රුසියානු - යුක්රේන ගැටුම මුල්කරගනිමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ඉදිරිපත් කළ නිර්දේශ මත ක්‍රීඩා සංගම් හි සාමාජිකත්වය නැවත දැනුම්දෙන තුරු තහනම් කිරීමට එම සංගම් පියවර ගෙන තිබේ.
ඒ අනුව මින් ඉදිරියට පැවැත්වෙන කිසිඳු පාපන්දු තරඟයක් රුසියාවේදී පැවැත්වීමට ඉඩ ලබා නොදෙන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
රුසියානු පාපන්දු කණ්ඩායට මින් ඉදිරියට රුසියා ජාතික කණ්ඩායම ලෙස ක්‍රීඩා කිරීමට නොහැකි බවත්, අවශ්‍ය නම් රුසියානු පාපන්දු සංගමය ලෙස ක්‍රීඩා කළ හැකි බවත් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
එළෙස රුසියානු පාපන්දු සංගමය ලෙස ක්‍රීඩා කරන්නේ නම් රුසියාවෙන් පිටත සිදු කළ යුතු බවත් එහිදී රුසියානු ජාතික කොඩිය එසවීම හෝ ජාතික ගීය ගැයීම සිදු නොකළ යුතු බවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පැවසීය.
මේ අතර රුසියාවේ සහ බෙලරුසයේ ටෙනිස් සාමාජිකත්වය අහෝසි කරන ලෙස යුක්‍රේන ටෙනිස් සංගමය ජාත්‍යන්තර ටෙනිස් සම්මේලයෙන් ඉල්ලීමක් කර ඇත.
ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය එම ඉල්ලීම පිළිගතහොත් වත්මන් ලෝක ටෙනිස් පිටියේ අංක එකේ ක්‍රීඩකයා වන ඩැනිල් මෙද්වදෙව්ට සහ ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණි ගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින බෙලරුසයේ අර්යානා සෙබලෙන්කා හට ඉදිරි ටෙනිස් තරඟ සඳහා සහභාගී වීමේ අවස්ථාව අහිමි වන අතර ඒ හේතුවෙන් ඔවුන් ශ්‍රේණි ගත කිරීම් වලින් පහත වැටෙනු ඇත.
එමෙන්ම ජාත්‍යන්තර ජුඩෝ සම්මේලනයේ ගෞරවනිය සභාපති ධුරයක් දැරූ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ එම ධූරය තහනම් කිරීමට ජුඩෝ සම්මේලනය කටයුතු කල අතර 2022 රුසියාවේදී පැවැත්වීමට තිබූ ජුඩෝ තරඟාවලිය ද අවලංගු කර තිබේ.
(034)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යුද්ධය නිසා රුසියානු ක්‍රීඩකයන්ට අඳුරු යුගයක්