IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


"යහපාලනයට මුවා වී වැරදි කරන්න ඉඩක් නෑ"

යහපාලන නාම පුවරුවට මුවා වී වැරදි කිරීමට දේශපාලනඥයින්ට හෝ රාජ්‍ය නිළධාරින්ට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

සියලූදෙනා තම හෘද සාක්ෂියට අනුව කටයුතු නොකළහොත් ජනතාව යහපාලන ආණ්ඩුව කෙරෙහි තැබූ බලාපොරොත්තු බි`ද වැටෙනු ඇති බවද යහපාලන සහ සංහි`දියා සංකල්පයන් ජයග‍්‍රහණය කරවා රටත්, ජනතාවත් ජයග‍්‍රහණය කරවීමට සියලූදෙනා කැපවිය යුතු බව ද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති විශේෂ සම්මන්ත‍්‍රණයක දී ජනපති කීවේය.

රාජ්‍ය නිලධාරීන්ට එල්ලවන බලපෑම් පිළිබ`ද සහ ඔවුන්ගේ දුක් ගැනවිලි පිළිබ`ද කටයුතු කිරීමට අපක්ෂපාතී සහ මධ්‍යස්ථ ආයතනික ව්‍යුහයක් ස්ථාපිත කරන බවද විනය,ශිෂ්ඨත්වය පදනම් වූ යහපාලන සංකල්පය ආරක්ෂා කරමින් යහපත් සහ සමෘද්ධිමත් දේශයක් ගොඩනැ`ගීම පිළිබ`ද පළමු ආදර්ශය ලබාදිය යුත්තේ දේශපාලනඥයින් බව ද ඔහු කීවේය.

අද තිබෙන ආර්ථික තත්ත්වයෙන් රට ගොඩගැනීම ස`දහා කළයුත්තේ එකිනෙකාට චෝදනා කරමින් ඇ`ගිල්ල දිගු කර ගැනීම නොව තමන් භාරගත් වැඩ කොටස නිසි ලෙස ඉටු කරමින් රට සහ ජනතාව වෙනුවෙන් යුතුකම් සහ වගකීම් ඉටු කිරීම බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් කීවේය.



අදහස් (0)

"යහපාලනයට මුවා වී වැරදි කරන්න ඉඩක් නෑ"

රොකී Saturday, 23 July 2016 02:29 PM

ඔය ටික සමහර ඇමතිවරුන්ට කිවුවොත් නරකද? (නි)

:       0       0

නිම්මි Saturday, 23 July 2016 02:51 PM

අනේ ඔබතුමා කියන දේ කළා නම් අද මුළු රටම ඔබතුමා එක්ක. දැන් මුළු රටම පාරේ. (නි)

:       0       0

ලුසේනා Saturday, 23 July 2016 03:04 PM

දිනපතාම පත්තර බැලුවොත් එතකොට ලංකාවේ තත්වය හොඳින් බලාගන්න පුළුවන්. (නි)

:       0       0

ෆ්‍රෑන්ක් Saturday, 23 July 2016 04:59 PM

මිනිසුන්ට බොරු කරන්නේ නැතුව රජය විසුරුවා හරින්න කියලයි අපි නම් කියන්නේ. කතා අහලා අපිට දැන් එපාවෙලා ඉන්නේ. (නි)

:       0       0

සුරංග Saturday, 23 July 2016 05:56 PM

දැන් දැන් ආණ්ඩුව කෙරෙහි තිබෙන විශ්වාසය අඩුවෙමින් යන බව පෙනීයනවා. ආණ්ඩුවේ සමහර ඇමතිවරු ගන්න තීරණ සහ ක්‍රියාමාර්ග පිළිබඳව ගොඩනැගෙමින් තියෙන්නේ විශාල අප්‍රසාදයක් (නි)

:       0       0

සරත් Saturday, 23 July 2016 06:31 PM

ඇත්තට? එතකොට ඔය උතුරට සිංහලයින්ට යන්න බැරි ඇයි? (නි)

:       0       0

ජනහිත Saturday, 23 July 2016 06:03 AM

මෙය කරගෙන යාමට නම් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී බඳවා ගැනීමේ පරිපාටියට අනුව පමණක් බඳවා ගතයුතුයි. එසේම ඒ ඒ සේවයට නියමිත සුදුසුකම් ප්‍රසිද්ධ කළයුතුයි. (නි)

:       0       0

විජේසිංහ Saturday, 23 July 2016 06:22 AM

හෘද සාක්ෂිය සහ සංකල්ප වලට වඩා රටක ඉදිරි ගමනට වඩාත් වැදගත්වන්නේ නීතියේ ආධිපත්‍යයයි. දේශපාලකයන්ට ඇති අසීමිත වරප්‍රසාද සීමාකොට සියලුම පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන පුරවැසියන් බවට පත්කරන්නේ නම් සියලුදේ නිවැරදිව සිදුවේවි. තමන්ට නීතියේ රැකවරණය ඇතිබවට පැහැදිලි විශ්වාසයක් ඇත්නම් රාජ්‍ය නිලධාරීන් කිසිවෙකුගේ ගැත්තන් බවට පත්නොවී වැඩකරාවී. ඉතා ඉහළ ආර්ථික දියුණුවක් හා උසස් ජීවන මට්ටමක් ඇති සියලු රටවල ඇති දියුණුවේ රහස නම් නීතියේ ආධිපත්‍යයයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 23 July 2016 06:25 AM

"අද තිබෙන ආර්ථික තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා කළයුත්තේ එකිනෙකාට චෝදනා කරමින් ඇඟිල්ල දිගුකර ගැනීම නොව".... තවත් ඉතින් මොනවා කතා කරන්නද? ඒ කියන්නේ අසරණ මිනිසුන්ට බදු පිට බදු ගහලා දඬුවම් කරනවා කියන එකනේ.

