IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘යහපාලනය නැති වෙන්න පෙර තිලක් මාරපන ඉල්ලා අස්විය යුතුයි‘

නීතිය හා සාමය ඇමැති තිලක් මාරපන මහතා යහපාලන තන්ත්‍රයට උචිත දේශපාලනඥයකු නොවන බවත්, එබැවින් ඔහු ඉල්ලා අස් විය යුතු බවත් පුරවැසි බලය සංවිධානය කියයි.

පුරවැසි බලයේ සම කැඳවුම්කරුවන් වන ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය, කේ ඩබ්ලිව් ජනරංජන සහ ජෝසප් ස්ටාලින් මහත්වරුන් විසින් නිකුත් කැරුණු නිවේදනයේ මෙසේ ද සඳහන් ය.

‘‘තිලක් මාරපන යනු ‘යහපාලන‘ තන්ත්‍රයකට උචිත දේශපාලනඥයෙකු නොවන බව 04දා පාර්ලිමේන්තුවේදී සනාථ කෙරුණි.

‘ඇවන්ගාඩ්‘ සමාගමේ ස්වභාවය, රාජපක්ෂ සංස්කෘතියේ දේශපාලනය සහ ව්‍යාපාරිකත්වය එකවිට පෙන්නුම් කරන කැඩපතකි. ඒ අදහස රටට දුන්නේ වෙන කිසිවෙකු නොව, වර්තමාන යහපාලන ආණ්ඩුවේ නායකයන්මයි. එහෙත් තමන් අපේක්ෂා කළ තරමේ දූෂණ විරෝධයක් යහපාලන ආණ්ඩුවෙන් ක්‍රියාත්මක නොකෙරෙන බව වටින් ගොඩින් පෙනෙන්ට පටන්ගෙන දැන් කාලයක් ගතවෙයි. එකී පමාව විවිධ අවසරයන් යටතේ සාධාරණීකරණය කෙරුණි. නීතිය ක්‍රියාත්මක කිරීමට කල් ගත වන්නේය, නිසියාකාර පරීක්ෂණ සිදු කළ යුත්තේය, සතුරන් දඩයම් නොකළ යුත්තේය වැනි අවසරයන් එහිදී ප්‍රධාන විය. එසේ තිබියදී, අතීත දූෂකයන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම පමා වුණේ, ඒ කිසිවක් නිසා නොවන බව ඊයේ තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී ඔප්පුකොට පෙන්නුවේය.

ඒ, ඇවන්ගාඩ් සමාගම සියලූ චෝදනාවන්ගෙන් නිදහස් කොට නිදොස් කිරීමෙනි.

ඒ සමගම, මෙතෙක් මුළු රටම දැන සිටි තවත් කාරණයක් ඔහු කීවේය. එනම්, තමන් ඇවන්ගාඩ් සමාගමේ නීතිඥයා වන බවයි. එක පැත්තකින්, අපවාදයට සහ චෝදනාවට ලක්ව සිටින, රටේ ආරක්ෂාවට අදාළ මහ පරිමාණ ව්‍යාපාරික සමාගමක අයිතීන් වෙනුවෙන්   අධිකරණයක් ඉදිරියේ පෙනීසිටින නීතිඥයෙකු අනිත් පැත්තෙන් ඒ සමාගමේ ම නිදහස වෙනුවෙන් මහජන මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේත් ඊයේ පෙනී සිටියේය. මෙය අත්‍යන්තයෙන්   බැඳියාවන් අතර බරපතළ ගැටුමක්ද වන්නේය.

පාර්ලිමේන්තුවේ යම් මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු ඇවන්ගාඩ් සමාගමෙන් යම් මුදලක් ලබාගෙන පාර්ලිමේන්තුවේදී එම සමාගම වෙනුවෙන් පෙනී සිටියොත් අප එය හඳුන්වන්නේ මහදවල් දූෂණයක් වශයෙනි.

තිලක් මාරපන   පාර්ලිමේන්තුවේදී  එම සමාගමේම නිදහස වෙනුවෙන් පෙනී සිටීම පාර්ලිමේන්තුව අපහරණය කිරීමකි.

