IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


යහපාලනයේ හොඳ හර්ෂ ලොවට පෙන්වයි

වත්මන් රජය ශ්‍රී ලංකාවේ දූෂණය පිටුදැකීමටත්, සොරකම් කළ රාජ්‍ය දේපළ නැවත අත්පත් කරගැනීමටත්, ඵලදායී ලෙස අල්ලස් හා දූෂණ මැඩලීම වෙනුවෙන්  විමර්ශන ආයතනවල ධාරිතාවය වර්ධනය කිරීමටත් පියවර ගෙන රැසක් ගෙන ඇතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

දූෂණයට එරෙහිවීම යනු පසුගිය රජය සමයේ හුදෙක් වචන මාත්‍රයක් පමණක්ව තිබූ රටක, යහපාලන සංස්කෘතියක් අරමුණු කරගෙන ගන්නා ලද ඉහතින් සඳහන් කරන ලද සියලු පියවර සැබෑම වෙනසක් බවත්, දූෂණය මර්දනය කිරීම සඳහා සහාය වන ලෙස සම්මුතිවාදී රජය සිවිල් සමාජය සහ ව්‍යාපාරික ප්‍රජාව ධෛර්යමත් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්ස් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියේ පාර්ශවකාර රටවල හයවන සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස ඊයේ (03) ශ්‍රී ලංකාව වෙනුවෙන් සමුළුව ඇමතූ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  මේ බව කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ගේ නායකත්වයෙන් මෙම වෙනස රටතුළ ඇතිවෙමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් විශේෂයෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා පිළිබඳවත්, පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් ලද ජනතා වරමින් පසුව පිහිටුවන ලද අනිකුත් විමර්ශන යාන්ත්‍රණය ගැනත් විස්තර කළේය.

HS_2015114Addressing-02



අදහස් (0)

යහපාලනයේ හොඳ හර්ෂ ලොවට පෙන්වයි

නිහාල් Wednesday, 04 November 2015 12:36 PM

හොරකම් කරපු රාජ්ජ දේපල කොපමණ ප්‍රමාණයක් නැවත අරගෙන තියෙනවද කියල කිව්වනම්. (ස)

:       0       0

කිත්සිරි Wednesday, 04 November 2015 12:53 PM

පිටබැද්දර ජයා හරි (නි)

:       0       0

ගාමිණී Wednesday, 04 November 2015 01:16 PM

සුමනා ,ඉක්මන් නොවී ටිකක් ඉන්න බලන්න. (නි)

:       0       0

වීරකෝන් Thursday, 05 November 2015 05:04 PM

ජයවේවා! (නි)

:       0       0

රෝහණ Thursday, 05 November 2015 02:49 AM

කවුරුන් කෙසේ කිවුවත් මම ව්‍යාපාර කටයුත්තක් සඳහා අවසර ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියවිට වක්‍රව ඒ සඳහා මගෙන් මුදලක් ඉල්ලු නිසා මට තවමත් ඒ වැඩේ කරගන්න ලැබුනේ නැහැ. කරුණාකර දන්නා කෙනෙක් කියන්න අල්ලස් හා දුෂණ අංශයට මේ ගැන දන්වන්නේ කෙසේද කියා. (නි)

:       0       0

දිලුම් Thursday, 05 November 2015 03:36 AM

කියව කියවා සිටියහම ඔක්කොම හරිද? (නි)

:       0       0

තිලකරත්න Wednesday, 04 November 2015 02:42 PM

ඔහොම යමු. ජයවේවා! (නි)

:       0       0

සඳරුවන් Thursday, 05 November 2015 04:03 AM

ඡන්දයට පෙර කී, මහබැංකු වංචාව ගැන පරීක්ෂණ කමිටුව පත්කරන්නේ නැද්ද? (නි)

:       0       0

එරික් Thursday, 05 November 2015 04:39 AM

අපි කවුරුවත් කිවුවට පිළිගන්නේ නැහැ දැන් (නි)

:       0       0

උපේක Wednesday, 04 November 2015 03:52 PM

අමුතුවෙන් පෙන්වන්න දෙයක් නැහැනේ මහත්තයෝ. හොඳක් තිබෙනවා නම් අපිට පෙනෙනවනේ.... (නි)

:       0       0

සරත් Wednesday, 04 November 2015 10:22 AM

වැඩ ඕනේ මහත්තයෝ ,කතා ඇති. පුලුවන්නම් අපිට ,රටින් ගෙන්වන භාණ්ඩ නියම ගාස්තු විතරත් ගෙවල රේගුවෙන් ගන්න හරිගස්සන්නකෝ .හැබැයි රෙගු නිලධාරීන්ට ගාණක් ගෙවලා කරගන්න බදු අඩු කරගනීමත් නවත්වන්නකෝ. (ම)

:       0       0

ගමගේ Thursday, 05 November 2015 05:52 AM

අපිට නම් පෙනෙන විදිහට රටේ ව්‍යාපාර ඔක්කොම කඩාගෙන වැටෙනවා. බඩු මිල අහස උසට යනවා. (නි)

:       0       0

සුමනා Wednesday, 04 November 2015 10:41 AM

කට විතරයි වැඩ නෑ (ම)

:       0       0

හේමන්ත Wednesday, 04 November 2015 10:49 AM

රජයේ කාර්යාල බහුතරයක වැඩ අකර්මන්‍ය වී ඇත. සමහර රජයේ ආයතනවල වැඩ නොකරන නිසා දහස් ගණන් රේගුවට ගෙවා භාණ්ඩ නිදහස් කරගැනීමට සිදුවී ඇත. අැමෙති තුමා මේ ගැනත් හිතන්න. (බ) .

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 04 November 2015 11:05 AM

අර කියන මහත්තුරු දේපල නිසා රටේ ලොකු වෙනසක් නම් ඇතිවෙලා තියනවා හැබැයි අපට නෙමයි වෙන අයට.තව අවුරුදු 5-10 කින් බලා ගන්න පුළුවන් ඒ වෙනසේ බයානක කම (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 04 November 2015 11:13 AM

බිත්තරේ දැම්ම ගමන් කුකුල් පැටවු එන්නේ නැහැනේ ...... ටිකක් කල් දෙමු !(ම)

:       0       0

නඩරාජා Wednesday, 04 November 2015 11:05 PM

ඡන්දයට පෙර කී අර වොක්ස්වැගන් කාර් නිපදවන කර්මාන්ත ශාලාව කවදාද පටන්ගන්නේ? (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 04 November 2015 11:07 PM

හැමෝගෙම කට පමණයි. වැඩ නැහැ. රට එක තැන පල්වෙනවා (නි)

:       0       0

පරාක්‍රම Friday, 06 November 2015 06:45 PM

ජයවේවා!!!. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4438 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 12 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 31 0


නාත්තන්ඩිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 94 0


මිරිහානේ පුද්ගල ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 22 263 0

මිරිහාන පොලිස් පොලිස් වසමේ උඩහමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලසිය කියයි.


දැරනියගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 304 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14696 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 127 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site