IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


යහපාලනය සඳහා වන පුරවැසි සංවිධානයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

යහ පාලනය සඳහා වන පුරවැසි ව්‍යාපාරය ඉදිරිපත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ මුල් කොටස සම්පාදනය කර අවසන් බව සිමොග් සභාපති ආචාර්ය ඒ සී විස්වලිංගම් මහතා කියයි.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීමට හේතුවූ පසුබිම එහි සඳහන් කර තිබේ. එහි මෙසේ ද සඳහන් වේ.

‘මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ජනතාවගේ බලයේ අංගෝපාංග බොහොමයක් දේශපාලකයන්ට තමන් උදෙසා ඩැහැ ගැනීමට හැකියාව ලබා දී තිබේ. ඔවුහු වරක් තේරීපත්වූ පසු ජනතාවගේ වියපැහැදමෙන් ඔවුන් ද, ඔවුන්ගේ ඥාතීන්, මිතුරන් හා ආධාරකරුවන් ද පොහොසත් කිරීම සඳහා ඔවුන්ගේ බලය ප්‍රයෝජනයට ගැනීමට නීත්‍යනුකූල හා නීති විරෝධී යන මාධ්‍යයන් දෙකම භාවිත කිරීමට පසුබට නොවෙති.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිදාක රාජ්‍ය හා පෞද්ගලික වත්කම් මංකොල්ලකන, අයථා ලෙස පරිහරණය කරන හා රාජ්‍ය සම්පත් නාස්තිකරන, ඥාති සංග්‍රහවාදයේ යෙදෙන, අපරාධ මුදල් එකතු කරන, ප්‍රතිපාක්ෂිකයන්ට හිංසනයට ඉඩ සලසන, මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් යැපෙන හෝ ලිංගික දූෂණයෙහි හා වෙනත් අපරාධවල යෙදෙනවුන් ඉවත් කිරීමේ විධි විධාන තිබී නැත.

එහෙන් මෙහෙන් කෑලි කෑලි ‘කපා අලවන‘ අභ්‍යාසයක නිරත වීමෙන් නිවැරදි කළ නොහැකි අපේ අතීත හා වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල මූලික දෝෂ හතරක් තුළ මේ ස්වභාවයේ කටයුතු හඳුනා ගත හැකිය.

එහෙයින් මෙහි ඉදිරිපත් කරනු ලැබ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරනු ලැබ ඇත්තේ ඒ සා දිගු කාලයක් පුරා රටේ මූලික නීතියට හිරිහැරයක්ව තිබෙන අඩුපාඩුවලින් තොර වන සේ පළමු මූලධර්මයන්ගේ සිට ය.‘

  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත  ගැන  දීර්ඝ හැදින්වීමක්  ආචාර්ය ඒ සී විස්වලිංගම් මහතා සටහන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු කොටස පරිච්ඡේද අටකින් සමන්විතය.

පුරවැසි කමිටු සාමාජිකයකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු, දිස්ත්‍රික් සභා මන්ත්‍රීවරයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීම සඳහා තමා විසින්ම පිරවිය යුතු අයදුම්පත් ද එම කෙටුම්පතේ අමුණුම්වලට ඇතුළත්ව තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ආචාර්ය ඒ සී විස්වලිංගම් මහතා එවා ඇති ලිපියේ සිංහල පරිවර්ථන පහත දැක්වේ.


විධායක ජනාධිපති ක්‍රමය අත්හැරීම සහ ව්‍යවස්ථාව නැවත ලිවීම

  එක්සත් ජනතා සන්ධානය වටා එක්රැස්ව ඇති දේශපාලන බලවේගය  අඩුම තරමේ අවස්ථා හතරක දී  වත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මුඛ්‍ය මෙන්ම ලිඛිත පොරොන්දු දී ඇතත් මේ දක්වාම ඒ කිසිත් ඉටුකර නොමැත. ඒ වෙනුවට සිදුව ඇත්තේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතව තිබූ විධායක ජනපති ධූරයේ බලතල යම් තරමකට හෝ සීමා කරන ආරක්ෂක පියවරය  කිහිපය ද ඉවත් කර දමා විධායක ජනපති ධූරය තවත් ශක්තිමක් කිරීමය.

