IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


යෝෂිතගේ පුහුණුවට ලක්ෂ 210

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ශ්‍රී ලංකා නාවික හමුදා ලුතිනන් යෝෂිතගේ විදේශ පුහුණුවට රුපියල් ලක්ෂ 210 ක් රජයෙන් වැය කර ඇතැයි රජය කියයි.

ඔහු හිටපු ජනපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර පසුව ඉවත් කර ඇත. ජනපති ආරක්ෂකයකු වශයෙන් ඔහුට එතෙර පුහුණුවද ලබාදී ඇත. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පවසනුයේ ඔහු නාවික හමුදාවට බඳවා ගෙන ඇත්තේ බඳවාගැනීම් ක්‍රියාපටිපාටිය අනුව නොවන බවයි.

ආරක්ෂක අමාත්‍යංශයෙන් නාවික හමුදා මූලස්ථානයට ලැබුණු නියෝගයක් අනුව ඔහු බඳවාගෙන ඇත. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ලියවිලි පෞද්ගලික ලිපි ගොනුවේ නැතැයිද දැනගන්නට ඇත.

 

 



අදහස් (0)

යෝෂිතගේ පුහුණුවට ලක්ෂ 210

නන්දලාල් Sunday, 05 April 2015 05:43 PM

[ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ලියවිලි පෞද්ගලික ලිපිගොනුවේ නැතැයිද......] අර ෆයිල් අස්සේ සමහරවිට ඒවත් ඇති.දැන් ඉන්න පාලකයන් ඉබිගමනින් නොගොස් මේ ගැන ඉක්මනින් සොයාබලා මහජනතාවට කරුණු දැක්වුවොත් හොඳ නැද්ද? (නි)

:       0       0

පතිරණ Sunday, 05 April 2015 06:05 PM

බන්දුල පෙරේරා නමින් සුමුදු හේවා දැන් වෙන නමකින් රෙදි හෝදනවා. මොවුන්ට රට නෙමෙයි වැදගත්, හොරුන්ව. වහල් මානසිකත්වයෙන් මිදෙන්න. එවිට යහපාලනයේ වැදගත්කම පෙනේවි. (නි)

:       0       0

සුමුදු හේවා Sunday, 05 April 2015 06:06 PM

මගේ නමින් වෙනත් අයෙකුත් අදහස් පළකරන බව පෙනෙනවා (නි)

:       0       0

තිවංක Sunday, 05 April 2015 06:24 PM

අනේ දෙවියනේ! අපේ ළමයින්ට අපිට මෙහෙම වියදම් කරන්න පුලුවන් නම්.... (නි)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 05 April 2015 06:27 PM

ලංකාවේ "හය හතර නොදත් කුඩා දරුවන්ට" තේරෙන්න විනාශකළ රටේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් නොකියා "රුපියල් ලක්ෂ" වලින්ම කීයද කියලා කියන එක නම් ගොඩක් හොඳයි. (නි)

:       0       0

සමන් වන්නිආරච්චි Wednesday, 08 April 2015 03:56 PM

ඩුබායි තිලක් නියත වශයෙන්ම එල්ටීටීඊ සාමාජිකයෙක් (බ)

:       0       0

සමන් Tuesday, 07 April 2015 11:32 PM

ඒත් තාමත් මෙයාලට ආවඩන කට්ටිය ඉන්නවා (නි)

:       0       0

නවාංජන Tuesday, 07 April 2015 11:32 PM

කාගේ සල්ලිද මේ? (නි)

:       0       0

සත්‍යයා Sunday, 05 April 2015 08:42 PM

රටට මේ තරම් විනාශයක් කළ උදවියගේ තවත් එක වංචනික වැඩක් තමයි එක් පුතෙක් ආරක‍ෂක අංශ වලට බඳවාගෙන පවුලේ ආරක්ෂාවට පුතාව තබාගන්න උත්සාහ කළ එක. එයා නාවික හමුදාවට බැඳුනා කියලා එක දවසක් යුද්දෙට ගිහින් තියෙනවද? එංගලන්තයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුගේ පුත් හැරී යුධ භුමියේ සිටිය බවවත් මේ අය නොදැන ඉන්න ඇති. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 11 April 2015 04:12 AM

අපේ රටේ බවලතුන්ට බලවතුන් වෙන්න බැහැනේ දැන් ලේසියෙන්. (නි)

