(අංජුල මහික වීරරත්න)
" ෆෙරායි ලයිෂන් තියෙන කෙනෙක් එල්බෝඩ් කාරයන් සමඟ කාලය ගත කරන්නේ නැතැයි" හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට අදහසක් තිබේදැයි මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසුමකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
රනිල් නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත යැයි පළවූ මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් මාධ්‍යවේදීන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ පැනය විමසූයේ කොළඹ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේ පැවති තරුණ නීතිවේදීන්ගේ හමුවකින් අනතුරුවයි.
එල් බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වීමේ කිසිම අදහසක් තමාට නැතැයි තමා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද දැනුම් දුන්නේයැයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
රට බංකොලොත් වූ අවස්ථාවේදී තමා බාර ගත් අභියෝගය සාර්ථකව ඉටුකිරීම පිළිබඳව නිහතමානී සතුටක් තිබෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ජනතාව විසින් රටේ වගකීම අලුත් කණ්ඩායමකට පවරා ඇති හෙයින් එම කණ්ඩායම පැවරුණු වගකීම් නිසි පරිදි ඉටු කළ යුතුව තිබෙන්නේ යැයි සඳහන් කළේය.
ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් අධ්‍යක්ෂක මණ්ඩල තිරණයන්ට පටහැනිව බෙදුම්කරුවන් සදහා මුලු අලෙවි නියෝජිත කොමිස් මුදල් ලෙස රුපියල් මිලියන 31,021 ක වැඩ
දේශීය අත්බෝම්බයක් ළඟ තබා ගැනීම සහ ලොරි රථයක් පැහැර ගැනීම යන චෝදනා මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කල සැකකරුවකු පැය 72 ක කාලයක් රඳවා ගෙන ප්‍ර
ත්‍රිකුණාමලය මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ඉරැදියපුරම් ප්‍රදේශයේදී අද (01) වන්දනා නඩයක් රැගත් බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ ගමන් කළ
පවතින අධික වැසි සහිත කාලගුණය සමග කන්තලේ වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 114000 සම්පූර්ණ වීම නිසා ආරක්ෂිත පියවරක් ලෙස සියලුම වාන් දොරටු අද (01) අඟල් හය බැගින් විවෘ
පැණී බීම බෝතල් මූඩි තුළ සඟවා මරදන්කඩවල හා ඒ අවට ඔන්ලයින් ක්‍රමයට මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයකු මත් කුඩු තොගයක් ද සමඟ අද (01) සවස අත්අඩංගු
ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය අරඹා තිබේ.
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
යළි පාර්ලිමේන්තුවට එනවාද? රනිල්ගෙන් පිළිතුරක්
Asela Saturday, 01 March 2025 09:19 AM
මේ වැඩකට නැති පාලනය රනිල් ජනාධිපති ධුරයෙන් රට හැර යන විට බිලියන 6 ක් වූ අත්‍යවශ්‍ය විදේශ සංචිතය වියදම් කර ඇත. දැන්, ඔවුන් වෙනත් අරමුණු සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 0.3 ක් භාවිතා කර ඇති බව පෙනේ. අද වන විට ඉතිරි මුදල ඇමරිකානු ඩොලර් 5.7 ට ආසන්නයි. ට්‍රම්ප් දැන් IMF සහ ලෝක බැංකුවට ණය දෙන්නෙකු වීම නැවැත්වීමට උත්සාහ කරන බැවින් AKD පාලනය ඇමරිකා එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු නොකළහොත් විශාල තර්ජනයක් පවතී. AKD මේ ආකාරයෙන් කටයුතු නොකළහොත්, අපට අවිනිශ්චිතව පෝලිමේ සිටීමට සිදුවනු ඇත. කොමියුනිස්ට් හෝ NPP ආධාරකරුවෙකු වීමෙන් තවදුරටත් රට බේරා ගත නොහැක. AKD සහ වැඩකට නැති කල්ලිය රනිල්ගෙන් බොහෝ දේ ඉගෙන ගත යුතුය.
