IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


යුවරාජ්ගේ ගෙට ගල් ගසයි

ශ්‍රී ලංකාව සමග පැවැති විස්සයි විස්ස අවසන් ක්‍රිකට් තරගයේ දී ඉතා අඩුවෙන් ලකුණු ගත්තැයි කෝපවූ ඉන්දියානුවෝ පිරිසක් උතුරු ඉන්දියාවේ චන්දිගාරයේ යුවරාජ් සිංගේ නිවසට ගල් ගැසූහ.

පොලිසිය වහා එහි පැමිණ පිරිස ඉවත් කළේය.

බෝල 21 දී ලකුණු 11ක් ලබා ගත් යුවරාජ් සිං ඉන්දියා පිලේ පරාජයට හේතුව බව ගල්ගැසූවන්ගේ අදහස විය.

එහෙත් යුවරාජ් සිංගේ පියා යෝග්රාජ් මීට  කීවේ වමතින් පිත්ත හසුරුවන තම පුතා පමණක් ඉන්දියාවේ පරාජයට වග කොනිවයුතු බවයි.

 යුවරාජ් සිං මෑත දී පිළිකා රෝගයට ප්‍රතිකාර ගත්තේය. ඔහුගේ මාසික ආදායම ඉන්දියා රුපියල් ලක්ෂ 9.5 (ශ්‍රී ලංකා රුපියල් රුපියල් ලක්ෂ 20.72) කි.

ඉන්දියාව පැරදුණු අවස්ථාවල දී ඉන්දියා ක්‍රිකට් ලෝලීහු මීට පෙර ද ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවාස වලට පහර දුන්හ.

නායක මහේන්ද්‍ර සිංදෝණිගේ නිවසට ද මීට පෙර පහර දී ඇත.

 



අදහස් (0)

යුවරාජ්ගේ ගෙට ගල් ගසයි

දසනායක Monday, 07 April 2014 11:51 AM

අපේ කොල්ලෝ ගිය පාර ලෝක කුසලානය පැරදිලා ආවත් අපි ජයකොඩි දාල පිළිගත්තේ. ඉන්දියාවේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැ ජය පරාජය මොකක්ද කියලා. (ස)

:       0       0

උදිත මදුමල් පෙරේරා Monday, 07 April 2014 11:59 AM

මම නං තරහ ගියාම කරන්නේ එකේ ඉඳල දහයට ගණන් කරනවා. මේ ලෝලීනුත් එහෙම කරා නම් ඉවරයි අප්පා. (ස)

:       0       0

රවී Monday, 07 April 2014 12:00 PM

පුදුමයක් නෑ.. බලාපොරොත්තු වුණා ඕක. (ස)

:       0       0

රන්දික රත්නායක Monday, 07 April 2014 12:12 PM

වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න බැරි නිසා මම ඕවට නැහැ. (ස)

:       0       0

දිනකර Monday, 07 April 2014 12:27 PM

හැමදාම ඕක වෙනවා. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 07 April 2014 12:29 PM

මිනිසාගේ ගතිගුණ විය යුත්තේ - යතාර්ථය අවබෝධ කරගැනීම, වරදට සමාව දීම, යහපත් දෙය පිළිපැදීම, අයහපත් දෙයින් වැළකී සිටීම, දක්ෂතාව ඇගයීම, පරාජය හා ජයග්‍රහණය එක සේ භුක්තිවිදීම. වැනි තවත් බොහෝ දේවල්. නමුත් බහුතරයක් ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට මේ කිසිවක් නැත. කිසිම කණ්ඩායමක කිසිම ක්‍රීඩකයෙක් තම කණ්ඩායම පරාජය විය යුතුය කියන හැඟීමෙන් ක්‍රීඩා කරන්නේ නැත. නමුත් හනික ලෝක කුසලානයේ අවසාන තරඟයක් එය ඕනෙම ක්‍රීඩකයකුගේ හද ගැස්ම වේගවත් කරවන මොහතක්. යුවරාජ් කියන්නේ ඉන්දීය කණ්ඩායමේ සිටින ප්‍රවේගකාරී හා දක්ෂ පිතිකරුවෙක් පමණක් නොව දක්ෂ පන්දු රකින්නෙක්. ඉතින් මේවා තේරෙන්නේ ලංකාවේ වගේ බුද්ධිමත් ප්‍රේක්ෂකයින්ට හැර නූගත් අයට නොවේ. ලෝකේ අංක එකේ ප්‍රේක්ෂකයින් සිටින්නේ ලංකාවේ පමණයි. ඒක විශේෂයෙන් සඳහන් කරන අතර අපේ ක්‍රීඩකයින් වාසනාවන්තයින් කොටසක්. (ස)

