IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

රත්මලාන ප්‍රදේශයේ  ඉඩමක් සහ නිවෙසක් 3,40,00000  මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අලුත්කඩේ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය අද සවස නියෝග කළාය.

සැකකරු ලබන 27 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එදින විමර්ෂණවල ප්‍රගතිය අධිකරණයට දන්වන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර යෝජිත රාජපක්ෂ අද පෙරවරුවේ බෙලිඅත්තේ අධිවේගි පිවිසුම අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

එම ඉඩම මිලදී ගැනීම සඳහා මුදල් ලැබුණු ආකාරය පැහැදිලි ලෙස තහවුරු කිරීමට නොහැකිවීම නිසා යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේය.

 



අදහස් (18)

යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ්

විපරමා Saturday, 25 January 2025 07:29 PM

දූෂිත පවුල් පාලනේ කෙනෙක් නෑර හැම කෙනාම මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරපු අය බව ලෝකෙම දන්නවා...

:       189       133

upul Attanayake Saturday, 25 January 2025 07:39 PM

රටේ ලෝකයේ ඉන්න හිඟන්නන්ට ඉඩම් ගත්තු හැටි පෙන්නන්න නීතියක් රටේ නැහැ. ඒක එයා පෙන්නයි උසාවියට. එතකොට ජනාධිපති. ආයේ වටයක් ඔවුන් කියනවා. අපි හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ කියලා. පව්, ජේවීපී සන්දේශය කොළ එකින් එක ගැලවෙමින් ඇත.

:       10       6

ජිල්බු Saturday, 25 January 2025 08:16 PM

සම හරක් මෙතන කුලියට ඇඬුවට මිනිස්සු ඡන්දෙ දුන්නෙ හොරු අල්ලන්න තමයි.

:       143       140

කල්පනී සපරමාදු Saturday, 25 January 2025 09:07 PM

ජනතා බදු මුදල්වලින් පලිගැනීම සඳහා ඔප්පු කළ නොහැකි ප්‍රදර්ශනාත්මක නඩු පැවරීමෙන් ජනතාවට සිදුවන සෙත කියන්න .

:       1       1

පිටිගල මිලානෝ Saturday, 25 January 2025 09:13 PM

කපුටා තවම නිදැල්ලේ..

:       0       2

Perera Saturday, 25 January 2025 09:56 PM

තව හතර දෙනෙක් පෝලිමේ ඉන්නවා. ඇතුලට යන්න බලාගෙන.

:       0       3

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 26 January 2025 01:41 AM

රාජපක්ෂ පවුලෙ කෙනෙක් පොලිස් හො අධිකරණයක් මගින් අත්අඩංගුවට ගන්නා පුවතක්, පුවත් පත් හා්වි ද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රචාරය කරන කොට ඒවාට "මහින්ද රාජපක්ෂ" කෑල්ල එකතු කිරීමෙන් වලකින ලෙස අප කතුවරුන් ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. "මරා" කෑල්ල දකින සමහර අය පොලීසියට, අධිකරණයට නොකියන දෙයක් නැර්‍ත තරම් !! රාජපක්ෂ පවුලෙ අය ඔවුන්ට එතරම් සාන්තූවරයන් වගේ පෙනුනට අපට ඕවා අප්ප කරන දෙ පුතා නොකරොත් ඌ... කාගේද පුතා කියන කතාව සිහිපත් කරවයි !! ඩෙසි ආච්චිගේ මල්ලෙ තව මැණික් ඉතිරි වෙලා තියෙන්නේ කොහොමද කියා බැලුවොත් නරකද ???

:       1       1

ඩිනේශ් කුමර Sunday, 26 January 2025 03:43 AM

රටේ ප්‍රශ්න ජනතාවගෙන් අමතක කරන්න… ගෑලරිය කුල්මත් කරන්න … කරන සක්කිලි වෑඩ…. අඩු ගානේ පොල් ගෙඩියක් හාල් ටිකක් දීපල්ලා සම්බෝලයි බතුයි කන්න …. පච හෑත්ත….

:       1       1

Sediris Sunday, 26 January 2025 03:44 AM

ඡන්දෙ ලං වෙලා මහින්දවත් දාවි සමහර විට. ඒව කරල විතරක් ඡන්දෙ දිනන්න පුලුවන් නම් බැරියැ ඉතින්. මිනිස්සු ඡන්දෙ දුන්නේ ඇත්තටම රාජපක්ශලා සල්ලි හොරකම් කරලා තියෙනවා නම් ඒ හොරකම් කරපු සල්ලි ගේන්න මිසක් නිකන් පලි ගන්නවා බලන්න නෙමේ. මාලිමාවට ඡන්දෙ දුන්නේ ගියපාර පොහොට්‍ටුවට දීපු මිනිස්සුමයි. උන්ට රිද්දලාද ආයෙ බලේ ගන්න හදන්නෙ?

