IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘යහපාලනය කිසිවක් යට ගහන්නේ නෑ‘

බැඳුම්කර සිද්ධියට අදාල නඩුවේ සාක්කි විභාග කිරීමටත්, පාර්ලිමේන්තුව පරික්ෂණ ආරම්භ කරන්නටත් ප්‍රථම කෝප් කමිටුවේ ඇතැම්  සාමාජිකයින් ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා අර්ජුන් මහේන්ද්‍රන් වැරදිකරුවකු ලෙස තීරණය කිරීම සාදාචාරාත්මක නොවන බවත් එවැනි මතයක සිටින අයට මෙම නඩුව විභාග කිරීමේ අයිතියක් නොමැති බවත් උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (30) මහනුවරදී පැවැසිය.

මහනුවර නගර මධ්‍යයේ ඉදිවන උමං මාර්ගය ඉදිකිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් එසේ කී ඇමැතිවරයා ‘සිවිල් සංවිධාන කිහිපයක් විසින් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ බවත් එය දුර්වල පැමිණිල්ලක් ලෙස සලකා අධිකරණය විභාගයට නොගෙන ඉවත දැමූ බවත් මෙය විනිශ්චයකාරවරයකු තමන් අසන නඩුව සම්බන්ධව සාක්කි විභාගයට පෙර තම මතය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටට හෙළිකිරීම හා සමාන බවත් කීය.

යහපාලන ආණ්ඩුවට කිසිදු වාර්තාවක් යට ගැසිමට අවශ්‍යතාවයක් නොමැති බවත් ඉදිරිපත් වි ඇති කෝප් වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම පිණිස එය අදාළ නීති අංශවලට යොමුකරන බවත් ඇමැති කීවේය.

කෝප් කමිටුවේ සභාපති ලෙස වරක් විජයදාස රාජපක්ෂ මහතා කෝටි 45000 ක වංචාවක් හෙළි කළ පසු එතුමාට  සභාපති කමින් ඉල්ලා අස්වීමට සිදුවු බවත් පසුගිය රජය ක්‍රියාකළේ ඒ ආකාරයට වුවද වත්මන් රජය එසේ නොකරන බවත් කිරිඇල්ල ඇමැති එහිදි  කීය.

kiri-aella-1 kiri-aella-2 kiri-aella-4



අදහස් (0)

‘යහපාලනය කිසිවක් යට ගහන්නේ නෑ‘

ජයා Monday, 31 October 2016 05:01 AM

යට ගැහැවොත් මහජනතාවට දැක ගන්න නොලැබෙන නිසා එලියට දාන එක හොදයි කාටත් දැකගන්න ඕව. (බ)

:       0       0

සිසිර Monday, 31 October 2016 10:31 PM

මෙතුමාගේ කටට මම නම් කැමතිම නැහැ (නි)

:       0       0

වික්‍රම Monday, 31 October 2016 07:01 AM

යට ගහන්නේ නෑ නෙමෙයි යට ගහන්න බැරි වුණා! (ම)

:       0       0

දහම් Sunday, 30 October 2016 12:56 PM

ඕනේ ගොනෙකුට පුළුවන් මෙහෙම ගොන් කතා කියන්න.(අ)

:       0       0

අනුර Sunday, 30 October 2016 03:10 PM

අපි දැක්කා වාචාලකමට කියවන අහගෙන ඉන්න බැරිව අගැමැති තුමාම ඔබව අල්ලලා පුටුවේ වාඩි කරවානවා (බ)

:       0       0

රොමේෂ් Sunday, 30 October 2016 03:52 PM

මේවගේ කතා කියද්දී අපිටනම් තේරෙනවා විපක්ෂය මොනතරම් අමාරුවෙන්ද වාර්තාව එලියට දාගත්තේ කියල. ඕන ගොනෙක් ඕන කතාවක් කිව්වට මේ වාර්තාව යටගහන්න ජනතාව ඉඩ දෙන්නේ නැහැ. (බ)

:       0       0

ශානක Sunday, 30 October 2016 10:04 PM

මෙය යහපාලන චිත්‍රපටියේ තවත් විකට චිත්‍රයක් (ම)

:       0       0

ප්‍රනාන්දු Monday, 31 October 2016 12:27 AM

ඕනෑම කෙනෙකුට ජනතාව මුලා කිරීමට හැකියාව ඇත (හේ)

:       0       0

සෑම් Monday, 31 October 2016 12:47 AM

අනේ මෙහෙමත් කතා.(හේ)

:       0       0

සෑම් Monday, 31 October 2016 01:17 AM

සෑම ආණ්ඩුවකම කසල ශෝධකයින් ඉන්නවා . නමුත් කසල ඔලුවේ හලාගත්ත අය නම් ඉන්නේ බොහොම ටික දෙනයි .(හේ)

:       0       0

නිමල් ලාලිත Monday, 31 October 2016 01:45 AM

හතර අතේ නාගෙන වාචාල කතා කියනවා. මේ රටේ සිටින සැමදෙනාම තමන් ගැතිකම කරන නායකයා ගේ අසුචිත් සුවඳ කියන කල්ලියේ කියල සිතාගෙන ඇති. මේ හොර උපාසක අප්පුලා හිටපු ජනපතිට හොරාකියනවා. එතුමා මේ රට ජනතාවට අමතක නොවෙන මෙහෙයක් ඉටු කළා. නමුත් මේගොල්ල ආපු ගමන්ම වැල් පොලි ක්‍රමයට සිදුවෙන හොරකම කරන්න මහතැනම ඉඩ දුන්න පමණක් නොව අද හොරු රකිනවා රැක ගන්න වාචාල කතා කියනවා. (බ)

:       0       0

සෙනරත් Monday, 31 October 2016 03:14 AM

කිසිම වාර්තාවක් යට ගහන්නේ නැහැ කියල බිලියන ගණන් රටේ සල්ලි හොරකම් කළාම හරියනවද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 794 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1646 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 912 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 308 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1415 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 994 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39787 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site