:       0       0

එස් කල්පගේ Thursday, 09 April 2015 09:42 AM

මේ රටේ කිසිම කෙනකුට කිසිම නීතියක් නෑ (දිල්)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 11 April 2015 10:22 PM

තිලක් උන්නැහේ, ඔහේ ඉඳගෙන කටමැත දොඩන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොට උඩ අරින්නද? රට ඇතුලේ සිවිල් යුද්ධයකට මඟ පාදන්නද? (නි)

:       0       0

ජයාත් Sunday, 05 April 2015 11:54 PM

තිලක්, ඔයා හරියටම හරි (නි)

:       0       0

ඉන්දික Monday, 06 April 2015 01:43 AM

මේ දේවල් කිය කියා රටේ තිබෙන ලොකු ප්‍රශ්න මඟහරින්න එපා. සියලු දෙනාම පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න! (නි)

:       0       0

සුමුදු හේවා Monday, 06 April 2015 09:55 AM

පතිරණ, හැමටම වඩා රට වැදගත් යයි සිතන මම නම් මගේ රෙදි හැර වෙන කාගෙවත් රෙදි හෝදන්නේ වත් අනුන්ගේ නමින් ලියන්නේවත් නැහැ. ඒවා ඔය යහපාලන කට්ටියගේ වැඩ නේ. (ස)

:       0       0

සුමුදු හේවා Monday, 06 April 2015 09:59 AM

පතිරණ, එංගලන්තයේ බවලතෙක් අත් මේස් ගලවලා තමන්ට අතට අත දුන්නාය කියලා ඔයාලගේ ලොකු තුමා අමන්දානන්දයට පත් වෙලා තිබුණේ යහපාලනයේ ඔය කියන නිවහල් මානසිකත්වය නිසාද? (ර)

:       0       0

දේශප්‍රිය Monday, 06 April 2015 02:30 AM

මදැයි පුතාව ලොකු ලොක්කෙක් කරන්න ගියා. (නි)

:       0       0

අරුණ Monday, 06 April 2015 03:01 AM

අනේ පව් අපේ දුප්පත් දෙමව්පියන්ගේ රණවිරු දරුවෝ (නදී)

:       0       0

නිරෝෂා Wednesday, 08 April 2015 11:13 PM

මේවා නෙමෙයි, උතුරට දැන් වෙන දේවල් ගැන බලන්න.යුරෝපයේ ඉන්න අපි දන්නවා ඇත්ත (නි)

:       0       0

දිල්ෂාන් Friday, 10 April 2015 12:27 PM

මේවා නිකම් බොරු කතා. ඉන්නකෝ! ඡන්දය ආවහම දෙන්නම්. (නි)

:       0       0

දේශප්‍රිය Monday, 06 April 2015 03:20 AM

අපි ඉතින් මේවාට මොනවා කියලා කියන්නද? (නි)

:       0       0

නිපුණ Monday, 06 April 2015 03:25 AM

ජයන්ත, මොනවද කතා කරන්න ඕනා. මොකද හිතට දුකද? ඔයාලම නේද කෑ ගැහුවේ `අපි නව රජය ගෙන අවේ පහුගිය වංචා දුෂණ සොයා ඒවාට දනුවම් දී යහපාලනයක් ඇතිකරන්න කියලා. දැන් ඒවා කරනකොට වෙන දෙයක් කියනවා. ඔයාල වගේ බුතයන්ව සන්තෝස කරන්න මේ ලෝකේ මිනිස්සුන්ට බැහැ. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 05 April 2015 07:00 AM

මේවා අපිට කිව්වයි කියල ඇති වැඩකුත් නැහැ. අපි කියල මොනවා කරන්නද. (බ)

:       0       0

රෝයි Sunday, 05 April 2015 07:01 AM

මේවා කාටද මේ කියන්නේ. රට භාර ගන්නකොටම කරපු මහා බැංකු කොල්ලය අමතක කරලා නේද මේ කතා කරන්නේ. (බ)

:       0       0

හසිත් Sunday, 05 April 2015 07:07 AM

අනේ හොඳයි. අන්තිමේ පුහුණුවට ලක්‍ෂ ගානක් වියදම කරලා තාත්තගේ බොඩි ගාඩ් කමට එහා දක්ෂතාවක් පෙන්වන්න බැරි වුණා. (බ)

