IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


යෝෂිතට - ඩේසි ආච්චිට නඩු

(ගයාන් සූරිය ආරච්චි)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් මිලියන 59 මුදල ඔහුගේ මිත්තණිය වන ඩේසි' පොරස්ට් නැමති කාන්තාව සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් ඩේසි ෆොරස්ට් නැමති කාන්තාවට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

එම ගිණුම්වල තිබූ මිලියන 59ක මුදල උපයා ගත් ආකාරය පිළිබඳව ඔප්පු කිරීම සඳහා යෝෂිත රාජපක්‍ෂ මහතා අසමත්වීම හේතුවෙන් ඒ සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

එම විමර්ශනවලදී යෝෂිත රාජපක්‍ෂ මහතා ඔහුගේ මිත්තණිය සමග හවුල් ගිණුමක් වශයෙන් මුදල් තැන්පත් කර තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව ඩේසි ෆොරස්ට් නැමැති කාන්තාවද එම විමර්ශනවල සැකකාරියක් ලෙස නම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 



අදහස් (21)

යෝෂිතට - ඩේසි ආච්චිට නඩු

Akila Tuesday, 11 February 2025 12:13 PM

ඒ ම්ලියන 59 බයියෝ දීපු අදාර වෙන්න බැරිද ?

:       8       53

Chandanie Tuesday, 11 February 2025 06:50 PM

සුනාමිය ආවම ලෝකයේ හතරවටෙන්ම ආධාරත් ලැබුනා ඒවට ඔහොම පිටපාරෙන් ගිහිල්ලා එන්නත් පුලුවන් ඇතිනේ ඒ ගැන බලන්න ක්‍රමයක් තියෙනවා නම් හොදයි නේද

:       3       5

Kumar Tuesday, 11 February 2025 12:22 PM

අනේ අපේ ආච්චිට කරදර කරන්න එපා, එයාට නිදහසේ ඉන්න දෙන්න

:       4       43

Danushka Tuesday, 11 February 2025 01:17 PM

කාලකන්නි පවුලක්... රටම බංකොලොත් කරපු විදිහ මේ එකින් එක එලියට එන්නෙ... මුන්ගේ සියලුම දේපල රාජසන්තක කරන්ඩ ඕනැ රටට කරපු අපරාදෙට.. තවත් අති මුන්ට වහල්කම් කරන එවුන්..

:       74       46

පොඩිඑකා Tuesday, 11 February 2025 01:19 PM

මුණුබුරා පොඩ්ඩගෙ කෙරැවාවෙන් ආච්චිට මැණික් කෙසේ වෙතත් හාල් නං ගැරිල තියෙන්නෙ…!

:       57       35

බකල ජයා Tuesday, 11 February 2025 01:20 PM

කූඩුවක සිට හෝ ලෝහමය දඬු ගනන් කිරීම ගණිත හැකියාවන් වර්ධනය කිරීමට හේතුවේ. අට වසර පමණක් නොව සාමාන්‍ය පෙළ, උසස් පෙළ පවා සමත් විය හැකිය. උසස් රැකියා සඳහා අයදුම් කිරීමටත් එයින් හැකිවේ.

:       39       22

PATTA hora Tuesday, 11 February 2025 01:25 PM

යෝෂිත " දෙටු-පුත් " වුනේ කවදද? යකෝ ඒකා දෙවැනි පුතා. දෙටු පුත් කියන්නේ ජේෂ්ඨ නොහොත් වැඩිමහල් පුතා කියන එක, ඒකා නාමල් . කෝවේ දාල හරි මේ වගේ අමන මාධ්‍ය වේදියෝ මකවලා හදන්න ඕනෙ.

:       36       26

ලක්විදු Tuesday, 11 February 2025 02:00 PM

ඩේසි ආච්චිට දාන්න ඕන එලොව ගමන් තහනමක්!

:       34       22

sena Tuesday, 11 February 2025 02:02 PM

යෝශිතයි ආච්චියි දෙන්නම නිදහස් වෙනවා තාක්ශනික දෝශ මත.

:       21       15

lakmal - Awariwaththa Tuesday, 11 February 2025 02:29 PM

අනිවාරෙන්ම මුන් කරපු වැරදි වලට දඩුවම් ලැබිය යුතුයි. මුන්ගේ පවුල එකතු වෙලා තමා රට උලා කෑවේ. මුන් හොරාකාපු හැම සතයක්ම නැවත රජයට අයකරගන්න ඕනි අනාගත පරපුර වෙනුවෙන්.

:       48       29

Kamil Tuesday, 11 February 2025 02:33 PM

බොරුවට වැඩ. යනවට වඩා ඉක්මනින් එලියට එනවා. කිසිම තේරුමක් නැහැ. පච විතරයි

:       32       12

සෙනෙවිරත්න Tuesday, 11 February 2025 02:36 PM

මේවා වැඩක් නැහැ, හාල් පොල්ම දියල්ලා, රජයට වී ඇටයක් දෙන්නේ නැහැ කියමු.

:       34       14

senaTuesday, 11 February 2025 04:18 PM

සෙනවිරත්න, කෙරෙනවනම් අපිත් කැමති හැබැයි නෑනේ , කෝ උගන්ඩා ඩොලර් ගේන්නේ නෑනේ, අපි තවත් රැවටෙන්නේ නැහැ.

