IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘රූකඩ නායකයකුට ඉඩදෙන්න එපා‘

රටට වින කැටූ, සිංහල බෞද්ධකමට අවමන් කළ ෆෙඩරල් කල්ලි සියල්ල අද රූකඩ නායකයකු බිහි කිරීම වෙනුවෙන් අත්වැල් බැඳගෙන තිබෙන බවත් මේ තත්ත්වය හමුවේ සිංහල බෞද්ධ ප‍්‍රජාව ඉතාමත් පරිස්සමින් නිවැරදිම තීන්දුව ගත යුතු බව  බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි බොරැල්ල  ජාතික බලවේග මෙහෙයුම් මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

‘‘කොළඹ හතේ පහළ වෙලා මේ රට පාලනය කරපු කිසිම නායකයකුට ත‍්‍රස්තවාදයට, ත‍්‍රස්තවාදය කියලා කියන්නවත් කෂේරුකාවක් තිබුණේ නැහැ. ‘යුද්ධය දිනන්න බැහැ. පිරබාහරන් පරාජය කරන්න බැහැ’ කියන යුද විරෝධී මතයන් නියෝජනය කරපු අයගේ පාලනය අවසන් කරලා රටට ආදරය කරන සියලූ ජාතික බලවේග එකට එකතු වෙලා 2005 මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රටේ නායකත්වයට පත් කර ගත්තා. එතුමාට රට භාර දුන්නේ ත‍්‍රස්තවාදයෙන් රට ගලවා දෙන්න කියලයි.

දෙමළ බෙදුම්වාදයේ පෙරමුණු තුනක් තිබෙන බව අප සෑමවිටම පවසනවා. යුදමය පෙරමුණ පරාජය කළත් දෙමළ බෙදුම්වාදයේ දේශපාලන පෙරමුණත් ජාත්‍යන්තර පෙරමුණත් පරාජයට පත් කරන්න අපි තවමත් සමත් වෙලා නැහැ. 2009 යුද ජයග‍්‍රහණයෙන් අනතුරුව මේ රටේ ඉතාමත් සැලසුම් සහගත සූක්‍ෂ්ම කුමන්ත‍්‍රණයක් දියත් වුණා. ඒ අනුව තමයි යුද ජයග‍්‍රහණයෙන් ඉතාම කෙටි කාලයක් තුළ එනම් 2010 ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයේදී යුද ජයග‍්‍රහණයට දායක වූ තමන්ගේ හමුදාපතිවරයා ජනාධිපතිවරයාගේ ප‍්‍රතිවාදියා වුණේ.

නමුත් 2015 දී ඉතාමත් සැලසුම් සහගත ලෙස මෙම කුමන්ත‍්‍රණය එළියට ඇවිත් තිබෙනවා. 2010දී බැරි වුණු දේ සිදු කරගන්න 2011 සිටම දෙමළ බෙදුම්වාදයේ අඳුරු සෙවණැලි සමගින් මෙම කුමන්ත‍්‍රණය ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදිරියට පැමිණියා. රටට හැමදාම වින කැටූ සිංහලත්වයට, බෞද්ධත්වයට හැමදාම අවමන් කරපු සියලූ බලවේග අද වන විට මෙම කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිඵලයක් විදියට එක පෙළට සිටගෙන සිටිනවා.

අපි අහනවා  ඔය තරම් දඟලන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා මේ රටට කරලා තියෙන අපරාධය කුමක්ද? කියලා. සිංහල ජාතිය ඉතාම නරක ජාතියක් වෙයි මේ මොහොතේ වැරදි තීන්දුවක් ගත්තොත්. යුද්ධය අවසන් කරලා තවම අවුරුදු 04යි. අපි අපි හිතන්නේ නැහැ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා හැමදාම බලයේ ඉන්න  ඕනේ කියලා. නමුත් මේ රට අක‍්‍රිය කරලා පෞරුෂයක් තිබෙන නායකයා එළවලා දමලා, ෆෙඩරල් මතය දරන රූකඩ නායකයන් කිහිප දෙනකුට බලය දීලා හදන රට කුමක්ද? කියලා අපි විමසා බලන්න  ඕනෙ.