:       0       0

දුමින්ද Saturday, 11 April 2015 07:35 AM

මිනීමරු ප්‍රභාකරන්ට බයේ හමුදාවට බැ‍ඳෙන්න නොහිතන කාලයක් තිබුනා අමතකද? (නි)

:       0       0

ගාමිණී Sunday, 05 April 2015 07:17 AM

අනේ දුප්පත් මිනිහ පාන් රාත්තල ටත් ගෙවපු බදු මුදලින් නේද මේවා කරලා තියෙන්නේ?(නදී)

:       0       0

ජයලාල් Sunday, 05 April 2015 07:17 AM

පුහුණුවට අදාළ කොන්දේසි කඩලා , අඩු වශයෙන් පුහුණුවේ ප්‍රතිළුල වත් පෙන්නුවේ නැති එකට අදාළ කෙනගෙන් නිදහසට කරුණු විමසන එක?. ඔය ගිය ගාණ එයාගෙන්ම අය කර ගන්න එකයි ඇත්තේ . ඒකෙන් හරියට රට වැඩක් ගත හැකි තරුණයන් ටිකක් ලංකාවේ සිටින ගමන් පුහුණු කරන්න. එච්චරයි. (ම)

:       0       0

රණතුංග Sunday, 05 April 2015 07:21 AM

අනේ අපෝ කියන්ට විතරනේ අපිට පුළුවන්.(ම)

:       0       0

කනිෂ්ක Sunday, 05 April 2015 07:26 AM

දැන් ඉතින් අද හවසට පන්සල් ගිහින් මහජනයා කැඳවලා ආඩපාලි කියන්න පටන් ගනීවි අනේ කිසි වරදක් නොකළ දරුවාගෙන් පලි ගන්නවා කියලා. (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 05 April 2015 07:27 AM

වැරදි නම් වැරදියි. බඳවා ගත් නිලදාරියා වහාම හෙළි කරන්න (නදී)

:       0       0

ජෙහාන් Sunday, 05 April 2015 07:33 AM

අපි නෙවෙයි ඔය හාදයාව බඳවා ගන්න කිව්වේ. ඒ නිසා දුප්පත් අපේ මාසේ පඩියට බදු ගහල නම් ඔය ගිය ගාණ අය කර ගන්න හිතන්නවත් එපා ඔන්න (නදී)

:       0       0

ප්‍රකාශ් Monday, 06 April 2015 03:59 AM

දැන් බලන කොට මේ ප්‍රතිචාර දාන්නේ ඔටුවානේ. රටට ආදරයක් නැති අයට රටක වටිනාකම දනේනේ නැහැ. මැදවච්චි කතා මතකද? යෝෂිත හමුදාවට බැඳුනේ බොහෝ අය පස්ස ගහන කාලයකදී. (නදී)

:       0       0

පාලිත Sunday, 05 April 2015 07:36 AM

හරි එතකොට අර බකිංහම් අශ්වයාට කියක් ගියාද ආයිබොවන් ?(නදී)

:       0       0

රුවන් Sunday, 05 April 2015 07:39 AM

අපිට ආරංචි වුනා ඒ දවස් වල මෙයාව ඊළඟ දිය වඩන නිලමේ කමට නම් පුහුණු කරන්න ගියා කියලා. සමහර විට ඒ පුහුණුව නිසා මේ පුහුණුව මිස් වෙන්න ඇති. ඒ නිසා කවුරුවත් දොස් කියන්න එපා. (නදී)

:       0       0

සරසි Sunday, 05 April 2015 07:41 AM

තමන්ගේ ළමයා උනත් සුදුසු කම් නැතිව තනතුරු වලට යොමු කලොත් මෙහෙම ලජ්ජා වෙන්න වෙනවා. ඕව හැම ලොක්කන්ටම පාඩම්.(නදී)

:       0       0

සුමුදු හේවා Sunday, 05 April 2015 07:45 AM

මහින්ද මහත්තයාගේ පසුගිය මැතිවරණයට සෙනග අදින්නට ලංගමයට නය උනු මිලියන 142 යි මේකයි බොල් නය විදිහට කපාහරින්න කියල අපි සියලු දෙනා වර්තමාන රජයට බල කල යුතුයි.(නදී)