:       1       2

සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 11 February 2025 02:38 PM

කොටින්ම කිව්වොත් යහපාලන පාර්ට් 2. එකම තිරපටය නලුවන් පමණක් වෙනස්.

:       24       53

යෝගා Tuesday, 11 February 2025 04:20 PM

හිඟන්නගේ තුවාල වගේ දේශපාලන වාසි ගන්න, රටේ ප්‍රශ්න යට ගහන්න තියාගෙන හිටිය නඩු සියල්ල ඉක්මනින් එලියට එන එක හොඳයි. ඊට පස්සේවත් තමුන්ගේ වැඩ පෙන්නලා දේශපාලනේ කරන්න පුළුවන්නේ.

:       2       3

සෙනෙවිරත්න Tuesday, 11 February 2025 04:28 PM

මේකෙ ඩිස්ලයික් සහ සමහර කමන්ට් බැලුවම ඒ අයගෙ කැමැත්ත තමයි පොදු දේ උලාකාපු උන් නිදහස් වීම. යහපාලනේ අංක දෙක කියන අයට කියන්න තියෙන්නෙ එහෙම උනත් මුන් හොරා කාපු ඒක ඇත්තක්. පනුවොදාල හරි මැරෙනව. මහජනතාව අපාදුක් විඳිද්දි මුන් ගැලවෙනව කියල හිතන උන් තමයි රටේම ශාපය.

:       4       1

පිටිගල මිලානෝ Tuesday, 11 February 2025 04:46 PM

කතාව මතක නම් නඩුවේ මුල්ම දවස්වල යෝෂිතයා ඩේසි ආච්චිව අල්ලලා දීලා පනින්නයි හැදුවේ. පස්සේ ්‍මයි ඉදිරිපත් වුනේ…. අත ගහපු හැම තැනම හොරකමමයි…

:       3       1

අමාලි Tuesday, 11 February 2025 04:59 PM

තාත්තා සුනාමියට කෙළියා, අම්මා රත්තරං වලට කෙළියා, කපුටු බාප්පි සීයට දහය කියකියා රටටම කෙළියා, ගෝත බාප්පි මිග් එකට කෙළියා, ලොකු කොල්ලා ක්‍රිස් එකට කෙළියා, මද්දුමයා තාජුඩීන්ට කෙළියා, බාල එකා රොකට් එකට කෙළියා… ආච්චි මැණික් මල්ලට කෙළියා…

:       5       3

විපරමා Tuesday, 11 February 2025 05:04 PM

දූෂිත පව්ල් පාලනේ උන් ඔක්කොම අපේ රටට සාපයක්. නීතියෙන් ගැළවුනත් ජනතාවගේ සාපයෙන්වත් කරපු පාප කර්ම වලින් වත් ගැළවීමක් නැතිවෙයි. ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දණ්ඩුවම් ලැබේවා

:       4       3

බඩු කාර Tuesday, 11 February 2025 06:06 PM

ආච්චිට සීයලා ගොඩකින් සල්ලි ලැබෙන්න ඇති..

:       3       1

Alfread Tuesday, 11 February 2025 06:45 PM

තවමත් මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ රටේ ආර්ථිකය වැ‍ටුනේ කොවිඩ් නිසා මාස 8ක් රට වහල තිබුන නිසා කියලා. මාලිමා පච ටික තාම කරේ තියන් දුවනව. නිලන්ති කිව්වා උගන්ඩා බොරුව අවබෝධෙන් කියපු බොරුවක් කියලා. එහෙම කියල තියෙද්දිත් පුන්නක්කු කන උන් තාම වෛරය පතුරනවා. ඕව කරලා අවුරුදු 5 ඉවර වෙන්න කලින් ව්‍යවස්ථාව වෙනස් කර ගන්න තමයි ප්ලෑන් එක. එතකොට තව අවුරුදු 40ක් විතර වඳුරු සෙල්ලම් බලන්න පුලුවන්.

:       9       5

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වීසා නැති 13ක් පිටුවහල් කරයි
2025 පෙබරවාරි මස 11 73 0

සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර


මළගෙදර වලියෙන් හතරක් රෝහලට
2025 පෙබරවාරි මස 11 106 0

අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ


ලයිට් කැපිල්ල නවත්වන දවසක් හරියට කියන්න බෑ
2025 පෙබරවාරි මස 11 147 0

විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අමරපුර මහනායක පදවි අක්තපත්‍ර ප්‍රදානය රාජ්‍ය අනුග්‍රහයෙන්
2025 පෙබරවාරි මස 11 61 0

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයට පුහුණුවක්
2025 පෙබරවාරි මස 11 75 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා වැඩමුළුවක් නාරාහෙන්පිට නිල මැදුර පරිශ්‍රයේ දී අද (11) පැවැත්විණි.


එකවර පොලිස් ස්ථානාධිපතිවරු 139කට මාරුවීම්
2025 පෙබරවාරි මස 11 363 0

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට අද (11) එකවර ස්ථාන මාරුවීම් ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 104 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 899 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site