IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


යෝෂිතගේ කෝටි පහළොවක් රාජසන්තකයි

යෝෂිත රාජපක්ෂගේ බව කියන රුපියල් මිලියන 158 කට  අධික මුදලක් රාජසන්තක කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා  අද (10) නියෝග කළේය.

කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හා (සිඑස්එන්) නාළිකාවට මුදල් ලැබුණු  ආකාරය හෙළි නොකිරිමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරික්ෂණ පවත්වන පොලිසිය අද  මහේස්ත්‍රාත් හමුවේ පැවසුවේ යෝෂිතගේ සමීපතම මිතුරෙකු බව කියන රොහාන්ගේ බැංකු ගිණුම පිරික්සිමේ දී  රුපියල් මිලියන 158 කට අධික එම මුදල තමාගේ නොව යෝෂිතගේ බව කියු බවයි.

මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා  එම මුදල් රාජසන්තක කළේය. යෝෂිත රාජපක්ෂ සිඑස්එන් නාලිකාවේ රොහාන් වැලිවිට,කවිශාන් දිසානායක, වෛද්‍ය අශාන් ප්‍රනාන්දු හා නිශාන්ත රණතුංග යන නඩුවේ සැකකරුවෝ ඇප මත මුදා හැර සිටිති.

සීඑස්එන් නාළිකාවේ රුපියල් මිලියන 234 ක ප්‍රාග්ධනයෙන් කොටසක් ව්‍යාජ ගනුදෙනු හා නිත්‍යනුකුල නොවන ආකාරයෙන් ද කුට ලේඛන මගින් ද රේගු හා සමාගම් පනතට පටහැනි ලෙසින් ද සාපරාධි ලෙස පරිහරණය කර ඇතැයි ද පොලිසිය අධිකරණයට  දැන්වීය.



අදහස් (56)

යෝෂිතගේ කෝටි පහළොවක් රාජසන්තකයි

ලංකානි Thursday, 11 August 2016 05:43 AM

මොනතරම් සල්ලි ප්‍රමාණයක් හම්බකරලා ඇද්ද? (නි)

:       0       0

චමිදු Wednesday, 10 August 2016 01:31 PM

මේකෙදී යෝෂිත වැරදි කාරය වෙලා නෑනේ තාම. (අ)

:       0       0

ඉඳුනිල් Wednesday, 10 August 2016 08:11 PM

ඇයි මේවාට දඬුවම් දෙන්නේ නැත්තෙ? අපේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් බෙබිලා සුර සැප වින්ඳා. ඔය විදියට සල්ලි වලින් සෙල්ලම් කරන්නෙ ඔවුන්ට සල්ලි වල අගයක් නැති නිසා (නි)

:       0       0

ධම්ම Wednesday, 10 August 2016 01:43 PM

නීතියට අනුව දඬුවමත් ලැබේවි. අනුන්ට දඬුවම් පමුණුවනවා දකින්න තියෙන කැමැත්ත රෝගී තත්වයක් කියලයි මට හිතෙන්නේ. (අ)

:       0       0

ශාමිණි සේනානායක - ඇමෙරිකාව Wednesday, 10 August 2016 01:54 PM

රාජසන්තක කිරීම සාධාරණයි..මොකද ඒවා රටේ මුදල්.නමුත් හෝරාව අවුරුදු 10ක් වත් බලු කුඩුවේ බරපතල වැඩ ඇතිව සිර කිරීමට තීන්දුවක් නොදෙන්නේ ඇයි...? (අ)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 10 August 2016 09:35 PM

මේවා කිසිදිනක ඔප්පු කරන්න හැකි දේවල් නොවේ. ඒ අයව බේරන අය ඉන්නවා. හොඳට බලාගෙන ඉන්න. අන්තිමට සියලු චෝදනා වලට නිදොස්කොට නිදහස් වෙයි. (නි)