:       0       0

කුමාර Sunday, 05 April 2015 07:49 AM

කොයි කවුරුත් බලයට අාපුවහම ඔහොම තමයි. ජේ.අාර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල්, මහින්ද සේරම එකයි. පත්තරවලට අනුව මේ හැමෝගෙම ආණ්ඩු කලේ ඕක තමයි. අපිත් හොරකමක් කරලා ඔලුව උස්සන්න බලමු. (නදී)

:       0       0

රවින්ද Monday, 06 April 2015 04:13 AM

තවත් මිනිස්සු මේ අය පස්සෙන් යනවනේ? (නි)

:       0       0

ගාමිණී Sunday, 05 April 2015 08:07 AM

ලංකාවේ වෛද්‍යවරයෙක් බිහිකිරීමටවත් මෙච්චර වියදමක් දරන්නේ නෑ. හැබැයි ඔවුන් අඩුගානේ එක ලෙඩෙක් හරි සුවපත් කරනවා. මේ වියදම මම හිතන්නේ ඇතිවෙයි මොරටුව සරසවියේ ඉංජිනේරුවෝ 10 ක් බිහිකරන්න. මුන්ට හොඳ වෙලාවට ඉගෙනගන්නේ මොලේ තිබ්බේ නැත්තේ. එ්කත් තව තිබ්බනං බලන්න තිබ්බ අපිට වෙන දේ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 06 April 2015 04:15 AM

රටේ ප්‍රශ්න අමතකවෙන්න ඕවා කියලා වැඩක් නැහැ. කවුද අනේ දැන් මේවා ගණන් ගන්නේ? (නි)

:       0       0

චරිත Sunday, 05 April 2015 08:12 AM

ඔස්ට්‍රේලියාවට යවපු අයවත් පුහුණුවට ලක්ෂ ගණන් දීල ට්‍රේනින් කරලද දන්නේ නැහැ? ඒ පාර්ශවය තානාපති කාර්යාලයක සේවයට තියා සිල්ලර බඩු කඩේක කැෂියර් වැඩකටවත් සුදුසු වෙන්න විභාග පාස් කරලා කියල කවුරුවත් දන්නේ නැහැ. (දිල්)

:       0       0

ඔෂාන් Monday, 06 April 2015 04:18 AM

මට නම් ඔය මහින්ද මහතා ගැන කියනවා නම් වෙන මොකුත් ඕනෑ නැහැ (නි)

:       0       0

සමන්ත Sunday, 05 April 2015 08:16 AM

සමහරු විශ්ව විද්‍යාල වල පශ්චාත් උපාධි වලට සුදුසු කම් ලබපු හැටි මීටත් පංකාදුයි. අපි අවුරුදු ගණන් පර්යේෂණ කරලා නිබන්ධන ලියලා කට්ට කාලා කර ගන්න දේවල් පස්ස දොරෙන් ලැබුණ හැටි මෙතන ලියන්න බැහැ.(දිල්)

:       0       0

රංචාගොඩ Monday, 06 April 2015 04:20 AM

මේ ඩුබායි තිලක්ට නම් මොකක්හරි ඔලුවේ අමාරුවක් තිබෙනවා. වෙන වැඩක් නැද්ද? (නි)

:       0       0

ජයන්ත Sunday, 05 April 2015 08:21 AM

මොනවද මේ කියවන්නේ . මීට වාඩා දේවල් නැද්ද කතා කරන්න,මොකක්ද දැන් අපේ රටට වෙන්නේ,(දිල්)

:       0       0

අමල් Sunday, 05 April 2015 08:22 AM

දැන් එතකොට අර අභාවකාශ තරණයට කීයක් ගියාද දන්නේ නැහැ නේද?(දිල්)

:       0       0

සේන Sunday, 05 April 2015 08:23 AM

අනේ මන්දා සද්දේ විතරයි කරපු පරීක්ෂණයක ප්‍රතිපලයක්වත් වැරදි කාරයකුට දීපු දඩුවමක් වත් නැහැනේ තාම (දිල්).

