IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


යෝෂිතගේ මාංචු නමට පමණයි

සීඑස්එන් නාලිකාවට අයථා ලෙස මුදල් යෙදවූ බවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ බ්‍රහස්පතින්දා යළි රිමාන්ඩ් කැරිණි. උසාවි නියෝගයෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීහු ඔහුගේ දෑත්වලට මාංචු දමා බන්ධනාගාර බස්රියට නංවා ගනු ලැබූහ.

එහෙත් ඔහුගේ දෑත්වලට මාංචු දමා තිබුණේ යතුරු නොදමමිනි. ඔහුගේ දෑත්වලට මාංචු දමා ගෙනයන ඡායාරූපවල සමීප දසුන් පෙන්වා දී ඇත්තේ යතුරු දමා නොතිබූ මාංචුව එක් අතක අල්ලට තදවී තිබෙන ආකාරයයි. 

Yoshitha_2016212_7765



අදහස් (0)

යෝෂිතගේ මාංචු නමට පමණයි

තල්දුවේ සෝම හිමි Saturday, 20 February 2016 09:08 AM

වරදක් කළා නම් කවදා හෝ පල දෙනවා. අද සුරසැප වින්දත්, කවදා හෝ වරදේ ආනිසංස ලැබෙනවා (නි)

:       0       0

දනුශ්ක Sunday, 14 February 2016 02:57 PM

හොරු කවදාවත් මේ වගේ දේවල් අනුමත කරන්නේ නැ.මුන් කරපු ජඩ වැඩ දන්නා කෙනෙක් මේ සිද්දිය බොරුවක් කියල පිළිගන්නේ නැ .මේ සිද්දිය ඇත්ත කතාවක් (රේ)

:       2       0

සරෝජ් ජයසේකර Tuesday, 16 February 2016 08:13 PM

ලංකාවේ නැවත නොඉපදේවා කියා පතමි. (නි)

:       0       0

වීරසේන Friday, 26 February 2016 11:33 PM

පැමිණිලිකාරයෝ වැරදිකාරයෝ, විත්තිකාරයෝ නිදහස් (නි)

:       0       0

අසෝක Sunday, 14 February 2016 05:36 AM

යෝශිතව ගත්තේ හොරු නොඇල්ලීමේ මහජන අප්‍රසාදය මගහරවා ගැනීමට පමණයි. (ර)

:       0       0

සරණපාල Friday, 12 February 2016 02:51 PM

දානකොට පනින්න ඇති. හිතල නෙවෙයි ක‍රන්න ඇත්තේ (කෞ)

:       0       0

ස්වර්ණා Monday, 15 February 2016 11:31 PM

රට නිදහස් කළ නායකයාගේ දරුවා ගැනත් ඒ පවුල ගැනත් සමහරුන්ට ඇත්තේ ඊර්ෂ්‍යාවක්. ප්‍රභාකරන් කොච්චර දෙමළ දරුවන් මැරුවද? කොච්චර සල්ලි මංකොල්ලකෑවද? ඒත් ඒ මිනිස්සු ඔහු වෙනුවෙන් එකම සිතින් ආදරය කරනවද? (නි)

:       0       0

මහින්ද සෞදි Friday, 12 February 2016 03:01 PM

මාධ්‍ය සංදර්ශන ඔබලා පෙන්වනවා,අපි බලන් ඉන්නවා.(කෞ)

:       0       0

සමන්ති Tuesday, 16 February 2016 12:51 AM

රාජ මාලිගේ - පරවියාවගේ- ඉපදුනාට පස්සේ (බ)

:       0       1

අමිල Saturday, 20 February 2016 10:14 AM

සමහරුන්ගේ අදහස් දකිද්දී මතක් වන්නේ රුසියාවට වැඩිය ලොකු මොකක්ද මන්දා එකක් (නි)

:       0       0

සචිත් Saturday, 13 February 2016 01:45 AM

මෙයත් මාසයක් විතර ඇතුළේ ඉඳලා මොකුත්ම වෙලා නැහැ කියලා එළියට දායි. මේ හැමදේම මෙගා ටෙලිනාට්‍යක් විතරයි. දේශපාලුවන්ට ඕනෑ විදිහට තිරපිටපත වෙනස් කරලා මිනිසුන්ව ගොනාට අන්දවනවා. (නි)

