IMG-LOGO

2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා


යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

 

(ගයාන් සූරිය ආරච්චි)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයේදී අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත අනුව යෝෂිත රාජපක්ෂ මහතා විසින් වැරදි සිදු කර ඇති බවට සාක්ෂි ඇති බවට දන්වා සිටීමෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 



අදහස් (51)

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

Rasi Saturday, 25 January 2025 10:44 AM

පලිගන්නවෝ! රාජපක්ෂ තේමාව මේ දවස්වල...

:       124       22

ජගත් ලියනගේ Saturday, 25 January 2025 10:47 AM

මට, හැව්ලොක්ස් ක්‍රිඩා සමාජයේ රගර් ක්‍රීඩාව කළ තාජුඩීන්වත් මතක් වුණා. ඔය ප්‍රවෘත්තිය දැක්කාම..

:       87       27

ඇන්ඩ්රු සෙබඩවිල Saturday, 25 January 2025 10:47 AM

රටේ දැවෙන ප්‍රශ්න එකින් එක මේ අයුරින් විසඳන අපේ අනුර කුමරු ජනපති සහෝ ප්‍රමුඛ මාලිමාවුන්ට විප්ලවීය ආචාරය...!

:       21       80

pj Saturday, 25 January 2025 10:48 AM

වැරැදි කළ අය දඬුවම් විඳිය යුතුමයි. සාක්ෂි තිබේ යයි සමාජගත කළ පමණින් වැරැදි කරුවකු නොවේ.

:       4       76

Pradeep Kumara Saturday, 25 January 2025 11:01 AM

බොරු සංදර්ශණ නැතුව හරියටම හොයලා බලලා අත්ඩංගුවට අරන් දඬුවම් දෙන්න. අත්ඩංගුවට ගන්නවා, නිදහස් කරනවා එයාලා එළියට ඇවිත් පොර ටෝක් දීලා ආණ්ඩුව චොර කරනවා. ආයෙත් අත්ඩංගුවට ගන්නවා, නිදහස් කරනවා.

:       3       69

බත් කන හරකා Saturday, 25 January 2025 11:11 AM

අපිට කන්න රතු හාල්, පොල්, බිත්තර නෑ. මාස තුනට ඕවා හැදෙන්නේ නැති කතා අපිට වැඩක් නෑ.

:       29       139

ඇම්ඩා Saturday, 25 January 2025 11:12 AM

කෙඳිරිලි එපා... මද්දුම බණ්ඩාර වගේ කෙලින් මූන දෙන්න ඔබ සතපහක් හොරකම් හෝ ව්‍යාජ ලෙස අල්ලස් කොමිස් ගසා නැති බව පොහොට්ටුවට විස්වාසයි...

:       48       74

fairoos Saturday, 25 January 2025 11:19 AM

අත්අඩංගුවට අරගෙන ඇප දිලා වැඩක් නැ .. බයියෝ ෆෝම් වෙනවා විතරයි

:       3       62

Kazi Shajahan Saturday, 25 January 2025 11:24 AM

පව් අහිංසක කොල්ලා මේ දවස් වල කුලී වැඩක් කරලා කියක් හරි හම්බ කරගන්නේ..

:       138       55

Toni Saturday, 25 January 2025 11:25 AM

ජන්දයක්වත් ලඟ එනවාද?

:       28       268

කසකාරයෝSaturday, 25 January 2025 02:55 PM

ඡන්දය ළඟම එනවා. මාර්තු අන්තිම හෝ අප්‍රේල් මුලදී එනවා. කොහොම හරි අලුත් අවුරුද්දට කලින් තියන්න තමයි හදන්නේ. සමූපකාර වලින් වගේ බඩු හම්බෙයි කියලා ආණ්ඩුව වෙව්ලලා ගිහින් තියෙන්නේ. දන්නවනේ දැන් කියපු පච වලට වෙච්චි දේ.

:       29       200

සෝමසිරි සෙනෙවිරත්න Saturday, 25 January 2025 11:35 AM

රජකම් කලත් කලකම් පල දෙනවාලු.

:       127       71

ප්‍රියානි කරැණාරත්න Saturday, 25 January 2025 11:56 AM

වැරදි කරලා තියෙනවානම් පාට පක්ෂ උසස් පහත් භේදය නොබලා උසාවි දාලා දඩුවම් නියම කරන්න..