:       0       0

අසාද් Wednesday, 10 August 2016 02:03 PM

ඒක තමයි කරන්න ඕනේ. වැරදි කරුවන්ට දඩුවම් ලැබෙන්නත් ඕනේ.එයිට වඩා වැදගත් ඒ මුදල් රාජසන්තක කරන එක. දඩුවම් විදලා එලියට ඇවිත් සැපවිදින්න හිතන් ඉන්න අයගේ ඇදිවත ඉතිරි වෙන්න සෑම වත්කමක්ම රාජසන්තක කරන්න ඕනේ.(අ)

:       0       0

ප්‍රසාද් Wednesday, 10 August 2016 10:21 PM

මේක තමයි වෙන්න ඕනෑ. කොයි ආණ්ඩුවේ කට්ටිය හොරකම් කළත් අහුවෙනවා නම් අායෙත් හොරකම් කරන්නේ නැහැ. මදැයි යෝෂිතගේ වයසට හම්බකරලා තියෙන තරම. අපි අවුරුදු විස්සක් විතර මොනවද හම්බ කරගත්තේ දෙවියනේ. (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 10 August 2016 10:25 PM

අප්පච්චි යුධ ජයග්‍රහණය ලබාගත් රජතුමා නම්, කුමාරවරු එහි අයිතිය භුක්ති විඳීම වරදක්ද යටත්වැසියනි? (නි)

:       0       0

අසංකා මුල්ලෙවයිකාල් Wednesday, 10 August 2016 02:11 PM

ජනතාවට මාර සහනයක් ලබෙයි (අ)

:       0       0

සොයිසා Wednesday, 10 August 2016 02:14 PM

ඒවා හොඳ වැඩ. යෝශිතලගේ ආණ්ඩුවක් ආපු දවසට ඔය දත් දොස්තරලගේ නැව් විතරක් නෙවෙයි අමුඩෙත් රාජසන්තක කරනවා සත්තයි (අ)

:       0       0

දිලන්ක Wednesday, 10 August 2016 11:18 PM

දෙවියනේ! කෝටි පහළොවක්? අපිට හීනෙකින්වත් හිතන්න පුළුවන්ද? (නි)

:       0       0

ප්‍රභා Wednesday, 10 August 2016 11:33 PM

මුදල රාජසන්තක කළා කියන්නේ නඩුව අවසන්වුණා නොවේ (නි)

:       0       0

නන්ද Thursday, 11 August 2016 12:14 AM

දැන් අර චෝදනා ඔප්පුවුණොත් බඩ කපා ගන්නවා කියපු අය මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)

:       0       0

විජේ Thursday, 11 August 2016 01:17 AM

දඬුවම් දෙන්න කලබල වෙන්න එපා, බඩු එනවා. කවුරුත් බලාගෙන ඉන්නේ මේවා බේරලා දෙයි කියලා. අනේ ඉතින් ඒ මහත්තුරුත් ගන්නේ මෙහෙම හොයපු සල්ලිනෙ, ලැජ්ජා නැතුව (නි)

:       0       0

හේමන්ත Thursday, 11 August 2016 01:33 AM

දැන් සනීපද? තාමත් මොවුන්ට රැවටෙන අය ලංකාවේ ඉන්නවනේ? අහිංසක මිනිසුන්ගෙන් ගන්න බදු මුදල් වලට කරන දේවල් වලින් බැරිද තව පාද යාත්‍රාවක් තියන්න? (නි)

:       0       0

ගෙවිඳු Thursday, 11 August 2016 02:07 AM

ඔන්න දැන්මම නොකිව්වා කියන්න එපා, ‘අප්පච්චි‘ විතරක් ඕවට ගාවගන්න එපා. (නි)

:       0       0

ජගත් ලියනගේ Thursday, 11 August 2016 03:21 AM

ඔය දැන් ටික ටික කට්ටිය වමාරන්නේ (නි)

:       0       0

ඩිලාන් Thursday, 11 August 2016 03:45 AM

මෙය ආරම්භයක් පමණක් වේවා! (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 10 August 2016 11:16 AM

දඬුවම් නැද්ද ? සාමාන්‍ය හොරෙක් අල්ලග්තහම හොර බඩු අල්ල ගත්තාට දඬුවමක් දෙනවා (හේ)