ලුම්බිණි Saturday, 01 March 2025 10:49 AM
විහිලු කරනවද නැත්තන් ඇත්තටමද කිව්වේ ?
karolisSaturday, 01 March 2025 01:47 PM
ලංකාවේ වැඩියෙන් සිටින්නේ හරකුන් බැවින් ඔවුන් වඩා කැමති තඹුත්තේගම බර කරත්ත වලට මිසක් ෆෙරාරි වලට නොවේ.
senaSaturday, 01 March 2025 01:51 PM
රටට සත පහක වැඩක් නැති මෙ හාදයා විදේස ගමන්වලට විතරක් කෝටි කීයක් වියදම් කලාද රටට එක සත පහක් ගෙනාවද??
Rashmi Saturday, 01 March 2025 09:33 AM
පස්ස දොරෙන් ආවොත් මිසක්, මහජන ඡන්දෙන් නම් මේ කපේට පාර්ලිමේන්තු එන්න බෑ.
හසක Saturday, 01 March 2025 10:33 AM
හැම රටකම ඉන්නවා. ඒ රටේ අවසනාවට ඉපදෙන මිනිස්සු. ඒ අයගෙන් වෙන හොඳට වඩා නරක වැඩී. එවැනි පුද්ගලයන්ට යම් බලයකුත් ලැබුණම වෙන විනාශේ. ඒ ලැබුණ බලයට හා රටේ බලය අනුව අඩු වැඩි වෙනවා. හොඳම උදාහරණයක් තමයි යුරෝපයේ ප්‍රබල රටක් වන ජර්මනියේ ඇඩොල්ෆ්.
පුරවැසියා Saturday, 01 March 2025 10:48 AM
අසේල මහත්මයා දැන්වත් බත් ටිකක් කන්න පුරුදු වෙන්න.
Rata Perata Saturday, 01 March 2025 10:59 AM
මේ වගේ මෝඩ අපතයෙක් ලංකාවේ නැතුව ඇති. ජනතාවගේ බදු සල්ලි බිලියන ගණන් විනාශ වෙනවා බලාගෙන හිටියා.
B Amarasinghe Saturday, 01 March 2025 11:03 AM
රවී අස්වෙන්න බෑ කිව්වලු.
පම්පෝරි ජනක Saturday, 01 March 2025 11:11 AM
මාරු ෆෙරාරි ලයිසන්කාරය , පොඩ්ඩක් හොයල බලන්න මිනිහගේ යහපාලන කාලේදී කිසිම ලෝක අර්බුදයක්වත් නැතිව රුපියල්ට මොකද උනේ කියල ? ඒ කාලේ තමයි රටේ ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තේ.
GAJAN Saturday, 01 March 2025 11:32 AM
ලංකාවේ තරම් මෝඩ පණ්ඩිතයෝ ලෝකයේ කොහෙවත් නැතිව ඇති . මොවුන් ලෝකයේ රටවල් කියක් තියෙනවද කියලවත් නොදන්නා මෝඩ ඒ වගේම උපන්ගෙයි කුහකයින්ට රනිල් එක්ක ඇරියස් එකක් තියෙනවා . මේ මිනිස්සු තමන්ගේ බුද්ධියෙන් නෙවෙයි අනුන්ගේ බුද්ධියෙන් හිතන උන්. ගැලරි ටෝක් ශේක්ස්ෆියර්ගේ නිර්මාණ කියල හිතාගෙන හුරේ දානවට වඩා යමක් මේ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවනිද ?
RockeySaturday, 01 March 2025 07:45 PM
පාලකයෝ නෙමෙයි මෝඩ....එයාලා මොනා කළත් එයාලට කඩේ යාම අයයි මෝඩ
ජයනාත් Saturday, 01 March 2025 11:34 AM
අධිමාන්නය කියන්නේ ඕකට. මෙයා කරපු කෙං ගෙඩියක් නෑ . අයිඑම්එෆ් එක කියපු විදියට වැඩ කළා. එයාල සියල්ල සැලසුම් කළා. මෙයාලට කිව්වා මේව ක්‍රියාත්මක කරන්න කියලා. එච්චරයි. මෙයා පාර්ලිමේන්තු ඇවිත් අවුරුදු 40 වුණා. මෙච්චර කල් මොකද කළේ.. මේ ආණ්ඩුවටත් තියෙන්නේ ඒක තවදුරටත් ඉදිරියට ගෙන යන්න. එහෙම නැතුව බැහැ .