:       8       188

යෝගා Saturday, 25 January 2025 11:59 AM

ඔය වාගේ නිකම් සංදර්ශන තියලා ජනතාවගේ හාල් පොල් ප්‍රශ්න යට ගහන්න පුලුවන් කියලා පචයයි පඹයො 159යි හිතන් ඉන්නවනම් ගොඩක් පවු. රාජපක්ෂලා පස්සේ පන්නන එක ජනතාවට වැදගත් නෑ ඡන්දෙට කලින් දුන්න ලොකු ලොකු පොරොන්දු ඉෂ්ට කරන්න බැරිව

:       87       262

Rata PerataSaturday, 25 January 2025 02:04 PM

නූගත්කම තිබුණට, ප්‍රදර්ශනය කරන්න එපා. හොරකම් කළ කෙනෙක් නීතිය හමුවට ගේන එකයි, හාල් මිල පාලනය කරන එකයි දෙකක් කියලාවත් තේරෙන්නේ නැද්ද? වැරැදි කරපු මනුස්සයෙක්ට වහින්න ඕනෑ නම් ඒක පුද්ගලිකව කරගන්න... මෝඩකම පෙන්නන්නේ නැතිව...

:       171       44

යහපාලනේ 2 Saturday, 25 January 2025 12:37 PM

දැන් හාල්, පොල් මිල අඩු වෙලා, රටේ තත්ත්වය සුඛිත මුදිත වෙලා එයි කියලා හිතාගෙන ඉන්න උන් වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක්. මේ කරන්නේ යහපාලනේ කරපුවම තමයි.

:       61       212

චන්දිම Saturday, 25 January 2025 12:38 PM

සාදාරණ අත්අඩංගුවට ගැනිමක්.හේතුව මේ මිනිස්සු තාත්තගෙ,බාප්පා ගේ පිහිටෙන් රටේ ධනය හොරකම් කලේ අම්මගෙ අප්පගෙ බූදලයක් වගේ.ඒවට දඩුවම් සහ නීතිය දැඩිව ක්‍රියාත්මක කල යුතුයි.

:       197       85

Samanala Saturday, 25 January 2025 03:05 PM

චන්දිම දැක්කා වගේ කියන්නේ සාක්කි ඇතුවද? හිතෙන දේවල් ඔප්පු කරන්න. නැත්නම් උගන්ඩා කුමාරි වගේ බොරු හිලක් වෙන්න එපා. හොරකමට අපිත් විරුද්ධයි... ඒත් ඔප්පු කරන්න ඕනෑ. පහුගිය කාලේ ඔප්පුවුනේ උගන්ඩා කුමාරි ඇත්ත කිව්වේ නැහැ කියලා විතරයි.

:       17       100

චන්දිමSaturday, 25 January 2025 03:51 PM

රාජපක්ෂ පරපුරම මහා පරිමානෙන් හොරකම් කළා කියන එක ජාත්‍යන්තරයට ගිය නිවුස් එකක්. බොහොම ප්‍රායෝගිකව හිතලා බලන්න. මන්ත්‍රීවරයෙක් ලෙස මුල ඉඳලාම පරාද වෙනකම්ම ගත්තු වැටුප්, දීමනා එකතුව බැලුවත් මෙහෙම සල්ලි තියෙන්න බැහැ. යෝශිත නමට හරි නේවි එකේ වැඩකරපු කාලෙට ගත්තු පඩිය නොකා නොබී එකතු කරත් අද ළඟ තියන ප්‍රමාණය අහලකටවත් යන්න බෑ. කුරක්කන් වගා කරලා මෙහෙම හම්බ කරන්න බෑ.

:       96       27

King Kakillea Saturday, 25 January 2025 12:42 PM

ඕවා කොරා වගේ නෙමේ මාලිමාවුනි, උඹලා දෙනවා කිව්ව සහන, බදු අඩු කරන ඒවා, තෙල් මිල 150කින් අඩු කරන ඒව, ලයිට් බිල 1/3කින් අඩු කරන ඒවා ඉක්මනට වෙන්න ඕන. දැන් ඔය වගේම හොඳේ

:       52       172

Wasantha Saturday, 25 January 2025 12:49 PM

හාල් පොල්, ලුණු, මාලු නැති වෙන එකයි, ඊලඟ පලාත් පාලන ඡන්දෙයි අතරේ සම්බන්දයක් තියෙනවා වගේ. පොහොට්‍ටුවෙන් හැරිච්ච 68 ලක්ශේ ආපහු හැරුනොත් පුතේ බඩුම තමයි හොඳේ.

