ජාතික තරුණ සේවා සභාවත්, යෙවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයත් එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා යොවුන් රේසිං පාපැදි තරගය අද (8) පෙරවරු 8.30 ට මඩකළපුව පුස්තකාලය අසළින් ඇරැඹෙයි. කිලෝමීටර 365 ක දුරකින් යුත් රේසිං පාපැදි තරගය අදියර තුනකින් ක‍්‍රියාත්මකවේ. රේසිං පාපැදි තරගයේ පළමු අදියර අද මඩකළපුවෙන් ආරම්භ වී කාන්තන්කුඩි, පදිරිප්පු, කල්මුනේ, සමන්තුරේ, අම්පාර, දමන, පල්ලේවෙල හරහා සියඹලාණ්ඩුව නගරයෙන් අවසන් වේ. හෙට (9 වැනිදා) සියඹලාණ්ඩු නගරයෙන් ආරම්භවන දෙවැනි අදියර කොඩයාන, මොණරාගල, බුත්තල, වැල්ලවාය, තණමල්විල, ලූණුගම්වෙහෙර හරහා තිස්සමහරාමයෙන් නිමාවේ. තිස්සමහරාම නගරයෙන් 10 වැනිදා ආරම්භවන අවසන් අදියරේදී තරගකරුවෝ මිරිජ්ජවිල, අම්බලන්තොට, නෝනාගම, රන්න, තංගල්ල, දික්වැල්ල නගර ඔස්සේ මාතර සනත් ජයසුරිය ක‍්‍රීඩාංගණය අසළින් තරගය අවසන් කරති. රේසිං පාපැදි තරගයට සමගාමීව පැවැත්වෙන ස්ටෑන්ඩර්ඞ් පාපැදි තරගයේ දුර කිලෝමීටර 125.4 කි. මඩකලපුව පුස්තකාලය ඉදිරිපිටින් ආරම්භ වන තරගය මඩකළපුව, කාන්තන්කුඩි, පදිරිප්පු, කල්මුනේ, සමන්තුරේ, අම්පාර, දමන, පල්ලේවෙල හරහා සියඹලාණ්ඩු නගරයෙන් අවසන්වේ. රේසිං තරගයේ ශූරයාට වටිනා මෝටර් රථයක් පිරිනමන මෙම තරගය සඳහා තරගකරුවන් 120 කට ආසන්න සංඛ්‍යාවක්ද, ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගයට තරගකරුවන් 300 කට වැඩි පිරිසක් ද ඉදිරිපත්ව සිටින බව සංවිධායක කමිටුව පවසයි. රේසිං තරගයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා තරගකරුට රුපියල් ලක්‍ෂ තුනක් ද, තෙවැනි ස්ථානයට රුපියල් ලක්‍ෂ දෙකක් ද පිරිනැමේ. 25 වැනි ස්ථානය දක්වා තරගය නිම කරන තරගකරුවන්ට මුදලින් ත්‍යාග පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ. අදියර ජයග‍්‍රහකයන්ට සහ කණ්ඩායම් ජයග‍්‍රහකයන්ට ද වටිනා ත්‍යාග පිරිනැමේ. ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගයේ ශූරයාට රුපියල් 100,000 ක්ද, දෙවැනි ස්ථානයට රුපියල් 75,000 ක් සහ තෙවැනි ස්ථානයට රුපියල් 50,000 ක් ලෙස 25 වැනි ස්ථානයට තරගය නිම කරන ධාවකයා දක්වා මුදල් ත්‍යාග පිරිනැමේ. රේසිං සහ ස්ටෑන්ඩර්ඩ් තරගදෙකේ පළමු ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා තරගකරුවන්ට හිමි ත්‍යාග මෙම 11 වැනිදා පස්වරු 3.00 ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ක‍්‍රීඩා අමාත්‍යංශ ක‍්‍රීඩාංගණයේදී පිරිනැමීමට නියමිතය.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යොවුන් රේසිං පාපැදි තරගය මඩකළපුවෙන් අද ඇරැඹෙයි