හිටපු ජනපති පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂට එරෙහිව නාවික හමුදා පරීක්ෂණයක් පැවැත්වෙද්දී ඔහු ඩුබායි බලා පෞද්ගලික සංචාරයකට ගියේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රශ්න කරයි.
එම පෞද්ගලික සංචාරයට නාවික හමුදාපති අවසර දී ඇති බව ඔහුගේ සොයුරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍යයට පවසා ඇතැයිද හමුදා නිලධරයකුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙද්දී නිවාඩු අනුමත කිරීම බලවත් වරදක් බව පෙනේ යැයිද ඔහු කියයි.
පෞද්ගලික සංචාරයකට නොව විවාහ ගිවිස ගැනීමකට පවා කලින් අවසර ගත යුතුව තිබියදී යෝෂිතට විශේෂ වරප්‍රසාද දෙනුයේ ඔහු හිටපු ජනපතිගේ පුත්‍රයකු නිසාදැයි වෛද්‍ය ජයතිස්ස ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රශ්න කරයි.
නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ලිපිය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘යෝෂිතට රට යන්න ඉඩ දීම වරදක්‘ - ජවිපෙ
සුරියනාත Thursday, 12 February 2015 06:43 AM
පුළුවන් අය පනින කම් තමා මේ අතගාන්නෙ (නදි)
නන්දලාල් Wednesday, 11 February 2015 08:47 PM
ආපසු එන එකක් නැහැ. එයාලා රට යන්නේ "වන්-වේ" ටිකට් වලින් බව දැන දැනත් මේ අයට රට යන්න දෙන එකනේ පුදුමය කියන්නේ. (නි)
ද සිල්වා Thursday, 12 February 2015 12:06 AM
මේ ගැන වහාම විනය පරීක්ෂණයක් පවත්වන්න (නි)
දිලාන් Thursday, 12 February 2015 12:12 AM
දැන් පේනවානේ හිරිහැර කරන්නේ නැහැ කියලා. කලින් කළාටත් වැඩිය හපන් වගෙයි දැන් කරන වැඩ. (නි)
මේනක Thursday, 12 February 2015 12:13 AM
මෙච්චර හරියක් වෙලාත්, තමන්ගේ අතේ තිබුන බලය නැතිවෙලාත් මේ පුතාලා පාඩමක් ඉගෙනගන්නේ නැහැ වගෙයි. (නි)
නඩරාජා Thursday, 12 February 2015 12:32 AM
එයාලා කවදත් වැරදිමනේ හොයන්නේ. (නි)
කමල් Thursday, 12 February 2015 01:30 AM
නඩරාජා කියන්නේ නාවික හමුදාවේ සාමාන්‍ය අයට එක නීතියකුත් බලවතුන්ගේ දරුවන්ට තව නීතියකුත් තිබෙන්න ඕනෑ කියලද ? (නි)
ගිහාන් Thursday, 12 February 2015 01:36 AM
නාවික හමුදාවේ කිසිම කෙනෙකුට නැති වරප්‍රසාදද යෝෂිතට තිබෙන්නේ? අනෙක් අයටත් ඒ පහසුකම් තිබුනා නම් මෙයා ඒවා භුක්ති වින්ඳා කියලා අපි වචනයක් ඒ ගැන කියන්නේ නැහැ. (නි)
කාන්ති Thursday, 12 February 2015 01:59 AM
අනේ ඇත්තට! තවමත් මේ රටේ හැඳි දෙකකින් බෙදන එක නැවතිලා නැහැනේ. කෝ මේ නීතියේ ආධිපත්‍යයට රට පමුණුවනවා කියපු ඇත්තෝ? (නි)
නන්ද Thursday, 12 February 2015 02:48 AM
අනේ මන්දා මේවා! (නි)
දුමින්ද Thursday, 12 February 2015 02:49 AM
