IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


යෝෂිත ගිය පාරේ යන්න තවත් හතරක් පෝලිමේ

ලුතිනන් යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් හිරගෙදරට ගිය පාරේ යන්න තවත් හතර දෙනෙක් ඉන්නවාලු.

යෝෂිත ගේ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (සීඑස්එන්) නාලිකාව දැන් ඔහුගේ නෙවෙයිලු. ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් ‘සටන‘ රූපවාහිනී වැඩසටහනේදී යෝෂිතගේ විස්තර හොඳට කිව්වාලු. සීඑස්එන් නාලිකාවේ මුල් බලපත්‍ර හිමියා වන ව්‍යාපාරික ප්‍රභාත් නානායක්කාර සීඑස්එන් නාලිකාව යෝෂිතගේ මව වන ශිරන්ති රාජපක්ෂට විකුණා ඇතැයි එෆ්සීඅයිඩී ආරංචි කියයි.

යෝෂිත රිමාන්ඩ් හිරගෙදරට ගිය පාරේ යන්නට සිටින අය අතර ඇමැතිවරයකුද වෙතියි කියති.

කොළඹ කොටුවේද රාජගිරියේද මෙම බැංකුකරු වැඩකළ බව කියති. හිටපු ඇමැතිවරයා ගේ මුඛරි කථා මේ දිනවල අසන්නට නැතිලු. ඔහුගේ කට ඉබේම ‍ලොක් වෙලාලු. ඔහුද ඔහුගේ බිරියද සීඑස්එන් සිද්ධියේ චෝදනා ලබන අය අතර සිටිනවාලු. 



අදහස් (0)

යෝෂිත ගිය පාරේ යන්න තවත් හතරක් පෝලිමේ

තිලක්-ඩුබායි Monday, 08 February 2016 04:07 AM

10 සමත් නැති කෙනෙක් "ලුතිනන්" කෙනෙක් වෙනවා කියන්නේ ශ්‍රී ලංකාවේ හමුදාවේ කිර්ති නාමයට විශාල හානියක්. ලෝකය හිනස්සන්නේ නැතිව දැන්වත් ඔය පට්ටන් ටික ගලවල මහගෙදරට යවන්න. (බ)

:       0       0

චන්දන Thursday, 11 February 2016 05:04 PM

රත්නසිරි, මගෙන් අහගන්න එපා මොකුත් (නි)

:       0       0

රම්‍යා Sunday, 07 February 2016 02:13 PM

11 වෙනිදා ගෙදර යයි(කෞ)

:       0       0

සන්තුෂ් Friday, 12 February 2016 03:35 PM

ජනතා විමුක්ති පෙරමුණ කියා පක්ෂයක් නොතිබුණානම් 1971 සහ 1988- 89 මිනිස් ඝාතන මෙන්ම 1983 සිට 2009 දක්වා පැවති වාර්ගික යුද්ධයද ඇතිවන්ටෙන් නැත.(කෞ)

:       0       0

ටිකිරි Thursday, 25 February 2016 05:31 AM

ලංකාවේ හමුදාවන් කොටින්ට විරුද්ධව සටන් වැදී සිටි සමයේ රජයේ හමුදාවන්ට දරුවන් යැවීමට දෙමාපියන් අකමැතිවූ සමයක , හිටපු ජනාධිපති තුමා තම පුතා නාවික හමුදාවට බන්ඳවනලදී . ඒ කාලයේදීත් යෝෂිත හමුදාවට බැඳුනු ආරංචියට ඔහු ගිය පාරේ තවත් දහස් ගණනක් පෝලිමේ ඇවිත් රජයේ හමුදාවන්ට එක්වී මානුෂික මෙහෙයුමට සම්බන්ධ වී කොටි පරාජය කළා . යෝශිතගේ අධ්‍යාපන මට්ටම ගැන නම් මට දැනුමක් නැහැ . නමුත් රාජ්‍ය නායකයන්ගේ දරුවන් සාමාන්‍ය සෙබළුන් හැටියට හමුදාවන්ට බැඳීම රටට කරන අගෞරවයක් . යුධ සමයේ එක දරුවකුවත් රජයේ හමුදාවන්ට බඳවා නොදුන් කාඩ්බෝඩ් වීරයන් රාජපක්ෂ පවුලට අවමන් කිරීම ඉතාම නින්දිත , අලජ්ජී ක්‍රියාවක් .(බ)