තත්ත්වය තවත් බරපතල කරමින් සම්මත කර ගැනුණු 18 වැනි ව්‍යවස්ථා සශෝධනයෙන් යහ පාලනයට මරු පහරක් එල්ලවී තිබෙන අතර වගකීම් විරහිත හැසිරීම් හා ක්‍රියාකාරම් වලට මාර්ගයද විවර කරදී ඇත.

යහපාලනය සදහා වන පුරවැසි ව්‍යාපාරයේ (සිමොග්) අප මෙවැනි වාතාවරණයක් ඇතිවනු ඇතැයි මුල සිටම දැන සිටි නිසා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදුන් දිනයේ පටන්ම ඊට විරෝධය දැක්වූයෙමු.

2010 වසරේ අගභාගයේදී රජයට සහය දක්වන ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයින් තිදෙනෙක් තම හෘදසාක්ෂියට එරෙහිව යමින් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වූ බවට පාපොච්චාරණය කළහ. ජාතික හෙළ උරුමයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වන අතුරලියේ රතන හිමියෝද (2014 ඔක්තෝබර් මස 15 වැනි දා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උදෑසන පුවත්හි විකාශය වූ පරිදි) මෙම ව්‍යවස්ථා සංශෝධනයට තමන්වහන්සේ සහය දැක්වීම මහත් වරදක් බව පිළිගත්හ. මෙවැනි දේ ඇසීමද සිතට මද හෝ සහනයක් ගෙන දේ.

දින කිහිපයකට පෙර පළව තිබූ මාධ්‍ය වාර්තාවන්ගේ ජනපතිවරයා යාපනයේදි කළා යැයි පැවසෙන ප්‍රකාශයක් සඳහන්ව තිබුණි. දෙමළ ජනතාව ඊළම දිනා ගැනීම සදහා  දරන උත්සාහයන් අත්හැරීමට කැමති නම් තමන් විධායක ජනාධිපතිධූරය අත්හැරීමට සූදානම් බව ජනපතිවරයා පවසා ඇතැයි එම වාර්තාවන්ගේ දැක්වුණි. ශක්තිමත් පදනමක් ඇතිව උතුරු පළාත් සභාවේ බලය තහවුරු කරගත් දෙමළ ජාතික සන්ධානයෙන් මහ ඇමති ධූරයට පත්වූ ආචාර්ය සී.වී විගනේෂ්වරන් මීට මාස කිහිපයකට පෙර සිදුකළ  ප්‍රකාශයක් ඒ සමගම අපගේ සිහියට නැගේ.දෙමළ ජනතාව දැන් ශ්‍රී ලංකාව එක්සත්වී ඇතැයි පිළිගන්නා බව ද තවදුරටත් ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින්නේ නැති බව ද ඔහු පවසා සිටියේය.

ඔහු අද දරමින් සිටින්නේත් එදා දැරූ ස්ථාවරයම නිසා ජනපති රාජපක්ෂ වහාම විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට පියවර ගතයුතුව ඇත. එවිට එක්සත් ශ්‍රී ලංකාවක පුරවැසියන්ට නව ව්‍යවස්ථාවක අන්තර්ගතවිය යුතු කරුණු සම්බන්ධයෙන් නිදහසේ කතාබස්  කිරීමටත් එකඟතාවන්ට පැමිණීමටත් අවස්ථාව හිමිවනු ඇත.

මූලික ප්‍රතිපත්ති වලට අනුකූලව සිමොග් සකස් කර ඇති ව්‍යවස්ථාවේ ප්‍රධාන ලක්ෂණ  කිහිපයක් පහත දැක්වේ.

ව්‍යවස්ථාව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කරවමින් ග්‍රාම නිලධාරී කොට්ඨාස,  ප්‍රාදේශීය සභා, දිස්ත්‍රික් පාලන ඒකක වැනි කිසියම් ප්‍රදේශයක පාලන කටයුතු භාරවී ඇති රාජ්‍ය ආයතනයන් ජනතාවගේ ස්වෛරී බලයට යටත් කෙරෙනු ඇත. ඒවායේ පාලන  කටයුතු සදහා නිලධාරීන් පත්වනු ඇත්තේ හා ක්‍රියාත්මක වනු ඇත්තේ ඒ ඒ ප්‍රදේශවල  ජනතාවගේ අභිමතාර්ථයන් පරිදිය. මෙවිට මධ්‍යම රජයට රටටම බලපැවැත්විය හැකි තීන්දු හා තීරණ ක්‍රියාත්මක කිරීමේ බලය පමණක් ඉතිරි වේ.