 



අදහස් (0)

‘රූකඩ නායකයකුට ඉඩදෙන්න එපා‘

ඉෂාර Saturday, 03 January 2015 01:21 AM

මේ කතා ඇහුවොත් අපි ඉවරයි..... (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 03 January 2015 01:42 AM

හාමුදුරුවනේ, රටේ තිබෙන අසාධාරණය පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

සරත් ප්‍රියන්ත Sunday, 04 January 2015 02:49 AM

මේ රටේ මිනිස්සුන්ට කාලයක් යනකොට මුල අමතක වෙනවා. එතකොට ඔය එන්.ජී.ඕ නඩය අාපුවම රටට හොදක් වේවිද? (නදී)

:       0       0

පණ්ඩුක Saturday, 03 January 2015 02:29 AM

මොකද්ද රන්ජිත් එතකොට කරන්න ඕනෑ? (නි)

:       0       0

ප්‍රභාත් Sunday, 04 January 2015 05:45 AM

හාමුදුරුවනේ අපිත් සිංහල බෞද්ධ තමයි. ඔබ වහන්සේත් එන්න හදන්නේ පාර්ලිමීන්තුවට කියල අපිට හිතෙනවා (නදී)

:       0       0

ජගත් Saturday, 03 January 2015 03:04 AM

සිංහල බෞද්ධ ජනතාව දැන් එකට සිටියයුතු වෙනවා. බෙදුනා ඇති. අනිත් හැම ජාතියක්ම එකට එක්වෙලා. අපි විතරක් බෙදිලා. අවසානයේ පරදින්නේ අපිම තමයි. දැන්වත් අපි එකතුවෙමු (නි)

:       0       0

සිරිවර්ධන Saturday, 03 January 2015 03:10 AM

බළලා මල්ලෙන් පැන්නා නේද? දැන් නියම ස්වභාවය පෙන්නුම් කළා නේද? සත්‍යය කවදාහරි හෙළි වන බව දැනගත යුතුය. (නි)

:       0       0

අජිත කුමාරි Sunday, 04 January 2015 06:35 AM

තිස්ස මහතා හරියටම හරි (නදී)

:       0       0

අසීෆ් Friday, 02 January 2015 09:16 AM

මොකද දැන් රැස්වීම් නැත්තෙ අපේ හාමුදුරුවනේ..... මාධ්‍ය සාකච්ඡා විතරයිනේ (බ)

:       0       0

කැළුම් Friday, 02 January 2015 09:16 AM

කිසිම හැදීමක් නැති කට්ටියක්.මේගොල්ලෝ කව්ද කියල මිනිස්සු දන්නවා. (බ)

:       0       0

තිස්ස Friday, 02 January 2015 09:14 AM

ස්වාමින් වහන්ස, මම මේ මෝඩකමට අහන්නේ. එතකොට රට ජාතිය වෙනුවෙන් කෑගහන සමහර ස්වාමින් වහන්සේලා දේශපාලකයන්ගේ රූකඩ වෙන එක හරිද ? අහිංසක සිංහල බෞද්ධ මිනිස්සු බොරුවෙන් රවට්ටලා තමන්ට වාසි ලබාගන්න එක මොන කුමන්ත්‍රනේටද වැටෙන්නේ ? (බ)

:       0       0

ප්‍රදීප් Friday, 02 January 2015 09:20 AM

මොකද දන්නේ නෑ පහුගිය දවස් වල සද්දේ වැහිලා හිටියේ ?(හේ)

:       0       0

නුවන් Friday, 02 January 2015 09:31 AM

තිස්ස මහතා හරියට හරි (නි)

:       0       0

නිමල්කා Friday, 02 January 2015 09:29 AM

තීරණය ජනතාව අතේය! (නි)

:       0       0

මුදිතා Friday, 02 January 2015 09:32 AM

අපිට නම් මේවට කියන්න දෙයක් නැහැ (නදී)

:       0       0

පද්මිණී Friday, 02 January 2015 09:30 AM

ඕනෑම කෙනෙකුට නිදහස්ව හිතල තීරණ ගන්න ඉඩ දෙන්න. (නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 03 January 2015 04:50 AM

බුදුන්ට නිග්‍රහ කරන්න එපා (නදී)

:       0       0

නිමල් Friday, 02 January 2015 09:32 AM

තීරණය උගත් බුද්ධිමත් ජනතාව අතේයි (නි)

:       0       0

හරීන් Friday, 02 January 2015 09:31 AM

මමත් සිංහල බෞද්ධ තමයි. නමුත් බොදු බලයට විරුද්ධයි (නි)