:       0       0

කුරුවිට Sunday, 05 April 2015 09:07 AM

හඬ මිස වැඩ නැත ...(ම)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 05 April 2015 09:51 AM

"හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ශ්‍රී ලංකා නාවික හමුදා ලුතිනන් යෝෂිතගේ විදේශ පුහුණුවට රුපියල් ලක්ෂ 210 ක් රජයෙන් වැය කර ඇතැයි රජය කියයි". ඔය ගිය ලක්ෂ 210 යෙන් "කිරි හරක්" ටිකක් හැදුවා නම් උන්ගෙන් කිරි ටිකවත් අරගෙන ජාතික අාදායමට එකතු කර ගන්න තිබුනා (නදී)

:       0       0

සොපී Sunday, 05 April 2015 10:32 AM

නිසි පරීක්ෂණයක් තියල අපිටත් විස්තර කියන්නකෝ. (ර)

:       0       0

ධම්ම Sunday, 05 April 2015 11:05 AM

මේ වගේ කතා විශ්වාස කරලා තමයි අපි මහින්දව ගෙදර ඇරියේ. මේ කතා අපි තව දුරටත් විශ්වාස කරන්නේ නැහැ. දැන් ඉතින් තවත් අලුත් කතා කිය කියා ඉන්නේ නැතිව ඒවාට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ගවල ප්‍රතිපල අපට පෙන්නන්න.(නදී)

:       0       0

තරංග Monday, 06 April 2015 05:04 AM

මෙතන ගොඩක් අය පටළවාගත් දෙයක්. අමතකවුණ දෙයක්. යෝෂිත හමුදාවට බැඳුනේ යුද්ධය අවසන්වුණාට පස්සේ (නි)

:       0       0

වැකෝ Sunday, 05 April 2015 11:09 AM

මොහු යුද අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි (දිල්)

:       0       0

සුමනා මානන්දුව Monday, 06 April 2015 05:11 AM

ඩුබායි තිලක් ඩුබායි වල රස්සාවක් කරනවා නොවේ මානසික රෝහලක ප්‍රතිකාර ගන්නවා (නදී)

:       0       0

ද මෙල් Sunday, 05 April 2015 11:38 AM

තව ටික දවසකින් කියාවි එහෙම එකක් නෑ කියලා ,(දිල්)

:       0       0

සමරවීර සුමනදාස Monday, 06 April 2015 05:18 AM

රජතුමාගේ පුත් කුමාරයා පුහුණු කිරීම රජ කාලයේ සිට පැවතගෙන එන සිරිතක් බව රටවැසියෝ දන්නේ නැද්ද? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 05 April 2015 12:13 PM

ඇයි අනේ කියව කියව ඉන්නේ ? (ර)

:       0       0

අනිශ් Monday, 06 April 2015 05:21 AM

ඊලඟ යුද්දෙට පුහුණුව සඳහා තමයි කුමාරයාව පුහුණුවට යවලා තියෙන්නේ. ඒක වරදක්ද? (ස)

:       0       0

සුරන්ජිත් පෙරේරා Sunday, 05 April 2015 12:16 PM

හැමදාම ඔවා කියා කියා ඉඳල වැඩක් නෑ. (ර)

:       0       0

චන්ද්‍රා Sunday, 05 April 2015 12:21 PM

එම මුදල අයකරගන්නා ක්‍රමයක් කලොත් රජයටත් රටටත් වැඩක් වේවි. (ර)

:       0       0

ධම්ම Sunday, 05 April 2015 12:24 PM

රටට අණබෙර ගහලා කුඩු රජෙක් ඇල්ලුවා, බැලින්නම් ඔහු කරලා තියෙන වරද කුඩු මි.ග්‍රෑම් අසූවක් සන්තකයේ තබා ගැනීම. (ර)

:       0       0

අ.බ. ශ්‍රීලා Sunday, 05 April 2015 12:41 PM

බය වෙන්න කාරී නෑ. හැබෙයි බැරිවෙලාවත් අපි කෝච්චියක ටිකට් එකක් නැතුව ගිහින් අහුවොනොත්. බලාගන්න පුළුවන්. (ර)

:       0       0

මහේෂ් Friday, 10 April 2015 05:20 PM

චාමර, ඔයා හොඳට සොයලා බලලා කතාකරනවා නම් හොඳයි නේද? (නි)

:       0       0

ලාල් Sunday, 05 April 2015 01:16 PM

කල්යනකොට ඔය මොකුත් නැහැ. බලමු මේ කතාවට ලැබෙන උත්තරය තව සති 2 ක් 3කින්. (ර)

:       0       0

හේරත් Sunday, 05 April 2015 01:35 PM

දැන් සද්දේ දාන සුදුසුකම් තියෙන කවුරුවත් එදා හමුදාවට අාවේ නැත. (නදී)

