IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘යහපාලන කිරිහට්ටියට ගොම පොඩ්ඩක් වැටිලා‘

ජාත්‍යන්තරයට හිතකර යහපාලනයක් ගොඩනැගෙමින් තිබෙන අවස්ථාවක ඊට විරුද්ධ බලවේග ගොඩනැගෙමින් පවතින බව දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී අශෝක ධනවංශ මහතා බලපිටියේදී පැවසීය.

‘මිතුරු බලවේගත් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ යහපාලනයට ප්‍රශ්න ඇති කරන තත්ත්වයට පත්වෙලා තියෙනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ සිද්ධිය පිළිබඳව මට කියන්න බෑ. ඒක ඇත්තද බොරුද කියලා. තමන්ගේ ඩිෆෙන්ඩර් රථය, ආරක්ෂකයෝ එතැනට ගියානම් කෙනෙක්ට තර්ජනය කළානම් ඒක යහපාලනයට විරුද්ධ ක්‍රියාවක්. මේ වගේ දේවල් සිද්ධ වෙනකොට අපට කියන්න තියෙන්නේ යහපාලන කිරිහට්ටියට ගොම පොඩ්ඩක් වැටුනම මොකද වෙන්නේ. කරුණාකරලා මන්ත්‍රීතුමියගෙන් මම ඉල්ලන්නේ මේ ගොම පොඩ්ඩ ඉවත් කරදෙන ලෙසයි‘  යනුවෙන් ධනවංශ මහතා කීවේය.

 



අදහස් (0)

‘යහපාලන කිරිහට්ටියට ගොම පොඩ්ඩක් වැටිලා‘

අසාද් Monday, 28 December 2015 11:40 AM

ඉරෝෂ්ගේ කතාව ඇත්ත.ඔය ගොඩාක් මහින්දවාදීන් තමයි මේ ගැන ලතැවෙන්නේ. එදාට වැඩිය නීතිය ක්‍රියාත්මක වෙන එක ගැන සතුටු වෙන්න ඕනෑ. හිරුණිකා කළ දේ හරි කියනවා නෙමෙයි. ඒ සඳහා නීතිය ක්‍රියාත්මක වීම ගැන සතුටුවෙන්න. (නි)

:       0       0

ගාමිණී Monday, 28 December 2015 11:43 AM

දේශපාලන හෝඩි පොතවත් නොදන්නා හිරුනිකා , තම පියාගේ මල කඳ , උඩින් දේශපාලනයට පැමිණියේ , පියාගෙන් පසු නැතිවී යන , පියාගේ කාලයේ ලබපු බලය , බුදලය , සැපසම්පත් නොමිලේ ලැබෙන රජයේ ඇති සුව නව නිවාස රේක ගැනිමට මිස , රටට ජනතාවට ආදරයකට නොවෙන බව මම නම් දෙන සිටිය , මම අයගේ පියාත් , ඔය හිරුනිකා උපන් දිනයේ සිට දන්නා කෙනෙක් ,වෙල්ලම්පිටියේ පදිංචි (අ)

:       0       0

ජයරත්න Monday, 28 December 2015 04:40 AM

කිරි හට්ටියට ගොම වැටිල නෙමෙයි. එක ජාතියෙ කුරුල්ලො එකට ඉගිලෙනව. (කෞ)

:       0       0

වත්සලා Monday, 28 December 2015 05:35 AM

අපිට හිරුනිකා විශ්වාශ කරන්න පුළුවන්. එයා නරක දේවල් කරන කෙනෙක් නෙමෙයි. මිනිස්සු ඉරිසියාවට එයාට මඩ ගහනවා. කරදරේ වැටුනම තවත් අමාරුවේ දාන්න හදනවා. (කෞ) .

:       0       0

ඉරෝෂ් Monday, 28 December 2015 05:46 AM

මොකෝ දැන් මේ සිද්ධිය ගැන විතරක් මෙච්චර කතා කරන්නේ කට්ටිය? හිරුණිකාගේ කට්ටිය මිනිහව උස්සලා සද්දයක් දාලා අතහැරියා කියමුකෝ. එතකොට අනිත් අය? ඒ කාලේ මොකද කළේ? උස්සපු මිනිස්සු අද වෙනකොටත් නැහැනේ (නි)

:       0       0

ලලිත් කුමාර Sunday, 27 December 2015 02:10 PM

තාත්තාගේ නම තියන්න එපායැ (බ)

:       0       0

යහම්පත් Sunday, 27 December 2015 02:17 PM

පියාගේ අඩි පාරේ යන දුව , හිටපු පක්ෂය අත හැරලා එජාපයෙන් ඉල්ලුවේ යහපාලනය කියා සුදු වෑන් සංස්කෘතියට විරුද්ධව , දැන් කළු ඩිපෙන්ඩර් සංස්කෘතියක් එයා විසින්ම මෙහෙයවනවා (බ)

:       0       0

ප්‍රදීප් Sunday, 27 December 2015 02:32 PM

ජාත්‍යන්තරයට යහපාලනය නියමයි ? (බ)

:       0       0

කුෂාණි Monday, 28 December 2015 06:32 AM

දැන් නම් අමාරුයි ගොම පිරිසිදු කරගන්න (නි)