Bandula Saturday, 01 March 2025 12:15 PM
මෙයා හිතාගෙන ඉන්නේ මෙයා තමයි ලංකාවේ බුද්ධිමත්ම කියලා. පුළුවන් තරම් හොරකම් කරලා, හොරු රැකලා ගියා. ලැජ්ජ නැද්ද මන්දා පම්පෝරි ගහන්නේ?
මැක්ස් Saturday, 01 March 2025 12:56 PM
ශ්‍රී ලංකා දේශපාලනයේ අවසන් ප්‍රභූ පුරුක වන මෙතුමා සතු සදය උපහාසය, තැනට සුදුසු පිළිතුරු සැනෙකින් දීමේ හැකියාව තේරුම් ගැනීමට සමතෙක් ආණ්ඩු පක්ෂ බාල බොළඳ මැති ඇමැත්තන් අතර නම් නැහැ.
පිටරටවැසියා Saturday, 01 March 2025 01:03 PM
ලයිසන් තියෙන එවුන් ඕන තරම් ෆෙරාරි කුඩු කරගෙන හාන්සිවෙන වෙලාවල් අනන්තයි, අප්‍රමාණයි. ඒක හින්ද එල්බෝඩ් කට්ටියත් එක්ක පරිස්සමට, හිමිං ගියහම ඇති. කොහොමත් දශක හතක් තිස්සේ රටට කෙළවපු විදිහ එක රැයින් හරවනවා බොරු. දැන්වත් හරි පීල්ලට වැටුනොත්, තව දශකයකින්වත් යම් තරමකට ඔළුව උස්සගන්න පුළුවන්වේවි.
Rasi Saturday, 01 March 2025 01:18 PM
මුන් ෆෙරාරි කියන්නේ ගොන් කරත්ත වලට, මැරෙන්න ලංවෙලා හිටපු එවුන්ට සලකා ගෙන, උන්ගේ වතුර බිල්, ලයිට් බිල් ගෙවා ගෙවා රකින එක රට අවුලෙන් ගොඩ ගැනීම වේ. නිකමට කිව්වේ, බත් කන එවුන්ට. නැත්තම් ඉතින් ඤානා අක්කල වත් වෙලා ඉපදෙන්න ඕන මුන් රට කරන කාලෙට ජිවත් වෙන්න.
Nihal Saturday, 01 March 2025 01:43 PM
අවුරුදු 45 පමණ බලයේ හිටියා රට ගියේ ඉදිරියට නොවෙයි.රටේ දරුවන්ගේ මන්ද පෝෂණයෙන් පෙලෙන එක විතරයි කළේ. දරුවන්ගේ අතපය කෝටු කෑලි වගේ.
sugath Saturday, 01 March 2025 02:00 PM
මේ මනුස්සයට තවමත් තේරෙන්නේ නැහැ රට බංකොලොත් වුනේ ණයට ෆෙරාරි පදින්ට ගිහින් කියලා.
rs Saturday, 01 March 2025 02:38 PM
ඔය ලැයිසන් කතාව නිසා ඔය ලයිසන් එකකට රත්නපුරෙත් නෑ... කොළඹත් නැ. දැන් අතරමං වෙලා ඉන්නේ ඔය වගේම...!
කව්ද බෝයි Saturday, 01 March 2025 02:38 PM
කවමදාකවත්, ෆෙරාරි තියා යතුරුපැදි ලයිසන් එකක්වත් තිබුනේ නෑ. ලයිසමක් තියෙන්න ජනතාව ලයිසන් දෙන්න එපැයි? හොර පාරෙන් ටෙම්පරියක් කරලා, කොහොමද දෙන ටෝක් වල සයිස් එක...!
සාලිය Saturday, 01 March 2025 02:46 PM
ඊස්ටර් ඇටෑක් එක වෙද්දීත් ෆෙරාරි ලයිසන් තිබ්බාද?
Pankumburage Saturday, 01 March 2025 03:38 PM
ඡන්දෙකින් ජනාධිපති උනානම් තව කොහෙද. හොරු 134 දෙනෙකුගෙ පිනාධිපති. ලොකු ටෝක්.