:       0       0

රොෂාන්ත Friday, 10 April 2015 06:22 PM

සිංහලයන් ගැන දුක හිතෙනවා. මහින්ද පාලනයෙන් රටේ මුදල් සම්පත් කොපමණ විනාශකළාද කියලා ඔප්පුවෙලා තියෙද්දිත්, තවත් එම පවුල් පාලනයට ආවඩන පිරිසක් සිටීම රටේ අවාසනාවක් (නි)

:       0       0

ෆැරැන්ක් Sunday, 12 April 2015 06:11 AM

ඔබ හිතනවද වර්තමානයේ සිදුවෙන්නේ මීට වඩා වෙනස් දෙයයක් කියල. දැනුත් යහපාලනයේ වීවීඅයිපීල පත්වීම් සහ උසස්වීම වලට බලපෑම්කරනවා. පුළුවන්නම් මෛත්‍රී කියන්න ඔබ ලංකා බැංකුවේ ඒජීඑම්, ඩීජීඑම් උසස්වීම් වලට බලපෑම් කලේ නැත කියල. වර්තමාන සභාපති හිටපු අයටත් වඩා දේශපාලන කුක්කෙක් (බ)

:       0       0

ප්‍රසන්න Thursday, 09 April 2015 01:57 PM

ලංකාවේ තවම තියෙන්නේ වැඩවසම් ක්‍රමය. (නි)

:       0       0

අරවින්ද Sunday, 05 April 2015 02:38 PM

හේරත් තවම අඩ නින්දෙද ? (නදී)

:       0       0

මතීෂා චාමර Sunday, 05 April 2015 03:09 PM

මෙතන දක්වලා තියෙන අදහස් දැක්කම හිතෙනවා අපේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලාද කියලා. 2005 අපේ රටේ හිටිය මිිනිහෙක් නම් දන්නවා ඊ්ට කලින් හිටපු අය සාම ගිවිසුම්, සුදු නෙළුම්, තවලම් වගේ දේවල් නිසා සහ එක දිගට සිදුවුන පරාජයන් නිසා අවුරුද්දකට 3000ක්වත් හමුදාවට බැඳුනෙ නැහැ කියන එක. හැබැයි මහින්ද ආවාම තේරුනා යුද්ධෙ දිනන්න හමුදාව දෙගුණ කල යුතුයි කියලා. මහින්ද තරුණයන්ට හමුදාවට බැඳෙන්න කිව්වෙ තමන්ගෙ පුතත් හමුදාවට බන්දල දිලා. මහින්දගෙ කාලෙ මාසෙකට 8000ක හමුදාවට බැඳුනා. පොඩ්ඩක් හිතන්න ජනාධිපත්ගෙ පුතා වෙච්ච යෝෂිතට පිටරටක ඉගෙන ගන්න යන්න තිබුනා. දේශපාලනයට එන්න තිබුනා. බිස්නස් කරන්න තිබුනා. ලංකාවේ මොන දේශපාලකයගෙ පුතාද හමුදාවට බැඳුනෙ. එක්කෙනෙක් ඉන්නවනම් කියන්න. (නදී)

:       0       0

සුමුදු හේවා Sunday, 05 April 2015 03:13 PM

යහ පාලන කෙප්ප කෙබර ටොන් ගණනින් වැමෑරුවත්- යහපාලන නඩේට බෑ වැලි ගහන්න අපේ ඇහැට.යුද ගිනි දැල් ඇවිලෙද්දීත් පුතා දුන්නු හමුදාවට- මහින්ද මිස අන් කිසිවෙක් අපිට ඕනේ නෑ නෑ මයි. (නදී)

:       0       0

සමන් වන්නිආරච්චි Sunday, 05 April 2015 03:16 PM

රටක බිහිසුනු යුද්ධයක් පවතින හා ඒ නිසා හමුදාවට කොල්ලො නොබැඳෙන සමයක රටේ ජනාධිපතිවරයාගේ පුතා හමුදාවට බැඳී තරුණ පරපුරට හමුදාව පිළිබඳ විශ්වාසයක් හා ඊට බැඳීමට කැමැත්තක් ඇති කළ මේ කරුණ අවතක්සේරු කරන්නේ ඇයි. ජනාධිපතිවරයා තම පුතා සුදුසුකම් ඇති්ව හෝ නැතිව හමුදාවට බඳවද්දී මේ රටේ අඩුම වශයෙන් මන්ත්‍රී කෙනෙකුගේ පුතෙක්වක් හමුදාවකට බැන්දුවාද? ඔවුන් ලංකාවේ නැත්නම් පිටරටවල යවා හෝ උගන්වා නයිට් ක්ලබ් හා කැසිනෝ වලට යවන එක තමයි සිරිත උනේ.(නදී)