:       34       155

ජයනාත් Saturday, 25 January 2025 01:12 PM

දැන් නාහෙන් අඬන්න එපා..පලි ගන්නවා කියල . නිවැරදි බව ඔප්පු කරන්න .

:       117       67

gunarathnaSaturday, 25 January 2025 01:35 PM

කවුරු මොනවා කීවත් අනර කරන්නේ ඩීල් එකක්. අනුර රාජපක්ෂ පවුලේ එක එක්කෙනා අරන් උසාවි දාලා ඔවුන් එක එකා නිදොස් කර නිදහස් කරන්න හදන්නේ. උගන්ඩාවේ ලොකුම හොරකම කොට්ටහච්චි විසින් නිදොස් කරලා දැම්මා. ජෙප්පනේ ඔවුන්ව උසාවි ගෙනියන එක නොවේ කරන්න ඕනේ... එළියේ තියාගෙන දිගටම කරන එකයි කරන්න ඕනේ.

:       50       22

පම්පෝරි ජනක Saturday, 25 January 2025 01:25 PM

එක එක හොරා ට නිතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට බයියෝ ටික ඇවිල්ල මෙතැන වලලෙනවා , අප්පචිට විතරක් නෙමෙයි ආප්චිගේ පුතලගේත් වහල්ලු

:       64       15

Mangala Saturday, 25 January 2025 01:50 PM

මොන ආණ්ඩුවක් ආවත් වැරැදි කරන ලොකු මිනිස්සුන්ට සලකන විදිහයි, පොඩි මනුස්සයාට සලකන විදිහයි වෙනස්...

:       40       11

GAMA VARESE Saturday, 25 January 2025 01:56 PM

මේක තනිකරම රාජපක්‍ෂ භීතිකාව හා ඩයස්‌පෝරාව සතුටු කිරීම.. රාජපක්‍ෂ පවුල විතරද මේ රටේ වැරැදි කරලා තියෙන්නේ? 1971, 88, 89 කාලයේ ජෙප්පෝ කරපු අපරාධ මේ රටට කළ මහා විනාශය නොදකින්නේ ඇයි?

:       16       96

අරුණි Saturday, 25 January 2025 02:00 PM

ඩයස්පෝරාවේ අදිසි හස්තය සළුපිළි උණා දමමින් දැන් දර්ශනය වෙමින් තියෙනවා...!

:       13       88

පිටිගල මිලානෝ Saturday, 25 January 2025 02:07 PM

කපුටා තවමත් නිදැල්ලේ…

:       79       30

Bandara Saturday, 25 January 2025 02:35 PM

රටේ ආර්ථිකයට අදාළ සියලුම ගැටළු වලට මුල රාජපක්ෂ පාලනය සහ නාස්තිය. මෙහෙම නොකර බෑ.

:       83       30

AsithSaturday, 25 January 2025 03:03 PM

මේ අවුරුදු 4ට මැරිලා ඉපදුණාද බණ්ඩාර? කොරෝනා කාලේ රටට ආපු සියලු විදේශ විනිම හොයන ක්‍රම නැත්තටම නැති වුණා මතක ඇති. අවුරුද්දකට ඩොලර් බිලියන 4ක් එන සංචාරක කර්මාන්තය නැත්තටම නැති වුණා. රට හිටපු මිනිස්සු විශාල ප්‍රමාණයක් ආපහු ලංකාවට ආවා. ඉතුරු අය විදේශ ප්‍රේශන එවන එක සම්පූර්ණයෙන්ම නතර කළා. එතැනත් ඩොලර් බිලියන 3කට වැඩියි. මාසෙකට තෙල් වියදම ලංකාවේ ඩොලර් බිලියන භාගයක්. එතකොට සංචිත තිබුනේ බිලියන 6යි. ඒකෙනුත් 1.5ක් චීන එක. එතකොට වියදම් කරන්න පුළුවන් 4.5යි. ඒ කියන්නේ මාස 9යි. හරියටම මාස 9 ඉවර වෙද්දී තෙල් ගෙන්නන්න බැරි වුණා. ඒත් එක්කම අරගල පටන් ගත්තා...

