(ගයාන් සූරිය ආරච්චි)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් මිලියන 59 මුදල ඔහුගේ මිත්තණිය වන ඩේසි' පොරස්ට් නැමති කාන්තාව සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් ඩේසි ෆොරස්ට් නැමති කාන්තාවට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.
එම ගිණුම්වල තිබූ මිලියන 59ක මුදල උපයා ගත් ආකාරය පිළිබඳව ඔප්පු කිරීම සඳහා යෝෂිත රාජපක්‍ෂ මහතා අසමත්වීම හේතුවෙන් ඒ සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
එම විමර්ශනවලදී යෝෂිත රාජපක්‍ෂ මහතා ඔහුගේ මිත්තණිය සමග හවුල් ගිණුමක් වශයෙන් මුදල් තැන්පත් කර තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව ඩේසි ෆොරස්ට් නැමැති කාන්තාවද එම විමර්ශනවල සැකකාරියක් ලෙස නම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යෝෂිතට - ඩේසි ආච්චිට නඩු
Akila Tuesday, 11 February 2025 12:13 PM
ඒ ම්ලියන 59 බයියෝ දීපු අදාර වෙන්න බැරිද ?
Chandanie Tuesday, 11 February 2025 06:50 PM
සුනාමිය ආවම ලෝකයේ හතරවටෙන්ම ආධාරත් ලැබුනා ඒවට ඔහොම පිටපාරෙන් ගිහිල්ලා එන්නත් පුලුවන් ඇතිනේ ඒ ගැන බලන්න ක්‍රමයක් තියෙනවා නම් හොදයි නේද
Kumar Tuesday, 11 February 2025 12:22 PM
අනේ අපේ ආච්චිට කරදර කරන්න එපා, එයාට නිදහසේ ඉන්න දෙන්න
Danushka Tuesday, 11 February 2025 01:17 PM
කාලකන්නි පවුලක්... රටම බංකොලොත් කරපු විදිහ මේ එකින් එක එලියට එන්නෙ... මුන්ගේ සියලුම දේපල රාජසන්තක කරන්ඩ ඕනැ රටට කරපු අපරාදෙට.. තවත් අති මුන්ට වහල්කම් කරන එවුන්..
පොඩිඑකා Tuesday, 11 February 2025 01:19 PM
මුණුබුරා පොඩ්ඩගෙ කෙරැවාවෙන් ආච්චිට මැණික් කෙසේ වෙතත් හාල් නං ගැරිල තියෙන්නෙ…!
බකල ජයා Tuesday, 11 February 2025 01:20 PM
කූඩුවක සිට හෝ ලෝහමය දඬු ගනන් කිරීම ගණිත හැකියාවන් වර්ධනය කිරීමට හේතුවේ. අට වසර පමණක් නොව සාමාන්‍ය පෙළ, උසස් පෙළ පවා සමත් විය හැකිය. උසස් රැකියා සඳහා අයදුම් කිරීමටත් එයින් හැකිවේ.
PATTA hora Tuesday, 11 February 2025 01:25 PM
යෝෂිත " දෙටු-පුත් " වුනේ කවදද? යකෝ ඒකා දෙවැනි පුතා. දෙටු පුත් කියන්නේ ජේෂ්ඨ නොහොත් වැඩිමහල් පුතා කියන එක, ඒකා නාමල් . කෝවේ දාල හරි මේ වගේ අමන මාධ්‍ය වේදියෝ මකවලා හදන්න ඕනෙ.
ලක්විදු Tuesday, 11 February 2025 02:00 PM
ඩේසි ආච්චිට දාන්න ඕන එලොව ගමන් තහනමක්!
sena Tuesday, 11 February 2025 02:02 PM
යෝශිතයි ආච්චියි දෙන්නම නිදහස් වෙනවා තාක්ශනික දෝශ මත.
lakmal - Awariwaththa Tuesday, 11 February 2025 02:29 PM
අනිවාරෙන්ම මුන් කරපු වැරදි වලට දඩුවම් ලැබිය යුතුයි. මුන්ගේ පවුල එකතු වෙලා තමා රට උලා කෑවේ. මුන් හොරාකාපු හැම සතයක්ම නැවත රජයට අයකරගන්න ඕනි අනාගත පරපුර වෙනුවෙන්.
Kamil Tuesday, 11 February 2025 02:33 PM
බොරුවට වැඩ. යනවට වඩා ඉක්මනින් එලියට එනවා. කිසිම තේරුමක් නැහැ. පච විතරයි
සෙනෙවිරත්න Tuesday, 11 February 2025 02:36 PM
මේවා වැඩක් නැහැ, හාල් පොල්ම දියල්ලා, රජයට වී ඇටයක් දෙන්නේ නැහැ කියමු.
senaTuesday, 11 February 2025 04:18 PM
සෙනවිරත්න, කෙරෙනවනම් අපිත් කැමති හැබැයි නෑනේ , කෝ උගන්ඩා ඩොලර් ගේන්නේ නෑනේ, අපි තවත් රැවටෙන්නේ නැහැ.
