IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රූකාන්ත/චන්ද්‍රලේඛා නඩු තීන්දුව ජූලි 24

රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා ගායක යුවළ පදිංචිව සිටි මත්තේගොඩ නිවසට ආයුධ සන්නද්ධව කඩා වැදී ඔවුනට අඩත්තේට්ටම් සිදු කිරීම ඇතුළු චෝදනා නවයක් ලබා සිටි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් 11 දෙනකු ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද නියෝග කළාය.

නීති විරෝධී ලෙස අයුතු ජනරාශියක සාමාජිකයන් වී පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා ගායක යුවළ පදිංචි නිවසට 2000 වසරේ ජනවාරි 24 වැනි දා කඩා වැදී ඔවුනට අඩත්තේට්ටම් සිදු කර රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වටිනා රන් ආභරණ සහ රුපියල් තිස්පන් ලක්ෂයක් වටිනා ජීප් රථයක් ද පැහැරගෙන යාම ඇතුළු චෝදනා නවයක් නීතිපතිවරයා විසින් ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු පොලිස් සාමාජිකයන් 11 දෙනාට එරෙහිව ගොනු කර ඇත.

පසුගිය මැයි 20 වැනිදා පැමිණිල්ලේ සාක්කි විභාග කර අවසන් වූ අතර මේ අඩුවේ තීන්දුව ලබන 24 වැනිදා ලබා දීමට නියමිතය.



අදහස් (0)

රූකාන්ත/චන්ද්‍රලේඛා නඩු තීන්දුව ජූලි 24

මංගල කොලොන්නාව Thursday, 18 July 2013 12:53 PM

චන්ද්‍රිකාගේ වෙඩ නරක නැහැ ඒ කලේ කරපු . තව බොහෝ අයට කරදර සිදු වුණා . ඒවාට මොකොද වුනේ ? ප්‍රවීන සුපිරි පරණ එක්කෙනෙක් මේවට සම්බන්ද කතාවක් තිබ්බ (අ)

:       0       0

ඉෂාර Thursday, 18 July 2013 08:17 AM

ලොකු නෝනා ආයේ කරලියට එන්න හදන නිසා වෙන්න ඇති, කුනු උඩට එන්නෙ. (අ)

:       0       0

මොහෙමඩ් Thursday, 18 July 2013 12:55 PM

රටත් කාල ජාතියත් පාවා දීලා . දැන් ආපසු අලුත් මුහුණු දාගෙන එන්නේ ලොකු නෝනා (අ)

:       0       0

ප්‍රියා Friday, 19 July 2013 09:35 PM

මටනම් මේ නඩුව අමතක වෙලා තිබුනේ (දී)

:       0       0

ලීල් Wednesday, 24 July 2013 12:52 AM

දැන්වත් මේ අයට නිදහසේ ඉන්න දෙන්න. (නි)

:       0       0

බන්දුල Thursday, 18 July 2013 08:47 AM

ඔන්න ඩුබායි තිලක්, මර බිය නැතුව ලංකාවට එන්න, හතර පෝයටම සිල් ගන්න දේශපාලකයෝ ඉන්න ලංකාවක් බිහි කරන්න හීන දකින එකටත් පොල්ලක් වැටෙන්න වගෙයි යන්නේ (නි)

:       0       0

උශාම් Thursday, 18 July 2013 05:47 PM

අන්තවාදීන්ගේ වැඩක්.(නදී)

:       0       0

ආනන්ද Thursday, 18 July 2013 09:02 AM

කවුරු වෙනුවෙන්ද? කාගේ වුවමනාවටද? ඇත්ත කියලා නිදහස් වෙන්න! (නි)

:       0       0

විජේ Thursday, 18 July 2013 05:50 PM

ලොකු නෝනත් ඈවරද මන්දා.(නදී)

:       0       0

සේන Saturday, 20 July 2013 07:40 PM

ඔබලාට ගහපු සේරම දෙශපාලනයෙන් ඉහලට යනවාමයි (අ)

:       0       0

සුරංග Thursday, 18 July 2013 09:07 AM

ඇයි අනෝජා වීරසිංහට (අ)

:       0       0

සේනාධීර Wednesday, 24 July 2013 03:51 AM

මේවට වග කියන්න ඕනෑ කවුද? අනේ මන්දා. එයත් දැන් අසරණයි (නි)

:       0       0

ෆාරු Thursday, 18 July 2013 09:34 AM

ගුටි කන කොට රනිල් එක්ක හිටියේ මෙයා. දැන්නම් එහෙම නැහැ. නඩුව ආය පිටු පෙරලුනේ. මෙයාට ගහපු කෙනාත් දැන් ඇමෙති කෙනෙක්. (අ)

:       0       0

මහේෂ් Thursday, 18 July 2013 09:36 AM

දැන් ඉන්න අයටත් අනාගතයේ මේකම තමා වෙන්නේ. දැන් ඉන්න බහුතර කට්ටිය බේරිලා ඉන්නෙත් බලය තියෙන හින්දා බව මතක තියාගෙන ඉන්නවා නම් හොඳයි. (නි)