:       0       0

චන්දි Monday, 08 February 2016 05:52 AM

ජනහිත, ඔය කියන්නේ හොරකම් වලින් පලවෙනි තැන ගන්නවා කියලද ? පදනමක් නැති මෝඩ කතා සමහර අය දොඩනවා,තරහට (බ)

:       0       0

සරත් Monday, 08 February 2016 06:11 AM

කොච්චර ජනතාවගේ සල්ලි නාස්ති කරන්න ඇතිද ? මහගෙදර නෙමෙයි. ඔහොම තියන්න ටික කාලයට (බ)

:       0       0

ඉන්දික Monday, 08 February 2016 06:58 AM

ඔහොම යනකොට ඔක්කොම ඇතුලට යයි වගේ.(හේ)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 07 February 2016 07:49 AM

ජනතා විමුක්ති පෙරමුණ කියා පක්ෂයක් නොතිබුනා නම් මේ අයගේ සුරසැප විඳීම කාගේවත් බාධාවකින් තොරව පාඩුවේ කරගෙන යනවා සහතිකයි. (බ)

:       0       0

අනුර කොලොන්නාව Sunday, 07 February 2016 04:32 PM

මේවා ඔක්කොම ළඟ එන පුංචි මැතිවරණය සඳහා කරන පොඩි පොඩි සංදර්ශන. මේ අය ළඟදීම නඩුවෙන් නිදහස් වේවි (නි)

:       0       0

අනුර කොලොන්නාව Monday, 08 February 2016 06:59 PM

මේවා ඔක්කොම අපිට දෙන බොලිවුඩ් චිත්‍රපට වාගෙයි. ආදරවන්තයන්, අකුල් හෙළන්නන්, පරදින සහ දිනන අය බොහොමයි (නි)

:       0       0

මධුර Sunday, 07 February 2016 08:21 AM

අන්තිමට මොකද වෙන්නේ කියලා බලන් ඉමු.(හේ)

:       0       0

සිසිල් Tuesday, 16 February 2016 08:00 AM

ජවිපෙ වීතරයි සැමදාම සාධාරණය වෙනුවෙන් පෙනි සිටින්නේ .මොලේ තියන පංචේන්ද්‍රියන් හොදට තියන අයට එ්ක දැනෙනවා (බ) යට

:       0       0

රත්නසිරි Monday, 08 February 2016 07:35 PM

යෝෂිත හමුදාවට ගියේ තරුණයන් හමුදාවට නොබැඳෙන විට ඒ අය උනන්දු කරන්න. (නි)

:       0       0

මංජුල Wednesday, 17 February 2016 02:20 AM

මදැයි යෝෂිතටත් වෙච්ච දෙයක්? (නි)

:       0       0

බෙනට් Monday, 08 February 2016 08:15 PM

නීතිය කාටත් පොදුයි (නි)

:       0       0

විශ්ව Wednesday, 17 February 2016 02:27 AM

කටින් බතල කොල හිටවනවා. තවම කිසිකෙනෙක් වැරදිකාරයෝ වෙලා නැහැනේ (නි)

:       0       0

චාමර Monday, 08 February 2016 07:41 AM

අර තාජුදීන් ක්‍රීඩකයාව දෙවෙනි පාර වලලා කොන්ක්‍රීට් දාලා වගේ ,(බ)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 07 February 2016 06:06 PM