දේශපාලන ව්‍යුහය ස්ථාවර කිරීමත්, නැවත නැවතත් පොදු ජන ජීවිතය කඩාකප්පල් වන කටයුතු සීමා කිරීමත්, පොදු දේපළ හා මුදල් අසීමිත ලෙස නාස්ති වීම වැළැක්වීමත් අරමුණු කර ගනිමින් මැතිවරණයක් පැවැත්වෙනු ඇත්තේ අවුරුදු හතරකට වරකි.මැතිවරණ කාලසීමාව එම අවුරුද්දේ එක් නිශ්චිත කාල පරාසයකට සීමා කෙරෙනු ඇත.එම  කාලසීමාව තීරණය කිරීම කිසියම් දේශපාලඥයින් කණ්ඩායමක් පිනවීමට ඔවුන්ගේ සිතැඟි පරිදි සිදුවන්නක් නොවනු ඇත.

ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට හා ඔවුන් වෙනුවෙන් සේවය කිරීමට කැමති පුද්ගලයින් ඔවුන්ගේ දේශපාලන ගමන ආරම්භ කළ යුත්තේ ග්‍රාම නිළධාරී කොට්ඨාස  වල ඇතිකෙරෙන පුද්ගලයින් 10 දෙනෙකුගෙන් යුත් පුරවැසි නියෝජිත කමිටුවකට තේරී  පත්වීමේ සිටය. අනතුරුව ජනතා කැමැත්ත මත ප්‍රාදේශීය සභාවටත්, අනතුරුව දිස්ත්‍රික්  කවුන්සිලයටත් පත්වෙමින් ගමනේ නියැළිය හැකි ඔවුන්ට ඒවායින් පසු අදියර තුනක පරීක්ෂා වලියකට මුහුණදී ජයගෙන මධ්‍යම රජය දක්වාම පැමිණීමට අවස්ථාව ඇත.

අපේක්ෂකයින් ඔවුන්ගේ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ලියාපදිංචි ඡන්ද දායකයින් විය යුතුය. ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ නියෝජිත කමිටු ඡන්ද ලැයිස්තුවට ඇතුලත්වීම සදහා ඔවුන්ට කෙටි අයදුම්පත්‍රයක් පිරවීමට සිදුවනු ඇත. ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, වෙනත් සුදුසුකම්, රැකියාව, සමාජසේවා  කටයුතු, ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ඔවුන්ට ඇති පිළිගැනීම ආදී කරුණු එම අයදුම්පත්‍රවල තොරතුරු ආශ්‍රයෙන් එකතු කර ගැනෙන අතර සම්පූර්ණ කෙරුණු අයදුම්පත්‍ර අවශ්‍යතාව පරිදි රාජ්‍ය භාෂා එකකට හෝ දෙකටම පරිවර්තනය කර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ නිවෙස් වෙත බෙදාහැරීම සිදුකෙරෙනු ඇත. රැස්වීම් පැවැත්වීමට, පෙළපාළි යෑමට, ශබ්ද විකාශන යන්ත්‍ර පෝස්ටර, මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචාරණයන් භාවිතා කිරීමට අවසර නැත. මෙනිසා ඡන්දයට ඉදිරිපත්වනු ඇති අපේක්ෂකයකු වෙනුවෙන් වැය වන මුදල අයදුම්පත් පරිවර්තනය කිරීමේ කටයුතු වලට  හා ඡායාපිටපත් ගැනීමේ කටයුතු වලට වැයවන මුදල් ද ඇතුලූව රුපියල් දෙතුන් දහසක් පමණ වනු ඇත. පහරදීම් හා ගිනි බත් කිරීම් ආදියේ යෙදීමට පාතාලයෙන් පැමිණෙන zzආධාරකරුවන්ටzz ඉඩක් නොමැත. ප්‍රචණ්ඩත්වය මෙල්ල කර ඇති මෙවන් වාතාවරණයක් දේශපාලනයට පිවිසීමට කැමැති,  නමුත් බිය නිසා එය මගහැර සිටින කාන්තාවන් හා දක්ෂ තරුණ තරුණියන් හට මාර්ගය පාදා දෙනු ඇත. රටේ දේශපාලන ක්‍රියාවලියට ඔවුන් වැඩි වැඩියෙන් සම්බන්ධ වනු ඇත.