:       0       0

මංජු Monday, 07 April 2014 12:30 PM

ඔය ගල් ගහන එවුන් හිතන් ඉන්නේ ඔක්කොම කුසලාන උන්ට විතරක් ගන්න හදපුවා කියලයි. (ස)

:       0       0

දිනේෂ් Monday, 07 April 2014 12:30 PM

නිලංග, ඒ අපේ රටේ මිනිස්සුන්ට බුදු දහමෙන් හා අනික් ආගම් වලින් දුන්නු විනය. අපි ඒ ගැන ආඩම්බර වෙන්න ඕන. (ස)

:       0       0

උපාලි අත්තනායක Monday, 07 April 2014 12:32 PM

අපිට නම් තරහ යන්නෙ නැහැ. අපි හිතනවා අපට කවද හරි කප් එකක් ගේනවනෙ කියලා. අපි දන්නවා. (ස)

:       0       0

සංජී Monday, 07 April 2014 12:38 PM

අනේ මෙහෙමත් මෝඩ රැලක්, මම නම් තරහා ගියපුවහම බනිනවා නිකන් බොරු කියන්න ඕන නෑනෙ. (ස)

:       0       0

චන්ඩි Monday, 07 April 2014 12:46 PM

ඉන්දියාව කිරි සම්පතින් ස්වං පෝෂිතයි!!!!! මන්ද එහි කේප්ප ගවයන් සහ කිරි එළදෙනුන් ගහන බැවිනි. (ස)

:       0       0

දයාන් Monday, 07 April 2014 12:48 PM

යුවරාජ්ට ලකුණු ගන්නට බැරි වුනේ, අපේ පන්දු යවන්නන් උපක්‍රමශිලිව පන්දු යැවීමත් සහ පන්දු රකින්නන් හොඳින් තම කාර්යය ඉටු කළ නිසයි.ඒ අපහසුතාවය දොණිටත් තිබුණා. (ස)

:       0       0

නෙලුක්ෂි Monday, 07 April 2014 12:54 PM

අපේ රටේ මිනිස්සු රත්තරංනෙ බලං යනකොට. (ස)

:       0       0

අචිනි Monday, 07 April 2014 12:55 PM

ෆස්රුල්, ඔබේ අදහස සමග මමත් 100% එකඟයි. (ස)

:       0       0

මොහොමඩ් අමීර් Monday, 07 April 2014 12:59 PM

මේක එයාලගෙ සංස්කෘතියේ කොටසක් වෙලා. (ස)

:       0       0

පහන් Monday, 07 April 2014 01:03 PM

මාත් ඉතින් තරහ ගිහාම ආයේ නම් බලන්නේ නෑ කියල කියනවා. මගේ උපරිම විරෝධය එච්චරයි. ආයෙමත් ඊළඟ මැච් එකේ ඉඳල බලනවා. (ස)

:       0       0

හ.හ.සෆර්ඩීන් Monday, 07 April 2014 01:03 PM

පරාජය හා ජයග්‍රහණය එක සේ භුක්ති විදීන ලංකාවේ ප්‍රේක්ෂකයින් බුද්ධිමත්. ලෝකේ අංක එකේ ප්‍රේක්ෂකයින් සිටින්නේ ලංකාවේ පමණයි. ඒ අපේ රටේ මිනිස්සුන්ට බුදු දහමෙන් හා අනික් ආගම් වලින් දුන්නු විනය. අපි ඒ ගැන ආඩම්බර වෙන්න ඕන. (ස)

:       0       0

රංජිත් සිල්වා Monday, 07 April 2014 01:07 PM

දයාබර යුවරාජ්. අපේ රටේ පදිංචියට එන්න. (ස)

:       0       0

ගැමුණු Monday, 07 April 2014 01:10 PM

මෙයට වග කිව යුත්තේ එරටට අයත් විද්‍යුත් මාධ්‍ය. ඒවායේ ඉන්දියාව පරදින තරඟ පෙන්වන්නේම නැත.ක්‍රීඩා ලෝලීන් ද විශාල වශයෙන් ඔට්ටු අල්ලනවා.පැරදුනාම ඉතින් ඕක තමයි සමහර අයගේ හැසිරීම. (ස)