නීතිඥයෙකු වශයෙන් මිනීමරුවෙකු, ස්ත්‍රී දූෂකයෙකු හෝ වෙනත් ඕනෑම අපරාධකරුවෙකු වෙනුවෙන් අධිකරණයක් ඉදිරියේ පෙනීසිටිය හැක. එහෙත් එම විත්තිකරුවා වෙනුවෙන් එම නීතිඥයාම පාර්ලිමේන්තුවේදීත් එක විට පෙනීසිටීම යහපාලනය ඔලූවෙන් සිටුවීමකි.

‘ඇවන්ගාඩ්‘ ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති අවස්ථාවක, නීතිය හා සාමය පිළිබඳ කැබිනට් ඇමතිවරයා වශයෙන් ඔහු පත්කළ නායකයන්ද, ඔහුගේ මේ   හැසිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව ‘පුරවැසි බලයේ‘ විශ්වාසයයි. යහපාලන සංස්කෘතියක් ස්ථාපිත කර ගැනීමේ අධ්‍යාශයෙන් පමණක්ම මහජන ක්‍රියාකාරීත්වයේ යෙදුණු සිවිල් සංවිධානයක් වශයෙන්, මේ ආණ්ඩුවේ සුජාතභාවය ආරක්ෂාකර ගැනීම අපේද වගකීමකැයි අපි විශ්වාස කරමු.

එසේ හෙයින්, යහපාලන ආණ්ඩුවේ ප්‍රතිරූපය තවදුරටත් දූෂ්‍ය වීමට කලින්, නීතිය හා සාමය පිළිබඳ ඇමති තිලක් මාරපන කැබිනට් මණ්ඩලයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්විය යුතු බව ‘පුරවැසි බලය‘තරයේ කියා සිටී.‘‘



අදහස් (0)

‘යහපාලනය නැති වෙන්න පෙර තිලක් මාරපන ඉල්ලා අස්විය යුතුයි‘

තිලක්-ඩුබායි Friday, 06 November 2015 03:10 AM

මිනීමරු ප්‍රභාකරන්ට වුණත් ප්‍රතිපත්තියක් කියලා දෙයක් යන්තම්වත් තිබුනා. නමුත් සමහර අයට එහෙම දෙයක් නැති එක ගැන අපිට ලැජ්ජයි. (නි)

:       0       0

ඩේවිඩ් Friday, 06 November 2015 03:09 AM

අපි බලමු වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 06 November 2015 03:14 AM

යහපාලනය වෙනුවෙන් ජිවිත පරිත්ත්යාගයෙන් ඉදිරියට ආපු ජාතික වීරයෙක් වන ජෙනේරල් ෆොන්සේකාව අමතක කරපු යහපාලන ලොක්කන්ට දැන් සනීප ඇතිනේ.(රේ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 06 November 2015 03:17 AM

ඩුබායි රටේ ගිණුම් 9 යක රුපියල් කෝටි 46782 ක් තිබෙනවා කියපු ඇමති එක්ක හිටපු නායකයෙක් දෙන්නෙක් සාකච්චාවක් තිබුන.ඉන්න පස්සේ ඒගැනත් ඉවරයි.දැන් නම් තියෙන්නේ පුදුමාකාර ඩීල් තමයි (රේ).

:       0       0

සුරනිමල Friday, 06 November 2015 03:15 AM

අවන්ගාර්ඩ් සංවිධානය ළග තිබෙන ආයුධ වලින් වැඩි කොටසකට නිත්‍යානුකුල අවසරයක් නැති බව ආරක්ෂක අමාත්‍යයන්සයේ හිටපු සහකාර ලේකම්වරියක් සාක්ෂි දෙමින් පැවසු බව පුවත් පත් වල පල විය . එතකොට වියළි කලාපයේ හේන් ගොවිතැන් කරන අයෙකු ළග කොටන තුවක්කුවක් තිබුනත් අල්ලලා නඩු දාන්නේ පොලිසිය ලකුණු දා ගන්නද ? පුරවැසි බලයට ජයවේවා ....(රේ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 06 November 2015 03:20 AM

දැන් චන්දයක් තියන්නකෝ යහපාලනයට මොකද වෙන්නේ කියල බලන්න...(රේ).

