(සිතුම් චතුරංග)
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු සමත්ව තිබේ.
ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන ස්ථානය ජමුනානන්දන් ප්‍රනාවන් සහ එම අංශයෙන් දිවයිනේ පස්වන ස්ථානය ඔහුගේ සොහොයුරු ජමුනානන්දන් සරවණන් සිසුවා විසින් හිමිකරගෙන ඇත.
ඔවුන් දෙදෙනා යාපනය දිස්ත්‍රික්කයේ ජෙෙව විද්‍යා අංශයෙන් ප්‍රථම සහ දෙවන ස්ථානය දිනා ගැනීම විශේෂත්වයක් විය.
සිය ජයග්‍රහනය සම්බන්ධයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන ස්ථානය හිමිකරගත් ජමුනානන්දන් ප්‍රනාවන් සිසුවා මෙසේ කීය,
මමත් මගේ සහෝදරයත් එකට ජෙෙව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටිය. අපි විශේෂයෙන් ස්තූති කළ යුතුයි අපේ පංති භාර ගුරුතුමා වන එස්. සිවකාර්තිකේයන් ගුරුපියාණන්ට. ඔහුගේ මග පෙන්වීම මේ ජයග්‍රහණයට විශාල හේතුවක්වුනා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව
චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය
මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
maalaka Monday, 28 April 2025 07:14 AM
හරිම ආඩම්බරයි පුතාලා ගැන. උසස් පෙළ සමත් හැම දරුවෙකුටම සුභ පැතුම්! සමත් නොවුන දරුවන් අධෛර්යමත් නොවී තමන් කැමති ක්ෂේත්‍රයක් හදාරා ඉදිරියට යන්න.
Perera Monday, 28 April 2025 09:15 AM
ටියුෂන් ගිහින් නෑති පාටයි. සුභ පැතුම් ඔබ දෙපළට . පියාණන්ගේ අඩි පාරේ යන්නට.
රම්බොඩ Monday, 28 April 2025 09:32 AM
සිංහල රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ලොකු උගතුන් වෙලා රටට සේවයක් කරනු මිසක ත්‍රස්තවාදී අදහස් හිසට නොම ඒවායි පතමු
Perera Monday, 28 April 2025 10:48 AM
රම්බෝඩයෝ මතක තියාගනින් ශ්‍රීලංකාව ලාංකිකයන්ගේ රට බව
ආනන්ද පිටබැද්දර Monday, 28 April 2025 03:05 PM
බුදු සරණයි පුතේ ඔයාලා දෙන්නට .අනිවාර්යයෙන්ම දොස්තර මහතුන් දෙපලක් වී මේ රටේම ජනතාවට සේවය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේවා නිදහස් අධ්‍යාපනයේ හොඳ ප්‍රතිඵල . අනෙකුත් සමත් වූ සියළුම දරුවන්ට ත් තම තමන් ගේ බලාපොරොත්තු ඉටුවන වාසනා වන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරවා. අසමත් දරුවො නැවත වතාවක් විභාගය හොදින් කරන්න. හිත් නරක් කර ගන්න එපා.ඔයාලටත් ඉදිරියට යන්න තව ගොඩාක් පාරවල් තියනවා
fairoos Monday, 28 April 2025 03:25 PM
සුභ පැතුම් .. රම්බොඩ වගේ අය ඉන්නකොට, ලංකාව මේ ඉන්න තත්වෙන්ම තමා තියෙන්නේ
sudha Monday, 28 April 2025 03:48 PM
රම්බඩ ඔය කියන්නේ අර පාර්ලිමේන්තුවේ ඉන්න අර්චුනා දොස්තර මහත්තයා මතක් වෙලා වෙන්න ඇති. එයා කෙලින්ම එයාගේ ප්‍රභාකරන් දෙවියා ගැන කියන නිසායි හැසිරෙන විදිහයි දැක්කම මේ කතා ගැන පුදුම වෙන්න එපා. මොනවා වුනත් මේ දරුවන් දෙන්නාට සුභ අනාගතයක් පතමු.