ඊළග පියවරේදී මෙම ග්‍රාම නිලධාරී කොට්ඨාස වල ජනතා නියෝජිතයෝ ඔවුන් අතරින්  තෝරාගැනෙන 11 දෙනෙකු ප්‍රාදේශීය සභාවට පත්කර යවනු ලබයි. මේ ක්‍රියාවලියට විභාගයකට පෙනී සිට ඉහළම ලකුණු ලබන ශිෂ්‍යයා අගයනවාක් වැන්න.  වෙනසකට ඇත්තේ මෙහිදී විභාගය පවත්වන පාසැල ලෙස පෙනී සිටින්නේ ග්‍රාම නිළධාරී  කොට්ඨාස වල ජනතා නියෝජිතයන්  වීමය.
මෙසේ එක් දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය සභාවලට  පත්වන නියෝජිතයන් ඊළග පියවරේදී ඔවුන් අතරින් 25 දෙනෙකු අදාළ දිස්ත්‍රික්  කවුන්සිලයට පත්කර යවයි. දිවයිනේ දිස්ත්‍රික් කවුන්සිල 25 ක් ඇත. අවසාන පියවර ලෙස එම දිස්ත්‍රික් කවුන්සිල වලට පත්වන නියෝජිතයන් ඔවුන් අයත් දිස්ත්‍රික්කයේ ජන ගණත්වයට අනුව ඔවුන් අතුරින් නියෝජිතයින් එක් අයෙකු හෝ කිහිපදෙනෙකු බැගින්  තෝරාගෙන 128 දෙනෙකු පාර්ලිමෙන්තුවට පත්කර යවනු ලබයි.

මේ ඡන්ද විමසීමේ ක්‍රියාවලිය අනුව යතහොත් මුදල් විශාල වශයෙන් ඉතිරිකර  ගත හැකි වනවා සේම මහජන ජීවිතයට බාධා වන කටයුතු සීමා කරගැනීමටත්, ආරක්ෂක  විධිවිධාන පැනවීමට හා පිරිසිදු කිරීම් ආදියට වැය කළ යුතු අධික ශ්‍රමය මෙන්ම කාලයද ඉතිරි කර ගැනීමටත් හැකිවේ.

ජනතාවගේ බලය එකිනෙකින් ස්වායක්ත කොටස් පහකට බෙදා ඇත.

 ජනතාව ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් හිමිය. කැමති අයෙකුට මනාපය පළ කිරීමේ අයිතිය ඔවුන් සතුය.

 දිවයිනේ ග්‍රාමනිලධාරී කොට්ඨාශ 14060 ක් ඇත. එම ග්‍රාමනිළධාරී කොට්ඨාශවල වෙන් වෙන් වශයෙන් පුරවැසි කමිටු ද පිහිටවෙනු ඇත. අදාළ භූගෝලීය සීමාවේ ජීවත්වන ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලෙනු ඇත්තේ මෙම කමිටු මාර්ගයෙනි. කිසිදු බාහිර බලපෑමකට ඔවුන් යටත් නොවේ.

3, 331 වන ප්‍රාදේශීය සභාද ඔවුන්ගේ භූගෝලීය සීමාවේ සිටින ජනතාව වෙනුවෙන් පෙනී සිටිනු ඇත. පෙර ලෙසම කිසිදු බාහිර බලපෑමකට ඔවුන් යටත් නොවනු ඇත.

 දිස්ත්‍රික් කවුන්සිල 25 ද තම තමන්ගේ දිස්ත්‍රික්ක වල ජනතාව පිළිබඳ සොයා බලනු ඇත. ගන්නා තීන්දු තීරණ ඒවාට අකමැති බාහිර බලවේගයන්ගේ අභිමතයට අනුව වෙනස් කළ නොහැක.