:       0       0

සත්‍යපාල Sunday, 27 December 2015 03:28 PM

යහපාලන ගොම හැලිය කිරි ටිකක් උඩින් ඉහල ලස්සනට පෙනෙන්නට තිබෙන බවනම් දැන් පැහැදිලියි. ටිකෙන් ටික ගොම උඩට එමින් තිබෙනවා. (බ)

:       0       0

ඇසළ Monday, 28 December 2015 06:57 AM

ගොම වැටිලා නෙමෙයි, සමහරු ගොම නාගෙන ගොඩක් කල්. (නි)

:       0       0

සිරි Monday, 28 December 2015 06:55 AM

ඉරෝෂ් හරි. ඒ කාලේ ඒවා වුණ හින්දා තමයි යහපාලනය ආවේ. යහපාලනයේදී මේවා වෙන්නේ නැහැ කියලනේ කිවුවේ. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 27 December 2015 03:43 PM

යහ පාලනයේ රෙදි ගැලවිලා දැන්.ජනතාව මැතිවරණයක් එනතුරු බලාගෙන ඉන්නේ. (බ)

:       0       0

සුමිත්‍ර බස්නායක Sunday, 27 December 2015 04:22 PM

හිරුනිකාගෙන් විතරද ගොම බින්දුවක් වැටිලා තියෙන්නේ.පොඩ්ඩක් ඔලුව දාල බලන්න ඇමතිතුමා මම හිතන්නෙනම් තුන්කාලක්ම ගොම කලේ නිසා පිටට පේනවා අඩුයි (බ)

:       0       0

මහින්ද සෞදි Sunday, 27 December 2015 04:49 PM

ජාත්‍යන්තරයට හිතකර පාලනයක් හින්දාද හිරුනිකා තාම නිදහසේ ඉන්නෙ. හට්ටියේ තනිකර ගොම විතරමයි. (ස)

:       0       0

වින්සන්ට් Sunday, 27 December 2015 07:17 PM

අවුරුදු පහ ඉවර වෙනකොට රාජපක්ෂ යුගය වගේම කිරි හට්ටියට ගොම පුරවා ගනීවිද? (ස)

:       0       0

රිචි බාලසුරිය Sunday, 27 December 2015 08:12 PM

හිරුනිකාගේ පියාවන භාරත ලක්ෂමන් ගිය අඩි පාරේම දුවත් ගමන් කරනවා වාගේ , පසුගිය චන්දයෙන් රේල්ලට ආපු තවත් දේශපාලිකාවක් හිරුනිකා කියන්නේ , මේ සිදුවීම් අප බලාපොරොත්තු විය යුතුය. (ස)

:       0       0

අබරන් Sunday, 27 December 2015 08:37 PM

සුදු පාටට තීන්ත ගෑ කළය දුරට පෙනෙන්නේ කිරි පිරුණු බඳුනක් වගේ .දුර්ගන්ධය විහිදෙන්න පටන් ගත්තාම තමයි තේරෙන්නේ ගොම වලින් පිරුණු බව . (ස)

:       0       0

වසන්ත Monday, 28 December 2015 09:05 AM

කිරිවල ගොම වේන් කරන්න ගිහිල්ල කිරි හැට්ටියට අත දානවා එහෙම නෙවෙයි (ම)

:       0       0

ප්‍රසන්න Monday, 28 December 2015 09:27 AM

ගොම නෙමේ අශුචි වැටිලා තියෙන්නේ. (අ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 28 December 2015 02:24 AM

ඔප්පු කළහැකි සාක්ෂි ගොන්නක් තිබියදී ඇයට කුමකටද නිවැරදි කරන්න කියා ඉල්ලා සිටින්නේ? ඒකට නේද රටේ නීතියක් ස්ථාපිත වී තිබෙන්නේ? (නි)

:       0       0

උපාලි Monday, 28 December 2015 02:25 AM

අපි ඊළඟ මැතිවරණයේදී උත්තර දෙන්නම්කෝ (නි)

:       0       0

ලහිරු Monday, 28 December 2015 02:57 AM

දැන්නම් හොඳටම ගොම ගෑවිලා ඉවරයි (නි)

:       0       0

නාමල් Monday, 28 December 2015 03:13 AM

දැන් ඉතින් ඕවා කියලා මොනවා කරන්නද? (නි)

:       0       0

හේමන්ත Monday, 28 December 2015 03:24 AM

ගොම වැටුනම ඒ කිරි වලින් ඇති ඵලය කීම? (ම)

:       0       0

දුමින්ද Monday, 28 December 2015 03:36 AM

පොඩ්ඩක් නොව දැන්නම් කන්ටේනරයක් විතර වැටිලා (නි)

:       0       0

දීපිකා Monday, 28 December 2015 04:01 AM

අනිත් පැත්තෙන් අපු අයට ටිකක් කල්ගතවෙනවා පරණ පුරුදු අතහැර යහපාලනයට හුරුවෙන්න ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවාන.(කෞ)

:       0       0

සේනක Monday, 28 December 2015 11:27 AM

මොකද එයාලට ඉල්ලා අස්වෙන්න කියලා කෙළින්ම ඉල්ලීමක් කරන්න බැරි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1112 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 752 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1152 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 845 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 508 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 922 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site