:       0       0

රාහුල Monday, 22 February 2016 06:36 AM

ප්‍රනාන්දු ඔබ පැරීසියේ ඉඳගෙනද සුද්දන්ට බනින්නේ.ඔබගේ ජාත්‍යාලයත් අපට හිතා ගත්තැහැකියි. ඔබ පැරීසියේදි සුද්දන් ඉදිරියේ කොන්ද කෙලින් තබාගෙන වැඩ කරනවාම ඇති. ඔබේ වචන වලින්ම ඔබට තිබෙන ප්‍රශ්නය අපට පේනවා.(බ)

:       0       0

රොහාන් දයාදර Saturday, 13 February 2016 08:47 AM

වීර වැඩක් කරලා වගේ ඉන්නේ ඒකට මොකද අප්පා රටේ අනාගත පරපුර ගැන කථා කළේ (බ)

:       0       0

ලක්විදු Sunday, 21 February 2016 05:19 PM

යහපාලනයේ ගොඩක් දේවල් නමට පමණයි (නි)

:       0       0

වෙරංග Wednesday, 17 February 2016 01:04 AM

ප්‍රනාන්දු, කොන්දක් තිබෙන මිනිහෙක් කවදාවත් තව කෙනෙක්ගේ දේවල් හොරාකන්නේ නැහැ. වැදගත් විදිහට තිබෙන දෙයින් ජීවත්වෙනවා. (නි)

:       0       0

අතුල Friday, 12 February 2016 11:50 AM

ඕක විතරක් නෙමෙයි අනෙක් ඒවත් නමට පමණයි (බ)

:       0       0

මහින්ද සෞදි Friday, 12 February 2016 12:04 PM

අමතක වීමක් (බ)

:       0       0

රොහාන් දයාදර Friday, 12 February 2016 04:10 PM

ඒ වෙලාවේ මෙයාට මාංචු දැමු ජෙලර්ගෙන් ප්‍රශ්න කරන්න තියෙන්නේ.මේක නිතිය හා බැඳුන ප්‍රශ්නයක්.වගකිව යුත්තනි..ඔබලා නිදිද (කෞ)

:       0       0

කිත්සිරි Wednesday, 24 February 2016 04:28 AM

අපි බලා ඉන්නෙ ඕවට දඬුවම් ලැබෙනතුරු. දඬුවම් දෙන්න අපිට දෙන්න. (නි)

:       0       0

නික් Sunday, 14 February 2016 08:37 PM

මේකත් එක්තරා රඟපෑමක් විතරයි. (නි)

:       0       0

නලින් යහම්පත් Saturday, 13 February 2016 06:01 PM

මේවා සංදර්ශන පමණයි. ඡන්දය දුන් ඡන්දදායකයන් රැවටීමට කරන වැඩ. හෙට අනිද්දා ඔහු නිදොස් වෙලා එළියේ. කවුරුහරි පොඩි එකෙක් පිට වරද පටවා ඔහු මාස 6 කට පමණ හිරේ දමාවි (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 13 February 2016 06:04 PM

ඔය කරන්නේ රඟපෑමක්. අවංකවම/සත්‍ය ලෙසම කරනවා නම් ජෙනරල් ෆොන්සේකාට බාරදෙන්න පුළුවන්නේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 13 February 2016 05:58 PM

රොහාන් දයාදර, අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් දෙන්න ඕනෑ. ඔය විදිහට රටකට අධිකරණ ඕනෑම නැහැනේ.මොනවද මේ කරන විහිලු. (නි)

:       0       0

රජිව් Monday, 15 February 2016 03:25 PM

මෙයාට නම් බාගෙට හරි දාගෙන ආවනේ. අර නෝනා කෙනෙක් ආවේ පෝරුවට නගින්න වගේ. (අ)

:       0       0

සංජීව Saturday, 13 February 2016 10:20 AM

පැනලා යයි, බලාගෙන... (නි)

:       0       0

තිලාන් Saturday, 13 February 2016 06:23 PM

අබුද්දස්ස කාලේ! (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 17 February 2016 06:12 AM