:       0       0

සංජීව Friday, 02 January 2015 09:37 AM

ජනතාවගේ තිරණය ගැන 9 උදෙන්ම බලන්න. (ර)

:       0       0

සරත් Friday, 02 January 2015 09:38 AM

ජනතාව බුද්ධිමත්. තමන් දිනවන්නේ කවුද කියල හැමෝම තීරණය කරලා ඇති. (ර)

:       0       0

ජනේෂ් Monday, 12 January 2015 06:00 PM

අපේ මිනිසුන්ට බොහෝ දේවල් වැටහෙන්නේ ප්‍රමාදවෙලානේ! (නි)

:       0       0

ආසිරි Friday, 02 January 2015 10:06 AM

අන්න හරි ඇමරිකානු පුරවැසියන් ලංකාව පාලනය කරන එක නවත්තමු.(හේ්)

:       0       0

සම්පත් Friday, 02 January 2015 10:58 AM

බොරු වැඩක් නේ.(හේ)

:       0       0

ජගත් Friday, 02 January 2015 11:22 AM

100% ක් එකඟයි.රට ජාතිය වෙනුවෙන් ඔබවහන්සේලා කරන මෙහෙය ප්‍රශංසනීයයි.(හේ)

:       0       0

ලාල් Saturday, 03 January 2015 07:02 AM

බොදු බල සේනා සංවිධානය ගැන සිංහල බෞද්ධ ජනතාව අතරේ තිබුනු ආකර්ශනය තවදුරටත් නොපවතියී. කනගාටුයි. (නදී)

:       0       0

පතිරණ Saturday, 03 January 2015 07:12 AM

ඔයාලව හැදුවේ කව්ද කියල විකිපීඩිය එකෙන් මම දැනගත්තේ. හරියටම හරි. ඔයාල නෑ කිව්වට දැන් එලි උනා ඇත්ත (නදී)

:       0       0

හේතුපාල Friday, 02 January 2015 11:39 AM

එතකොට ඔබ වහන්සේත් 2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකාට සහයෝගය දුන්නේ කුමන්ත්‍රණයට අහුවෙලාද? (නදී)

:       0       0

කමල් රාජපක්ෂ Friday, 02 January 2015 11:45 AM

එක පිලකට ඉන්නේ විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්නයි. 2005-2015 රජයට 2/3 තිබියදී පොරොන්දු උන පරිදි ප්‍රශ්නය විසඳුවේ නැත. (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 03 January 2015 07:18 AM

මතකයි නේද බෑන් කි මුන් මහතා බෞද්ධයන්ට අන්තවාදී ලේබලයක් අලවපු එක මේ මෑතකදී. එහෙම උනේ කවුරු නිසාද කියලා දන්නවනේ. එදා ඉදලම මම මෙයාලගේ දේශපාලනයට විරුද්ද උනෙත් ඔය හේතුව නිසයි. (නදී)

:       0       0

කල්ළ්‍යාන ශ්‍රී හේමන්ත Saturday, 03 January 2015 07:31 AM

අ‍ාණ්ඩුවේ රූකඩයක් වෙන්න එපා. ඇත්ත ඇති සැටියෙන් බලන්න. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 03 January 2015 07:40 AM

හාමුදුරුවනේ, ආණ්ඩුවට විරුද්ධව එන හැම කෙනාම ජාත්‍යන්තරයේ රුකඩයෝ කියනවා. ඔබ වහන්සේට තේරෙන්නේ නැද්ද අපි ලෝකෙටම ණයවෙලා වහල්ලුවේගන යනවා කියල. එහෙම හිතෙන කොට රූකඩයෝ හොඳයි කියල මට නම් හිතෙනවා. (නදී)

:       0       0

අසංක Friday, 02 January 2015 12:41 PM

ඉතින් මෙහෙම කුමන්ත්‍රණ තියෙද්දී ඇයි ජනාධිපතිවරණයක් කැදෙව්වේ..(හේ)

:       0       0

දිනේෂ් Friday, 02 January 2015 01:42 PM

ඔබවහන්සේ කියන කතාව හරි.(හේ)

:       0       0

අබේ Friday, 02 January 2015 03:43 PM

ඔබ වහන්සේගේ කතාව හරියටම හරි. (ර)