:       0       0

ප්‍රියාන් Friday, 06 November 2015 03:23 AM

හරි කණගාටු දායක තත්වයක්. තිලක් කියන පුද්ගලයා ලජ්ජා නැතිව අවන්ගර්ඩ් සුද්ද කලා. (රේ)

:       0       0

කරු Friday, 06 November 2015 03:27 AM

මම නං හිතන්නේ මේ ආණ්ඩුවේ ඉන්න එකම අවංක ඇමතිතුමා තමා මාරපන මහතා. පුරවැසි පෙරමුණ නොදන්නා දේවල් කරන්න හදනවා . ඇමතිතුමා කිව්වා වගේ බොහෝ දෙනා ලකුණු දාගන්න හදනවා. නීත්‍යනුකුල දෙයක් නීති විරෝධී කියල ඔප්පු කරන්න හදනවා . පුරවැසි පෙරමුණේ ඉන්නේ නීතිය දන්නා අයද? (රේ)

:       0       0

ප්‍රේමදර්ශන Friday, 06 November 2015 03:27 AM

යහපාලන ආණ්ඩුව විනාස කරන කුමන්ත්‍රණ කාරයෙකි - මාරපන(රේ)

:       0       0

මුණසිංහ Friday, 06 November 2015 03:28 AM

අවන්ගාඩ් වල වැදගත්කම දන්නේ මුහුදු යන අය. මුහුදුකොල්ලකරුවන් මෙල්ල උනේ මේ අය නිසා. මේවා නොදන්නා අද බාලයෝ ගොන් කතා කියනවා. ඇමරිකාවත් මේක අනුමත කරනවා.....(රේ)

:       0       0

රෝහිත Thursday, 05 November 2015 02:10 PM

සහතික ඇත්ත... අපි එකඟයි (නි)

:       0       0

ටිෂාන් Friday, 06 November 2015 03:30 AM

එහෙම ඕනෑ ඕනෑ විදිහට තීරණ ගන්න බැහැනේ (නි)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Thursday, 05 November 2015 04:21 PM

දවල් මිගෙල්, රැ දනියෙල් හැටියට රඟපෑවා ඇති, (රේ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 06 November 2015 03:33 AM

දැන්නම් ඡන්දය දුන් අපිට හොඳටම සනීපයි. (නි)

:       0       0

අතුල Thursday, 05 November 2015 04:29 PM

මෙට කවදද රටේ යුක්තිය සත්‍ය වනුවෙන් පෙනී හොටියේ මෙයත් හරියට හිටපු ඩී,අයි, ජී , අනුර සේනානායක වගේ විත්ති කාරය නිදහස් , අහිංසකයෝ හිරගෙදර (රේ).

:       0       0

චන්න Thursday, 05 November 2015 02:27 PM

ජයවේවා! (නි)

:       0       0

එස් කල්පගේ Thursday, 05 November 2015 04:34 PM

මෙයාට ඇමතිකම ඉබේ ලැබුනේ නැනේ .නායකයා වගකිව යුතුයි(රේ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 06 November 2015 03:34 AM

මුණසිංහ.ලෝකයේ ත්‍රස්ත සංවිධාන තර වුනේ මේ කියන අවි ගබඩාවෙන් කියල මුළු ලෝකෙම දන්නවා.(රේ)

:       0       0

ධම්මික Thursday, 05 November 2015 02:41 PM

පහුගිය කාලේ ප්‍රවීණයි කියලා රට හඳුනාගත් ගොඩක් අය මුදල් සහ බලය ඉදිරියේ නැවෙනකොට කෙළින් සිටි මේ අය අපි අගය කරනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 06 November 2015 03:39 AM

දැන්වත් කරන පරීක්ෂණයක් කරන්න ජෙනේරල් ෆොන්සේකාව පත් කරන්න. ඒ රට වෙනුවෙන් කරන වගකීමක් සහ යුතුකමකි....(රේ)

:       0       0

ටෙනිසන් Friday, 06 November 2015 03:38 AM

තිලක් ඩුබායි , දැන්වත් පුස්වෙඩි පත්තු කරන්නේ නැතිව කටවහගන ඉන්නවද? කඩේ යන්න පටන්ගනිද්දීම කිව්වා හිස් මල්ලම තමයි අරන් එන්න වෙන්නේ කියල(රේ).