SenadinayakaTuesday, 11 February 2025 11:03 PM
පුදුම හදිස්සියක්නේ සේන ඔයාටත් තියෙන්නේ. එකක් කරගෙන යද්දී, අහලක තියන එකක් ඇදල ගන්නවා. 2048 වෙනකන් ඉවසන් ඉන්ඩ නේද ලෑස්ති උනේ. මොකෝ ඒ ඉවසීම රෙද්ද පල්ලෙන් ගියාද?
සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 11 February 2025 02:38 PM
කොටින්ම කිව්වොත් යහපාලන පාර්ට් 2. එකම තිරපටය නලුවන් පමණක් වෙනස්.
යෝගා Tuesday, 11 February 2025 04:20 PM
හිඟන්නගේ තුවාල වගේ දේශපාලන වාසි ගන්න, රටේ ප්‍රශ්න යට ගහන්න තියාගෙන හිටිය නඩු සියල්ල ඉක්මනින් එලියට එන එක හොඳයි. ඊට පස්සේවත් තමුන්ගේ වැඩ පෙන්නලා දේශපාලනේ කරන්න පුළුවන්නේ.
සෙනෙවිරත්න Tuesday, 11 February 2025 04:28 PM
මේකෙ ඩිස්ලයික් සහ සමහර කමන්ට් බැලුවම ඒ අයගෙ කැමැත්ත තමයි පොදු දේ උලාකාපු උන් නිදහස් වීම. යහපාලනේ අංක දෙක කියන අයට කියන්න තියෙන්නෙ එහෙම උනත් මුන් හොරා කාපු ඒක ඇත්තක්. පනුවොදාල හරි මැරෙනව. මහජනතාව අපාදුක් විඳිද්දි මුන් ගැලවෙනව කියල හිතන උන් තමයි රටේම ශාපය.
පිටිගල මිලානෝ Tuesday, 11 February 2025 04:46 PM
කතාව මතක නම් නඩුවේ මුල්ම දවස්වල යෝෂිතයා ඩේසි ආච්චිව අල්ලලා දීලා පනින්නයි හැදුවේ. පස්සේ ්‍මයි ඉදිරිපත් වුනේ…. අත ගහපු හැම තැනම හොරකමමයි…
අමාලි Tuesday, 11 February 2025 04:59 PM
තාත්තා සුනාමියට කෙළියා, අම්මා රත්තරං වලට කෙළියා, කපුටු බාප්පි සීයට දහය කියකියා රටටම කෙළියා, ගෝත බාප්පි මිග් එකට කෙළියා, ලොකු කොල්ලා ක්‍රිස් එකට කෙළියා, මද්දුමයා තාජුඩීන්ට කෙළියා, බාල එකා රොකට් එකට කෙළියා… ආච්චි මැණික් මල්ලට කෙළියා…
විපරමා Tuesday, 11 February 2025 05:04 PM
දූෂිත පව්ල් පාලනේ උන් ඔක්කොම අපේ රටට සාපයක්. නීතියෙන් ගැළවුනත් ජනතාවගේ සාපයෙන්වත් කරපු පාප කර්ම වලින් වත් ගැළවීමක් නැතිවෙයි. ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දණ්ඩුවම් ලැබේවා
බඩු කාර Tuesday, 11 February 2025 06:06 PM
ආච්චිට සීයලා ගොඩකින් සල්ලි ලැබෙන්න ඇති..
Alfread Tuesday, 11 February 2025 06:45 PM
තවමත් මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ රටේ ආර්ථිකය වැටුනේ කොවිඩ් නිසා මාස 8ක් රට වහල තිබුන නිසා කියලා. මාලිමා පච ටික තාම කරේ තියන් දුවනව. නිලන්ති කිව්වා උගන්ඩා බොරුව අවබෝධෙන් කියපු බොරුවක් කියලා. එහෙම කියල තියෙද්දිත් පුන්නක්කු කන උන් තාම වෛරය පතුරනවා. ඕව කරලා අවුරුදු 5 ඉවර වෙන්න කලින් ව්‍යවස්ථාව වෙනස් කර ගන්න තමයි ප්ලෑන් එක. එතකොට තව අවුරුදු 40ක් විතර වඳුරු සෙල්ලම් බලන්න පුලුවන්.
sathyapala Wednesday, 12 February 2025 01:17 AM
ඩේසි ආච්චිත් ප්‍රගීත් එක්නැලිගොඩ වගේ අතුරුදහන් වෙන්න හෝ ලසන්ත වික්‍රමතුංග වගේ ගාතනය කරලා කේස් යට ගහන්න බැරි නැති පවුලක්. ආච්චම්මේ ඔයා පරිස්සමින් ඉන්න. වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ආරක්ෂාකාරී තැනක හැංගෙන්න බලන්න.