:       0       0

සුමුදු හේවා Sunday, 05 April 2015 03:19 PM

යෝෂිත සාමාන්‍ය තරුණයෙක් ලෙස හමුදාවට බැඳෙන්න ගිය විට එතන නිලධාරියෙක් ඒ බව ජනපතිතුමාට දැනුම් දුන් බවත් වෙනත් අය වෙනුවෙන් අනුගමනය කරන බඳවාගැනීම් පටිපාටියම අනුගමනය කරන ලෙස එතුමා උපදෙස් දුන් බවත් එය සිදු වූ අවදියේ මාධ්‍ය වල පළ විය. තරුණයන් අතුරුදන් කොට පළපුරුදු රජයකට ලිපිගොනු අතුරුදන් කිරීමත් කජ්ජක්ද? (නදී)

:       0       0

බෙන්තොට Sunday, 05 April 2015 03:19 PM

මේ රටේ මොනවා වෙනවද කියල හිතාගන්නත් බැරි තරම්. වැරදිලාවත් මහින්ද දින්නා නම් අපිට කන්න දෙයක් වත් ඉතුරු වෙන එකක් නැහැ. (නදී)

:       0       0

සුමුදු හේවා Sunday, 05 April 2015 03:24 PM

චීන ව්‍යාපෘතියකත් පිරිවැය බිලියන ගණනකින් අඩු කළාය කියලා මුසාවාද දෙසලා ගලේ පැහැරූ බළලෙක් බවට පත් වුණු කට්ටියගේ තවත් ඥාව් කීමකි මේ. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 05 April 2015 03:24 PM

රටේ දුප්පත් පාසල් වල දරුවන්ට යන්න වැසිකිලියක් නැහැ. ඒ දරුවන් තවමත් යන්නේ කැලයට. පාසල් යන්නේ තේ කහට කෝප්පය බීලා. දාගෙන යන්න සපත්තු දෙකක් නැහැ. එහෙව් රටේ එක පවුලක් විසින් මේ තරම් මුදල් කන්දරාවක් විනාශ කිරීම මොන තරම් සහ ගහන අපරාදයක්ද? (නදී)

:       0       0

මහින්ද කිතුල්ගොඩ Wednesday, 08 April 2015 12:47 PM

ඔව් ඔව් ඉතින් ඉස්සර සජිත් මහත්තයටනම් එච්චර රට රාජ්ජවල යවන්න උනන්දු උනේ නෑ. විමුක්ති අප්පෝ ත් ....දහම් බේබිත් ..අතින් වියදම් කරන පාර්ට් ටයිම් කරන ගමන් තමා ගාස්තු හොයනවා ඇත්තේ මහින්ද මහත්තයාගේ දරුවෝ විතරමයි අපේ රටේ ධනය නැති නාස්ති කළේ. හොඳ වෙලාවට රනිල් මහත්තයයි,මංගල මහත්තයයි ඔය චෝදනා වලින් නිදහස්? (බ)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 05 April 2015 03:25 PM

මම නිකම්ද කියන්නේ "මිනීමරු ප්‍රභාකරන්ලා 35 දෙනෙකුට අවරුදු 35 කදී කරන්න බැරි වුන විනාසයක් රාජපක්ෂවරු අවරුදු 7-8ක් තුල රටට කරලා තිබෙනවා" කියල.මොලේ කළදක් තිබෙන ඕනෑම කෙනෙකුට එක තේරුම් ගන්න පුළුවනි.(නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 05 April 2015 03:27 PM

කෝටි ප්‍රකෝටි මුදල් වෙනුවෙන් රටට කුඩු ගෙන්වනකොට මුහුදෙන් ආරක්ෂාවත්, රටින් ලෝකයේ ත්‍රස්ත සංවිදාන වලට පාවෙන අවි ගබඩාවෙන් අවි විකිණීමේදී ආරක්ෂාවත්,යුරෝපේ රටවලට හොරෙන් පැනයන අයට ආරක්ෂාවත් දුන්නේ ඔය කියන ලොකු ලොකු අය තමයි (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 05 April 2015 03:29 PM