:       0       0

රාධා Saturday, 07 November 2015 01:06 AM

ලොකුගේ,පිටරටවලට අනුව නොවේ, අපේ නීතියට අදාළද කියලයි බලන්න ඕනෑ (නි)

:       0       0

ඔෂාන් Thursday, 05 November 2015 02:44 PM

හොඳයි අපි බලමුකෝ.... (නි)

:       0       0

රණවීර Thursday, 05 November 2015 02:46 PM

අගමැතිතුමනි, වහාම නුසුදුස්සන් ඉවත්කර අපි බලාපොරොත්තු වූ යහපාලනය ආරක්ෂා කරන්න. (නි)

:       0       0

ඇන්ටන් Thursday, 05 November 2015 05:00 PM

අපි ඕවා කලින්ම කිවුවා. එදා අපි කිවුව දේ ඇහුවා නම් අද මෙහෙම වෙන්නේ නැහැනේ (නි)

:       0       0

වසන්ත Thursday, 05 November 2015 02:59 PM

තිලක් මාරපනට අපේත් විරෝධය! (නි)

:       0       0

වසන්ත Friday, 06 November 2015 03:50 AM

සමහර ඇමතිවරු යහපාලන වැඩපිළිවෙල බිඳිනවා. අගමැතිතුමනි, ඔබේ තීරණය අපිට දෙන්න. අපේ තීරණය මාර්තුවේ දෙන්නම්. (නි)

:       0       0

දයරත්න Friday, 06 November 2015 03:53 AM

දෙපැත්තේම නිවැරදි සුදුස්සන්ගෙන් සැදුම්ලත් 30ක ඇමති මණ්ඩලයක් පත්කිරීමට කාලය පැමිණ ඇත. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 05 November 2015 03:09 PM

මේ කතාවට අපිත් එකඟයි (නි)

:       0       0

කාන්ති Thursday, 05 November 2015 03:09 PM

අපි බලමු දැන් එහෙම වෙයිද කියලා (නි)

:       0       0

ප්‍රියංකර Friday, 06 November 2015 03:58 AM

ඊළඟ වරත් යහ පාලනය ඇති කරන්න ජන්දය දෙන්න (ම)

:       0       0

තිලක්-ඩුබායි Friday, 06 November 2015 04:13 AM

ලෝකයේ සිටින දරුණුම ඝණයේ අයිඑස්අයිඑස් වැනි ත්‍රස්ත සංවිධාන වලට අවි සහ මත්ද්‍රව්‍ය ලැබුණේ කොහෙන්ද කියල ඇමරිකාව විසින් වෙනමම පරීක්ෂණයක් කරනවා. (ම)

:       0       0

අසංග Thursday, 05 November 2015 03:13 PM

එහෙම කොහොමද එයාලා තීරණ ගන්නේ? (නි)

:       0       0

ප්‍රසාද් නිරෝෂන Friday, 06 November 2015 05:03 AM

තිලක් මාරපන තමන්ගේ ජාමේ බේරා ගන්න පොලිසිය පවා දෙනවා පොලිසියට තමන්ගේ රාජකාරිය කරන්න මේ අමාත්‍යංශය හොද පිරිසිදු නායකයෙකුට දෙන්න මේවගේ පිනට ආපු අයට දෙන්නැතුව (බ)

:       0       0

මුණසිංහ Sunday, 08 November 2015 02:54 AM

තිලක්-ඩුබායි, ඔයා ඉන්න දේශපාලනය අපිට පැහැදිලියි. දේශපාලනය නිසා තමයි මේවගේ දේවල් ඇදලා අරගෙන ලංකාව විනාශ කරන්නේ. කොටි විනාශ කරනකොට ඒකට විරුද්ධව කොච්චර කෑගැහුවද? ඔයත් නිකම්ම නිකන් අඳබාලයෙක් කියලා ලෝකයට පෙන්නන්න එපා.(නි)