 ග්‍රාම නිලධාරී කොට්ඨාස, ප්‍රාදේශීය සභා හා දිස්ත්‍රික් කවුන්සිල වලට ලබාදී ඇති බලතල වලින් ඔබ්බට යන මුලූ රටටම වැදගත්වන තීන්දු හා තීරණ ගැනීමේ වගකීම ඇත්තේ  පාර්ලිමෙන්තුවටය.

 වසරක් පාසා ග්‍රාම නිලධාරී කොට්ඨාශ, ප්‍රාදේශීය සභා හා දිස්ත්‍රික් කවුන්සිල වලට ඒකාබද්ධ අරමුදලින් මුදල් සැපයෙනු ඇත. එකී ආයතන වල නියෝජිතයෝ අනුමත කරන  ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවීම සදහා එම මුදල් ලබාදෙනු ඇත.

ව්‍යවස්ථාදායකය හා විධායකය අතර පැහැදිලි බල බෙදීමක් ඇතිකිරීමේ අරමුණින් සියලූ  ආකාරයේ ඇමති තනතුරු අහෝසි කෙරෙනු ඇත. වර්තමානයේ ඇමතිවරු සිටින්නේ එක් පයක් පාර්ලිමෙන්තුවේත් අනෙක් පය තමන්ගේ අමාත්‍යංශ වලත් තබාගෙනය. පාර්ලිමෙන්තුවෙන් සම්මත කෙරෙන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයන්ය. මුදල්  වෙන්කිරීම්, වැඩසහටන් ක්‍රියාත්මක කිරීම්,  නීති සකස් කිරීම් ආදි සියල්ලක්ම සිදුවන්නේ ඔවුන්ට වුවමනා පරිදිය. අනෙක් පසින් විධායක බලතල අනිසි ලෙස භාවිතා කරමින් ඔවුන් නටනා නාඩගම් මුළු රටම දනී.

අප යෝජනා කරන පරිදි දිස්ත්‍රික් කවුන්සිල වලින් පාර්ලිමෙන්තු සභිකයින් තෝරා යැවීම මගින් පාර්ලිමෙන්තුව මත පැටවී තිබෙන බර අඩු වනවා සේම මන්ත්‍රීන් පිරිසද 128 ක් දක්වා පහත බස්වා ගත හැකිය. මොවුන් අතරින්  තිදෙනෙක් රහස් ඡන්දයක් පවත්වා කතානායක, නියෝජ්‍ය කතානායක හා සහයක කතානායක යන තනතුරු සදහා පත්කර ගැනෙනු ඇත. අනෙක් සභිකයින් 125 දෙනා  ස්ථීර පාර්ලිමෙන්තු කමිටු 25 කට බෙදා 2007/2008 වසර වලදී වෘත්තිමය සංගම් එකතුවෙන් ඉදිරිපත් කර තිබෙන ක්ෂේත්‍ර 25 ක් සම්බන්ධ යෝජනාවලියක් විමර්ශනය කිරීමට යොමු කෙරෙනු ඇත.

සාමාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකුගෙන් විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධව වැඩි දැනුමක් අපෙක්ෂා කළ නොහැකි අතර අද පාර්ලිමෙන්තුවේ දැකගත හැකි තත්ත්වය ද එයයි. නමුත් නව ව්‍යවස්ථාවෙන් ඉදිරිපත් කර තිබෙන පහසුකම් අනුව කිසියම් ක්ෂේත්‍රයක් පිළිබඳව පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු දැනුම්වත්ව සිටීම අවශ්‍යව ඇත්නම් ඉක්මනින්ම එම අවශ්‍යතාව සපුරා ගැනීම සදහා හැකියාව ඇත. මේ පිළිබඳ වැඩි තොරතුරු පහත දැක්වේ.

අමාත්‍යංශ ලේකම්වරුන්, විද්වතුන්, වෘත්තිමය සංවිධානයන් වලින් සැදුම්ලත් පාර්ලිමෙන්තු තේරීම් මණ්ඩලයක් කිසියම් ක්ෂේත්‍රයක් පිළිබඳව වැදගත් අදහස් පළ කල හැකි එම  ක්ෂේත්‍රය පිළිබඳව හසල දැනුමක් ඇති පුද්ගලයින්ගේ ජීව දත්ත එකතු කර එම තොරතුරු  පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර මෙම පුද්ගලයින්ගෙන් සැදුම්ලත් විද්වත් කමිටුවක් පිහිටුවීමට අවසරය ලබාගනු ඇත.