:       0       0

ජගත් Wednesday, 10 August 2016 11:29 AM

අධිකරණ තීන්දුවට ප්‍රණාමය..! හිරේ දාන්නම අවශ්‍ය නැහැ .ඔයවගේ දඬුවම් දුන්නම අලුතින් හොරු වෙන්න ඉන්න අයත් දඬුවමට බයටම හැදෙයි.(හේ)

:       0       0

රොකි Wednesday, 10 August 2016 02:44 PM

අරුණ කියන්නේ තවමත් පරවේණි දාස මානසික තත්වයෙන් නොමිදුන කෙනෙකු බව පෙනෙනවා. සොයිසාට කියන්න තියෙන්නේ දවල් හීන බල බල සැනසෙන්න කියන එකයි. දත් දොස්තර අමුඩයක් ගහන බව ඔහෙට ෂුවර් ද? උස්සලා බැලුවද? (අ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 11 August 2016 07:02 PM

ඔය රාජසන්තක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ රාජපක්ෂවරු ගසා කාපු මුළු ධනස්කන්දයෙන් 0.00001% ක් වැනි සුළුම සුළු මුදලක් පමණයි කියායි මම නම් හිතන්නේ.(නි)

:       0       0

අරුණ Wednesday, 10 August 2016 11:46 AM

ප්‍රදීප්, අනුන්ට දෙන දඬුවම් ගැන බල බලා ඉන්නේ නැතුව, වර්තමානයේ ඔයා වැනි අය බදු බර හිසින් ඔසවාගෙන වැටි සිටින අගාදයෙන් ගැලවෙන විදිහක් කල්පනා කරන්න. (ම)

:       0       0

කමල් Thursday, 11 August 2016 04:32 AM

වැරදි කළ අයට දඬුවම් දෙන්න (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 11 August 2016 07:05 PM

කරුණාකරලා පිටරටවල තිබෙන ගිණුම් වල මුදල් රාජසන්තක කරන්න.ඒ ධනස්කන්දයෙන් අසරණ මිනිසුන්ට සහන සළසන්න.(නි)

:       0       0

ගමගේ Wednesday, 10 August 2016 11:55 AM

ඇසීමත් ප්‍රිය ජනකයි ජාතික සම්පත් මන්කොල්ල කෑවුන්ගෙන් යලිත් රට සතුකරන්නේ නම් ජනපති තුමනි අප ඔබ තුමන් සමගයි ජයවෙවා!!!!!!!!!!!!!!!! (ම)

:       0       0

රොකි Wednesday, 10 August 2016 03:15 PM

නාවික හමුදාවේ හිටපු කාලේ ගහපු හතරවරන් ගැන පරීක්ෂණ තවම ඉවර නැද්ද? (අ)

:       0       0

රවීන් Wednesday, 10 August 2016 11:59 AM

මේවා අවුරුදු 25-30 විතර කොල්ලෙක් පොඩිකාලේ ඉඳල එක්කහු කරපු ටීක් බෝල වෙන්නැති?(රේ)

:       0       0

ඉන්ද්‍රා Wednesday, 10 August 2016 12:00 PM

අදහාගන්නත් බෑ?එතුමා එහෙම කරලද ?ඒකාබද්ද විපක්ෂයේ අය මෙහෙම කියයි ඇත්ත මේකනම් පවතින රජයටත් මේක හොඳ ආදර්ශයක්(රේ)

:       0       0

සහනා Wednesday, 10 August 2016 11:56 AM

ඔය මුදල් රාජසන්තක කරලා මදි. වැරදි කල අයට දඩුවම් දෙන්න ඕනේ.(රේ)

:       0       0

පරාක්‍රම Wednesday, 10 August 2016 03:50 PM

මේ එකක් විතරයි නේද ? තව හෙළිවෙමින් පවතින ඒවාත්, මේතාක් කල් හෙළි නොවූ ඒවාත් තියෙනවා නේද ? කෙසේ හෝ ලක් ජනතාවගේ සල්ලි නිසා , සොයාගත්තොත් යහපාලනයේ ලොකු ජයග්‍රහණයක් වනු ඇත.(රේ)