:       0       0

දුලනි Thursday, 18 July 2013 01:52 PM

අද රටේ වෙන දේවල් බැලුවම වැරදිකරුවන්ට පරක්කු වෙලා හරි දඩුවම් ලැබෙන එක හිතට සතුටක්. (නි)

:       0       0

සමීර් වී . Thursday, 18 July 2013 09:57 AM

ඔහුට සාදාරණය ඉටුවීමට ගිය කාලය ඉතා දිගුය (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 18 July 2013 10:03 AM

මහේෂ් , ඉෂාර ,මසුරන් වටිනා කියුම් 2ක් කිවුවේ.මම අගය කරනවා. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 18 July 2013 10:10 AM

වර්තමාන බලයේ සිටින බොහෝ මැති ඇමතිවරු සිතා සිටින්නේ, හැසිරෙන්නේ ඔවුන් කිසිදා නොමැරෙන, නොපැරදෙන පිරිසක් ගානටය. (නි)

:       0       0

අචිනි Thursday, 18 July 2013 10:10 AM

මොනවා වුනත් අවසානයේ හොද විදියට විසදෙයි (නි)

:       0       0

සමීර් වී .. Thursday, 18 July 2013 10:15 AM

ඉහත ප්‍රතිචාර අනුව මගේ නිගමනය නම් පරණ ගලෙන් අඹ ගෙඩියයි කුරුල්ලෝ රෑනයි. (අ)

:       0       0

ආනන්දආර් Thursday, 18 July 2013 10:21 AM

දැන් රූකයි ලේඛයි දෙන්න ඕව සිතින් අයින් කරලත් ඇති. ඕවා කරපු සහ කරවපු අය‍ට වඩා උසස් ගතිගුණ ඇති දෙන්නෙක් ඒ. ඒ නිසයි එයාලා තවමත් අපි අතරේ ඉන්නේ. (නි)

:       0       0

සුනෙත් Thursday, 18 July 2013 10:31 AM

අද සුදන වගේ කතා කලට එදා කෙරුවාව ඔය විදිය තමා (අ)

:       0       0

අමිළ කටුනායක Thursday, 18 July 2013 02:38 PM

ඔයාලා දෙන්නට ජයවේවා!(නදී)

:       0       0

බණ්ඩාර Thursday, 18 July 2013 10:45 AM

අනුන්ට කඩේ යන පොලිස්කාරයෝ සහ ප්‍රාදේශීය දේශපාළුවෝ නැති වුන දිනකදී අපේ ලංකාව ශ්‍රී ලංකාවක් වේවි. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 18 July 2013 10:53 AM

දයාබර රූකාන්ත සහ චන්ද්‍රලේකා, දශක 3 සංගීතයෙන් අපව මෝහනයට පත්කළ ඔබ දෙපලට සිදුවුන අසාධාරණයට දෙවියන්ගෙන් හෝ සාධාරණයක් ලැබේවි (නි)

:       0       0

අනුර Thursday, 18 July 2013 11:04 AM

අවුරුදු දහතුනක් යනකන් මොකද වුනේ ?(නි)

:       0       0

ලසන්ත Thursday, 18 July 2013 12:20 AM

ආ.... තවම ඔය නඩුව යනවද? ආ ඔවු සිරි ලංකාවනේ. (නි)

:       0       0

මනෝහරන් Thursday, 18 July 2013 12:42 AM

වින්නබු අම්මා හොයාගෙන එනකොට ළමයා ඉස්කෝලේ 2 පන්තියේ. (නදී)

:       0       0

අනුර Thursday, 18 July 2013 03:08 PM

මේවා දේශපාලන තුරුම්පු නැතුව සාදාරණය නෙමේ. මේ නීතියට සමහර අයට නැහැ. (නදී)

:       0       0

උපාලි Thursday, 18 July 2013 01:07 AM

යුක්තිය පසිඳ ලීමට අවුරුදු 13 ක්? ලොකු නෝනත් එනවද දන්නේ නැහැ නඩු තීන්දුව බලන්න. (නදී)

:       0       0

උපාලි Friday, 19 July 2013 10:08 AM

ශාන්, රූකටයි ලේකටයි ජනප්‍රිය වෙන්න තවත් ගොඩක් දේවල් කරන්න ඉඩ දෙන්න වෙනවා. බුදුබන දෙසුවා නිරන්තරේ....ගීතය ගායනාකරන්න කියලා ඉල්ලීමක් කරමු. (දී)

:       0       0

සාමා Thursday, 18 July 2013 01:19 AM

දැන් පි එස් ඩි එකේ ඉන්න අයවලුන් මෙයින් පාඩම් ඉගෙන ගත යුතුයි. බලය තිබුණු පලියට එය අයුතු ලෙස පාවිච්චි කරන්න එපා.(නද)