:       11       129

Lilarathne Saturday, 25 January 2025 02:46 PM

ඔහොම දිගටම කරගෙන යන්න. එතකොට ඉක්මණටම නාමල් කොළුවා ජනාධිපති වෙයි. කරන්න ඕන ඒවා නෙමේ මේ මාලිමාවේ ඔවුන් කරන්නෙ. කිව්වොත් කියන්නේම මෝඩ කතාවක්. රටේ ප්‍රශ්න එකක් වත් විසඳන්නෙ නෑ. විසඳන්න සැලසුමකුත් නෑ. අඩු ගානෙ දිලිත් ජයවීරට තිබ්බ තරම්වත් සැලැස්මක් නෑනේ. රනිල් කරල ගියපු වැඩ ටිකෙන් තමයි දැන් ගේම ගහගෙන යන්නේ. අන්න විදෙස් සංචිත මේ මාස 2ට ඩොලර් මිලියන 400කින් විතර බැහැලා. හාල්, පොල් ලුණු එක්ක මාලුත් ගෙනාව නම් හොඳටම කරලා තියෙයි.

:       14       99

Sameera Saturday, 25 January 2025 02:50 PM

මේකේ වැලලෙන්න හදන ගොඩක් අය වහල් මානසිකත්වෙන් මුදවාගන්න ගොඩක් අමාරු ජාතියක් කියලා පැහැදිලිව දාන කොම්මෙන්ට් දැක්කම.. වලව්වට කත් ඇදපු පුරුද්ද යවාගන්න හරිම අමාරු වගේ තමයි පේන්නේ, මෙච්චර හොරා කෑවා කියලා පැහැදිලි වෙලත් ඒවා පිළිගන්න කොන්දක් නැති මිනිස්සු ඉන්න රටක් මේක...!

:       83       28

UdithSaturday, 25 January 2025 03:35 PM

හොරා කෑවා කිව්වේ ගමේ මෝඩ බයියෝ අන්දන්න කියපු කතාවක් කියලා තාම තේරෙන්නේ නැත්තන් ඌ අර බත්, පොල් සම්බල්, පොල් කිරි දාපු කෑම කන්නේ නැති, පුන්නක්කු කන කෙනෙක් වෙන්න ඕනෑ. මාලිමාවේ ජනාධිපතියි, උගන්ඩා දේවියයි කියනවා හොරකම් කරේ නෑ කියලා, ඒත් වහල්ලු කියනවා හොරකම් කරා කියලා. හොරකමයි ආර්ථික කලමනාකරනේ දුර්වලතාවයයි කියන්නේ දෙකක්. තේරුම් ගන්න ජෙබයියනි. රාජපක්ෂලා ආර්ථික කලමනාකරණය අතින් ඉතා දුර්වලයි. ඒ මොකක් වුනත්, ටොයියෙකු වුවත් මේ පලිගැනීම් නම් පිළිගන්න බැහැ.

:       13       120

ලක්විදු Saturday, 25 January 2025 02:54 PM

ඇයි අනේ, නාමල් අයියණ්ඩියමනේ පරක්කුයි කිය කිය කංකෙඳිරි ගෑවේ‍……!

:       75       23

ranjith Saturday, 25 January 2025 03:03 PM

වරදවල් කර ඇති සියලු දෙනාට දඬුවම් දෙන්න. ඒ වුණාට පොඩි සිල්ලට ඒවට වඩා මහබැංකු හොරු ටික සුදුළූණු, වීසා කෝ මේවා කඩිනම් කිරීමක් පේන්නේ නැහැනේ.

:       2       64

පම්පෝරි ජනක Saturday, 25 January 2025 03:18 PM

ඔය උත්තමයාගේ හෝටලයක් නේද අර මැයි 9 වෙනිදා ගිනි බත් වුනේ? ඒවා එහෙම හදන්න සල්ලි හම්බ වුනේ කොහොමද කියලා හොයන්න පටන් ගන්නේ කවද්ද?

:       49       23

නන්දන පනා-මිලානෝ Saturday, 25 January 2025 03:32 PM

මීගමුවේ හෝටලය සහ කාර්….?

:       39       8

Che Saturday, 25 January 2025 03:40 PM

වැඩකරන ජනතාවට ටැක්ස් ගහලා නිකමුන්ට අස්වැසුම දීලා, ඕවා කරා කියලා ඡන්දය දිනන්න නම් වෙන්නේ නෑ..!

:       7       47

Jamal Saturday, 25 January 2025 03:59 PM

අනේ නූගත් ජෙබයියෝ චූන් වෙලා... හැබැයි පැය කීපයයි.

