IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි

(කාංචන  කුමාර ආරියදාස)

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට  මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ  සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හෙළිපෙහෙළි කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව සීගිරිය වන ජීවී නිලධාරීහු පවසති.

මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමඟ ඉතා සූක්ෂම ලෙස කිසි අයෙකුට නොපෙනෙන ආකාරයෙන් මෙම පිරිස කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ කොන්ත්‍රාත් තුවක් මත මෙම පරිසර සංවේදී කලාපය   වීනාශ කරමින් සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත පිරිස  අත්අඩංගුවට ගෙන තිබේ.

සීගිරිය හරහා මහවැලි ගගට  ගලා බසින යාන් ඔය දෙපස මේ ආකාරයෙන්ම ඉපැරණි වැල් සහ ගස් කපා විනාශ කොට තිබෙන බව ගම්වාසීහු පෙන්වා දෙති.

මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත්තේ වනජීවීන් දැඩි ආරක්ෂිත කලාපයට සහ යාන් ඔය රක්ෂිතයට විකුණුම්කරයක් හරහා ඉඩමට ඔප්පුවක් ඔවුන් සතුව ඇති බවය.



අදහස් (2)

යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි

Buddika Wednesday, 16 October 2024 01:13 PM

නීතිය එදාට වඩා දැන් ක්‍රියාත්මක වෙන බවක් පේනවා... ඒ කියන්නේ නීතිය තියනවා. එදා දේශපාලන වටපිටාව අනුව ක්‍රියාත්මක වෙන්නේ නෑ.. එදා ඒ විදියට ක්‍රියාත්මක නොවිච්චි නීතිය දැන් පවතින දේශපාලන ක්‍රමය තුළ ක්‍රියාත්මක වෙනවා. මොකක්ද මෙතැන තියන අඩුපාඩුව? නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියාට රාජකාරිය කිරීමට බලකෙරෙන වටපිටාවක් නෑ දැන් වෙන්න ඕනේ... කවුරු බලයට ආවත් නිලධාරියාට ඒ සඳහා පැහැර හැරීමට නොහැකි ලෙස බලකෙරෙන වටපිටාවක් සකසා ඔහු ඒ සඳහා නීතියෙන් වගකීමට සැලැස්වීමෙන් මොන එකා පාලනයේ හිටියත් නිලධාරීන් බේරීමට නම් ලැබෙන නියෝග බලපෑම් සියල්ල සමග පරීක්ෂණ වාර්තාවකට යටත්ව නීතිය ක්‍රියාවට නැන්වීමට නිලධාරීන් ශක්තිමත් කරන වෙවස්ථාපිත වැඩපිළිවෙළක් සැකසිය යුතුයි...

:       1       25

Paraa Paraa Wednesday, 16 October 2024 01:40 PM

දේශපාලනය ඇති අනිවාර්යෙන් .නම් ගම් නැත්තේ ඒකයි

:       1       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි ලෝකාන්තයෙන් පහළට දැමූ රියදුරුගේ සිරුර හමුවෙයි
2024 ඔක්තෝබර් මස 16 237 0

පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචි ලෝකාන්තයේ අඩි 1000ක පමණ ප්‍රපාතයකට විසිකර දමා තිබූ හාලිඇල රොසට්වත්තේ 23 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරුගේ මළසිරුර දින දහසයක


නැගෙනහිර ආදායම් ලොකේකෙක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 16 81 0

නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


’’මං විශ්‍රාම ගියේ නෑ: අපි 113ක් ගන්නවා’’
2024 ඔක්තෝබර් මස 16 1203 0

මෙවර මහ මැතිවරණයේදී පොහොට්ටුව ඉතා ලෙහෙසියෙන්ම 113 ක ආසන සංඛ්‍යාව ලබා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


බෝවන රෝග පැතිරීමේ අවධානමක්
2024 ඔක්තෝබර් මස 16 392 0

ක්‍රමයෙන් ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


කෝටියක රටබීම ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 16 1101 0

රුපියල් කෝටියක් පමණ වටිනා රටබීම බෝතල් තොගයක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙ


මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි
2024 ඔක්තෝබර් මස 16 1647 3

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයේ මහා පරිමාණ ජාවාරම්කරුවකුගේ නිවසේ තිබූ මස් තොගයක් සිය බාරයට


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 532 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 476 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1495 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site