Upali Saturday, 01 March 2025 03:51 PM
පාර්ලිමේන්තුවේ නොවේ රටෙත් නොඉද පලාගියොත් හොදයි කපටි රජා
Kalum Fernando Saturday, 01 March 2025 03:56 PM
ලංකාවේ ඉන්න තක්කඩිම දේශපාලකයා
SANATH Saturday, 01 March 2025 04:33 PM
ෆෙරාරි ලයිසන් කාරයා ගියා වේගය නිා රට නිල වශයෙන් බංකොලොත් වුනා
Mohan Mangala Mapa Saturday, 01 March 2025 05:05 PM
ලංකාවේ වැඩකට නැතිම හාදයා
ගමේ එකාලා Saturday, 01 March 2025 05:13 PM
දූෂිත පව්ල් පාලනේ අය රනිල්ට රට බාර දුන්නා කියලා දන්නෝ හොඳා කාරවම දනිති. රටේ කී පාරක් අගමැති වුණාද? මහ බැන්කු බැන්දුම්කර හොරාට පැනලා යන්න ඉඩ දුන්නා. එල් බෝඩ් කාරයින්ගෙනුත් ඉගෙන ගන්න හුඟාක් දේවල් තියෙනවා. පළපුරුදු කපටි කෛරාටික, බලලෝබි බඩගෝස්තරවාදි, දූෂිත දේශපාලුවෝ කරලා තියෙන දේවල් ලෝකෙම දන්නවා.
ගුණරත්න Saturday, 01 March 2025 06:32 PM
හීනමාන මාලිමාවුන් කුපිත වෙලා. හිනා යනවා... ඔවුන්ගේ මොට්ට බැන වැදීම් කියවලා. යකෝ එක මන්ත්‍රී ධුරයක් නැතිව රනිල් ජනාධිපති වෙලා කරපු දෙයින් අංශුවක් 2/3 සහ විධායක ජනාධිපතිකමක් තිබිලත් කරගන්න මේ මාලිමාවුන්ට බැහැ. ඔවුන් දන්නේ වියදම් කරන්න මිසක් උපයන්න නෙවෙයි.
Jagath Saturday, 01 March 2025 07:18 PM
සීයා ඉතින් දේශපාලනය කරලා ෆේල් වෙවී ගිය එකානේ. ඒකනේ මැතිවරණයකින් බලයට පත්වෙන්න බැරි වුණේ..ඔයාගේ නාකි දේශපාලන ක්‍රමය දැන් මේ රටට කොහෙත්ම ගැලපෙන්නේ නැ….මාලිමා ආණ්ඩුව රටේ සම්පත් විකුණන ක්‍රමයක් නැහැ,ණයට කන ක්‍රමයකුත් නෑ . ණයට අරගෙන හොරා කන විදිහකුත් ක්‍රමයකුත් නැහැ..
ranil Saturday, 01 March 2025 07:20 PM
දැන් පිනක් දහමක් කරන් ඉන්න කාලේ හරි
Chathuri Saturday, 01 March 2025 08:16 PM
ෆෙරායි ලයිසන් නෙමේ තියෙන්නෙ කොන්ද පනනැති හිඟන ලයිසන් එකක් එල් බෝඩ් වුණාට කොහොමද වැඩ..? අව්රුදු 75 කාලකන්නි පමිට් වගේද මුල ඉඳලා ඉගෙන ගන්න ග්‍රාමසේවක තනතුරක් අරන් කොන්ද කෙලින් තියන් වැඩ පටන් ගන්නේ.. එතැනින් අන්ධයෙක්, බීරෙක් වගේ තමයි කට්ටිය වැඩ කෙරුවේ හිතුවේ නැහැ. හොරාකාපුවා, සැප විඳපුවා ජනතා මුදලින් එවා එළිවෙයි කියලා හිතුවේ නැහැ... අනුරට මේ ටික කාලෙට ජරපුවට ගෝල්ඩන් රිවෝඩ්ස් දෙන්න ඕනෑ. ඔන්න ජනපතිවරු මේ නිකම් ටයි කෝට් දාගෙන යස් නෝ කියනවා රට හොරාකනවා... තැන්පත් මුදල් බෙදා ගන්නවා. රට සවාරි යනවා. මහා එකා නිකමෙක් වගේ බලන් ඉන්නවා...
Buddhika Saturday, 01 March 2025 08:20 PM
දැනුමක් නැති අයෙක්ට බලයක් දුන්නාම දුප්පත් මගියා මහ මගට වැටෙනවා