බෙන්තොට, මොකද කන්න දෙයක් නැති වෙන්නනේ. ඔය පුන්නක්කු තියෙන්නේ තවමත් අඩු මිලට ගන්න.(නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 05 April 2015 03:30 PM

රාජපක්ෂවරු නැවත රටේ දේශපාලනයට එනවා කියල කියද්දීත් මගේ අගේ මයිල් කෙලින් වෙනවා බයටම. මොකෝ රට තව අවරුදු 100 කට ගොඩ ගන්න බැරි වෙන්නම විකුනන් කාල ඉවරයි. තවත් අවරුදු 2 ක් හිටියා නම් රටේ බත් කන හරක් ටිකත් 'මසටම" විකුනන් කනවා ඉර හද වගේ විස්වාසයි. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 05 April 2015 03:33 PM

බන්දුල පෙරේරාට පුදුම අමාරුවක් තියෙන්නේ. රටට කරලා තිබෙන අපරාද හැටියට නීතියක් කියල දෙයක් තියෙන රටක් නම් මේ වෙනකොට රාජපක්ෂවරු ඉන්නේ "මහගෙදර". දැන්වත් සියලු දුෂණ පරීක්ෂණ කරන්න මාර්ෂල් සරත් ෆොන්සේකාට බාර දෙන්න. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 05 April 2015 03:35 PM

මතිෂ චමාරලා වගේ "මොළ හෝදපු" අය ඉන්නකම් රටේ දුෂණ හොයනවා බොරු. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 05 April 2015 03:50 PM

හෙද විදුහලක් හදල රටේ දුප්පත් තරුණ තරුණියන්ව හෙද විදුහලේ හොද දැනුමක් දීල මැදපෙරදිග එව්වනම් ගෘහ සේවිකාවන්ට වඩා, හොද වැටුපක් ගන්න තිබුන. විශාල විදේශ විනිමයක් හොයන්න තිබුන.(දැනට මේ රටේ පිලිපීනය සහ ඉන්දියාව ඉදිරියෙන්ම ඉන්නවා) (බ)

:       0       0

සුමුදු හේවා Monday, 06 April 2015 07:40 AM

තරංග අලුත් සොයාගැනීමක් කරලා! යුද්දේ ඉවර වෙලා තියෙන්නේ 2009 කියලා අපි හිතුවට ඒක වෙලා තියෙන්නේ ඊට කලින් ලු !, (ස)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 12 April 2015 10:48 AM

කව්රු කව්රුත් මහින්ද මහත්තයාගේ රෙදි අපුල්ලන්න බලාගෙන ඉන්නවා. ප්‍රබාකරන් වීරයෙක් කරගෙන කට මැත දොඩවන කොටි පුල්ලි වහගෙන ඉන්න මන්ත්‍රීලත් ඉන්නවා. ප්‍රසිද්දියේම සාම්පූර් කෑම්ප් එකත් ඉවත් කළා. 19න් අපේ ඉතිරි බලයත් අපිම අඩු කරගත්තාම කාටද හරි අණක් දෙන්න පුළුවන් වෙන්නේ. ඇටිකෙහෙල් කාපු උගුඩුවො වෙන්නද කට්ටිය හිතන් ඉන්නේ. (නදී)

:       0       0

අබේරත්න-ටෝකියෝ Sunday, 05 April 2015 04:59 PM

ලැම්බෝගිනි හමුවුණේ නැද්ද ? (නි)

:       0       0

සුමුදු හේවා Sunday, 05 April 2015 05:03 PM

පාලිත, ඕකට ගියාය කියන්නේ බකිංහැම් අශ්වයාටයි ලැම්බෝගිනි වලයි ගිය ගානට වඩා වැඩි ගානක්ලුද? (නි)

:       0       0

සුරේෂ් Sunday, 05 April 2015 05:14 PM

බලනකොට අපේ සල්ලි වලින්නේ මේ හැමදේම කරලා තියෙන්නේ... (නි)

:       0       0

සුමුදු හේවා Sunday, 05 April 2015 05:18 PM

ඩුබායි තිලක්, රාජපක්ෂවරුන්ට ඔච්චර බය මොකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 108 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 141 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 136 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 109 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 338 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 350 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site