:       0       0

දයා කුවේට් Monday, 07 April 2014 01:12 PM

චන්ඩි. ඒ රටේ වැඩි හරියක් කේප්ප හරක් තමයි ඉන්නේ.නැතිනම් ඔය වගේ පිස්සු වැඩ කරාවිද. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 07 April 2014 01:19 PM

ඊයේ දිනය අපේ දිනයයි. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයින් හා විස්තර විචාරකයින් පවා හොඳින් දන්නවා ඉන්දියාව කාසියේ වාසිය ලබා ගත්තා නම් කිසිම පැකිලීමකින් තොරව අපිට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දෙනවා. මාලිංග ගේ මුල්ම වාසනාව වුනේ කාසියේ වාසිය. ඉන් පසුව තරගය ආරම්භවීමට පෙර පැවතී සාමාන්‍ය වර්ෂාව. ඒ වර්ෂාව නිසා ඇතිවුණ තෙතමනයේ වාසිය පළමු පන්දුවාර 6 තුළ අපේ පන්දු යවන්නන් උපක්‍රමශීලීව ප්‍රයෝජනයට ගත්තා. ඒ වගේම "ඩෙත් ඕවර්ස්" අවසාන පන්දුවාර 4 ත් ඉතාමත් හොඳින් පන්දු යැව්වා. මාගේ අදහස නම් පිතිකරුවන්ට වඩා අගය කළ යුත්තේ පන්දු යවන්නන්. ප්‍රබල ඉන්දීය පිතිකරුවන් අපහසුතාවයට පත් කළ ගෞරාවය ඔවුන් සතු විය යුතුය. (ස)

:       0       0

ෂෆීක් Monday, 07 April 2014 01:19 PM

මොන දේ වුණත් වැරදි වැඩක් මේක. (ස)

:       0       0

සිරියලතා කෙන්ය Monday, 07 April 2014 01:27 PM

අනේ මේ අපේ කට්ටිය කට වහගෙන ඉන්න අනේ. ඕකෙන්ම තේරෙනවා ජාති දෙක වෙනස. (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 07 April 2014 01:31 PM

ඉන්දියානු ජනතාව එහෙම තමා. හිතාගෙන ඉන්නේ කාටවත් එයාලව පරාද කරන්න බැහැ කියලා. පරදුනහම ඒ ගෙවල් වලට ගල් ගහනවා. අනෙක් කිසිම රටක ක්‍රීඩාලෝලින් ඒ වගේ නැහැ. (ස)

:       0       0

ගන්දර සයිමොන් Monday, 07 April 2014 02:27 PM

ඉන්දියාව තාම ඉන්නේ ගල් යුගයක (දිල්)

:       0       0

චින්තක Monday, 07 April 2014 02:33 PM

ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් නෙවෙයි සිනමාවේ දුෂ්ටයාගේ ගෙදරටත් ගල් ගහන ජාතියක් මේ ගොල්ලො. (ස)

:       0       0

රොහාන් Monday, 07 April 2014 02:38 PM

ඔය තමයි ඉන්දියානු යථාර්තය. (ස)

:       0       0

මීනා Tuesday, 08 April 2014 11:51 AM

ජය පරාජය සමසේ විඳ ගන්න බැරි මිනිස්සු. ඉන්දියාවේ මිනිස්සු ක්‍රිකට් දේවත්වයෙන් අදහන්නෙ. හැමදාම මැච් බලනවා. ඒත් පරාජය විදගන්න දන්නෙ නෑ. (ස)

:       0       0

ජයවර්ධන Tuesday, 08 April 2014 11:54 AM

මැච් එකක් පැරදුනා කියලා ක්‍රීඩකයොන්ගෙ ගෙවල් වලට ගල් ගැසීම අනුමත කරන්න බෑ. එයාලා උවමනාවෙන් නෙවෙයිනෙ පැරදුණේ. අපේ කොල්ලොන්ගෙ දක්ෂතාවයට එයාලා පැරදුණේ. (ස)

:       0       0

විදුර Tuesday, 08 April 2014 11:56 AM

ඉන්දියාවට හොඳ වැඩේ.මටනම් සතුටුයි ඉන්දියාව පරාජය කරන්න අපේ සිංහයන්ටම අවස්ථාව උදා වෙච්ච එක ගැන. ආඩම්බරයි ලක් මෑණියනි (ස)