:       0       1

Nilanga Sunday, 26 January 2025 03:45 AM

දැන්නම් හොඳටම ශුවර් ඡන්දේ ඉතාම කිට්‍ටු බව...!

:       0       2

යහපාලනේ 2 Sunday, 26 January 2025 03:47 AM

මිනීමරපු ත්‍රස්තවාදී කල්ලියකට 2/3 බලයක් දෙනවා කියන එකේ තේරුම මිනිස්සුන්ට ලාවට හරි දැනුනේ, මේ පාර මාලිමාවට කියලා ස්ටිකර් ගහන් ගියපු ත්‍රීවිල් කාරයින්ටයි, බස් කාරයින්ටයි ගේම දුන්නාම. ඔය වැඩේ අනිත් ඔවුන්ට වෙච්ච දවසට පරක්කු වැඩි වෙයි...

:       1       0

Lala Sunday, 26 January 2025 03:50 AM

දේශපාලනේ මෙලෝ හසරක් දන්නෙ නැති ලංකාවේ දේශපාලන මෝඩයෝ දැන් හුරේ දාවි. ඒත් සමාජවාදේ දන්න අය දන්නවා. ඊළඟට ගේම හැමෝටම පොදුවේ ලැබෙනවා කියලා. එතකොට මෙතන හුරේ දාන ගොබ්බයන්ටත් කෙල වෙනකොට ඒ වෙනුවෙන් කතා කරන්නවත් විපක්ෂයක් ඉතුරුවෙලා තියෙන එකක් නෑ.

:       0       0

Sameera Sunday, 26 January 2025 10:44 AM

වලව්වට වහල්කම කරන මෝඩ මිනිස්සු පිරිසක් තාම මේ සමාජයේ ඉන්නවා.. කවදාවත් මිදෙන්න උතසාහ කරන බවක් පේන්න නැහැ..!

:       1       2

රතු හාල් විතරක් කන බයියා Sunday, 26 January 2025 10:48 AM

තවම අර බෙරේ වැවේ නාපු කට්ටිය මෙතැනට ප්‍රතිචාර දක්වන්න ඇවිල්ලා නැහැ...!

:       2       3

fairoos Sunday, 26 January 2025 12:11 PM

නේවි එකේ වැඩකරලා හම්බකරපු සල්ලි...

:       2       4

සමන් Sunday, 26 January 2025 12:20 PM

හිරේ හිටියට කොල්ලා ෆුල් සැපේ ඉන්නේ...

:       1       1

විදුරංග Sunday, 26 January 2025 02:08 PM

ඒ වුණාට ලංකාවේ ගොඩක් අය දන්නේ නෑ. මේ රටට මෙහෙම වුණේ වාමාංශික දේශපාලන විෂබීජය නිසා කියලා. ඔය පවුල් පාලනේ ගෝඩ් ෆාදර් රාජපක්ෂලත් (බැසිල් හැර) රට පාලනේ කළේ වාමාංශික අන්ධ භාවයෙන්. ශ්‍රිලනිල ජවිපෙ දෙකේ ලොකු වෙනසක් නෑ. ජවිපෙ විසින් වෘත්තීය සමිති දාලා ආණ්ඩු වැට්ටුවේත් ඒ වාමාංශික ටොෆි චොකලට් විකුණලා. අවශ්‍ය වෙලාවට ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ගියේ නෑ. රට විකුණනවෝ රාජ්‍ය දේපල විකුණනවෝ කියකිය ඇත්ත දැනදැන ඡන්ද දිනන්න වුවමනාවට රට ලිංගැට්ටේ හිරකළා. වංචා, දූෂණ කියලා බොරුවක් මිනිස්සුන්ගේ ඔළුවට දැම්මා. දැන් ආණ්ඩුවම කියනවා රාජ්‍ය සේවකයෝ වැඩියිලු. පාඩු ලබන රාජ්‍ය ආයතන තියෙනවාලු. මීට අවුරුදු 20කට කළින් රනිල්... යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළින් කරන්න හැදුව දේවල් නැවැත්තුවා. දැන් ජවිපෙ එදා පොළොවේ පස් කාලා බෙරිහන්දීලා නවත්තපු ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න හදනවා...

:       3       5

Mangala Wellahewage Sunday, 26 January 2025 02:52 PM

තේරුමක් නැති මිනිස්සු

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 532 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 113 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 270 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 311 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 384 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 685 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site