තාම 88-89 චෝදනා තියෙද්දී රට පැන්න අයත් නිදැල්ලේ නේද? හමුදා නීතිය -සිවිල් නීතිය දෙකක් කියලා ජෙනරාල් ෆොන්සේකා මැතිතුමාට කළ දෙයින් අපිට හිතුනා (නි)
මෙලනි Thursday, 12 February 2015 02:57 AM
අදහස් දක්වන අයට කැමති අයට විතරද රට යන්න පුලුවන්? (නි)
අමිල Thursday, 12 February 2015 03:44 AM
ලංකාවේ අයගේ ගතිගුණ කාටවත් වෙනස් කරන්න බැහැ (නි)
ඒඩ්‍රීයන් ද මෙල් Thursday, 12 February 2015 03:45 AM
නඩරාජා නොහොත් බන්දුල පෙරේරාට ජයවේවා ! (නි)
දිලිප් Thursday, 12 February 2015 04:02 AM
පැමිණිල්ලකට සති 2ක් ගතවීත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට හේතු විමසිය යුතුයි. එතකින් නොනැවතී විදෙස්ගතවීමට අනුමැතිය ලද ආකාරයත් විමසිය යුතුයි. නීතිය දැන් හෝ සාධාරණවත් සර්වසම ලෙසත් ක්‍රියාත්මක වනු දැකීම තුළ මහජනයාට යහපාලනයක උදාව දැකිය හැකිය. එසේ නොවුණහොත් ඉදිරියේදීත් නීතිය ගැන මහජන විශ්වාසය බිඳවැටේවි. (නි)
කළණි Thursday, 12 February 2015 04:07 AM
අනේ මන්දා ජවිපෙටත් තියෙන ප්‍රශ්න! (නි)
සරත් Thursday, 12 February 2015 04:08 AM
නන්ද, දන්නේ නැත්නම් නිකන් ඉන්න. මෙලනි, නිවැරදි අයට විතරයි රට යන්න දෙන්න ඕනෑ. (නි)
ලක්ෂ්මන් Thursday, 12 February 2015 04:12 AM
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන එක තමයි අපි හැමදාම කරන්නේ (නි)
හංසිකා උපමාලි Thursday, 12 February 2015 04:21 AM
ජාත්‍යන්තර පොලිසිය දාලා හරි මෙයාලව අල්ලාගෙන නාවික හමුදා නීතිය යටතේ හමුදා අධිකරණයට පමුණුවලා දඬුවම් කරන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා (නි)
රොෂාන් Thursday, 12 February 2015 04:34 AM
ඕවා පොඩි දේවල්.1948 සිට වෙන්නේ ජනතාව රැවටෙන එක. මේක තේරුම්ගන්න නොහැකිව වැඩකරලා වැඩක් නැහැ. අපිට දැන් ඕනෑ වැඩ (නි)
මෙලනි Thursday, 12 February 2015 04:56 AM
මෙලනි නමින් තිබෙන්නේ මගේ අදහසක් නම් නෙමෙයි. (නි)
පද්මිණි-ප්‍රංශය Thursday, 12 February 2015 05:19 AM
මෙලනි, මෙයාගේ රටයාම රටටම ප්‍රශ්නයක් නිසානේ මෙහෙම කතාකරන්නේ. ඔයා හෝ මම රට ගියාට මෙහෙම වෙන්නේ නැහැ (නි)
දුෂාර Wednesday, 11 February 2015 12:56 PM
අර හිටපු ඇමැති කෙනෙක් කිව්වා වාගේ , ගිය එක ගියා. කොහොමද මුන්ට විශේෂ වරප්‍රසාද.නීතීය එක හා සමාන විය යුතුයි (දිල්)
ඉන්දික Thursday, 12 February 2015 05:50 AM
ජේ.වී.පී. එකේ වැඩේ ඉතින් ඕකමනේ (නි)
විමල් දළුගම Thursday, 12 February 2015 06:16 AM
මුළු රටම විනාශ කරලා රට පැනල හිටපු සෝමවංස අපුරුවට නිදහසේ ඉන්නවා. ඒවා හරි. මෙයාලගේ පැමිණිලි ඊළඟ ඡන්දෙ වෙනුවෙන් බව හොඳට තේරෙනවා. ඊට පස්සේ ඕව ඔක්කොම හමස් මල්ලේ. (නදී)
කුලසිරි ලියනපටබැදි Wednesday, 11 February 2015 02:52 PM
අවසර අරගෙන ගියා නම් මොකක්ද වරද ? (නදී)