:       11       46

කාංචන Saturday, 25 January 2025 04:01 PM

මේවා සංදර්ශන තමයි. එදා 2015ත් කළේත් ඔය ටිකම තමයි. රාජපක්ෂලාව අත්අඩංගුවට ගන්නවා. රිමාන්ඩ් කරනවා, උසාවි දානවා, ඇප දෙනවා. එදා Unp එකට ඡන්දය දීපු ජනතාව චූන් වුණා. අද NPP කට්ටිය චූන් වෙනවා. හාල්, පොල් ඇතුළු ජීවන වියදම මට නම් ප්‍රශ්නයක් තමයි. ඒකට සහන දෙනවා කිය කියානේ ස්ටේජ් ඉඳන් කෑ ගැහුවේ...

:       9       49

ගමේ එකාලා Saturday, 25 January 2025 04:12 PM

දූෂිත පව්ල් පාලකයෝ, ආර්තික අපරාධකරුවන්. තාජුඩීන්ට කළ අපරාධයෙන් නම් ගැළවීමක් නැතිවෙයි. කර්මය හෙවනැල්ල වගේ පස්සෙන්ම එනවා. වහලුන්ට නම් හොඳටම රිදෙනවා ඇති...

:       48       13

සමන් Saturday, 25 January 2025 04:15 PM

යෝශිතව හිරේ දාන්න බෑ.. ඔහු ඉන්නේ නීතියට උඩින්...

:       45       9

Nandalal DE SILVA - France Saturday, 25 January 2025 04:29 PM

අපරාදේ මෙයාව කූඩු කරපු එක...! දැන් ඉතින් මැදමූලන කුඹුරු හාන්න හිටපු මී හරක් දක්කන එක. ඇප මත නිදහස් වෙලා එනකන් ඒ වැඩේ කරන්නේ කවුද? මොකද ඔය නාමල්ට ඔය වැඩ පුරුදුද? නාකි මයිනත් හැරමිටි ගහමින් වෙලට බහීවිද? අනේ මන්දා...!!! 

:       47       17

DilshanSaturday, 25 January 2025 07:29 PM

කුඹුරු හාන්න ඔය 68 ලක්ෂයක්ම ඉන්නේ. ඒ ගැන භය වෙන්න දෙයක් නෑ නන්දලාල්. අර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් කෑම ඇදල තිබුනු ෆොටෝ බුකියෙ ගියේ. නිල රථයෙන් තණකොළ ඇදලා.

:       2       33

රතු හාල් විතරක් කන බයියා Saturday, 25 January 2025 04:57 PM

බාප්පාට විරුද්ධවත් මේ දවස්වල විමර්ශණයක් යනවා නමට ජල බිල්පත් එන කතරගම රජයේ රක්ෂිතයක හදපු බංගලාවක් සම්බන්ධයෙන්..., වැඩි දවසක් යන්න කලින් බාප්පලා, පුතාලා ඔක්කෝටම ඇතුලෙදී එකට මුණ ගැහෙන්න පුළුවන්... කෝ හොරු ඇල්ලුවාද අහ අහා සමාජ මාධ්‍යවල නටපු බයියන්ට... මේකේ වැලපිලාම ඉවරයක් වෙන්නේ අද ඉඳලා...

:       51       13

විජිත් Saturday, 25 January 2025 05:35 PM

චෝදනා රැසක් තියෙනවා.. තාජුදීන් ඝාතනය, නීති විරෝධී විදිහට නාවික හමුදාවට බැඳීම, ඩේසි ආච්චිගේ මැණික් මලු වගයකින් රටේ හැම තැනම ගෙවල් ගැනීම....

:       48       8

Sampath Saturday, 25 January 2025 05:50 PM

හොරුන් නෙවෙයි හොර නඩ හදපු උන්...

:       43       8

Jaya Saturday, 25 January 2025 06:01 PM

කයිවාරු ගහපු ගැහිල්ලට රට දිගටම ෆේල් වෙන එක හංගන්න බොරු සෝබන කරනවා. රාජපස්සලා රටම අමතක කරලා ගොඩක් කල්. මෙයාව නෙමෙයි මහා රාජපක්ෂ ඇතුලට ගත්තත් රට බංකොළොත් කරොත් බේරෙත් මදි වෙයි.