:       0       0

කසුන් Tuesday, 08 April 2014 12:09 PM

ඉන්දියාවට අපෙන් ආදර්ශයක් ගන්න කියන්න. අපි අපේ ක්‍රිකට් විරුවන්ව දිනුවත් පැරදුනත් මල් මාලා දාලයි පිළිගන්නෙ. (ස)

:       0       0

නිලන්ති Tuesday, 08 April 2014 12:15 PM

පව් අනේ. මෙහෙම ගල් ගැහුවම දිනන්න පුළුවන් කියල මෙයාලා හිතනව ඇති. මෝඩ මිනිස්සු. ජය වගේම පරාජයත් විඳ ගන්න දැනගන්න ඕන. (ස)

:       0       0

හේමන්ත Monday, 07 April 2014 03:54 PM

මෙයාල තමයි අපිට මානව ‍ඓතිවාසිකම් ගැන චෝදනා කරන්නේ. (ස)

:       0       0

අල්විස් Monday, 07 April 2014 04:41 PM

ඒ තමයි ඉන්දියාවේ අනන්‍යතාවය. (ස)

:       0       0

උපුල් Monday, 07 April 2014 04:42 PM

ඕක ඉතිං ඉන්දියාවනේ.. (ස)

:       0       0

විදාන Monday, 07 April 2014 05:17 PM

මට නම් හරිම සතුටුයි ඉන්දියාව පැරදුණු එකට (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 07 April 2014 05:17 PM

එයාලගේ ඇතුළාන්තය ඕක තමයි.අපේ රටේ ජනතාව මෙයාලට ආදර්ශයක්. ජය,පැරදුම,කුමක් වුවත් අපි ක්‍රීඩකයන් සමඟ සිටිනවා. (නි)

:       0       0

හේමන්ත Monday, 07 April 2014 06:23 PM

අපේ රුවන්වැලිසෑය, අභයගිරිය දාගැබ් වලට ගල් ගසා, ඒවායේ වස්තුව පැහැරගත් අයගේ මුණුපුරන් තමයි ඔය තවම ඉන්දියාවේ පැවතගෙන එන්නේ. ඕක අහන්න දෙයක් නොවෙයි. (නි)

:       0       0

භානු Monday, 07 April 2014 06:58 PM

යුවරාජ් අසනීප වී සිට සුවය ලබා පැමිණ නේද ආපසු ක්‍රීඩා කරන්නේ? ඉන්දියාවේ උදවියට මනුස්සකමක් ගෑවිලාවත් නැති හැටි ! (නි)

:       0       0

ලලිත් Monday, 07 April 2014 07:14 PM

ඉන්දියාව කොහොමත් ඔහොම තමා.කරන්නෙම මෝඩ වැඩ (නි)

:       0       0

දිල්ශාන් Monday, 07 April 2014 07:41 PM

තරඟ පාවා දුන් නිසා කලින් වතාවේ දිනුවහම හිතුවේ මේ පාරත් දිනන්න පුලුවන් කියලා.අපේ රට විනාශ කළ හැටියට ගහන්න ඕනෑ ගල් නෙමෙයි.... (නි)

:       0       0

ලලිත්-එස් එල් Monday, 07 April 2014 11:31 AM

ප්‍රේමයයි, වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමානයි. (ස)

:       0       0

නිලංග Monday, 07 April 2014 11:34 AM

ඒකට අපේ රටේ නම් එච්චර මෝඩ මිනිස්සු දැන් නෑ.ජය පරාජය දෙකම මැදහත් සිතින් විඳ දරා ගන්න පුළුවන්. ක්‍රිකට් ලෝලීන් වැඩි දෙනෙක් දැන් වාසනාවට වගේ අපේ රටේ ඉන්නවා. (ස)

:       0       0

පාලිත ජයසින්ඝ Monday, 07 April 2014 11:36 AM

කනකම් මාළු, නැත්නම් කුණු මාළු. (ස)

:       0       0

සනත් Monday, 07 April 2014 08:14 PM

අයි.පී.එල්. වෙන්දේසියේදී අපේ රටේ කිසි කෙනෙක්ව සළකා බැලුවෙ නැහැ ඉන්දියාව. ඒත් වැඩිම ලන්සුවක් තියපු යුවරාජ්ට එයාලම කරගත් දේ හරියට දෛවෝපගත සිද්ධියක් වගේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 948 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5757 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3292 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 283 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1456 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1573 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28428 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site