හෙමිහිට කල් ගනිමින් හෝ හොරු ඇත්නම් ඔවුන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගතයුතුයි. යෝෂිතගේ ලුතිනන්කමත්, නාමල්ගේ පෙරකදෝරුකමත්, රොකට් රෝහිතගේ අභ්‍යවකාශ විද්‍යාඥ කුසලතාත් අපිට නම් විහිළුවකි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 07 February 2016 08:36 AM

යෝෂිත ගිය පාරේ යන්න තවත් හතරක් පෝලිමේ....... මෙය මොන තරම් සතුටු දායක ප්‍රවෘතියක්ද? (කෞ)

:       0       0

උපාලි Monday, 08 February 2016 07:50 AM

බෙන්තර මහේෂ් ජනතා විමුක්ති පෙරමුණ කියල එකක් නොතිබුනානම් අද මත්තල වී දාන්න වෙන්නෑ. ලංකාවේ වී ගබඩා ටිකට වුණ දේ 80, 90 කාලේ ජීවත් වුන මිනිසුන්ට හොඳට මතකයි (බ)

:       0       0

රුවන් Monday, 08 February 2016 07:58 AM

මොකුත් වෙලා නැහැ. එකමදේ ලොක්ක ඇල කැපුවා පව්ලේ අනික් අය ඇතිතරම් මාළු බෑවා (බ)

:       0       0

හේවාවිතාරණ Sunday, 07 February 2016 06:52 PM

සල්ගාදු පැරිස් මහතා රෝහලකට ගියා නම් හොඳයි (නි)

:       0       0

නාමල් Saturday, 13 February 2016 10:45 AM

අනේ අපි නම් ඕවට මොකුත් කියන්නේ නැහැ (නි)

:       0       0

සල්ගාදු පැරිස් Sunday, 07 February 2016 09:29 AM

පළමුව මොහුගේ ලුතිනන් තනතුර ගලවා දැමිය යුතුය , ජීවිතය පරදුවට තියා සටන් බිමේ සිටිය සොදාදුවන් මේජර්ලා පසෙක සිටියදී , උඩින් පැන්න යෝශිතට ලුතිනන් තනතුර ලේබුනේ තම පියා සහ මාමා වන මහින්ද සහ ගොඨාභය නිසා බව කවුරුත් දනී (කෞ)

:       0       0

අනුර ප්‍රියන්ත Monday, 15 February 2016 01:04 AM

කෝ දැන් අල්ලපු හොරු? මේ යහපාලන ආණ්ඩුවට අභියෝග කරනවා පුලුවන් නම් මේ අල්ලපු හොරුගෙන් එකෙක් ඇතුළට දාන්න කියලා. එතකොට අපි විශ්වාස කරනවා යහපාලන ආණ්ඩුව හොඳයි කියලා (නි)

:       0       0

සුමුදු Saturday, 13 February 2016 10:01 PM

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ගතයුතු තීරණය ගන්න ජනතාව තීන්දු කරලා ඉවරයි. (නි)

:       0       0

සුමුදු Saturday, 13 February 2016 10:13 PM

ජනතා විමුක්ති පෙරමුණ සිංහලයාගේ වහල් දීන මානසිකත්වයට තර්ජනයක්. කොතරම් ජවිපෙ එක හොඳ වැඩක් කළත් ඒකට ඡන්දෙ දෙන්න මගේ එම මානසිකත්වය බාධා කරනවා. (නි)

:       0       0

මොහාන් Saturday, 13 February 2016 11:40 AM

එතකොට පිටබැද්දර ජයා ඔයාද හමුදාව පාවාදුන්නේ? (නි)

:       0       0

සල්ගාදු පැරිස් Monday, 08 February 2016 02:12 PM

හේවාවිතාරණ වෙන අයට රෝහල් යන්න කියන්න කලින් , ඔයාගේ මොලය පරික්ෂා කරවා ගන්න , ඔබට දෙවි පිහිටයි (අ)