:       0       0

රොෂාන් Wednesday, 10 August 2016 03:51 PM

අරුණ ඔයා බේබි හාමිලගේ කඩේ යන්නේ නැතුව ප්‍රදීප් වැනි පුද්ගලයන් අගය කරන්න ඔයටනම් ඇත්ත තිත්ත ඇති නේ. කදුළු සලන්න එපා බයියනේ..(රේ)

:       0       0

පාලිත Wednesday, 10 August 2016 12:02 PM

දැන් මොකෝ කියන්නේ කට්ටිය, මේවත් දේශපාලන පලිගැනීම්ද?. හරි දේශපාලන පලිගැනීම් කියමුකෝ, උපන් දා ඉඳන් ඔය අවුරුදු විසිගානට කෝටි ගානක් ලැබුනේ කොහොමද?. පරම්පරාවෙන් අපු ධනයක් නං, ආපු විදිහ පැහැදිලිව තියෙන්න එපැයි. අනික මුන්ද ළඟ දැනට අහුවුනේ කෝටි 15යි නං අනිත් උන්දලා දෙන්න ළඟ තව කොච්චර ඇත්ද? (අ)

:       0       0

චරති හර්ෂණ Wednesday, 10 August 2016 11:57 AM

ඩේසි ආච්චිගේ සල්ලි වෙන්ට ඇති බන් (අ)

:       0       0

චමල් Wednesday, 10 August 2016 11:59 AM

අරුණ වහල් මානසිකත්වයෙන් මිදෙන්න. මෙහෙම බදු බරක් පැටවිල තියෙන්නේ මේ වගේ අය අපේ සල්ලි හොරා කාපු නිසයි. (අ)

:       0       0

අනුරාධ Wednesday, 10 August 2016 04:10 PM

අරුණ, ඔයත් තංගල්ලෙන් එහාද(රේ)

:       0       0

වීරරත්න Wednesday, 10 August 2016 04:06 PM

ඇසීමත් ප්‍රිය ජනකයි ජාතික සම්පත් මංකොල්ල කෑ වුන්ගෙන් මංකොල්ල කෑ ප්‍රමාණය රාජසන්තක කර ඊට පොලියත් අය කර ගත යුතුයි. එවිට වෙනත් දඬුවම් නැතත් කමක් නැහැ.(රේ)

:       0       0

ඇන්ටන් Wednesday, 10 August 2016 12:03 PM

නියමයි ජනතා බලාපොරත්තු මල්පල ගන්වමින් පලවෙනි රාජසන්තක දේපොළ නැවතත් දුක්විදින ජනතාව සඳහා ලැබී ඇත. මේ පටන්ගත්තා විතරයි ජනතාවගෙන් හොරා කෑ සියලුම ධනය නැවත ජනතාවට ලැබෙනතුරු බලා සිටිමු. (අ)

:       0       0

අමිල Wednesday, 10 August 2016 12:12 PM

ප්‍රදීප්ගේ අදහසට මාත් එකගයි. ගමගේ ඔයාට, අපිට මෙහෙම දෙයක් වුණා නම් ලැබෙන දඩුවම් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ (අ)

:       0       0

ප්‍රියාසිරි Wednesday, 10 August 2016 12:14 PM

මේ ප්‍රවෘත්තියම ඇතැම් මධ්‍ය වාර්තාකර තිබෙන්නේ කොලේ වහල​.ඇත්ත කියල නෑ.ලපටල​. තොරතුරු ඒ අයුරින්ම ලබා දුන්නාට ස්තුතියි.ඉදිරියේදීත් මෙලෙසම​ බලාපොරොත්තු වන්නෙමු. (අ)

:       0       0

අසිත Wednesday, 10 August 2016 12:15 PM

අරුණ බදුබර වැඩිවෙන එක ගැන අහන්නත් දෙයක්ද? මේවගේ මහජන මුදල් හොරකම් කලාම..(අ)