 කමිටුව පිහිටුවීමෙන් අනතුරුව කිසියම් කරුණක් ගැන  සාකච්ඡා කිරීමේදී එම සාකච්ඡාවට රටේ පිළිගත් විද්වතෙකුගේ අදහස් ද වැදගත් වන්නේ යැයි කමිටු සාමාජිකයකුට සිතුනහොත් එයටද අවස්ථාව තිබේ. මෙයින් රටේ පොදු  කටයුතු වෙනුවෙන් දායක වීමට කැමැත්තෙන් සිටින විද්වතුන්ට ද ඊට අවස්ථාව හිමිවේ. ඇතැම් විද්වතුන් නොමිලයේම තමන්ගේ සේවාව ලබාදීමට ඉදිරිපත්වන්නට ඉඩ ඇතත් ඔවුන්ගේ සේවය වෙනුවෙන් සැළකිය යුතු මුදලක් ගෙවීමේ වැඩපිළිවෙලක් පාර්ලිමෙන්තුව සතුව තිබීම මනාය.

පිළිගත් පාලන රෙගුලාසි වලට අනුව අමාත්‍යංශ පාලනය කිරීම අමාත්‍යංශ ලේකම්වරුන්ගේ රාජකාරිය වේ. ඔවුන්ගේ කටයුතු පුද්ගලයින් හත් දෙනෙකුගෙන් සැදුම්ලත් මධ්‍යම විධායක කවුන්සිලයකින් විමර්ශනය කෙරේ. මෙම කවුන්සිලයේ සාමාජිකයන් වනු ඇත්තේ පොදු, පෞද්ගලික හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්ගේ පරිපාලන කටයුතු වල යෙදී අත්දැකීම් බහුල පුද්ගලයින්ය. පාර්ලිමෙන්තු තේරීම් මණ්ඩලය ඉදිරිපත් කෙරෙන නම් ලැයිස්තුවක් පාර්ලිමෙන්තු කමිටු 25 හි සාමාජිකයින් අතර රහස් ඡන්දයකට යොමුකරවා මධ්‍යම විධායක කවුන්සිලය සදහා සාමාජිකයින් තෝරාගැනීම සිදුවේ.

අධිකරණ පද්ධතියේ පරිපාලන කටයුතු විශේෂ අධිකරණ සේවා කොමිසමක් යටතට පත් වන අතර එහි කටයුතු මෙහෙයවනු ඇත්තේ විශ්‍රාමලත් අගවිනිසුරුවරුන් තිදෙනෙකි. මේ විනිසුරුවරුන් තිදෙනා තෝරාගැනෙන්නේ පාර්ලිමෙන්තු තේරීම් මණ්ඩලය පාර්ලිමෙන්තු කමිටු 25 හි සිටින සාමාජිකයින් හා නීති ක්ෂේත්‍රය හා සම්බන්ධ වෙනත් ආයතනයන් වලින් ලබාගන්නා තොරතුරු වලට අනුව සකස් කෙරෙන නම් ලේඛණයක් පාර්ලිමෙන්තුවේ රහස් ඡන්දයකට යොමු කිරීම මගිනි.මේ සදහා සම්බන්ධ වීමට අග්‍රවිනිශ්චයකාරවරයාට ද අවස්ථාව ඇති අතර විශේෂ අධිකරණ සේවා කොමිසමට පත්කිරීමට සුදුසු යැයි ඔහුට හෝ ඇයට හැගෙන හිටපු විනිසුරුවරුන්ගේ ලැයිස්තුවක් පාර්ලිමෙන්තුවට ලබා දිය හැකිය.මේ සියලූ නාමයෝජනා රහස් ඡන්දයකට යොමු කරවා අවසානයේ කමිටු සාමාජිකයින් තිදෙනා පත්කර ගැනේ.