:       0       0

සංජීව Thursday, 05 November 2015 05:39 PM

හෘද සාක්ෂියක් නැති මිනිසුන්ගෙන් යහපාලනයක් බලාපොරොත්තු වෙන්න අපිට බැහැ (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 05 November 2015 06:26 PM

අප බලාපොරොත්තු වූ යහපාලනයක් කිසිවිටක ඇතිවන්නේ නැති බව නම් අපි දැන් දනිමු (නි)

:       0       0

ලොකුගේ Friday, 06 November 2015 05:36 AM

මෙලෝ දෙයක් නොදැන මේ ගහන්නේ හොඳ සිංහලයෙකුට/රණවිරුවෙකුට .මේ ගැන හොඳට දන්නා නිසා තමයි තිලක් මාරපන මහතා රටට එය පැහැදිලිකරේ. එංගලන්ත පාර්ලිමේන්තුව/ඇමරිකාව/එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇවන්ට් ගාර්ඩ් නීත්‍යනුකුල බවත් එහි වටිනාකමත් අගය කරලා එවපු ලිපිත් තියනවා. (ම)

:       0       0

මංගල Thursday, 05 November 2015 06:50 PM

පුරවැසි බලය කොහොමද ඒක තීරණය කරන්නේ? (නි)

:       0       0

මුසම්මිල් Friday, 06 November 2015 06:05 AM

තිලක්-ඩුබායි,ඔබට පිස්සුද, ඇයි ඔහේ හිතන් ඉන්නේ පොන්සේකා සර්වබලධාරි දෙවියන් වහන්සේ කියලද.(රේ)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Thursday, 05 November 2015 06:59 PM

මෙහෙම ගියොත් තව කාට කාට ඉල්ලා අස්වෙන්න වෙයිද දන්නේ නැහැ! (නි)

:       0       0

සරත් Friday, 06 November 2015 06:13 AM

ලොකුගේ කියන්නේ එ්කේ ඩිරෙක්ටර් කෙනෙක්ද මේ කියන ලියුම් කියවන්න බලය තිබුන? නැත්නම් කෙනෙක් ආරක්ෂා කරන්න දඟලන කෙනේද? (බ)

:       0       0

විජේතුංග Thursday, 05 November 2015 07:29 PM

අපි බලමු. කාලය විසින් සියල්ල විසඳාවි (නි)

:       0       0

රනිල් වික්‍රම Friday, 06 November 2015 06:22 AM

දැන්වත් පිළිගන්නවද රාජපක්ෂලාගේ යුගයේ ව්‍යාපාරිකත්වය මීට වඩා හොඳයි කියල? (ම)

:       0       0

ධම්මික Friday, 06 November 2015 06:34 AM

මම ඉල්ලා සිටින්නේ මෙය සොයා බලන්න ෆොන්සේකා මහතා වෙනි අයෙක් පත් කරන්න කියා (ම)

:       0       0

විකුම් Thursday, 05 November 2015 10:04 PM

අපි මේ වෙන දෙයක් බලාගෙන නිහඬව සිටිමු (නි)

:       0       0

prasanna Friday, 06 November 2015 07:33 AM

මෙයාලට තියෙන්නේ රාජපක්ෂලා සමග වෙන තරහක් රටේ ජනතාව ඔය වියාපාරය ගැන දන්නවා.අද රටේ දැවෙන ප්‍රශ්නය තමා ළමා අපචාර මෙම යහපාලනය සමග වැඩිවීම. එම ප්‍රශ්නවලට උත්තර හොයන්නේ නැතිව මිනිසුන් මුලා කරන්න හදන්න එපා.....(රේ)