:       0       0

නිමල් - නිව් යෝර්ක් Wednesday, 10 August 2016 12:10 PM

අරුණ බදු බරට හේතුව රාජපක්ෂලා රට චීනාට ණය කිරීම බව දන්නේ නැත්ද? (අ)

:       0       0

සරණපාල Wednesday, 10 August 2016 12:22 PM

ප්‍රදීප් ඔය හරි කෝ දඩුවම් යෝෂිත සහ රොහාන් දෙන්නටම දඩුවම් දියුතුයි (අ)

:       0       0

රවී ගාල්ලගේ Wednesday, 10 August 2016 04:59 PM

මේවා දේශපාලන පලිගැනීම්ද?(රේ)

:       0       0

මාලක Wednesday, 10 August 2016 12:19 PM

හොරා කෑ මහජන මුදල් රාජ සන්තක කිරීම ගැන සන්තෝසයි. ඒවගේම වැරදි කළවුන් සැමට නීත්‍යානුකුල දඬුවම් දෙනු ඇති බලාපොරොත්තුවෙමු. (අ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Wednesday, 10 August 2016 12:24 PM

මහින්ද කිවුව නේද හොරකම් කරපු එක සතයක් හරි ඔප්පු කළොත් බඩ කපා ගන්නවා කියල. දැන් එතුමා මොකද කියන්නේ දන්නේ නැහැ (අ)

:       0       0

පාලිත Wednesday, 10 August 2016 12:40 PM

බදු වැඩිවෙන්නේ, ණය වැඩිවෙන හින්ද, ණය එකතුවෙන්නේ ගෙවන්න බැරි හින්ද, ගෙවන්න බැරිවෙන්නේ මේ වගේ කොටි ගණන් හොරු ගිලින හින්ද?. එක තේරුම් ගන්න හැමෝම. ගිය ආණ්ඩුවෙන් කලත්, මේ ආණ්ඩුවෙන් කලත්, එන ආණ්ඩුවෙන් කලත් හොරකම හොරකමමයි (අ)

:       0       0

රාවණා Wednesday, 10 August 2016 12:51 PM

වැරදි කරන්න වචනයකින් හරි අනුබල දුන්න එවුන්ට පවා දැඩි දඬුවම් දිය යුතුයි.(රේ)

:       0       0

ලලිත් Wednesday, 10 August 2016 12:58 PM

රාජසන්තක කලට රජ අයෙත් රජවුනොත් සේරම රජාගේ සාක්කුවට අයෙත් යනවා. ඒ වගේම ආණ්ඩුවත් රජාගේ වැරදි කිය කියම ඉන්නේ නැතිව ජනතාව අතර අප්‍රසාදයට පත්වෙන්න කලින් ලැබුණු කිරුල රැක ගැනීමට රටේ ආර්ථිකයට යමක් කරන්න වෙනවා. නැතිනම් අන්තිමට පරණ රජයි අලුත් රජයි දෙන්නම විසි වෙලා දොරටුපාලයා රජවෙනවා. (රේ)

:       0       0

ප්‍රදීප් Wednesday, 10 August 2016 01:04 PM

අරුණ ඔය වගේ හොරකම් කරපුවා පියවන්න දැනටමත් පඩියෙන් 16% පමණ බදු හැටියට ගෙවනවා. (රේ)

:       0       0

ඉසුරන්දි Thursday, 11 August 2016 05:38 AM

විස්මිතයි පුරෝහිත..විස්මිතයි! (ම)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 11 August 2016 05:38 AM

රජයට හොඳ ආදායමක් ලැබිලා තියෙන්නේ (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 11 August 2016 05:32 AM

විස්මිතයි. ඇත්තෙන්ම විස්මිතයි! (නි)

:       0       0

රූපා Wednesday, 10 August 2016 06:59 PM

මහජනයාගේ මුදල් මහජනයාට ලබාදිය යුතුයි (නි)

:       0       0

නොකවුට් Wednesday, 08 January 2020 02:34 PM

දැන් සනීපයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 31 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 76 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 606 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 515 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 720 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 873 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site