:       0       0

චමින්ද Monday, 08 February 2016 09:04 AM

තිලක්, ඔය ඩුබායි අවේ යෝෂිත හින්ද ද නැත්නම් රටේ ආර්ථිකය ඔයාට යමක් කරගන්න දුන්නේ නැති හින්ද ද (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 08 February 2016 09:05 AM

මමත් කියන්නේ තරු පටි සියල්ලම ගලවන්න ඕන කරලා තියෙන බොරුවට , කිසි වරදක් නැතුව මතකනේ සරත් ෆොන්සේකා මහත්තයව ඇදගෙන ගිහින් හිරේට දාපු හැටි , තරු පටි ගලවපු හැටි , අඩුම තරමේ ඒ මනුස්සයට රට වෙනුවෙන් කරපු සේවයට හිමි විශ්‍රාම වැටුපවත් දුන්නද මේ මිනිස්සු (අ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Monday, 08 February 2016 12:46 AM

ඕවා ඉතින් කාගේ ගැටද කියලා නොදන්නා කෙනෙක් ඉන්නවා නම් ඒ අද උපන් බබාලා. ජනාධිපති සහ අගමැතිගේ යහපාලන රජය කරගෙන යන හොරමැර, වංචා, මුදල් අවභාවිත කටයුතු ආදී විමර්ශන කටයුතු "නොන්ඩි ගැස්සවීමට" හිටපු පාලකයන්ගේ ඇම්බැට්ටයින් මහා පරිමාණයෙන් එක්වී සිටින බව හොඳින් පැහැදිලි වෙනවා. මේ පරීක්ෂණ ඉක්මන් කිරීම සඳහා රජය යුහුසුළු නොවුණොත් එහි ලාබය හොරුන්ගේ අතට පත්වීම වැළැක්වීමට නොහැක. (නි)

:       0       0

බිමල් Monday, 08 February 2016 12:56 AM

මේ ඔක්කොම අපිට පෙන්වන ජවනිකා. 11 වෙනිදාට මෙයා ගෙදර ගිහිල්ලා අපිට හිනාවෙයි. අපියි මෝඩයෝ මොවුන්ව සිංහයන්ට ඇන්දවූවාට. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Tuesday, 09 February 2016 02:13 AM

ඕනෑ නැහැ මේගොල්ලෝ පෝලිමේ යවන්න. අපේ රටේ හැදිච්ච සංස්කෘතියට අනුව බඩ දරු අම්මා කෙනෙක් හෝ වයසක කෙනෙක් හෝ පෝලිම් මඟහැර යවන්නා වගේ ඔය හතරදෙනත් පෝලිම්වල රස්තියාදු නොකර යෝෂිත මල්ලි ඉන්න තැනට ඉක්මනට යවන එක ඇඟට ගුණයි නේද? (නි)

:       0       0

ශ්‍රීලාල් Monday, 08 February 2016 02:07 AM

පිටිගල මිලානෝ, එතකොට මහබැංකුවේ ගනදෙනුව? (නි)

:       0       0

සාරා Tuesday, 09 February 2016 07:54 AM

සල්ගාදු, තාත්තගේ මල්ලි මාමා නෙවෙයි බාප්පා. (ර)

:       0       0

අසාද් Monday, 08 February 2016 02:14 AM

අනේ ඇත්තට දැන් අහන්න ලැබෙන දේවල්! (නි)

:       0       0

ජනහිත Monday, 08 February 2016 03:21 AM

ඔවු ඔවු ජනතා විමුක්ති පෙරමුණ කියලා එකක් නොතිබුනා නම් ශ්‍රී ලංකාව අද ලෝකේ පළමු තැන. (නි)

:       0       0

ඉන්දික Monday, 08 February 2016 03:30 AM

අර මහා බැංකු ගනුදෙනුව ගැන එහෙම හොයන්නේ නැද්ද? (නි)

:       0       0

අනිල් Sunday, 07 February 2016 12:02 PM

නඩු විභාගයෙන් පසුව නිදහස් කරන බව කවුරුත් දන්නවනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 221 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1837 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 221 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 846 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 993 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1213 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37577 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site