(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියානු - යුක්රේන යුද්ධය අවසන් කර රුසියාවෙන් යුක්රේනය ආරක්ෂා කිරීම සඳහා කොටස් හතරකින් යුත් සැලසුමක් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්ම පසුගියදා නිවේදනය කළේය.
යුක්රේනයට ලබාදෙන සහාය වැඩි කිරීම සඳහා සන්ධානයක් පිහිටුවීමේ උත්සාහයන් එක්සත් රාජධානිය, ප්‍රංශය සහ අනෙකුත් රටවල් වේගවත් කරනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්ම ප්‍රකාශ කළේය.එම රටවල් ඇමෙරිකාවද සන්ධානයට එකතු කර ගැනීමට උත්සාහ දරනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා පැවැසුවේය.
සන්ධානගතවීම සඳහා පැවැත්වූ සමුළුවට රටවල් 18 සහභාගී වී සිටි අතර ඉන් වැඩිම රටවල් ප්‍රමාණය යුරෝපයට අයත් විය. එම සමුළුව සඳහා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිද සහභාගී වූවේය. " අපි අද ඉන්නේ ඉතිහාසයේ සන්ධිස්ථානායක" සමුළුවට සහභාගී වෙමින් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්ම පැවැසුවේය.
යුක්රේනයට සහාය වීම සඳහා යුරෝපයේ දීර්ඝ කාලයකින් නොදුටු එකමුතුකමක් දැක ගැනීමට හැකියාව ලැබුණු අතර යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කියා සිටියේ යුක්රේනයට "ශක්තිමත් සහයෝගයක්" තිබෙන බව දැනුනු බවයි. යුක්රේන ජනාධිපතිවරයා සහ ඇමෙරිකානු ජනාධිපතිවරයා අතර ධවල මන්දිරයේදී සිදුවූ උණුසුම් වචන හුවමාරුවෙන් දින දෙකකට පසුව මෙම සමුළුව පැවැත්විණි.
ඇමෙරිකාවේ සහයෝගීතාව ලබාගැනීම සඳහා පදනමක් සොයා ගැනීමට යුරෝපයේ සියලුම රටවල් එක්ව කටයුතු කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාර්මර් පැවැසුවේය.
ශරීරයේ කිසිදු ඇඳුමක් නොමැතිව නිර්වස්ත්‍රව අධිබල යතුරුපැදියකින් කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරමින් සිටි තරුණයකු මහත් පරිශ්‍රමයක් දරා මාර්ග බාධක යොදා
පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට 1958 අංකයට දැනුම් දෙන්න
පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය යට අදාල සීසීටිවී දර්ශන ඇතුලත් කොළඹ අලූත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පරිගණක පද්ධතියට අදාළ දෘඪ
ඉන්ධන පිරවුම්හල්හිමියන් අද (3) පස්වරුවේ සිට ඉන්ධන තොග ඇනවුම් කිරීම යළි ආරම්භ කළ අතර අද සිට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාගත හැකි බව ඛනිජ තෙල් බෙ
මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගැයීමකට ලක් වුවත් රජයන් විසින් එම සේවයට නිසි ඇගැයීමක් ලබාදුන්නේ ද යන්න ගැටලුවක් බව සෞඛ්‍ය හා ජනමාධ
නව කර්මාන්ත පුර දහයක් ඇරැඹීම සඳහා කර්මාන්ත පුර දහයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වසරේදී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අම
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
යුද්ධය අවසන් කරන්න එකමුතුවක්