ප්‍රනාන්දු මහතා ඔබගේ කීම අගය කරමි (බ)

:       0       0

වසන්ජය Wednesday, 17 February 2016 10:51 PM

සිනහවෙන් ඒ බව පැහැදිලියි (නි)

:       0       0

චානක Saturday, 13 February 2016 09:51 PM

ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

රුක්ෂාන් Friday, 12 February 2016 01:13 PM

සාමාන්‍ය මිනිසුන්ට තමා හැම නීතියක්ම (නි)

:       0       0

චතුරි Saturday, 13 February 2016 11:57 PM

මල්ලියේ නොහොබිනාකම් හුරුවෙන්න එපා... බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා.... හතුරෙකුටවත් මට වන් දුක දෙන්න එපා... (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 20 February 2016 10:12 PM

වෙරංග, යහපාලනයේ සමහර සුද්දවන්තයෝ ජනතා මුදල් කොපමණ සොරා කා තිබේද කියා ඔබ දනීද? (නි)

:       0       0

ජනිත් Friday, 26 February 2016 09:34 AM

මේ දෙයින්ම පේනවා නේද බොරුවක් කරන්නේ කියලා.(හේ)

:       0       0

ටෙනිසන් Friday, 12 February 2016 08:07 PM

බලනකොට අපිටනේ මාංචු වැටිලා තියෙන්නේ (නි)

:       0       0

ටිරෝන් Saturday, 13 February 2016 01:04 PM

බඩගින්නට කොස්ගෙඩියක් පොල්ගෙඩියක් කඩලා අහුවුණා නම් කකුල් දෙකටත් මාංචු දායි. අනේ මෙහෙමත් නිලධාරීන්? (නි)

:       0       0

චතුරි Saturday, 13 February 2016 02:04 PM

ඉගෙනීම ඔබගේ ධනය යැයි සිතා, දුරලන්න වංචා, ඊර්ෂ්‍යා... (නි)

:       0       0

දුමින්ද Monday, 15 February 2016 03:29 AM

මහබැංකු මහා මංකොල්ලයට මාංචු වැටෙන්නේ කවදාද? (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 12 February 2016 11:10 PM

මේ සියල්ල මහජනයා රවට්ටන්න කරන බොරු. ටිකක් ඉඳලාම බලන්නකෝ. (නි)

:       0       0

ජයසිරි Monday, 15 February 2016 03:45 AM

නමුත් ඉතින් එයා මාංචු ගළවාගෙන පැනලා ගියේ නැහැනේ. ඔය ඉන්නේ බස් එකට වෙලා (නි)

:       0       0

ප්‍රනාන්දු - පැරිස් Tuesday, 16 February 2016 09:33 AM

දේශයට ආදරයක් තිබෙන පර සුද්දන් ඉදිරියේ කොන්ද කෙලින් තබාගෙන වැඩ කරන පවුලක සාමාජිකයෙකුට ගෙම්බෙක් වගේ නිතරම බක බක නොගා සිටින්න !, නොමැති නම් අනිත් වටයේදී පර ගැතියන්ට වෙන දේ දැකල ඔබගේ මනස විකෘති වීමට ඉඩ ඇත (බ)

:       0       0

පීරිස් Saturday, 13 February 2016 06:44 AM

මේවා දැකලා දැන දැන් අපිට එපාවෙලා. අවුරුදු පහ ඉවර වෙනකම් මෙහෙමම යාවි වෙඩක් සිදු නොවී. (ර)

:       0       0

සංජීව Friday, 12 February 2016 11:56 PM

රටේ ප්‍රභූවරු කියාගන්නා මහජන මුදල් වංචා කරන මිනිසුන්ට මාංචු කැප නැහැ. සාමාන්‍ය අහිංසක අයට තමයි කැප. අපි ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)

:       0       0

සම්පත් Saturday, 13 February 2016 12:05 AM

ඇත්තටම මම කිසිම පක්ෂෙකට කඩේ යන්නේ නැහැ. ගරුකරන කෙනාට ගරු කරනවා. කවුරු වුණත් මහජනගේ අහිංසක මුදල් වලින් සැප විඳින එක ගැන ලැජ්ජයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 410 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2248 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1638 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 702 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 610 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 709 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37708 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24856 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site