රටේ නායකයා දිස්ත්‍රික් කවුන්සිල 25 න් ඉදිරිපත් කෙරෙන නම් ලැයිස්තුවකින් පාර්ලිමෙන්තුවේ රහස් ඡන්දයක් පවත්වා තෝරාගැනෙන සුවිශේෂ පුද්ගලයෙකු වනු ඇත.ඔහුට විධායක බලතල නොමැත.එසේ වුවත් රට මෙහෙයවීමේ මහා වගකීම ඇත්තේ ඔහුටය.

තීන්දු තීරණ ගැනීම් සම්බන්ධයෙන් වැඩි බරක් උසුලන පුද්ගලයින්ගේ ආදායම, දේපළ හා ණය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ , අභියාචණාධිකරණ විනිසුරුවන්ගෙන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක අධීක්ෂණයට යටත් වේ. එම තිදෙනාගේ කටයුතු වලට බදු වංචා හා දුෂණ විමර්ෂන නිලධාරීන්ගේද සහය ලැබෙනු ඇත. මෙම නිලධාරීන් දේශීය ආදායම් දෙපාර්තමෙන්තුව යටතේ නොවී ස්වාධීනව කටයුතු කරනු ඇති අතර ඔවුන්ට පෙරකී පුද්ගලයින් යටතේ ඇති ආයතන හා  දෙපාර්තමෙන්තු වල වාර්ෂික බදු වාර්තා ආදිය ඉල්ලා සිටීමට අවසරය ඇත. අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම පුරුදු පරිදි ක්‍රියාත්මක වෙමින් වාර්ෂික පරීක්ෂණයන්ට ඉඩ නොදී වාර්තා සැගවීමේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරනු ඇත.

අපගේ පාර්ලිමෙන්තු මන්ත්‍රීන් බොහෝ දෙනා ඔවුන්ගේ මන්ත්‍රී වැටුප මතම නොයැපේ. ඔවුන්ට මුදල් උපයාගත හැකි වෙනත් මාර්ග රැසක් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් මන්ත්‍රීන් පාර්ලිමෙන්තු පැමිණීම ඇත්තේ ඉතා දුක්ඛිත තත්ත්වයකය. නව ව්‍යවස්ථාවෙන් මෙවැනි හැසිරීමකට ඉඩක් නොමැති අතර ග්‍රාම සේවා කොට්ඨාශ වල පුරවැසි කමිටු වල සාමාජිකයින් හැරෙන්නට අනෙක් සියලූ ආයතන වලට පත්ව සිටින ජනතා නියෝජිතයින් සතියකට කිසියම් අවම පැය ගණනක් අනිවාර්යයෙන්ම රාජකාරියේ යෙදිය යුතුවේ. රාජකාරියේ යෙදෙන ආකාරය අනුව විවිධ වැටුප් තලයන්ද හදුන්වාදී තිඛෙන අතර මෙය දක්ෂ, සැබෑ කැපවීමක් ඇති පුද්ගලයින්ට අනාගතය ගැන වද නොවී සක්‍රීයව තමන්ගේ ශ්‍රමය රට වෙනුවෙන් වැය කිරීමට ජනතා නියෝජිතයෙක් ලෙස පත්වීමට කෙරෙන ආරාධනයකි.

ඉහත කී යෝජනාවන් මෙන්ම තවත් බොහෝමයක් ක්‍රියාවට නැංවිය හැකි සේ ව්‍යවස්ථාව සකස් කිරීමට සිමොග් කටයුතු කර ඇත. ව්‍යවස්ථාවේ වැදගත් පරිච්ඡේදයන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියවී තිබෙන අතර ඒවායේ අන්තර්ගත නීතිමය කරුණු සම්බන්ධයෙන් විමසා බැලීම සදහා ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇත. වැදගත් නොවන අනෙක් පරිච්ඡේදයන් ඉදිරියේදී සම්පූර්ණ කෙරෙනු ඇත. වැදගත් පරිච්ඡේදයන්ගේ සිංහල හා දෙමළ පරිවර්තනයන්ද සිදුකෙරෙමින් පවතී.