:       0       0

රවින්ද්‍ර Friday, 02 January 2015 04:48 PM

100% එකගයි. (ර)

:       0       0

ක්‍රිස් Friday, 02 January 2015 04:53 PM

ඔබ වහන්සේගේ කතාව හරි. (ර)

:       0       0

රන්ජිත් Friday, 02 January 2015 05:45 PM

100%ක් මම නම් ඔබ වහන්සේ සමඟයි. මොකක්හරි ඉක්මනට කළයුතු කාලය දැන් ඇවිල්ලා (නි)

:       0       0

රශේර Friday, 02 January 2015 06:11 PM

9 වෙනිදාට ඔබ වහන්සේට බලාගන්න පුලුවන් ජනතාවගේ තීරණය. එතෙක් හිටියා නම් හොඳ නැද්ද? (නි)

:       0       0

කුමාර් Friday, 02 January 2015 06:37 PM

හාමුදුරුවනේ, ඔයාලා දැන් මොනවා කිවුවත් පහුගිය කාලේ නටපු නැටුම් නිසාත් මේ රටේ අපිට මේ ආණ්ඩුව එපා වුණා කියලා මම කියනවා (නි)

:       0       0

වත්සලා Friday, 02 January 2015 06:38 PM

හාමුදුරුවනේ,ඇයි ඔහොම කතාකරන්නේ? (නි)

:       0       0

කුමාර් Friday, 02 January 2015 06:41 PM

ජගත්, 100% ක් මේ බොදුබල සේනාව සමඟ ඔයා එකඟ මොකද? (නි)

:       0       0

හෆීල් Friday, 02 January 2015 08:24 PM

ඒ වුණාට ප්‍රභාකරන් අවුරුදු 30න් කළ විනාශයට වඩා විනාශයක් මේ අවුරුදු 4 තුළ වෙලා කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

නිමල් ලලිත Friday, 02 January 2015 08:31 PM

තිස්ස, ඔබේ කතාව හරියටම හරි.මමත් බොදු බල සේනාවලට පක්ෂව සිටියා. (නි)

:       0       0

කොස්වත්ත Friday, 02 January 2015 08:41 PM

ඔබ වහන්සේ කවදත් ඇත්ත කතාකළා (නි)

:       0       0

නිමල් දර්ශන - ලන්ඩන් Friday, 02 January 2015 09:19 PM

දැන් දැන් කතා අහන ජනතාව අඩුවේගෙනයි එන්නේ. (නි)

:       0       0

සංජීව Friday, 02 January 2015 09:35 PM

යුද්ධයෙන් එතකොට සාමාන්‍ය ජනතාව බැටකෑවේ නැද්ද? සෙබළු කීදෙනෙක් මියගියාද? ඔබ වහන්සේලා ඇත්ත කතාකරන්න (නි)

:       0       0

මොහමඩ් Friday, 02 January 2015 09:40 PM

එතකොට මේ ඡන්දය අවුරුදු දෙකකට කලින් තියන්නේ ඇයි? (නි)

:       0       0

දයාල් Friday, 02 January 2015 09:58 PM

කාලයක් අපේ හදවතේ සිටි ඔබ වහන්සේ අද අපේ හදවතේ කොතැනකවත් නැහැ (නි)

:       0       0

රෝහණ‍ Friday, 02 January 2015 10:03 PM

ඕක තමයි කියන්නේ සමහරුන්ට කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා වෙනවා කියලා. (නි)

:       0       0

සමන් Friday, 02 January 2015 10:36 PM

ඔච්චර කුමන්ත්‍රණ තියෙනවා නම් ඇයි මේ වෙලාවේ ඡන්දයක් ගෙනාවේ? (නි)

:       0       0

ගැමුණු Saturday, 03 January 2015 12:00 AM

දැන් මොනවද මේ කියන්න හදන්නේ? (නි)

:       0       0

දේශප්‍රිය Friday, 02 January 2015 11:58 PM

හාමුදුරුවනේ, බලාගෙන! (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 04 January 2015 04:12 PM

ෆයිල් එහෙම කාගේ ළඟද තියෙන්නේ දන්නෙ නැහැ (නි)

:       0       0

සමන්ති Saturday, 03 January 2015 12:50 AM

අම්බලන්ගොඩදීද දන්නෙ නැහැ රූකඩ දැක්කේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 283 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 919 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 48 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1769 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6305 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1849 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site