(විමුක්ති එස් රුද්‍රිගු)
යේමනයේ නිල සංචාරයක නිරත වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හැනොම් ගේබ්රියේසිස්ගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් යේමනයෙන් පිටත්වීම සඳහා එරට අගනුවර වූ සනාහි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඊශ්‍රායල හමුදා ගුවන් තොටුපොළට බෝම්බ හෙළා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.
ඊශ්‍රායලය සහ යේමනය අතර උත්සන්න වෙමින් පවතින අර්බුදය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා දැඩි අවධානයෙන් පසුවන බවද එම ප්‍රකාශයේ දැක්විණි.
ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස් ප්‍රකාශ කර සිටියේ සිය නායකත්වයෙන් යුත් එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ගුවන් යානයේ අසුන් ගැනීමට යන අවස්ථාවේදී ඊශ්‍රායල ගුවන් හමුදාව සනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත බෝම්බ හෙළු බවය. සිය කණ්ඩායමට අනතුරක් නොවූවත් පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ඉන් තුවාල ලැබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවැසුවේය.
එසේම සිය කණ්ඩායම සිටි තැනට මීටර් කීපයක් දුරින් තිබුණු ගුවන් ගමනාගමන පාලන කුළුණ සහ පිටත්වීමේ විවේකාගාරයට බෝම්බ හෙළීම හේතුවෙන් හේතුවෙන් හානි වූ බවද ගේබ්‍රියේසිස් පැවැසුවේය. නැවත පිටත්වීමට බෝම්බ හෙළීමෙන් ගුවන් තොටුපොළට සිදුවූ හානිය අලුත්වැඩියා කරන තෙක් බලා සිටීමට සිදුවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සහ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය අතර අතර ඇතිවුණු මතභේදය තවදුරටත් උත්සන්නවී ලොකු ගැටු
නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් කොලබ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ඉල්ලා ලබාග
ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බවට පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලුම පාර්ලිමේන්තු මන්ත්
පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
හයිලිවෙල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී යතුරු පැදියක් නවතා තිබූ බහාලුම් (කන්ටේනර්) රථයක ගැටී ඊයේ (27) රාත්‍රියේ සිදුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුර
කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට රැගෙන එන ඉන්ධන පිරවු බවුසර් රථවල මුද්‍රා නොකඩා ඉතා සූක්ෂම අයුරින් ඉන්ධන සොරා ගෙන ඒවා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
යේමනයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අසලට ඊශ්‍රායල බෝම්බ
Shelton Saturday, 28 December 2024 06:35 AM
එක්සත් ජාතීන්ගේ සංවිධානයට මුවාවී යේමන් ත්රස්තවාදීන්ට හොර රහසේ උදව් කරන මොවුන්ගේ වැඩ එළිවූ මොහොතක්...
ජයනාත් Saturday, 28 December 2024 09:21 AM
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එකතු වෙලා මැද පෙරදිග හා යුරෝපා රටවල් අමුතු විදියට සුද්ද කරනවා. ළමයින්, කාන්තාවන් ඇතුළු අහිංසකයින් මැරෙන එකේ සීමාවක් නැහැ. කුඩා රටවල් තවෙකෙකුට එරෙව්වත් ඇති සම්බාධක පනවන්නට...
fairoos Saturday, 28 December 2024 12:43 PM
අවුලක් නෑ. ඊශ්රායලයනේ බෝම්බ දැම්මේ...