ආචාර්ය ඒ සී විස්වලිංගම්

සිමෝග් සභාපති



අදහස් (0)

යහපාලනය සඳහා වන පුරවැසි සංවිධානයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

දිලිප් Wednesday, 22 October 2014 09:46 AM

මේ හැම එකකම හොද අදහස් ගොඩාක් තියෙනවා. එ් කියන්නේ දැන් හැමෝටම තේරෙනවා මේකේ වෙනසක් ඕනා කියලා. යමක් අගේ තේරෙන්න ඒ දේ නැතිවෙන්න ඕනා කියනවනේ. මේ ආණ්ඩුවෙන් එ්ක හොදට අවබෝද කරළා දීලා තියෙනවා. (නදී)

:       0       0

රත්න Wednesday, 22 October 2014 09:52 AM

ජ.නි.පෙ, හෙ. උරුමේ, බෝ.බ.සේ. වගේම රජ ගෙයි කුණු කූඩයට තවත් ලියවිල්ලක්. (නදී)

:       0       0

හේමන්ත Wednesday, 22 October 2014 10:15 AM

ඉතාම හොඳ ව්‍යවස්ථා රාමුවක්. බොහෝ රටවල අද රාජ්‍ය බලය ඇත්තේ රාජ්‍ය කරන අයගේ සහ ඔවුන්ට සමිපයන්ට සැප සුව සම්පත් ලැබීමෙන් පසු සොච්චමක් රටට විසිකර මාධ්‍ය භාවිතයෙන් පුම්බා ජනතාව රවටන ක්‍රමයකි.(හේ)

:       0       0

කසුන් Wednesday, 22 October 2014 10:24 AM

රටේවත් නැති සංවිධාන. හතු පිපෙනවා වගේ.(හේ)

:       0       0

සත්‍යයා Thursday, 23 October 2014 01:56 AM

වෙනසක් අවශ්‍යයි. කවුද ඕක කරන්නේ කියා පේන බල බලා ඉන්නේ නැතුව කෙනෙක්ව හදාගන්න දැන්ම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනෑ. සර්ව සුභවාදීව හිතමින් හේතුවාදීව වැඩ කළහොත් යහපත් හෙටක් ගොඩ නඟන්න අමාරු වෙන්නේ නැහැ. (නි)

:       0       0

නිමාලිතා Thursday, 23 October 2014 03:05 AM

කවුරුන් මොනවා හැදුවත් මේ සිංහල රට බව අමතක නොකර ,සිංහල අයිතිය රැකෙන පරිදි, දූශිතයන්ට දේශපාලකයන් විය නොහැකි වෙන පරිදි නීති සම්පාදනය කලොත් යෙහෙකි.(අ)

:       0       0

සමන් පැරිස් Wednesday, 22 October 2014 12:58 PM

මේ සංවිධාන පස්සේ අපිට නොපෙනෙන බලවේග එහෙම ඉන්නවද කියල අපි කොහොමද දැනගන්නේ? (නදී)

:       0       0

රූපවතී Wednesday, 22 October 2014 05:08 PM

මේ ක්‍රමය හොඳ වුණත් එහි බැරෑරුම්කම අපිට දැනෙන්නේ නැහැ. (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 22 October 2014 05:44 PM

අතීත සහ වර්තමාන දේශපාලනය ඇත්තෙන්ම පිළිකුල්සහගතය. ඒ අයගේ වැරදි මේ අය කියනවා. මේ අයගේ වැරදි ඒ අය කියනවා. තමන්ගේ පැවැත්ම හැර ඊට එහා රටටවත් ජනතාවටවත් දෙයක් සිදු වී ඇත්නම් රටේ කැරලි ඇතිවන්නේවත්, යුද්ධ ඇතිවන්නේවත් ,පීඩිත පන්තියේ මන්දපෝෂණය ඉහළ යන්නේවත් නැත. ලබාගන්නා බලය කුමක් හෝ හේතුවක් දක්වා තවත් ඉදිරියට යනවා හැර මෙවැනි ව්‍යවස්ථාවක් මඟින් තම ව්‍යාපාරික දේශපාලනය යටපත් කරගැනීමට කැමති වන කීදෙනෙක් සිටීද? පවතින දේශපාලන රාමුව පිළිකුල් කරන ජනතාවකට මෙවැනි "යහපාලනයක් " සඳහා ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ගන්නා උත්සාහය ගැන සතුටු වියයුතුය. (නි)

:       0       0

යොහාන්‍ Wednesday, 22 October 2014 06:16 PM

මට නම් මේ දේවල් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 143 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1018 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 271 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 164 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 365 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 925 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site