:       0       0

ජගත් Friday, 06 November 2015 07:45 AM

කවුරු මොනොවා කීවත් දැන් වැඩක් නැහැ බලයේ ඉන්න අයට ඕන විදිහට තම වැඩ ටික වෙන්නේ. ඔයාල අපිනේ කතිරේ ගහල අපේ බලෙත් එයාලට දීල දියවන්නාවට යැව්වේ මේ අයව. මෙයාල හොද නැත්නම් ඉන්න ඉවසල තව අවුරුදු 5 වෙන කෙනෙක් තොර ගන්න. (රේ)

:       0       0

රුෂ්මි Friday, 06 November 2015 03:07 PM

පුරවැසිබලය කවුද මේ සෙට් එක (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 06 November 2015 09:01 AM

මේ මනුස්සය මුදලට මගේ නමත් කතා කරනවා.ඒ ගැනයි මට දුක. (ම)

:       0       0

තිලක්-ඩුබායි Friday, 06 November 2015 09:07 AM

ප්‍රසන්න.එයාලව මහජනතාව කුණු කුඩේට දාල ඉවරයි.එයාලට ලංකා දේශපාලනය ඉවරයි. ඉවරෙටම ඉවරයි.(ම)

:       0       0

දේබි Thursday, 05 November 2015 03:25 PM

පසුගිය වරත් එජාපයේ ඡන්ද පදනම මාරපන වගේ අය නිසා මාර ලෙස අඩුවිය....(රේ)

:       0       0

පියල් Friday, 06 November 2015 12:42 AM

පුරවැසි සංවිධානය කොහොමද ඇවන්ගාඩ් පරික්ෂණය ගැන අභ්‍යන්තර තොරතුරු දන්නේ? ඇවන්ගාඩ් සිද්ධිය ගැන පැතිරුන කටකතා පදනම් කරගෙන කාටවත් දඬුවම් පමුණුවන්න බැහැ. (නි)

:       0       0

හර්ෂ Friday, 06 November 2015 12:52 AM

මේ අයගෙන් ජනතාවගේ යහපතට කිසිවක් බලාපොරොත්තු වෙන්න අපිට බැහැ. අපිට ඔවුන් ගැන කිසිම විශ්වාසයකුත් නැහැ. (නි)

:       0       0

අප්පුහාමි Friday, 06 November 2015 12:56 AM

පුරවැසි බලය සංවිධානයේ සාමාජික සංඛ්‍යාව කීයද? එයාලා රටේ ජාතික ප්‍රශ්න වලට මේතරම් මැදිහත් වෙන්නේ කොහොමද? ඒ ගැනත් පරීක්ෂණයක් කළයුතුයි (නි)

:       0       0

මර්වින් Friday, 06 November 2015 01:10 AM

" පුරවැසි බලය" හරි. ජයවේවා! (නි)

:       0       0

කමල් Friday, 06 November 2015 01:11 AM

කවුද මේ පුරවැසි බලය කියන්නේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 06 November 2015 09:33 AM

සීමාවක් නැතිව හොරකම් කරපු මුදල් වලට වටිනාකමක් දෙන්නයි යන්නේ.(ම)

:       0       0

සුමාල් පෙරේරා Friday, 06 November 2015 02:00 AM

අවස්ථාවාදී දේශපාලනය අභිබවා යමින් දේශයේ ගෞරවය හා ආරක්ෂාව වෙනුවෙන් හඬනගන ගරු මාරපන මැතිතුමා දිනේවා! (නි)

:       0       0

මොහාන් Friday, 06 November 2015 02:08 AM

"යහපාලනය නැති වෙන්න පෙර" යහපාලනයක් තියෙන්න එපයි නැතිවෙන්න....(රේ)

:       0       0

ඉන්දික Friday, 06 November 2015 02:48 AM

දැන් රවිවත් අයින්කරන්න් කියන්න. අන්තිමේදී කවුරුවත් නැතිවෙයි. (රේ)

:       0       0

කළුතර මහ කලු Thursday, 05 November 2015 03:51 PM

ජනපති තුමනි, අගමැති තුමනි වහාම මේවාට ප්‍රතිචාර දක්වන්න නැතිනම් මහින්ද මහතාට වූ දේ සිදුවේවි(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 825 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5139 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3014 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1407 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1516 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28232 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 189 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site