:       0       0

සිරි Saturday, 23 July 2016 06:25 AM

යහපාලනය කෙරෙහි ජනතාව තැබූ බලාපොරොත්තු තාම තියෙනවද? ඔබතුමා පත්තරෙන්වත් දැක්කේ නැද්ද? (නි)

:       0       0

පෙරේරා Saturday, 23 July 2016 08:36 PM

යහපාලනය පස්සට දාලා එළිපිට වැරදි කරන අය ඉන්න එකනේ අපිට ඇති ප්‍රශ්නේ. (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 23 July 2016 06:42 AM

ජනතාව ගෙදර තියපු හොරු කව්ද ළඟට ගත්තේ. අපිද? (නි)

:       0       0

සෙනරත් Saturday, 23 July 2016 06:46 AM

නැහැ නැහැ. කිසිම වැරදි වැඩක් වෙන්නේ නැහැ. මහබැංකු වංචාව, කුඩු ගෙනල්ලා විකුණන එක, මිනිස්සු උස්සලා තර්ජනය කරන එක, පගා ගහන එක සහ තවත් බොහෝ දේ වැරදි වැඩ නෙමෙයි (නි)

:       0       0

කෝසල Saturday, 23 July 2016 09:47 PM

දේශපාලඥයින්ට වැඩිය භයානක සමහර නිළධාරින් බව දන්නෝ දනිති. පසුගිය සමයේ සිටි සමහර අය කරනුයේ යහපාලනයට කඩේ යන බව පෙන්වමින් ඇතුළතින් කඩාකප්පල් වැඩ කිරීමයි. ඔවුන් බලා සිටිනුයේ නැවත වාරය එනතුරුයි. මේ අය ගැන සොයා බලන්න. නැත්නම් රටත් ඉවරයි. ආණ්ඩුවත් ඉවරයි. (නි)

:       0       0

කේෂලා Saturday, 23 July 2016 10:45 PM

මේවට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ (නි)

:       0       0

රජින්ද Saturday, 23 July 2016 07:19 AM

ටීවී එකෙයි රේඩියෝ එකෙයි යන බණ වලට අමතරව තවත් බණක් විදිහට තමයි මේවා අපි දකින්නේ. (නි)

:       0       0

ඇලෙක්සිස් Saturday, 23 July 2016 07:27 AM

මේ දැනටත් සිද්ධවෙන වැරදි අපිට හොඳටම ඇති (නි)

:       0       0

රත්න Saturday, 23 July 2016 07:34 AM

ගරු ජනාධිපතිතුමනි, මේ වචන ස්වල්පයට ඔබතුමාට ස්තුතියි! ණයගැතියි (නි)

:       0       0

ගැමුණු Saturday, 23 July 2016 07:37 AM

අනේ ඉතින් මොකට කියනවද ඒවා ගැන (නි)

:       0       0

උපාලි Saturday, 23 July 2016 07:44 AM

වැරදි ගැන නම් ඉතින් කියන්න ගියොත් මෙතන ලියන්න ඉඩ මදිවෙයි (නි)

:       0       0

විජේ Saturday, 23 July 2016 07:40 AM

කොහේ එ්ක කරන්නද? පටන්ගත්ත දා ඉඳලා පෙළපාලි හා පාගමන්නේ. එදා එක්සත් ජාතික පක්ෂයෙන් මේ දේවල් කළේ නැහැනේ (නි)

:       0       0

බුවනෙක Saturday, 23 July 2016 07:57 AM

අනේ අපි මොකටද මේවට උත්තර දීලා (නි)

:       0       0

යෝනක Saturday, 23 July 2016 08:30 AM

හොඳයි හොඳයි අපි බලමුකෝ (නි)

:       0       0

ශශිකා Saturday, 23 July 2016 08:35 AM

අපොයි නැතුව නැතුව. මහබැංකු සිද්ධියට දඬුවම් කළාද?? (නි)

:       0       0

නිමල් Saturday, 23 July 2016 10:27 AM

නින්දට යනවිට හෝ සිහිපත් කළහොත් යහපාලනය නිසා සිංහලය අද මුහුණ පා ඇති තත්ත්වය මනාව වැටහේවි.(හේ)

:       0       0

ෂෙහාන් Saturday, 23 July 2016 10:39 AM

දැන් ඔය ඔබතුමාලා කියන දේවල් සිද්ධ වෙන්නේ කවදද? (හේ)

:       0       0

පද්මිණී Sunday, 24 July 2016 04:39 AM

පසුගිය දුෂිත පාලකයිගේ දුෂිත නිලධාරීන් තවම සෑම ආයතනයකම ඉහළ පුටුවල සිට කඩාකප්පල් න්‍යායක් ගෙනියනවා. මුල සිට සුද්ද නොකර යහ පාලනය කීවට ලංකාවට ඒවා හරියන්නේ නැහැ, (බ)

:       0       0

පලියවර්ධන Saturday, 23 July 2016 11:46 AM

ඔබ තුමා ගොඩක් දේවල් දැන ගන්නේ වුනාට පස්සේනේ.(හේ)

:       0       0

ශානක Sunday, 24 July 2016 06:04 AM

තවත් කියනවනේ යහපාලනය ගෙන ලැජ්ජා නැතුව. අපිට පේනවනේ මේ පාලනය රට කන හැටි.රට හදපු මිනිස්සුන්ගෙන් පළිගන්න හැටි (බ)

:       0       0

රන්දික Saturday, 23 July 2016 01:50 PM

ඉඩක් නැතිය කීවත් වැරදි සිදුවුනාට පස්සේ දැනගන්නේ පත්තරෙන් නේද. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 75 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 263 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 81 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 55 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 236 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1126 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site