:       0       0

බන්දුල Thursday, 18 July 2013 11:33 AM

අවුරුදු 13 ක් තිස්ස්සේ මේවගේ නඩුවක් ඇදගෙන යනවා කියන එකෙන් කියන්නේ මොකක්ද? සමහර නඩුවල තීන්දුව දෙන්න අවුරුදු 15 කට වැඩිය ගතවෙනවා. ඒ වෙනකොට පැමිණිලිකරුවන් සහ සාක්කි කරුවන් මියගිහින් නිසා ඕනෑතරම් අපරාදකාරයෝ නිදහස් වෙලා යනවා. දැන්වත් ඔය දුර්වලකම් හදලා අගතියට පත්වෙන අයට අධිකරණයෙන් සාධාරණයක් ඉටුකරලා දෙන්න. බොහෝ අවස්ථාවලදී ජනතාව නීතිය අතට ගන්නේ මේවගේ හේතු නිසයි. (නි)

:       0       0

අමාලි සිල්වා Thursday, 18 July 2013 02:03 AM

එදා රූකාන්ත සහ චන්ද්‍රලේකා සිය දරුවන් සමග රටින් පිට වුනේ ජීවිතය බේරා ගැනිමේ අරමුණින් විය යුතුය. අද පිරිසිදු මුහුණක් පෙන්වාගෙන සිටින සමහරු මොවුන්ගෙන් සමාව ගත යුතුය (නි)

:       0       0

කේමන්ත Thursday, 18 July 2013 03:50 PM

සාධාරන තීන්දුව මේ දෙදෙනාගේ කලා දිවියේ ඇගයීමක්.(නදී)

:       0       0

කමල් Thursday, 18 July 2013 11:50 AM

ලොකු නෝනා දැන් සාධාරණ සමාජයක් සහ යහපාලනය ගැන කථා කරනවා නේද? පශ්චාත් භාගයෙනුත් හිනා යනවා මේවාට(අ)

:       0       0

ලක්ෂමන් ජයන්ත Thursday, 18 July 2013 04:38 AM

ගැහැනියකගේ කොන්ඩය කපාපු බාබර් එයාලගේ ඔළුවත් බූ ගාන්න.(නදී)

:       0       0

සරත් Sunday, 21 July 2013 03:14 PM

සාදාරණයක් වෙයි කියලා හිතනවා.(නදී)

:       0       0

කසුන් Thursday, 18 July 2013 12:06 PM

මේකට ලොකු දේශපාලන සම්බන්ධයක් ඇති. මේ වගේ දේවල් ගොඩක් වෙලාවට වෙන්නේත් එංගලන්තයේනේ. ඒක හින්දා මේ වගේ වැඩ හොඳයි, රට ත්‍රස්තවාදීනගෙන් බේරගත්ත එක වැරදියි මෙයාලට (නි)

:       0       0

දම් Thursday, 18 July 2013 05:31 AM

ඇ.... දැන්ද බොල ඇදෙන් නැගිට්ටේ? මේ සැරේ චන්ද්‍රිකාත් හිරෙන් තමයි නතරවෙන්නේ.(නදී)

:       0       0

ඩයස් Friday, 19 July 2013 11:13 AM

මීට පස්සෙවත් දේශපාලකන්ගේ වේදිකා වල ගීත ගයන්න යන්නෙපා ලකුනු දාගන්න. යනවා නම් මුදල් හොයන්න හෑම කෙනාගෙම වේදිකාවලට යන්න. කිසිම ප්‍රශ්ණයක් නෑ. එය ඔබේ රෑකියාව නිසා. හෑම කලා කරුවෙකුටම මෙය පොදුයි. මිනිසුන් කවදත් හොද නිර්මාණ බිහි කරන කලාකරුවන්ට ආදරෙයි.(නදී)

:       0       0

ස්ටැන්ලි Thursday, 18 July 2013 12:18 PM

ඇත්තටම ඔය 11 දෙනා ට ඔහොම කරන්න අණ දුන්න කෙනාව අදිකරණයට ගේන්න බැහැනේ නේද ?(නදී)

:       0       0

සංජය Thursday, 18 July 2013 07:02 AM

ලොකු නෝනත් එනවද දන්නේ නැහැ නඩු තීන්දුව බලන්න. නෝනගේ පටි රෝල් වෙන්න වගේ යන්නේ. උඩ බලාගෙන කෙල ගහන්න එපා කියන්නේ මේවට තමයි. ලොකු අක්කේ.(නදී)

:       0       0

වරුණ Thursday, 18 July 2013 07:26 AM

දම් දන්නේ නැද්ද ලංකාවේ හිටපු හෝ වර්තමාන ජනාධිපතිවරයන්ගේ අතීත හෝ වර්තමාන ක්‍රියාකලාප වලට උසාවි ගෙන්නන්න ලංකාවේ නීතියෙන් ප්‍රතිපාදන සපයා නැති බව (නි)

:       0       0

මංජු Thursday, 18 July 2013 07:55 AM

මැණිකේ අගය කනා දන්නේ නෑ නමුත් අගය බාල වෙන්නේ නෑ .(නදී)

:       0       0

කිත්සිරි Thursday, 18 July 2013 08:06 AM

ලොක්කන්ට කඩේ යන අය ලොක්කගේ පස්ස බිම ඇනුන දාට යන කල දසාව ගැනත් හිතන්න ඕනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 12 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 17 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 176 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 577 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2909 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1510 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37528 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site