:       13       69

චතුරිSaturday, 25 January 2025 07:06 PM

අනේ ජයා මේ තරම් ලෝකයේ දියුණු වෙලා තියෙද්දීත් තාමත් ඉන්නේ ඔය හොරු ගැන දුක නම් ගෙයක් දොරක්මුදලක් තියෙනවා නම් ඔවුන්ට දෙන්න හොරා කන්න ඔයාගේ දෙයක්, සහෝදරයෙක්, හොරෙන් ගත්තා නම් කොහොමද? මේ අයට දෙමව්පියෝ දෙන්නා තමයි මේ ඉරණම දුන්නේ බයියා හිතන් හිටියෙ එයා මැරෙන්නේ නැහැ.. හැමදාම එයා තමයි රටේ රජා කියලා. නාකි මයිනා දැන් මැරෙන්නේ නැහැ විඳවනවා පුත්තුන්ට යන කල දැකලා මීහරක්ට කොයිතරම් මුදල් කන්දරාවක් හොරකම් කරලා දුන්නාද? සේරම දුප්පත් ජනතාවගේ සල්ලි ගස් වලින් කඩනවා වගේ ගොබ්බ පැටව් වියදම් කෙරුවේ. දැන් වමාරන කාලේ හෙට වෙනකොට බන්ධනාගාර රෝහලේ ඉඳියි. ඇතුලේ කට්ටිය ජයට නෙලලා නාකිමයිනයි, මයිනියි නිසා තමයි ගොබ්බ පැට්ව් නූගත්, මිනීමරු... හොරු වුනේ...

:       36       7

Nandalal de Silva - France Sunday, 26 January 2025 05:07 AM

ගිනි බත් වුණා කිව්වේ කවුද? අහන්න දෙයක් නෑ.. ඔවුන්ගේ සනුහරේම එකතුවෙලා ගිනි තියන්න ඇති ඔවුන්ගේ හොර, වංචා වලට වැට බැඳීම සඳහා... මොවුන්ගේ හොර රංචුවම ඒක ඇතුළෙ හිටියා නම්. හාල්, පොල්, ලුණු ගිනි ගණනට හරි මිලටගෙන, මිනිස්සු හත් දාහක් ඒක වටේම කිරිබත් උයන් කනවා සත්තයි, සහතිකයි...!!!

:       0       2

ඩිනේශ් කුමර Sunday, 26 January 2025 07:20 AM

රටේ ප්‍රශ්න ජනතාවගෙන් අමතක කරන්න… ගැලරිය කුල්මත් කරන්න. කරන සක්කිලි වැඩ... අඩු ගානේ පොල් ගෙඩියක්, හාල් ටිකක් දීපල්ලා සම්බෝලයි, බතුයි කන්න. පච හැත්ත.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මහනුවර වඳුරෝ හොඳට කති බොති
2025 ජනවාරි මස 29 375 0

මහනුවර හෝටලයකට කඩා වැදුණු වඳුරු රැලක් එහි කාමරයක තිබූ රට බිම සහ කටගැස්ම පැකට් පැහැරගෙන ගොස් එහි වහලයට නැග කටගැස්ම කමින් රට බීම පානය කරමින් සිටි අයුරු ක


මාවෙයි සේනාධිරාජා මිය යයි
2025 ජනවාරි මස 29 354 0

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම මෙන්ම විශාලතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා මීට සු


දඬුවමට එරෙහි ප්‍රසන්නගේ ඇපෑල ජූනි විභාගයට
2025 ජනවාරි මස 29 451 0

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකර එහි පදිංචිව සිටි පුද්ගලයින් ඉවත් කරදීම සදහා ව්‍යාපාර


මහජන ආරක්ෂක ඇමතිවරයා මහජන දිනයේ බරටම වැඩ
2025 ජනවාරි මස 29 357 0

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ මහජන දිනය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක


හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ වාර්තාව ජනපතිට
2025 ජනවාරි මස 29 426 0

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත්කළ කමිටුවට නිරීක්


අනුරගේ ලේකම්ට සල්ලි දුන් ඛනිජ තෙල් මූල්‍ය කළමනාකරුට ඇප
2025 ජනවාරි මස 29 513 0

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බිරිඳ හා පෞද්ගලික ලේකම්වරියගේ ඉල්ලීම පරිදි පන්නල ඊරියගොල්ල ජනතාවට වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනට ප්‍රතිප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 52 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 653 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 696 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site