හමුදාවේම සමීර චතුරංග පැය 5 යි. විනාඩි 54. 24 ක කාලයක් වාර්තා කරමින් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර පොලිසියේ සුදීර නිලංග පැය 5 යි. විනාඩි 54. 28 ක් ලබා එහි තෙවැනි ස්ථානයේ පසුවෙයි.
තරගකරුවන් පොකුරක් අතුරින් තියුණු සටනකින් පසුව ජීවන් ජයසිංහ දෙවැනි අදියර ජය ගත්තේ පැය 3. විනාඩි 1 යි. 53 ක කාලයක් ලබමිනි. ගුවන් හමුදාවේම නවීන් රුචිර සහ නාවික හමුදාවේ ජානක හේමන්ත කුමාර එම කාලයම වාර්තා කරමින් පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ලැබුහ. ජයග‍්‍රාහී ජීවන් ජයසිංහ ට පළමු අදියරේදී 22 වැනි ස්ථානය හිමි වු අතර සමස්ත තරගයේ ඔහුට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.
තිස්සමහාරාම නගරයෙන් හෙට (10) ආරම්භ වන පාපැදි සවාරියේ අවසන් අදියර (කිලෝමීටර් 111) මාතරින් අවසන් වීමට නියමිතය.
ශ්‍රී ලංකා පාපැදි කී‍්‍රඩා ඉතිහාසයේ පළමු වරට ශූරයාට වටිනා මෝටර් රථයක් පිරිනමන මෙම තරගය ජාතික තරුණසේවා සභාව සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්‍ෂණයෙන් සංවිධානය කරනු ලබයි.
දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.
සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ
විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යොවුන් පාපැදි සවාරියේදී දිලීප පෙරමුණ ගනියි
කුමාර Friday, 09 December 2011 11:00 PM
මේවගේ වටින තෑගි දෙන්න ඕන. මේ ක්‍රීඩාව නගා සිටුවන්න